
ඒත් කෙස් නෑනෙ
"ඔයාගෙ ඔය පෙන්ඩන්ට් එක ඇතුළේ කාව හරි මතක් වෙන්න මොනවා හරි දාලා තියෙනවද?" එක් සාදයකදී සරණපාලගේ බිරිඳ ගෙන් රම්‍යා විමසුවේ ඇය පැලඳ සිටි ලස්සන මාලය දෙස ආශාවෙන් දෑස් රඳවමිනි.
"ඔව් අනේ හස්බන්ඩ් මතක් වෙන්න මං එයාගෙ කෙස් රොදක් මේකෙ දැම්මා." සරණපාලගේ බිරිඳ පිළිතුරු දුන්නාය.
"ඒත් ඔයාගෙ හස්බන්ඩ් නැතිවෙලා නැහැනෙ." රම්‍යා සෝපහාසයෙන් මෙන් කීවාය.
"එයා ජීවත් වෙන එක ඇත්ත. ඒ වුණාට එයාගෙ කෙස් ටික නැති වෙලානෙ." තම සැමියාගේ තට්ට හිස සිහි කරමින් සරණපාලගේ බිරිඳ කීවාය.
තරග ව්‍යාපාරය
"ඇයි තමුසෙට හිරේට එන්ඩ සිද්ධ වුණේ?"
පැරණි සිරකරු තමා සමීපයට පැමිණි අලුත් සිරකරුගෙන් විමසීය.
"ආණ්ඩුවත් එක්ක තරගයට බිස්නස් එකක් කළැයි කියල නෙ." අලුත් සිරකරු කීවේය.
"මොනවා... මොකද්ද බිස්නස් එක?" පැරණි සිරකරුවා විශ්මයෙන් ඇසීය.
"සල්ලි අච්චු ගැහිල්ල." අලුත් සිරකරු කීවේ තරමක උජාරුවකිනි.
දුකක් නැහැ
තමුසෙගෙ වයිෆ් තමුසෙව දාලා ගියානං, ඇවිල්ලා අපිත් එක්ක අඩියක් ගහලා ඒ දුක නැතිකර ගන්නවා. පඩි දවසේ කාර්යාලයෙන් එළියට යමින් සිටියදී පියල්, ජයරත්නට කීවේය.
"ඒක කරන්ඩ බෑ බං." ජයරත්න පිළිතුරු දුන්නේ බැරැරුම් පෙනුමක් මුහුණට නඟා ගනිමිනි.
"ඇයි සල්ලි නැද්ද?" පියල් වහා ඇසීය.
"නෑ, දුකක් නැහැ." ජයරත්න කීවේ සිනාවක් නඟමිනි.
අපිත් මුලින් කිව්වේ එහෙම තමයි!
එක්‌තරා රටක ආණ්‌ඩුකාරයෙක් එරට පිස්‌සන්කොටුව නැරඹීමට ගියේය.
"ඔහේ කවුද?" එක් පිස්‌සෙක් ඔහු ඉදිරියට පැමිණ ඇසුවේය.
"මම තමයි මේ රටේ ආණ්‌ඩුකාරයා."
එවිට මඳ සිනහවක් පෑ පිස්‌සා මෙසේ පැවසීය.
"අපිත් ආපු දවස්‌වල නම් කිව්වේ ඔහොම තමයි. නමුත් ඉන්ජෙක්‌ෂන් දෙකක් තුනක් වැදුනහම ඕක හරියයි."
ඒ එයා පොඩි කාලේ!
විදේශීය සංචාරකයෙක් එක්‌තරා රටක කෞතුකාගාරයක් නැරඹීමට ගියේය.
එහි ප්‍රදර්ශනයට තබා තිබුණු හිස් කබලක් දුටු සංචාරකයා එහි සිටි නිලධාරියෙකුගෙන් මෙසේ ඇසුවේය.
"මේ හිස්‌කබල කාගේද?"
"ඒක අපේ රටේ නිදහස වෙනුවෙන් සටන් කළ වීරයෙකුගේ."
එයට මඳක් ඔබ්බෙන් තවත් කුඩා හිස් කබලක් තිබෙනු දුටු සංචාරකයා එය කාගේ හිස් කබල දැයි නිලධාරියාගෙන් ඇසුවේය.
"ඒක එයා පොඩි කාලේ." නිලධාරියා පිළිතුරු දුන්නේය.
fatta fun
ReplyDeletehikizzzzzzzz
ReplyDelete