ගීත රසවිදින්නට ලෝකයේ ජනප්‍රියම මෘදුකාංගය ලෙස කීරිතිනාමය අත්කරගත් ස්පොටිෆයි (Spotify) මෑතක් වන තුරුම ලංකාවට සිය සේවා සැපයූවේ නැහැ. ඉතිං මේ ස්පොටිෆයි සමඟින්, ඔබට සංගීතයට සවන් දිය හැකි අතර මිලියන ගණනක් ගීත සහ පොඩ්කාස්ට් නොමිලේ ලබාගත හැකියි. මෙම මෘදුකාංගය ඔබේ වින්ඩෝස්, ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් උපාංගයේ පිහිටුවාගෙන සාමාන්‍ය පරිදි රෙජිස්ටර් වීමෙන් පසුව ඔබ ආදරය කරන ගීත සහ ගායකයන් තෝරාගන්න පුලුවන්. පසුව ඔබටම විශේෂී වූ දිනපතා වෙනස්වන ගීත ලැයිස්තුවක්  ස්පොටිෆයි මඟින් ලබා දෙනවා. ඒ වගේම ඔබට අනවශ්‍ය ගීත ඉවත් කර සිතැඟි පරිදි ගීත ලැයිස්තු සකස් කර ගන්නත් පුලුවන්. 

හැමදාම එකම ගීත ලැයිස්තුවකට සවන්දෙන ඔබට, ඔබේ ප්‍රියතම ගායක/ගායිකාවන්ගේ දිනපතා වෙනස්වන ගීත ලැයිස්තුවක් මඟින් අලුත් අත්දැකීමක් ලබාගත හැකියි. මෙම මෘදුකාංගය මඟින් ලබා දෙන සංගීතයේ ගුණාත්මකභාවය (Sound Quality) එක මෙහි ජනප්‍රියතාවයට තවත් එක හේතුවක්. තවත් වැඩකිඩ ගොඩක් තියෙනවා. එහෙනම් බාගෙන බලන්න. ජය.

ගීත රසවිදින්නට ලෝකයේ ජනප්‍රියම මෘදුකාංගය ලංකාවට - Spotify

1 comment:

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.