මේ කියන්න යන්නේ, වැඩි දැනුමකින් තොරව හැමෝටම කරන්න පුළුවන් ඔන්ලයින් ජොබ් එකක් ගැන. සයිබරයේ කරක් ගහද්දි සමහර වෙබ් අඩවිවලට, වෙබ් පිටුවලට පිවිසෙන විට පහත ආකාරයේ ප්‍රෙහේලිකා/කැප්චා ටයිප් කිරීමෙන් හෝ විසදීමෙන් පසුව එම වෙබ් අඩවියට පිවිසීමට දෙනවා ඔබ දැක ඇති, අනත්තවන් මෙවැනි ප්‍රෙහේලිකා/කැප්චා ඔබ විසදා ඇති. එමඟින් අදාල වෙබ් අඩවිවලට, වෙබ් පිටුවලට පිවිසෙන්නේ සෑබෑම මනුස්සයෙක්ද යන්න සොයා බලනවා. 


ඉතිං මෙහිදී ඔබට තිබෙන්නේ එවැනි කැප්චා විසදා සහය වීමටයි. කැප්චා 1000 විසදීමට අදාලව ඔබට ඩොලර් 1.5ක මුදලක් ආසන්න වශයෙන් ලැබෙනවා. ශ්‍රී ලංකා රුපියල් වලින් ගත්තොත් රු.557/=ක් පමණ. ඔබේ පරිගණකයෙන් වගේම ටැබ් එකෙන්, ස්මාර්ට් දුරකථනයෙන් වුවද මේ වැඩේ කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ සරල දෙයක්. පහත ලින්ක් එකෙන් ගිහින් ටූකැප්චා වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න. ඒ සඳහා ඒම වෙබ් පිටුවේ ඉහළ දකුණුපස කෙලවර ඇති ලා කොල පැහැති Sign Up බට්න් එක ක්ලික් කරන්න. 


මෙතනින් වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න - https://bit.ly/3g7I8UX



ඔබේ ඊමේල් ලිපිනය සහ කැපිටල්, සිම්පල් අකුරු හා අංක සමඟ සකස් කල මතක තබා ගත හැකි පාස්වර්ඩ් එකක් ලබා දී Continue කරන්න.  


ඔබ ලබා දුන් ඊමේල් ලිපිනයට ටූකැප්චා වෙබ් අඩවි මඟින් ලැබෙන ඊලිපියේ ඇති රහස්‍ය අංකය ලබා දී හෝ සබැදිය ක්ලික් කර ගිණුම තහවුරු කරන්න. ඊට පසු ගැබෙන වෙබ් පිටුවෙන් I'm A Worker යන්න තෝරන්න.


දැන් ඔබට ලැබෙන පිටුවෙන් Start Work යන්න ක්ලික් කර විවිධ වර්ගයේ කැප්චා 16ක් සඳහා මුහුණ දීමට, උපදෙස් සමඟ විනාඩි 2ක පමණ පුහුණුවක් ලැබෙනු ඇත. එය සාර්ථකව අවසන් කල පසු වෙබ් අඩවියේ මෙනුවෙන් Dashboard තෝරා නැවත Start Work යන්න ක්ලික් කිරීමෙන්, ඔබ වැඩ කිරීම ආරම්භ කරන්න. ඔබ කැප්චා විසදන වාරයක් පාසා ඔබේ ගිණුමට මුදල් බැර වනු දැකගත හැකිය.


ඩොලර් 0.25 හෝ ඊට වැඩි මුදලක් එකතු වූ පසු බිට්කොයින්, පේයීර්, ෆර්ෆෙක්ට් මනී වැනි ක්‍රම හරහා මුදල් තම ගිණුම් වෙත ලබාගන්න. මම බිට්කොයින් මඟින් බයිනෑන්ස් ගිණුමට සහ පේයීර් ක්‍රම හරහා සාර්ථකව මුදල් ලබා ගත්තෙමි.


ඔබේ ආදායම වැඩි කර ගන්නා ආකාර


01. ඔබ වැඩ කිරීමට ගන්නා ඩිවයිස් එක අනුව අදාල වින්ඩෝස්/ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය, වෙබ් අඩවියේ Software මෙනුව තුළින් බාගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න. අනතුරුව ඔබේ ගිණුමෙහි Dashboard පිටුවෙහි පහල Client Key ලෙස දක්වා ඇති රතු පැහැති කේතය ඔබ ඉන්ස්ට්‍රෝල් කරගත් මෘදුකාංගය වෙත ඇතුලක් කර, ප්ලේ බටනය ක්ලික් කර වැඩ කරන්න.


02. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මේ සඳහා සෘජුවම බලපානු ලබයි. එබැවින් වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවක් භාවිතා කරන්න. එමෙන්ම අන්තර්ජාල භාවිතය අඩු රාත්‍රී කාලයේ සහ පාන්දර කාලයේ වැඩ කිරීමට සෑම විටම උත්සාහ කරන්න. එමඟින් කැප්චා ඔබේ ගිණුම වෙත ලැබීමේ වේගය ඉහළ යයි.


03. ඔබේ කැප්චා විසදීමේ හැකියාව වැඩි වූ පසු ගිණුම් දෙකක් හෝ කිහිපයක් සකස් කර උපාංග කිහිපයක් මඟින් වැඩ කරන්න. මම ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හා ස්මාර්ට් ෆෝන් එක, එකවර භාවිත කර ගිණුම් 3ක් සමඟ කටයුතු කරන අතර එමඟින් කැප්චා ලෝඩ් වෙන තුරු බලා සීටීමට අවශ්‍ය නොවන අතර වැඩි ආදායමක්ද එකවර ලබා ගත හැකිය.


04. ඔබේ නිවද්‍යතාවය, කාර්යක්ෂතාවය සහ සේවා කාලය මත, ඔබට වැඩි ගෙවීම් සහිත කැප්චා ප්‍රෙහේලිකා ලැබෙනු ඇත.


අවවාදය - කිසිවිටෙකත් එක් උපාංගයක් ගිණුම් කිහිපයක් සඳහා භාවිතා කරන්න එපා. ඔබේ ගිණුම අහිමිවීමට හේතුවනු ඇත. එක් උපාංගයකට එක් ගිණුමක් ලෙස භාවිත කරන්න. සෑම විටම නිවද්‍යතාවය පවත්වා ගැනීමට උත්සාහ කරන්න. 


මෙතනින් වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න - https://bit.ly/3g7I8UX


ටූකැප්චා ආදායම වැඩි කර ගන්නා තවත් ක්‍රම කිහිපයක් සිංහලෙන් සොෆ්ට් වෙතින් ලගදීම. ප්‍රශ්න කමෙන්ටුවකින් කියන්න. රැදී සිටින්න. ජය.



සෙවුම් පද - ටයිප් කිරීම මඟින් මුදල් ඉපයීම, ඔන්ලයින් ජොබ්ස්, අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම, ටයිපින් ජොබ්, ඔන්ලයින් රැකියා, කැප්චා විසදීම, ඔන්ලයින් සල්ලි හොයමු, සිංහලෙන් ඔන්ලයින් වැඩ, බයිනෑන්ස් ගිණුමට සල්ලි, බිට්කොයින් උපයන්න 

ටයිප් කිරීම සහ සරල ප්‍රෙහේලිකා විසදීම මඟින් මුදල් උපයමු

එදිනදා ජීවිතයට ඉංග්‍රීසි භාෂාව නැතුවම බැරි අංගයක් වෙලා. ස්පෙලින් ප්‍රෝ ප්‍රිමියම් (Spelling Pro! Premium) කියන්නේ, ඉංග්‍රීසි වචන ඔබට, ඔබේ පොඩිත්තාට ලේසියෙන් ඉගෙන ගතහැකි ඇප් එකක්. ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා විනෝදජනක ලෙස පරීක්ෂා කර පුහුණු කරන්න සහ ලොව පුරා සිටින ස්පෙලින් ප්‍රෝ ප්‍රිමියම් සෙල්ලම් කරන අනෙක් පුද්ගලයින්ට අභියෝග කරන්න. සැබෑ ඉංග්‍රීසි භාෂා ශූරයකු වන්නේ කවුද? ක්‍රීඩා කර විනෝද වන අතරේම ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න. මෙහි ගේම් මොඩ් තුනක්, චැලේන්ජ් මොඩ් 2ක් සහ පැක්ට්‍රිස් මොඩ් එකක් ඇත. රු.350/=ක් වටිනා මෙම ඇප් එක ඉතාමත් කෙට් කාලයකට ගූගල් ප්ලේ ස්ටෝරුවේ නොමිලේ දෙනවා. එහෙනම් බාගන්න. ජය. 



