
81.6 MB

යූ ටියුබ් වීඩියෝ බුරුතු පිටින් බාමු

ෆොටොර් (Fotor) නම් සරල මෘදුකාංගය හරහා ඔබේ අසාර්ථක වූ ඡායාරූපයක් සඳහා වුවද උසස් තත්වයේ වැඩිදියුණු කිරීම් එක් කල හැකිය. ප්‍රධාන වශයෙන් "Portrait", "Backlit", "Flash", "Cloudy", "Food", "Landscape" ආදී අවස්ථාවන් අතරින් ඔබට අවශ්‍ය පරිදි ගැලපීම් එක් කරන්න. එමෙන්ම exposure, brightness, contrast, detail සහ white balance සීරුමාරු කරන්න. ඔබේ ඡායාරූපයට කලාත්මක පෙනුමක් එක් කිරීමට ඔබට අවශ්‍ය නම්, ක්ලැසික්, ලොමෝ, බී ඇන්ඩ් ඩබ්ලිව්, ආර්ට් සහ විග්නෙට්ස් ඇතුළු විවිධ ප්‍රයෝග 60 කට වඩා තෝරා ගත හැකිය. ඊට අමතරව සාමාන්‍ය ෆොටෝ එඩිටින් මෘදුකාංගයක අඩංගු අංගෝපාංග ෆොටොර් සතුවේ. එහෙනම් බාගන්න. ජය.
455 MB

චොර වූ ඡායාරූපයක් ගොඩ දා ගැනීමේ කලාව

ෆයිල් ෆ්‍රෙන්ඩ් (File Friend) මෘදුකාංගය, ප්‍රයෝජනවත් ගොනු කළමනාකරණ විශේෂාංග 4ක් ඉදිරිපත් කරනු ලබයි. එය පොර්ටබල් වර්ගයේ කුඩා මෘදුකාංගයකි. එමඟින් ඔබට විශාල ගොනුවක් කුඩා කැබලිවලට බෙදිය හැකිය, පසුව මුල් ගොනුව නැවත සකස් කිරීම සඳහා කෑලි එකතු කල හැකිය. ඔබට විශාල ගොනුවක් ඩී වී ඩී තැටි හරහා ගෙන යාමට අවශ්‍ය නම් හෝ ගොනුව ඊමේල් මගින් යැවීමට නොහැකි තරම් විශාල නම් මෙම විශේෂාංගය ඉතා ප්‍රයෝජනවත් වේ. ලිපිගොනු බෙදීමට හා සම්බන්ධ කිරීමට අමතරව, තෝරාගත් ගොනුවක් හෝ ගොනු තොගයක් සංකේතනය (Encrypt) කිරීමට හෝ විකේතනය (Decrypt) කිරීමටද ෆයිල් ෆ්‍රෙන්ඩ් මෘදුකාංගය ඉඩ ලබා දේ. සම්මත සංකේතනයට වඩා රහසිගතව ෆයිල් ආරක්ෂා කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබට ජේ පී ඊ ජී (JPEG) රූපයක් තුළ ලිපිගොනු සැඟවීමට හැකිය. එමෙන්ම එය අවශ්‍ය විට ලබා ගැනීමද කළ හැකිය. බාගන්න. ජය.
0.25 MB
ලිපිගොනු කෑලි කරන්න, එකතු කරන්න, සංකේතනය කරන්න, සඟවන්න - File Friend

වර්තමාන කෝවිඩ් ව්‍යසනය හේතුවෙන් ලොකු පොඩි හැමෝටම අන්තර්ජාලය සමඟ වැඩ කිරීමට සිදු වෙනවා. ඉතිං ඔබේ පොඩ්ඩන් අන්තර්ජාලය භාවිතා කරන සෑම විටකදීම ඔබට අධීක්ෂණය කල නොහැකිවා වෙන්නට පුලුවන්. ඒ සඳහා සුපිරි විසදුමක් මේ කියන්න යන්නේ. බ්ලොක් සයිට් (BlockSite) නමින් හඳුන්වන එක්ස්ටෙන්ෂන් (Extensions)/ ඇඩෝන් (Add-ons) එක භාවිතා කරමින් ඔබට අනවශ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමෙන් වලකින්න සහ වලක්වන්න පුලුවන්. මෙමඟින් ඔබට වෙබ් අඩවියක් නමින් බ්ලොක් කල හැකිවා සේම කැටගරි (Category) ලෙසද බ්ලොක් කල හැකියි. ඔබේ කාලය කා දමන ෂෝෂල් මීඩියා, නිවුස්, ස්පෝර්ට්ස් සහ ගැම්බ්ලින් වෙබ් අඩවි මෙලෙස බ්ලොක් සයිට් හරහා පාලනය කරන්න පුලුවන්. ගූගල් ක්රෝම්, මොසිල්ලා ෆයර් ෆොක්ස්, මයික්‍රොසොෆ්ට් එඩ්ජ් වෙබ් බ්‍රවුසර සඳහා බ්ලොක් සයිට් එක්ස්ටෙන්ෂනය/ ඇඩෝනය නිරමාණය කර ඇත. පහතින් ඔබේ වෙබ් බ්‍රවුසරයට අදාල බ්ලොක් සයිට් වර්ෂන් එක බාගෙන ඉන්ස්රෝල් කරගන්න. ජය.

