
ෆ්‍රී යූටියුබ් ඩවුන්ලෝඩ් කියන්නේ, 8K UHD වීඩියෝ මාදිලිය දක්වා යූටියුබ් වීඩියෝ බාගැනීම් කරන්න පුලුවන් සුපිරි මෘදුකාංගයක්. ඒ් වගේම MP4, AVI, හා MP3 ෆයිල් ෆෝමැට්ටු වලින් ඔබට අවුට්පුට් ලබාගන්න පුලුවන්. ඒ් වගේම මෙම මෘදුකාංගයේ විශේෂත්වය වන්නේ යූටියුබ් ප්ලේ ලිස්ට්, චැනල්, පර්සනල් ප්ලේ ලිස්ට් (History, Liked, Favorites, Watch later ආදී ලෙස) බාගන්න පහසුකම් සැපයීමයි. එහෙනම් බාගන්න. ජය.
37 MB

යූටියුබ් වීඩියෝ බුරුතු පිටින් බාමු - Free YouTube Download 4.2

දැන් ඉතිං යූටියුබ් සැරිසරන්න අන්ලිමිටඩ් පැකේජ්ස් ඇති තරම් තියෙනවානේ. ඒත් වීඩියෝ බලන හැම වෙලාවකම බ්‍රෆර් වෙන්න ගත්තාම ලොකු හිසරදයක්. යූටියුබ් වීඩියෝ බාන්න ගොඩක් ඇප්ස් තිබුනට ඒවට වැඩි ආයු කාලයක් නෑ. සමහරවිට ප්ලේස්ටෝරැවේ අද තිබ්බ ඇප් එක හෙට වෙනකොට බැන් කරලා. ඉතිං වීඩියෝඩර් (Videoder) කියන්නේ කට්ට කන්නෙ නැතුව තමන්ට අවශ්‍ය ෆෝමැට්ටුවකින් වීඩියෝ වගේම ඕඩියෝ ෆයිල් බාන්න පුලවන් ඇප් එකක්. යූටියුබ්, ඉන්ටර්ග්‍රෑම්, ෆේස්බුක්, ටික්ටොක්, සව්න්ඩ්ක්ලවුඩ් ඇතුලු වෙබ් අඩවි ගණනාවක බාගැනීම් සඳහා වීඩියෝඩර් සහය දක්වනවා. එහෙනම් ටෙස්ටිං පාරක් දාලා බලන්න. ඒවගේම අවශ්‍ය අය මෙහි වින්ඩෝස් වර්ෂන් එකත් බාගන්න. ඒකත් සුපිරියි. ජය.
9.4 MB
කරදර නැතුව ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙන් යූටියුබ් වීඩියෝ බාමු
හැමදාම එක්ස්පයර් වෙන ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජ්ර් එපා වෙලාද? මෙන්න ඒකට හොදම විකල්පයක්. ඊගල් ගෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කියන්කේ ෆ්‍රී වෙයා එකක් නිසා එක්ස්පයර් වෙන්නේ නැහැ. අලුතින් ලයිසන් කී ගන්න අවශ්‍ය නෑ. අලුත් වර්ෂන් එකක් ආවොත් අප්ඩේට් කළාම හොදටම ඇති. ඉන්ටර්නෙට් ඩවුලෝඩ් මැනේජර් වගේම අදාල වෙබ් බ්‍රවුසරේ එක්ස්ටෙන්ෂන් එක දා ගත්තම තවත් ලේසියි. එහෙනම් බා ගෙනම බලන්නකෝ.
5.7 MB
ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජරයාට විකල්පයක් - EagleGet Download Manager

අයි ඩී එම් 6.23 ක්‍රැක් එකත් එක්ක බා ගන්න. ක්‍රැක් කර ගන්න විදිය ඩවුන්ලෝඩ් ෆෝල්ඩරේ ඉන්ස්ට්‍රක්ෂන් ටෙක්ස්ට් ෆයිල් එක ඇතුලේ ඇති. එච්චර දෙයක් නෑ. ඉන්ටර්නෙට් කනෙක්ෂන් පොඩ්ඩකට නවත්වලා ඉන්ස්ට්‍රෝල් කර ගන්න. ඔන්ලයින් අප්ඩේට් කරන්න යන්න එපා. අලුත් වර්ෂන් ආපු ගමන් වෙබ්පොතෙන් දෙනවනේ..
දිගටම අපිත් එක්ක ඉන්න.
7.2 MB
අලුත්ම ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් උණු උණුවේ බා ගන්න