ඉංග්‍රීසි වචන උගන්වන ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක

ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතනයේ සී පී යූ (CPU), රැම් මතකය(RAM), මවු පුවරුවේ චිප්සෙට් සහ අනෙකුත් දෘඩාංග විශේෂාංග හඳුනාගෙන තොරතුරු සරල සාරාංශ දර්ශනයක් සී පී යූ ඉසෙඩ් ප්‍රෝ (CPUz Pro) හරහා ලබාගත හැකිය.


සී පී යූ ඉසෙඩ් ප්‍රෝ ඇප් එකෙහි විශේෂාංග


- ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය, කර්නලය සහ එස් ඩී කේ පිළිබඳ සවිස්තර තොරතුරු


- සී පී යූ භාවිතය පිළිබඳ තොරතුරු


- තිර විභේදනය සහ එහි වේගය පිළිබඳ තොරතුරු


- ග්‍රැෆික් තොරතුරු


- රැම් මතක භාවිතය, සහ කෑෂ් මෙමරිය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය


- ප්‍රධාන මතක ගබඩාව (Storage) හා එස් ඩී කාර්ඩ් මෙමරි සම්බන්ධ තොරතුරු


- බැටරියේ ආරෝපණ ධාරිතාව, ප්‍රතිදාන වෝල්ටීයතාවය සහ බැටරි උෂ්ණත්වය ඇතුළු තොරතුරු


- සංවේදක (Sensors) තොරතුරු


- ඉදිරිපස සහ පසුපස කැමරාව පිළිබඳ සවිස්තර තොරතුරු


- ඔබගේ උපාංගයේ ස්ථාපනය කර ඇති සියලුම ඇප් ලැයිස්තුගත තොරතුරු


මෙම තොරතුරු ලබා ගැනීමෙන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ඇති දෝෂ හඳුනාගෙන නිවැරදි කරගත හැකිය. බාගන්න. ජය.


ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ තොරතුරු සියල්ල එකම තැනකින් දැනගන්න රු.1025/= වටිනා ඇප් එකක් - CPUz Pro

සවන් මිනිට් වර්ක් අවුට් ප්‍රෝ (7 Minute Workout PRO) ඇප් එක මඟින් ඔබට මිනිත්තු 7ක් තුළ ඔබේ මුළු ශරීරයම ක්‍රියාත්මක වන අයුරින්, උපරිම කැලරි දහනය කර ව්‍යායාම වල යෙදීම සඳහා මාර්ගෝපදේශ සපයයි. අතිරික්ත සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීමෙන් සහ අධික ලෙස ව්‍යායාම කිරීමෙන් ඔබේ ශරීරයට හානිකර විය හැකිය. පැය ගණනක් වෙහෙස මහන්සි වී ව්‍යායාම කිරීමෙන් ඔබේ ශරීරයට වැඩි කාලයක් ආතතිය ලබාදීම නිසා සාමාන්‍ය පුද්ගලයාගේ සිට වෘත්තීය මලල ක්‍රීඩකයා දක්වා ඕනෑම කෙනෙකුට හානිකර විය හැකිය. එමෙන්ම කාර්යබහුල ඔබට දිනකට පැය ගණනකට වඩා, මිනිත්තු 7ක කාලයක් සොයා ගැනීම පහසුය. සවන් මිනිට් වර්ක් අවුට් ප්‍රෝ මඟින් දිනපතා ඔබගේ මිනිත්තු 7ක ව්‍යායාම ලබා ගැනීමට මතක් කරන අතර දෛනික අභිප්‍රේරණයන්, ප්‍රගතිය පෙන්වාදීම සහ තවත් විශේෂාංග ගණනාවකට පහසුකම් සපයයි. බාගන්න. ජය.