අනවශ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම වලක්වමු - BlockSite

මයි ෆැමිලි ත්‍රී ලෙස හැඳින්වෙන්නේ, ඔබගෙන් පටන්ගෙන ඔබගේ දුර නෑදෑයින් පවා සන්බන්ධ කෙරෙන පරදි රුක් සටහනක් නිර්මාණය කිරීමට පහසුකම් සපයන මෘදුකාංගයකි. මෙමඟින් පවුලේ සාමාජිකයින්ට අදාලව ජීව දත්ත, ඡායාරූප, වීඩියෝ සහ වෙනත් ඇමුණුම් විස්තරාත්මකව ලේඛනගත කළ හැකිය. එමෙන්ම කාලරාමුව අනුව පවුලේ සිදුවීම් සමාලෝචනය, පවුල් සංඛ්‍යාලේඛන විශ්ලේෂණය, දින කැල්කියුලේටරය, ශබ්ද පටිගත කිරීම, ගූගල් අර්ත් සමඟ සමමුහුර්ත කිරීම සහ තවත් බොහෝ අංග මෙහි ඇතුළත් වේ. බාගන්න. ජය.
8.5 MB

මගේ පවුලේ රුක් සටහන - My Family Tree

පොර්ටර්බල් ඩොකියුමන්ට් ෆොර්මැට්/පී ඩී එෆ් (Portable Document Format/PDF) කියන්නේ ඔබේ එදිනදා කටයුතු සඳහා නැතුවම බැරි ෆයිල් ෆොර්මැට් එකක් ලෙස හඳුන්වන්න පුලුවන්. වර්තමාන කෝවිඩ් ව්‍යසන තත්වයත් සමඟ නිවසේ සිට රාජකාරි කිරීමේ සිට තම දරුවාගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු දක්වා බොහෝ කාර්යයන් සඳහා පී ඩී එෆ් භාවිත වෙනවා. ෆොක්සිට් රීඩර් මෘදුකාංගය, පී ඩී එෆ් සමඟ වැඩ කිරීම සඳහා අංග සම්පූර්ණ මෙවලම් කට්ටලයක්. පී ඩී එෆ් කියවන්න, සකසන්න, වෙනස් කරන්න, ආරක්ෂා කරන්න, ඔන්ලයින් ෂෙයා කරන්න, ට්‍රැක් කරන්න සහ තවත් වැඩ කිඩ ගොඩක් මේ හරහා කරගත හැකියි. මෙම මෘදුකාංයේ ප්‍රධාන විශේෂාංගයක් වන්නේ පී ඩී එෆ් ලිපිගොනුවක් සමඟ වෛරස් ඈදා/බයින්ඩ් (Bind) කර ඇතිදැයි සොයා බැලීමේ හැකියාවයි. ෆොක්සිට් රීඩර් මෘදුකාංගයේ මෙවැනි විශේෂාංග ගණනාවක් ඇතුලත් වුවද ඔබේ පරිගණකයේ රැම් මතකයෙන් භාවිතා කරන්නේ මෙගා බයිට් 100කටත් අඩු ප්‍රමාණයක්. එහෙනම් බාගන්න. ජය.
82.1 MB