මේක ෆේස්බුක් , යූ ටියුබ් වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් ටූ ඉන් වන් සයිටක්. කිව්ව වගේ ගේමක් නෑ. අදාල වීඩියෝවේ ලිංකුව අරගෙන මෙන්න මෙතනින් ගිහින් පේස්ට් කරන්න. ඩවුන්ලෝඩ් ක්ලික් කලාම යටින් ඩවුන්ලෝඩ් දිස් වීඩියෝ කියලා බට්න් එකක් පෙන්වනවා. ඒක ක්ලික් කලාම වීඩියෝව වෙන පේජ් එකකට ඕපන් වෙනවා. දැන් වීඩියෝව රයිට් ක්ලික් කරලා සේව් වීඩියෝ ඈස් තෝරා අවශ්‍ය තැනක සේව් කර ගන්න. ඔන්න යටින් තියෙන ස්ක්‍රීන් ෂොට් ටිකත් බලන්නකෝ..
විශාල කර බැලීමට අදාල පිංතූරය මත ක්ලික් කරන්න
ෆේස්බුක් , යූ ටියුබ් වීඩියෝ ගේමක් නැතුව ඩවුන්ලෝඩ් කරමු - අතිශයින්ම සොෆ්ට්වෙයා අරහං අයට

6.1 MB
ඩිරෙක්ට් ඩවුන්ලෝඩ්, ටොරන්ට් ඩවුන්ලෝඩ් දෙකම එකම ඩවුන්ලෝඩරයෙන් බාන්න- Flash Get 3.7

ටොරන්ට් බාන්න වැඩියෙන්ම් භාවිතා වෙන මෙව්වා එක යූ ටොරන්ට්නේ.ඉතිං මේ මෙව්වා එකේ අලුත්ම මෙව්වා එක ඇවිල්ලා.සමහරු නම් දැනටමත් අප්ඩේට් කරගෙන ඇතිනේ.බාගත්ත නැති අය දැන්ම බා ගන්න.
1.3 MB
එතකොට ටොරන්ට් ගැන තාම දන්නෙ නැති අය පහත විස්තරය කියවන්න.උපුටාගත්තෙ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් හොදේ.
ටොරන්ට් කියන්නෙ මොකද්ද?
ටොරන්ට් කියන එකේ සිංහල තේරුම තමයි “ප්‍රවාහය” කියන එක..ඇත්තටම ටොරන්ට් කියන්නෙ බොහොම සාර්ථක නිර්මාණයක්..ඒ ඇයි කියල ඔයාලට මේ ලිපිය අවසානයේදි තේරුම් යයි..
අපි මුලින්ම බලමු ටොරන්ට් වලින් චිත්‍රපටයක් බාගත කරගන්නා ආකාරය..
1.. මුලින්ම ඔබට ටොරන් එකක් බාගන්න ටොරන්ට් අනුග්‍රාහක (clients) මෘදුකාංගයක් ඕන වෙනව..මේ සදහා මෘදුකාංග විශාල ප්‍රමාණයක් තියෙනව, නමුත් හොදම ඒව තමයි මේ..
utorrent
uTorrent
BitTornado
BitComet
BitTorrent
Yet ABC
මේ මෘදුකාංග සියල්ලම නොමිලේ ලබාදෙන අතර බොහොම පොඩි ඒවා..මේවයින් කැමති එකක් බාගන්න..මම නිර්දේශ කරන්නෙ නම් uTorrent හා BitTorrent විතරයි.. :D
2.. බාගත් මෘදුකාංගය ඔබේ පරිගනකයට ස්ථාපනය කරගන්න..
3..දැන් ඔබට ඕන කරන චිත්‍රපටය තෝරාගන්න..( බයිස්කොප් අඩවියෙන් )
4..චිත්‍රපටය බාගන්න ලින්ක් එකක් දීල ඇති හැම ලිපියකම..ඒ ලින්ක් එකට යන්න..
5..එම ලින්ක් එකෙන් “ටොරන්ට් ෆයිල් එක” බාගන්න ඔබට ලේසියෙන් පරිශීලනය කරන්න පුලුවන් තැනකට..
6..දැන් එම බාගත් ගොනුව Right click කර Open with ගිහින් තෝරාගන්න ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය..
7..දැන් එම මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේ චිත්‍රපටය සේව් කරන්න ඕන කියල..
දැන් ඔබේ අන්තර්ජාල සබදතාවයේ වේගය අනුව චිත්‍රපටය බාගතවෙයි.. :)
ටොරන්ට් වල තාක්ශණික පැත්ත..
ටොරන්ට් ෆයිල් එකක් යනු!
ටොරන්ට් ෆයිල් එකක් යනු කුඩා තොරතුරු ප්‍රමාණයක් අඩංගු ගොනුවක්..මෙහි අඩංගු වෙන්නෙ බාගත කළ යුතු ගොනුවේ නම,එහි විශාලත්වය,බාගත කල යුත්තේ කොහෙන්ද වගේ තොරතුරු ටිකක්..
ටොරන්ට් Client එකක් යනු!