සිරුර හැඩකර ගැනීමට රු.550/=ක් වටිනා ඇප් එකක් නොමිලේ

බ්‍රික් බ්‍රේකර් ප්‍රෝ කියන්නේ, ඇන්ඩ්‍රොයිඩ් ඇප් ස්ටෝරුවේ සාමාන්‍යයෙන් රු.750ක් වන මේ දවස්වල නොමිලේ බාගත හැකි අලුත්ම මාදිලියේ ගඩොල්/බ්‍රික් ගේම් එකක්. ගඩොල් වලට හානි කිරීමට හා ගඩොල් විනාශ කිරීමට සුදුසුම ස්ථානය සොයා ගනිමින් සෙල්ලම් කරන්න. පන්දුව ගඩොල්වලට වැදුණු විට එහි කල්පැවැත්ම අඩු වේ. කල්පැවැත්ම 0 දක්වා අඩු වූ විට ගඩොල් බිදී යයි. ටිකක් කල්පනා කරලා සෙල්ලම් කල යුතු ගේම් එකක්. උත්සාහ කරලා බලන්න. ජය.


රු.750ක් වටිනා බ්‍රික් බ්‍රේකර් ප්‍රෝ ගේම් එක නොමිලේ - Bricks Breaker Pro

ඔබ කැමතිම ෆිල්ම් හෝ ටීවී සෙරීස් එකක් නිකුත් වෙනවායැයි ඔබට අසන්න ලැබුණොත් ඔබ මුලින්ම කරන්නේ යූටියුබ් එකේ, එහි ට්‍රේලර් එක/පූර්ව ප්‍රචාරක පටය නරඹන එක. නමුත් අපිට යූටියුබ් එකේ ඔර්ජිනල් ට්‍රේලර් එකක් සොයාගන්න ගියාම කන්න වෙන කට්ට ගැන අලුතෙන් කියන්න ඕන නැහැ. ෆෑන් මේඩ් ට්‍රේලර්, එඩිටඩ් ට්‍රේලර්, ලෝ කොලිටි ට්‍රේලර් සහ තව ලට්ට පට්ට යූටියුබ් එකේ පිරිලා. ඉතිං මූවි ට්‍රේලර්ස් ප්‍රෝ (Movie Trailers Pro) කියන්නේ, ඉහත කී කරදරවලින් ගැලවෙන්න පුලුවන් සුපිරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්. මෙමඟින්,


1. ඕනෑම චිත්‍රපටයක හෝ රූපවාහිනී වැඩසටහනක ට්‍රේලර් සොයන්න සහ නරඹන්න.

2. 1080p අධි විභේදන පහසුකමෙන් යුතුව ට්‍රේලර් නරඹන්න.

3. චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් සඳහා වර්තමාන ශ්‍රේණිගත කිරීම් ලබා ගන්න.

4. ඔබ කැමති වර්ගීකරණයකින් චිත්‍රපට ලැයිස්තු ලබා ගන්න.

5. ඩාර්ක් මොඩ් සහය ඇත.

6. ඉදිරියට එන චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් වල කාල වකවානු ලබා ගන්න.

7. කිසිදු ආකාරයක ඇඩ්ස් අඩංගු නොවේ.


ගූගල් ප්ලේ ස්ටෝරුවේ රු.375/= අලෙවි වූ මෙම ඇප් එක ඉතාමත් කෙටි කාලයකට නොමිලේ දෙනවා. එහෙනම් ඉක්මන් කරලා බාගන්න. ජය.



නිකුත් වුනු ගමන් ෆිල්ම්ස් සහ ටීවී සෙරීස් ට්‍රේලර් නරඹන්න - Movie Trailers Pro

ගූගල් ප්ලේ ස්ටෝරුවේ ජනප්‍රිය ඇප් එකක් වන, රු.375/=ක් වටිනා නෝට්ස් ප්‍රෝ (Notes Pro) ඇප් එක මේ දවස්වල නොමිලේ බාගන්න පුලුවන්. එම ඇප් එක මඟින් ලබාගත හැකි ප්‍රතිලාභ සරලව පහතින් දක්වා ඇත.