පී ඩී එෆ් කියවන්න, සකසන්න සහ වෙනස් කරන්න - Foxit Reader

කාලයත් සමඟ ඔබේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිවැරදිව ක්‍රියා නොකිරීම, වේගය අඩුවීම, අපිලිවෙල වීම, හාඩ් ඩිස්කයේ ඉඩ මදිවීම වගේ ලෙඩ ගොඩකට මුහුණ දෙන්න වෙනවා. වයිස් කෙයා 365 ෆ්‍රී වර්ෂන් මෘදුකාංගය මඟින් මෙවැනි තත්වයන් 90%වඩා අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබේ පරිගණකයේ කාර්යක්ෂමතාවයට බලපාන සියළු සාධක සලකා බලා එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ලකුණු ලබා දීමක් සිදු කරනවා. උදාහරණයක් විදියට හාර්ඩ් ඩිස්ක් එකේ ධාරිතාවය ඉක්මවා යාමට ආසන්න වී තිබේ නම් වයිස් කෙයා 365 මඟින් ස්කෑන් කර ජන්ක් ෆයිල්ස්, ටෙම්පරි ෆයිල්ස්, බ්‍රවුසර් හිස්ට්‍රි ආදිය ඉවත් කර නැවත ඉඩ ලබාගත හැකියි. ඔබ නොදන්නා විශේෂාංග භාවිතා කිරීමට පෙර ඒ පිළිබඳව ගූගල් සෙවුමක් කරන්න. බාගන්න. ජය.
22.4 MB

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සත්කාරය - Wise Care 365

ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතනයේ සී පී යූ (CPU), රැම් මතකය(RAM), මවු පුවරුවේ චිප්සෙට් සහ අනෙකුත් දෘඩාංග විශේෂාංග හඳුනාගෙන තොරතුරු සරල සාරාංශ දර්ශනයක් සී පී යූ ඉසෙඩ් ප්‍රෝ (CPUz Pro) හරහා ලබාගත හැකිය.
සී පී යූ ඉසෙඩ් ප්‍රෝ ඇප් එකෙහි විශේෂාංග
- ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය, කර්නලය සහ එස් ඩී කේ පිළිබඳ සවිස්තර තොරතුරු
- සී පී යූ භාවිතය පිළිබඳ තොරතුරු
- තිර විභේදනය සහ එහි වේගය පිළිබඳ තොරතුරු
- ග්‍රැෆික් තොරතුරු
- රැම් මතක භාවිතය, සහ කෑෂ් මෙමරිය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය
- ප්‍රධාන මතක ගබඩාව (Storage) හා එස් ඩී කාර්ඩ් මෙමරි සම්බන්ධ තොරතුරු
- බැටරියේ ආරෝපණ ධාරිතාව, ප්‍රතිදාන වෝල්ටීයතාවය සහ බැටරි උෂ්ණත්වය ඇතුළු තොරතුරු
- සංවේදක (Sensors) තොරතුරු
- ඉදිරිපස සහ පසුපස කැමරාව පිළිබඳ සවිස්තර තොරතුරු
- ඔබගේ උපාංගයේ ස්ථාපනය කර ඇති සියලුම ඇප් ලැයිස්තුගත තොරතුරු
මෙම තොරතුරු ලබා ගැනීමෙන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ඇති දෝෂ හඳුනාගෙන නිවැරදි කරගත හැකිය. බාගන්න. ජය.

ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ තොරතුරු සියල්ල එකම තැනකින් දැනගන්න රු.1025/= වටිනා ඇප් එකක් - CPUz Pro

ඉම්බැජ් (ImBatch) මෘදුකාංගය මඟින් ඡායාරූප සමුහයක් සඳහා එකවර වෙනස්කම් ඇතුලත් කර ගැනීමට හැකිය. උදාහරණයක් ලෙස ඔබ සතු ඡායාරූප තොගයක් ෆේස්බුක් අප්ලෝඩ් කිරීම සඳහා එකම ප්‍රමාණයකට කපා ගැනීමට ඉම්බැජ් හරහා පුලුවන්. ඒ වගේම වර්ණ වෙනස් කිරීම, රොටේට් කිරීම, බ්ලර් වැනි ඉෆෙක්ට්ස් යෙදීම, ටැග් ඉවත් කිරීම හෝ එකතු කිරීම, පින්තූර දිනයන් වෙනස් කිරීම, පී ඩී එෆ් බවට පරිවර්තනය සහ තවත් බෙහෝ ප්‍රයෝජන මෙයින් ලබාගත හැකිය. ඉම්බැජ් මෘදුකාංගය ලබාදෙන එඩිටින් පියවරයන් කිහිපයක් වුවද එක ක්ලික් එකකින් එකවර ඡායාරූප සමුහයකට ඇතුලත් කරගැනීමට ඉඩ ලබා දේ. එමෙන්ම ඡායාරූප සඳහා එඩිටින් ප්‍රීවිව් එකක් පෙන්වන බැවින් ඔබට අවශ්‍ය කටයුත්ත සිදුකර ගැනීම පහසුය. එහෙනම් බාගන්න. ජය.
29.8 MB