ටොරන්ට් Client එකක් කියන්නෙ මේ බාගත කිරීමේ ක්‍රියාව කළමණාකරනය කරගැනීමට සැදු මෘදුකාංගයක්..මේව නොමිලේ ලබාදෙන අතර බොහොම සැහැල්ලු මෘදුකාංග කියල කියන්න පුලුවන්..
ටොරන්ට් Tracker එකක් යනු!
මේ ක සේවාවක්..මෙමගින් කරන්න ලොව පුරා ටොරන්ට් මගින් බාගත කරන අය සම්බන්ද කරගෙන ඔවුන්ව කළමනාකරණය කිරීමයි..
ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ කොහොමද?
ටොරන්ට් ක්‍රියාත්මක වෙන්නෙ මෙහෙමයි..හිතමු X ගාව අලුත්ම චිත්‍රපටියක් තියෙනව කියල,ඔහු ඒක බෙදාදෙන්න කැමතියි අනික් අයටත්..ඔහුට පුලුවන් ටොරන්ට් ෆයිල් එකක් හදන්න..හදල ඒ ෆයිල් එක දෙනව Z ට.. එතකොට Z මේක තමන්ගේ ටොරන්ට් මෘදුකාංගය හරහා බාන්න පටන් ගන්නව..X මේ චිත්‍රපටය කොහෙටවත් අප්ලෝඩ් කලේ නෑ නෙ..Z බානකොට මේ ටොරන්ට් එක යන්නෙ X ගේ පරිගනකයේ ඉදල..මෙහිදි මෙම ක්‍රියාව කළමනාකරණය කරන්නෙ Tracker එකක් මගින්..ඒ නිසා Xට සිදුවෙනව Z මේක බාල ඉවර වෙනකම්ම මේ චිත්‍රපටිය අප්ලෝඩ් කරන්න,මේකට තමයි සීඩ් කරනව කියන්නෙ..දැන් ඔන්න Z ගාවත් අදාල චිත්‍රපටිය තියෙනව..මේක තමයි මූලික සිද්දාන්තය..
දැන් බලමු ප්‍රසිද්දම චිත්‍රපටි වලට වෙන දේ මොකද්ද කියල..
මෙහිදී යම් පුද්ගලයෙක් හැදුව ටොරන්ට් ෆයිල් එක (චිත්‍රපටය නෙවෙයි )අප්ලෝඩ් කරනව මෙහෙම ටොරන්ට් බෙදාහරින වෙබ් අඩවියකට (දැන් සීඩර්ස්ල 1 යි )..අපි හිතමුකො මේ චිත්‍රපටය හොය හොයා ඉන්න පුද්ගලයන් 10 දකිනව මේ ටොරන්ට් එක..එයාල මේක බාගන්නව,බාගන්න අතරතුර අප්ලෝඩ් කරනව..එමගින් චිත්‍රපටියත් බාගන්නව..(දැන් සීඩර්ස්ල 10යි ) ඔන්න තව 100 දෙනෙක් මේ ටොරන්ට් එක දැකල බාගන්නව,ඒ ගමන්ම අප්ලෝඩ් කරනව.. (දැන් සීඩර්ස්ල 100+යි ) මේ විදියට තමයි අපි බාන ජනප්‍රිය චිත්‍රපටි අපේ පරිගනකයට එන්නෙ..
ඒ කියන්නෙ ඔබේ පරිගනකයට මේ චිත්‍රපටය ආවෙත් වෙනත් කෙනෙක් හරහා…චිත්‍රපටය බාගත්තට පස්සෙත් ටික වෙලාවක් සීඩ් කරල තවත් ඔබ වගේම කෙනෙක්ට ඒ උදව්ව කරන්න.. :)
මේ වීඩියෝව බැලුවනම් තවත් හොඳට තේරෙයි.. :)
ටොරන්ට්වල සීඩ්(Seeds) අඩුනම්…
ටොරන්ට්වලින් බාද්දි එන ප්‍රශ්ණයක්නේ සීඩ් අඩුනම් බෑවෙන වේගේ අඩුවෙන එක. ඉතින් ඒකට පොඩි විසඳුමක් දෙන්නම්. හැබැයි මේක 100% හරි නොයන්න පුලුවන්… :P
♦ uTorrent වලදී අදාල ටොරන්ට් එක ඩබල් ක්ලික් කරලා හෝ රයිට් ක්ලික් කර ප්‍රොපටීස් වින්ඩෝව ගන්න.
♦ එහි “trackers (separate tiers with an empty line)” ලෙස සඳහන් කොටුවෙහි තිබෙනවා අදාල ටොරන්ට් එකේ trackers ලා ලිස්ට් එක.
♦ ඉතින් දැන් කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියන trackers ලා කොපි කරගෙන අර කොටුවේ පහලින්ම පේස්ට් කරන එක. (trackersලා අතර එක ලයින් එකක පරතරයක් තියාගන්න අවශ්‍යයි)
♦ දැනට තියන trackers ඩිලීට් කරන්න එපා.
♦ ඊට පස්සේ OK කරන්න.
♦ වඩාත් පැහැදිලි කරගන්න මෙන්න මේ වීඩියෝ එක බලන්න.
යූ ටොරන්ට් වල අලුත් වර්ෂන් එක-uTorrent 3.4