1. වචන, පිංතූර සහ ලැයිස්තු ඇතුලත් සටහන් සාදන්න

2. සටහන් මතක් කිරීම් (Reminders) එකතු කරන්න

3. සටහන් කාණ්ඩ කරන්න

4. වැරදීමකින් සටහන් මකාදැමීමක් වුවහොත් නැවත ලබා ගන්න

5. සටහන් බැක්අප් කරන්න

6. භාෂා කිහිපයක් භාවිත කරන්න

7. ඔබ කැමති අතුරු මුහුණතක් සකසන්න

8. සටහන් වලට සිතියම් පිහිටීම එක් කරන්න

9. සටහන් වලට ස්වයංක්‍රීය සිතියම් පිහිටීම එක් කරන්න

10. මාතෘකාව, සටහන් කළ දිනය, අවසන් වෙනස් කළ දිනය සහ මතක් කිරීමේ දිනය අනුව සටහන් වර්ග කරන්න

11. සටහන් වලට වීඩියෝ එකතු කරන්න

12. මතක් කිරීම් සඳහා ඔබ කැමති දැනුම්දීම් නාද සකසන්න

13. දැනුම්දීම් සඳහා මතක් කිරීමේ කාල පරතරයන් සකසන්න

14. පාස්වර්ඩ් යොදන්න

15. සටහන් බෙදාගන්න

16. සටහන් ඒකාබද්ධ කරන්න

17. සටහන් සඳහා කෙටිමං සාදන්න


එහෙනම් පරක්කු නොවී බාගන්න. ජය.



රු.375/=ක් වටිනා නෝට්ස් ප්‍රෝ ඇප් එක නොමිලේ

ගීත රසවිදින්නට ලෝකයේ ජනප්‍රියම මෘදුකාංගය ලෙස කීරිතිනාමය අත්කරගත් ස්පොටිෆයි (Spotify) මෑතක් වන තුරුම ලංකාවට සිය සේවා සැපයූවේ නැහැ. ඉතිං මේ ස්පොටිෆයි සමඟින්, ඔබට සංගීතයට සවන් දිය හැකි අතර මිලියන ගණනක් ගීත සහ පොඩ්කාස්ට් නොමිලේ ලබාගත හැකියි. මෙම මෘදුකාංගය ඔබේ වින්ඩෝස්, ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් උපාංගයේ පිහිටුවාගෙන සාමාන්‍ය පරිදි රෙජිස්ටර් වීමෙන් පසුව ඔබ ආදරය කරන ගීත සහ ගායකයන් තෝරාගන්න පුලුවන්. පසුව ඔබටම විශේෂී වූ දිනපතා වෙනස්වන ගීත ලැයිස්තුවක්  ස්පොටිෆයි මඟින් ලබා දෙනවා. ඒ වගේම ඔබට අනවශ්‍ය ගීත ඉවත් කර සිතැඟි පරිදි ගීත ලැයිස්තු සකස් කර ගන්නත් පුලුවන්. 


හැමදාම එකම ගීත ලැයිස්තුවකට සවන්දෙන ඔබට, ඔබේ ප්‍රියතම ගායක/ගායිකාවන්ගේ දිනපතා වෙනස්වන ගීත ලැයිස්තුවක් මඟින් අලුත් අත්දැකීමක් ලබාගත හැකියි. මෙම මෘදුකාංගය මඟින් ලබා දෙන සංගීතයේ ගුණාත්මකභාවය (Sound Quality) එක මෙහි ජනප්‍රියතාවයට තවත් එක හේතුවක්. තවත් වැඩකිඩ ගොඩක් තියෙනවා. එහෙනම් බාගෙන බලන්න. ජය.



ගීත රසවිදින්නට ලෝකයේ ජනප්‍රියම මෘදුකාංගය ලංකාවට - Spotify

සොම්බි කොම්බැට් - ටාර්ගට් ෂූටින් සිමුලේටර් ත්‍රී ඩී (Zombie Combat : Target Shooting Simulator 3D) කියන්නේ සුපිරි සොම්බි මොබයිල් ගේම් එකක්. විවිධ තුවක්කු භාවිතා කරම්න් වෙනස්වන කාලගුණ ගත්තවයන් යටතේ සොම්බින් සමඟ සටන් කිරීමට මෙහිදී ඔබට සිදුවෙනවා. ඒ වගේම ගේම් එකේ ස්ටෝරිය සමඟ ඉදිරියට යද්දී වැඩි හැකියාවන් ඇති සොම්බි සහ සත්ව සොම්බි සමඟ වැඩි දියුණු කල අවි ආයුධ මඟින් සටන් කරන්න වෙනවා. ඕෆ්ලයින් ගේම් එකක් නිසා වැඩි කරදරයක් නැතිව සෙල්ලම් කරන්න පුලුවන්. තාත්වික ත්‍රිමාන පරිසරයක අත්දැකීම අත්විදිය හැකි සොම්බි කොම්බැට් ගේම් එක ඉතාමත් කෙටි කාලයකට ගූගල් ප්ලේ ස්ටෝරුවේ නොමිලේ දෙනවා. එහෙනම් ඉක්මන් කරලා බාගන්න. ජය.