ඡායාරූප තොගයක් එකවර එඩිට් කරමු - ImBatch

අදාල මිනුම් අංගයන්හි උපරිම සීමාවක් ඔබට තීරණය කළ හැකි අතර එම සීමාව ඉක්ම ගිය විට නොර්ටිෆිකේෂන් ශබ්දයක් වාදනය කිරීමට, ඊ-මේල් පනිවුඩයක් ලබා ගැනීමට හෝ වෙනත් විධානයක් ක්‍රියාත්මක කිරීමට සිස්ගේජ් පහසුකම් සපයයි. එමෙන්ම ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ සහ දෘඩාංගයන්හි පවතින තීරණාත්මක ගැටළු පරීක්ෂා කර සරල සාරාංශ වාර්තාවක් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබයි. HTML, PDF, Excel, Text, CSV සහ XML ඇතුළු සම්මත ආකෘති ගණනාවකට සිස්ගේජ් රිපෝර්ට්ස් ලබාගත හැක. එහෙනම් බාගන්න. ජය.
4.6 MB

වින්ඩෝස් ටාස්ක් මැනේජර්ටත් වඩා වැඩකිඩ - SysGauge

මයි ෆෝන් එක්ස්ප්‍රෝලර් (My Phone Explorer) මෘදුකාංගය මඟින් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය වයිෆයි, කේබල් හෝ බ්ලූටූත් භාවිතා කරමින් ඔබේ පරිගණකයට සම්බන්ධ කිරීමට සහ ඔබගේ සියලුම දුරකථන අන්තර්ගතයන් කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. ඔබට ඔබගේ සියලුම දුරකථන සම්බන්ධතා බැලීමට, කෙටි පණිවිඩ කියවීමට, ඇමතුම් ලොග් බැලීමට, දුරකථනයේ ඇති ලිපිගොනු පිරික්සීමට, දින දර්ශනය බැලීමට සහ කළමනාකරණය කිරීමට, දුරකථන මතකය සහ බැටරි තත්ත්වය බැලීමට සහ තවත් බොහෝ දේ කළ හැකිය.
එමෙන්ම මයි ෆෝන් එක්ස්ප්‍රෝලර් හට ඔබගේ සම්බන්ධතා සහ දින දර්ශනය, අවුට්ලුක් වැනි මෘදුකාංග සහ වෙනත් යෙදුම් සමඟ සම්බන්ධ කිරීමට, ඔබගේ දුරකථන අන්තර්ගතය බැක්අප් කිරීමට, ඔබේ පරිගණකයට ෆයිල් කොපි කිරීමට, කෙටි පණිවුඩ වල ගොනුවක් නිර්මාණය කිරීමට, ඡායාරූප ගොනු සම්බන්ධ කිරීමට සහ තවත් වැඩකිඩ ගොඩක් දාන්න පුලුවන්. බාගෙන උක්සාහ කරලා බලන්න. ජය.
16.4 MB

ඔබේ වින්ඩෝස් පරිගණකය සහ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය සම්බන්ධ කරන අළුත්ම ක්‍රමය

සවන් මිනිට් වර්ක් අවුට් ප්‍රෝ (7 Minute Workout PRO) ඇප් එක මඟින් ඔබට මිනිත්තු 7ක් තුළ ඔබේ මුළු ශරීරයම ක්‍රියාත්මක වන අයුරින්, උපරිම කැලරි දහනය කර ව්‍යායාම වල යෙදීම සඳහා මාර්ගෝපදේශ සපයයි. අතිරික්ත සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කිරීමෙන් සහ අධික ලෙස ව්‍යායාම කිරීමෙන් ඔබේ ශරීරයට හානිකර විය හැකිය. පැය ගණනක් වෙහෙස මහන්සි වී ව්‍යායාම කිරීමෙන් ඔබේ ශරීරයට වැඩි කාලයක් ආතතිය ලබාදීම නිසා සාමාන්‍ය පුද්ගලයාගේ සිට වෘත්තීය මලල ක්‍රීඩකයා දක්වා ඕනෑම කෙනෙකුට හානිකර විය හැකිය. එමෙන්ම කාර්යබහුල ඔබට දිනකට පැය ගණනකට වඩා, මිනිත්තු 7ක කාලයක් සොයා ගැනීම පහසුය. සවන් මිනිට් වර්ක් අවුට් ප්‍රෝ මඟින් දිනපතා ඔබගේ මිනිත්තු 7ක ව්‍යායාම ලබා ගැනීමට මතක් කරන අතර දෛනික අභිප්‍රේරණයන්, ප්‍රගතිය පෙන්වාදීම සහ තවත් විශේෂාංග ගණනාවකට පහසුකම් සපයයි. බාගන්න. ජය.