ටොරන්ට් ෆයිල් බාන්න බහුලවම භාවිතා වෙන්නේ යූ ටොරන්ට් ලොක්කනේ.ඉතිං සමහර ෆයිල්ස් අපි දවස් ගනන් බානවා.නමින්ම තේරෙනවනේ,මේ සොෆ්ටුවෙන් ටොරන්ට් බාන ස්පීඩ් එක වැඩි කර ගන්න පුලුවන්.හරියට මීට ඉස්සරල ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජරයාගේ ස්පීඩ් එක වැඩි කර ගන්න දුන්න අයි ඩී එම් ඔප්ටිමයිසර් වගේ.එහෙනම් බාගෙන ඉන්ට්‍රෝල් කරලා ටොරන්ට් ෆයිල් පට් පට් ගාල බා ගන්න ඈ.
8.4 MB
යූ ටොරන්ට් ගොලුබෙල්ලාට රෝද සපත්තු හයි කරමු-U Torrent Speed Up Pro

ඉතිං කවුරුහරි ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් මිලදීගෙන ක්‍රැක්,සීරියල් නම්බර් සයිබරේට නිකුත් කරනවා.ඕක නොමිලේ බා ගත්ත සමහර අය ඔන්ලයින් අප්ඩේට් කරනවා.ඉතිං එකම සීරියල් එක සහිත සොෆ්ටුව එක පිට එක අප්ඩේට් වෙනකොට අයි ඩී එම් ලට අතේ මාට්ටු වෙනවා.ඉතිං ඊට පස්සේ එයාලා ඒ සීරියල් නම්බර් එක සිස්ටම් එකෙන් බ්ලැක් ලිස්ට් කරනවා. ඉතිං ඊට පස්සෙ නොමිලේ බාගෙන ඔන්ලයින් අප්ඩේට් කරන අයට සොරි ඩොට් කොම්.සමහරවිට නැවත අන්ස්ට්‍රෝල් කරලා ඉන්ස්ට්‍රෝල් කලත් වැඩක් වෙන්නේ නැහැ.හේතුව අපේ කොම්පීතරේ රෙජිස්ට්‍රිය එයාල විසින් වෙනස් කරලා තියෙන නිසා.ඉතිං ආයෙ ගොඩ දා ගන්න නම් කොම්පීතරේ ෆොර්මැට් කරන්න වෙනවා.මේ ටික කිව්වේ මගේ දැනුමේ හැටියට. මීට වඩා දන්න කෙනෙක් කොමෙන්ටුවකින් හරි,ඊ-මේල් එකකින් මාව නිවැරදි කරන්න. ඉතිං දැන් කස්ටිය පට පට ගාල බා ගන්න ඈ.ඔබට ජය.
3.4 MB
අලුත් අයි ඩී එම් එක උණු උණුවේ-Internet Download Manager 7.1