රු.625ක් වටිනා ඇන්ඩ්‍රොයිඩ් සොම්බි කොම්බැට් ගේම් එක නොමිලේ

මෑතකදී වට්ස්ඇප් සේවයේ සිදු වූ වෙනස්කම් කිහිපයක් නිසා ඉන්ටර්නෙට් ප්‍රයිවසි එක නැතිනම් අනතර්ජාල සේවා භාවිත කරන විට තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම ගැන සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වුනා. අන්තර්ජාලය භාවිතා කරන විට අපි ලඟ තියෙන්නේ ෆෝන් එකක්, කම්පියුටර් එකක් විතරක් වුනාට අපේ ක්‍රියාකාරකම් ගැන අපි නොදැන බොහෝ දෙනෙක් බලන් ඉන්නවා. ඒ අතර අන්තර්ජාල සේවා සපයන ආයතනය, අන්තජාලය භාවිතා කිරීමට යොදා ගන්නා සොෆ්ට්වෙයා එක/වෙබ් බ්‍රවුසරය, ඔබ භාවිත කරන වෙබ් අඩවිය, ඔබ දැන/නොදැන පිහිටුවාගෙන තිබෙන බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් (Extensions), වෛරස් සමඟ පිහිටුවාගත් සොෆ්ට්වෙයා කෑලි ඇතුළු තව ගොඩක් කස්ටිය මේ අතර වෙනවා. ඒ අය අපේ හැසිරීම දිහා බලන් ඉදලා අවස්ථාව ආවම අපෙන් ප්‍රයෝජන ගන්නවා. උදාරණයක් ගත්තොත් අපි හිතමු ඔබ ගිටාර් වාදනය කරන්න ආසයි කියලා. ඔබේ පරිගණකයෙන් ඔබ ගිටාර් වාදනය සම්බන්ධ ටියුටෝරියල් සර්ච් කරනවා. පරිගණකයේ භාවිතා වන ගූගල් ගිණුම ඔබේ දුරකථනයේද භාවිතා කරන්නේනම් පසු දිනක එහි ගේම් එකක් සෙල්ලම් කරන විට අතරමැද පෙන්වන වෙළද දැන්වීම ගිටාර් වෙළද දැන්වීමක් වෙන්න පුලුවන්. 


මෙලෙස අන්තර්ජාලය තුළ ට්‍රැක් (Track) කිරීම වලක්වා ගත හැක්කේ කෙසේද?

ඩක් ඩක් ගෝ කියන්නේ ට්‍රැක් වීමකින් තොරව අන්තර්ජාලයේ සෙවුම් සිදු කළ හැකි සර්ච් එන්ජින් එකක්. මෙය වෙළද දැන්වීම් වලින් තොර නිසා ‌ඩේටා ඉතුරු කරගන්නත්, වේගවත් සෙවුම් ප්‍රථිඵල ලබාගන්නත් පුලුවන්. ඒ වගේම ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ගූගල් ක්රෝම් එක්ස්ටෙන්ෂන් එකක් සහ ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩක් ඩක් ගෝ සර්විස් එකෙන් ඩිවලොප් කරලා තියෙනවා. පහත ලින්ක් එකෙන් ගිහින් ඔබේ ඩිවයිස් එකට ගැලපෙන සංස්කරණය බාගන්න. ජය.



හැංගි හොරා සයිබරේ කරක් ගහමු - Duck Duck Go

මේ දවස්වල ගූගල් ප්ලේ ස්ටෝරුවේ රු.950/= ක් වටිනා ප්‍රෝ ෂොට් (ProShot) ඇප් එක නොමිලේ බාගන්න දෙනවා. ඔබේ සාමාන්‍ය ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් ඩී එස් එල් ආර් කැමරාවක ඇති පහසුකම් ප්‍රෝ ෂොට් ඇප් එකෙන් ඔබට අත්විදිය හැකිය. මෙම ඇප් එකෙහි සම්පූර්ණ භාවිතය සමබන්ධයෙන් ගූගල් ප්ලේ ස්ටෝරුවේ ඩවුන්ලෝඩ් පේජ් එකෙහි ඇති වීඩියෝව නැරඹීමෙන් වටහා ගන්න පුලුවන්. 