සිරුර හැඩකර ගැනීමට රු.550/=ක් වටිනා ඇප් එකක් නොමිලේ

ෆෝල්ඩර හෝ ඩ්‍රයිව් එකක් හෝ වැඩි ගණනක් හරහා ඩුබ්ලිකේට් ගොනු සොයා ගැනීමට ඕල්ඩුප් (AllDup) මෘදුකාංගය ඔබට හැකියාව ලබා දෙයි. ප්‍රමාණය, නම, දිනය, ගුණාංග සහ බයිට් ලෙස ගොනුවේ අන්තර්ගතය අනුව ඩුබ්ලිකේට් ගොනු සෙවීමටට ඔබට තෝරා ගත හැකිය. පසුව තෝරාගත් ෆෝල්ඩරහි සෙවීමක් කර සියලුම ඩුබ්ලිකේට් ගොනු ලැයිස්තුවක් පෙන්වනු ඇත. එයින් ඔබට අනවශ්‍ය කොටස් ඩිලීට් කිරීම, වෙනස් කිරීම, වෙනත් ෆෝල්ඩරයකට කොපි කිරීම කල හැකිය. මෙමඟින් ඩුබ්ලිකේට් ගොනු සඳහා අනවශ්‍ය ලෙස වැය වී ඇති ඔබේ හාර්ඩ් එකේ ඉඩ ඉතුරු කර ගන්න පුලුවන්. එහෙනම් උත්සාහ කරලා බලන්න. ජය.
20 MB

ඩුබ්ලිකේට් ෆයිල් කරදරයට විසදුම - AllDup

කියු-ඩිර් (Q-Dir) මෘදුකාංගය මඟින් ඔබට ෆෝල්ඩර් 4ක් එකවර පරිගණක තිරයේ දර්ශනය කර ගත හැකිය. ෆෝලඩර්, ෆෝලඩර් අතර අවශ්‍ය දෑ කොපි කරන්න, ෆෝල්ඩර්යෙන්, පෙන් ඩ්‍රයිව් එකකට වගේ කොපි කිරීමේදී සියළු කොටස් කොපි වූවාදැයි චෙක් කරන්න, පහසුවෙන් ෆයිල් කිහිපයක් සමඟ වැඩ කරන්න, ෆයිල් පිළිවෙලකට අසුරා ගන්න... වගේ වැඩ ගොඩකට කියු-ඩිර් උපයෝගී කරගත හැකියි. මෙහි විශේෂාංග ලෙස වර්ණ මඟින් ගොනු වෙන් කිරීම, සිතැඟි පරිදි වෙනස් කල හැකි ෆෝල්ඩර් ටෙම්ප්ලේට්ස් ලබාදීම, වැඩි වශයෙන් භාවිතා වන ෆෝල්ඩර වෙත ඉකමනින් පිවිසීමේ පහසුකම් සහ තවත් බොහෝ දේ ඇතුලත් වෙනවා. එමෙන්ම සාමාන්‍ය ෆයිල් එක්ස්ප්ලෝරර්හි ඇති සියළු පහසුකම් අත්විදීමට පුලුවන්. එහෙනම් බාගන්න. ජය.
1.1 MB