අන්තර්ජාලයේ සැරිසරන්න විවිධ වෙබ් බ්‍රවුසර,ඩවුන්ලෝඩ් කරන්න ඩවුනලෝඩ් මැනේජර,ටොරන්ට් බාන්න ටොරන්ට් ක්ලයන්ට් වෙනම වෙනම ඉන්ට්‍රෝල් කරගෙන දගලලා ඇති වෙලා ඉන්න අයට හැම දේම එකම වෙබ් බ්‍රවුසරයයකින් කර ගන්න පුලුවන්.ටෝච් බ්‍රවුසර් එක කියන්නේ,ගූගල් ක්‍රෝම් තුලින් සංවර්ධනය කරපු සංවර්ධනය කරපු වෙබ් බ්‍රවුසරයක් කීවොත් වඩාත් නිවරදියි.මෙය මගින් ගූගල් ක්‍රෝම් මගින් ලබා ගත් සෑම ප්‍රයොජනයක්ම ලබා ගන්න පුලුවන්.ඊට අමතරව ඩවුනලෝඩ් කිරීම සදහා වෙනම ඩවුන්ලෝඩ් ඇක්සලේටරයක්,ටොරන්ට් බාන්න ටොරන්ට් ක්ලන්ට් වැඩ සටහනක්,ඩැග් & ඩ්‍රොප් කරල සර්ච් කරන්න-ෂෙයා කරන්න ලේසි ක්‍රමයක්,මීඩියා ෆයිල් ලේසියෙන්ම සේවි කරන්න.. වගේ වැඩ ගොඩක් ගන්න පුලුවන්.ඉතං ආයෙ මොන කතාද,සුපිරිම තමා.බා ගන්න ඈ.
47 MB
සමහර වෙලාවට මේ ලින්ක් එක ගූගල් ක්‍රෝම් වල වැඩ නෑ.එහෙම වුනොත් වෙන බ්‍රවුසරයකින් ට්‍රයි කරලා බලන්න.ෆයර් ෆොක්ස් වල නම් එල කිරියට වැඩ.
ඕන ලෙඩකට එකම තෛලය,ඕල් ඉන් වන් වෙබ් බ්‍රවුසරයක්-Torch Browser

මම "අනාගතය අදයි" වලට කඩේ යන කෙනෙක් නෙවේ ඈ.හැමෝම වගේ සිම්පල් ප්ලෑන් එකෙන් ගෙදරට කතා කරලා,ඔබ ලගින්ම ඉදගෙන මල් කඩලා,වේගවත්ම ජාලය ඇතුලු ලාබෙට දෙන ඕන *&^,^% කින්ඉන්ටර්නෙට් සර්ෆ් කරනවා.ආ.... ඒක නෙවේ කියන්න ආවේ.ඉන්ටර්නෙට් ඩවුනලෝඩර් මැනේජර් නැත්නම් අයි ඩී එම් තවත් ස්පීඩ් කරගන්න පුලුවන් පොඩි ගැජට් කෑල්ලක් හම්බුනා.බාගෙන ටැස් කොරලම බලන්න.ඉන්ටර්නෙට් ඩවුනලෝඩර් මැනේජර් මීට පෙර දුන්නනේ.තව ඩොට් නෙට් ෆේම් වර්ක් අවශ්‍යයයි.ඒක මෙතනින් බා ගන්න.
0.3 MB
දැන් දැන් ඉන්ටර්නෙට් ඉන්ටනෙට් ඩවුනලෝඩර් ඩවුනලෝඩර් මැනේජර් මැනේජර් ඩබල් ඩබල් ස්පීඩ් ස්පීඩ්-IDM Optimizer දෙන්නද?,දෙන්නද?

ලේසියෙන්ම යූ ටියුබ් වීඩියෝ බා ගන්න අවශ්‍ය අයටයි,යූ ටියුබ් වලදි ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කේස් වෙන අයටයි මෙන්න බාන්ඩේ බා ගන්න.සොෆ්ටුව නම් කිලෝ බයිට් සීයක්වත් නෑ.හැබැයි බඩුම තමා.ඉන්ට්‍රෝල් කරන්න අවශ්‍ය නෑ.ඕපන් කරගෙන ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය වීඩියෝ එකේ ඇඩ්රස් එක කොපි කරල පේස්ට් කලාම ඔක්කොම හරි.එහෙනම් බා ගන්න.ගොහින් එඤ්ඤම් ඈ.ඔබට ජය.
0.1 MB
ගේමක් නැතුව යූ ටියුබ් වීඩියෝ බා ගන්න-Youtube File Hack
5.5MB
![]() |
LINK 1 |
![]() |
LINK 2 |
ඇති පදම් බා ගන්න-Internet Download Manager (IDM) v6.12.10.3 Full Including Crack with Key
Subscribe to:
Posts (Atom)