--- CAMERA FEATURES ---

• Auto, Program, Manual, and two fully configurable Custom modes, just like a DSLR*

• Manual, semi-manual, or automatic control over exposure, flash, focus, ISO, shutter speed, torch, and white balance*

• Shoot in JPEG, RAW or RAW JPEG* (RAW = .DNG file)

• Light Painting mode with infinite shutter and live preview. Watch as your photos develop right before your eyes!

• Shoot full resolution in 16:9, 4:3, and 1:1

• Custom Aspect Ratio Mode: shoot in any aspect ratio you want, 21:9, 17:10, 50:3, it's all possible!

• Burst, Timer, and Timelapse modes, all with full manual controls

• Zero-lag bracket exposure up to ±3, in 1/3 stop increments*

• Auto ISO option, turns Manual mode into Shutter Priority*

• Manual focus assist*

• Live histogram

• Front-facing camera with exposure control

• Zoom with just one finger

• Fully featured Camera Roll integrated into the viewfinder. View EXIF, support for video playback, media sharing, and delete

• Grid overlay

• Level with 2 different modes

• Adjust JPEG quality, Noise Reduction quality, photo location

• Shortcuts for GPS, screen brightness, camera shutter, and more

• Most innovative camera UI ever created


--- VIDEO FEATURES ---

• Up to 4K (3840x2160)*

• 60fps, up to 175Mb/s*

• Manual or automatic control*

• Adjustable resolution, frame rate, and bitrate

• Industry-standard options for 180 degree rule

• Zoom and change any camera parameter, even during video recording

• Real-time audio input levels

• Timelapse video, with full manual control

• Video light


මෙතනින් ගිහින් ප්‍රෝ ෂොට් ඇප් එක බාගන්න. ජය.


ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් ඩී එස් එල් ආර් කැමරාවක වැඩකිඩ දාමු

අමතක වන දේවල් මතක් කරගන්න - Todo Reminder Pro + Widget

අමන්ග් අස් කියන්නේ මේ දවස්වල ලොකු පොඩි හැමෝම අතර ඉතාමත් ජනප්‍රිය ඔන්ලයින් ගේම් එකක්. බලන් ඉන්න අයට මෙය තවත් එක සරල ඇන්‌ඩ්‍රොයිඩ් ගේම් එකක් වගේ පෙනුනට සෙල්ලම් කරන කෙනාව ඇබ්බැහි වෙන මට්ටමේ ආතල් එකක් මෙහි අන්තර්ගතයි. ඒ් වගේම වර්තමානයේ යූටියුබ් ගේමින්වල ටොප් ලයිව් ගේමින් කොටසේ හොඳම ගේම්ස් 5 තුළ මෙය දෝලනය වෙනවා ඔබට බලන්න පුලුවන්.

ගේම් එකේ සිද්ධිය සරලව කීවොත් යම් කිසි සෙට් එකක් යම් කිසි ස්ථානයකට එකම වෙලාවක යොමු වෙනවා. මේ සෙට් එකේ ප්‍රමාණය අනුව එතන කඩාපල්කාරීන් එක් අයෙකු හෝ කිහිපදෙනෙක් අහඹු ලෙස ගේම් එක මඟින්ම පත් කරනවා. මේ කඩාකප්පල්කාරී අය ඉම්පෝස්ටර් (Impostor) නමින් හඳුන්වනවා. සාමාන්‍ය ප්ලේයර්සලාට මේ ඉම්පොස්ටර්ව කවුද කියලා සිස්ටම් එකෙන් පෙන්වනනේ නෑ. ඉතිං මේ ඉම්පෝස්ටර්ලා රහසිගතව අදාල ස්ථානය සහ සාමාන්‍ය ප්ලේයර්ස්ලා විනාශ කිරීමට කිරීමට කටයුතු කරන අතර අනෙත් අය එම ස්ථානය ආරක්ෂා කර පවත්වාගෙන යෑමට කටයුතු කරමින් අදාල ඉම්පෝස්ටර්ලාව හැසිරීමෙන්, සාකච්චා මණ්ඩප මඟින් හඳුනා ගෙන ඔවුන්ව ඉවත් කිරීමට කටයුතු කරනවා. ප්ලේයර්ස්ලා අතර ඉන්න ඉම්පෝස්ටර්ලා සියල්ල හඳුනාගැනීමෙන් පසුව හෝ ඉම්පෝස්ටර්ලා විසින් සියල්ල කඩාකප්පල් කිරීමෙන් ගේම් ඒකේ ජය පරාජය තීරණය  වෙනවා.