එකවර ෆෝල්ඩර් කිහිපයක් සමඟ ගණුදෙණු කරන්න

ඔබ කැමතිම ෆිල්ම් හෝ ටීවී සෙරීස් එකක් නිකුත් වෙනවායැයි ඔබට අසන්න ලැබුණොත් ඔබ මුලින්ම කරන්නේ යූටියුබ් එකේ, එහි ට්‍රේලර් එක/පූර්ව ප්‍රචාරක පටය නරඹන එක. නමුත් අපිට යූටියුබ් එකේ ඔර්ජිනල් ට්‍රේලර් එකක් සොයාගන්න ගියාම කන්න වෙන කට්ට ගැන අලුතෙන් කියන්න ඕන නැහැ. ෆෑන් මේඩ් ට්‍රේලර්, එඩිටඩ් ට්‍රේලර්, ලෝ කොලිටි ට්‍රේලර් සහ තව ලට්ට පට්ට යූටියුබ් එකේ පිරිලා. ඉතිං මූවි ට්‍රේලර්ස් ප්‍රෝ (Movie Trailers Pro) කියන්නේ, ඉහත කී කරදරවලින් ගැලවෙන්න පුලුවන් සුපිරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්. මෙමඟින්,
1. ඕනෑම චිත්‍රපටයක හෝ රූපවාහිනී වැඩසටහනක ට්‍රේලර් සොයන්න සහ නරඹන්න.
2. 1080p අධි විභේදන පහසුකමෙන් යුතුව ට්‍රේලර් නරඹන්න.
3. චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් සඳහා වර්තමාන ශ්‍රේණිගත කිරීම් ලබා ගන්න.
4. ඔබ කැමති වර්ගීකරණයකින් චිත්‍රපට ලැයිස්තු ලබා ගන්න.
5. ඩාර්ක් මොඩ් සහය ඇත.
6. ඉදිරියට එන චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් වල කාල වකවානු ලබා ගන්න.
7. කිසිදු ආකාරයක ඇඩ්ස් අඩංගු නොවේ.
ගූගල් ප්ලේ ස්ටෝරුවේ රු.375/= අලෙවි වූ මෙම ඇප් එක ඉතාමත් කෙටි කාලයකට නොමිලේ දෙනවා. එහෙනම් ඉක්මන් කරලා බාගන්න. ජය.

නිකුත් වුනු ගමන් ෆිල්ම්ස් සහ ටීවී සෙරීස් ට්‍රේලර් නරඹන්න - Movie Trailers Pro

1. වචන, පිංතූර සහ ලැයිස්තු ඇතුලත් සටහන් සාදන්න
2. සටහන් මතක් කිරීම් (Reminders) එකතු කරන්න
3. සටහන් කාණ්ඩ කරන්න
4. වැරදීමකින් සටහන් මකාදැමීමක් වුවහොත් නැවත ලබා ගන්න
5. සටහන් බැක්අප් කරන්න
6. භාෂා කිහිපයක් භාවිත කරන්න
7. ඔබ කැමති අතුරු මුහුණතක් සකසන්න
8. සටහන් වලට සිතියම් පිහිටීම එක් කරන්න
9. සටහන් වලට ස්වයංක්‍රීය සිතියම් පිහිටීම එක් කරන්න
10. මාතෘකාව, සටහන් කළ දිනය, අවසන් වෙනස් කළ දිනය සහ මතක් කිරීමේ දිනය අනුව සටහන් වර්ග කරන්න
11. සටහන් වලට වීඩියෝ එකතු කරන්න
12. මතක් කිරීම් සඳහා ඔබ කැමති දැනුම්දීම් නාද සකසන්න
13. දැනුම්දීම් සඳහා මතක් කිරීමේ කාල පරතරයන් සකසන්න
14. පාස්වර්ඩ් යොදන්න
15. සටහන් බෙදාගන්න
16. සටහන් ඒකාබද්ධ කරන්න
17. සටහන් සඳහා කෙටිමං සාදන්න
එහෙනම් පරක්කු නොවී බාගන්න. ජය.
රු.375/=ක් වටිනා නෝට්ස් ප්‍රෝ ඇප් එක නොමිලේ

ඔන්න පරිගණක ගේම්ස් සෙල්ලම් කරන ඔබට සුබ ආරංචියක්. අලුතින්ම නිකුත් වුනු පී සී ගේම්ස් වල චීට්ස් කෝඩ්ස් සමඟ චීට් බුක් 2021 නිකුත් වෙලා. චීට් බුක් ගැන නොදන්න අය මෙතනින් ගිහින් ඒ පිළිබද වැඩි විස්තර කියවන්න. 26000 වඩා වැඩි ගේම්ස් චීට්ස් ප්‍රමාණයක් මෙම අලුත් වංචා පොතේ අන්තර්ගතයි. දැන්ම බාගන්න. ඔබට ජය.
72 MB