මේ ගේම් එක ගූගල් ප්ලේ ස්ටොරුවෙන් නොමිලේ බාගත හැකි නමුත් අද බාගන්න දීලා තියෙන පෝර්ටබල් පී සී වර්ෂන් එකේ ඊට වඩා පහසුකම් අන්තර්ගත වෙනවා. ප්ලේ ස්ටොරුවෙන් බාගන්න ගේම් එකේ මිලදී ගත යුතු ස්කින් (Skin) සහ පෙට්ලා (Pets) මෙහිදී නොමිලේ ඇඩ් කරගන්න පුලුවන්. පෝර්ටබල් වර්ෂන් එකක් නිසා ඉන්ස්ට්‍රෝල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. සරල ගේම් එකක් නිසා විශාල පහසුකම් වලින යුත් පරිගණක අවශ්‍ය වෙන්නෙත් නැහැ. එහෙනම් බාගෙන ගෙදරටම වෙලා සෙල්ලම් කරන්න. පරිස්සමින් ඉන්න. ජය.


පී සී වර්ෂන් එක මෙතනින් බාගන්න - 58.2 MB


ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක මෙතනින් බාගන්න


සෙවුම් පද
අපි අතරින්, අමන්ග් අස් සිංහල, සිංහලෙන් සොෆ්ට්, සිංහලෙන් සොෆ්ට්වෙයා, amung us sinhala, amung us free download, among us skin free, among us pet free

අපි අතරින් කෙනෙක්, ගේම් එක පරිගණකයේ සෙල්ලම් කරමු - Amung Us PC Version

රුපියල් 2525/=ක් වටිනා එම් පී ත්‍රී මියුසික් ප්ලේයර් එකක් නොමිලේ

දැන් ඉතිං යූටියුබ් සැරිසරන්න අන්ලිමිටඩ් පැකේජ්ස් ඇති තරම් තියෙනවානේ. ඒත් වීඩියෝ බලන හැම වෙලාවකම බ්‍රෆර් වෙන්න ගත්තාම ලොකු හිසරදයක්. යූටියුබ් වීඩියෝ බාන්න ගොඩක් ඇප්ස් තිබුනට ඒවට වැඩි ආයු කාලයක් නෑ. සමහරවිට ප්ලේස්ටෝරැවේ අද තිබ්බ ඇප් එක හෙට වෙනකොට බැන් කරලා. ඉතිං වීඩියෝඩර් (Videoder) කියන්නේ කට්ට කන්නෙ නැතුව තමන්ට අවශ්‍ය ෆෝමැට්ටුවකින් වීඩියෝ වගේම ඕඩියෝ ෆයිල් බාන්න පුලවන් ඇප් එකක්. යූටියුබ්, ඉන්ටර්ග්‍රෑම්, ෆේස්බුක්, ටික්ටොක්, සව්න්ඩ්ක්ලවුඩ් ඇතුලු වෙබ් අඩවි ගණනාවක බාගැනීම් සඳහා වීඩියෝඩර් සහය දක්වනවා. එහෙනම් ටෙස්ටිං පාරක් දාලා බලන්න. ඒවගේම අවශ්‍ය අය මෙහි වින්ඩෝස් වර්ෂන් එකත් බාගන්න. ඒකත් සුපිරියි. ජය.
 
9.4 MB

සෙවුම් පද
download youtube videos sinhala, download youtube videos android, download youtube videos free, download youtube videos Unlimited, පෝන් එකෙන් වීඩියෝ බාමු, ආතල් වීඩියෝ බාමු, Athal video

කරදර නැතුව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් යූටියුබ් වීඩියෝ බාමු