සොරකම සහ දඬුවම් මිනිසත්කම සමඟ..💐


අවුරුදු 15 ක පිරිමි ළමයෙකු ගැන විනිසුරුවරයාගේ මෙම වාක්‍යය කියවා මම ඇඬුවෙමි...*


මේ අවුරුදු පහළොවක කොල්ලෙක්.... කඩේකින් පාන් හොරකම් කරද්දි අහුවුණා. මුරකරුගේ ග්‍රහණයෙන් බේරීමට උත්සාහ කිරීමේදී ගබඩාවේ රාක්කයක් ද කැඩී ගොස් ඇත.


විනිසුරුවරයා අපරාධය අසා ළමයාගෙන් ඇසුවේ, “ඔබ ඇත්තටම යමක්, පාන් සහ චීස් රොටියක් සොරකම් කළාද?”*


පිරිමි ළමයා බිම බලාගෙන පිළිතුරු දුන්නේය.;- "ඔව්."


විනිසුරු: - "ඇයි?"


පිරිමි ළමයා: - "මට එය අවශ්ය විය."


විනිසුරු: - "ඔබට මිලදී ගැනීමට නොහැකිද?"


පිරිමි ළමයා: - "සල්ලි තිබුණේ නැහැ."


විනිසුරු: - "එය පවුලෙන් ගන්න."


කොල්ලා :- “ගෙදර ඉන්නේ අම්මා විතරයි. අසනීප සහ රැකියා විරහිත.


විනිසුරු: - "ඔබ කිසිවක් කරන්නේ නැද්ද?"


කොල්ලා :- " ඉස්සර කාර් එකක් හේදුවා. අසනීප අම්මව බලාගන්න දවසක් නිවාඩු ගත්තම මාව අයින් කළා.”


විනිසුරු: - "ඔබ කාගෙන්වත් උදව් ඉල්ලන්නේ නැද්ද?"


කොල්ලා: - “උදේ ඉඳන් ගෙදරින් පිටවෙලා, පනස් දෙනෙක් (50) විතර ළඟට ගියා, ඒත් උදව්වක් ලැබුනේ නෑ; එමනිසා, මම මෙම පියවර අවසානයේ දී ගැනීමට තීරණය කළා.


*තර්ක අවසන් වූ විට විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශ කිරීමට පටන් ගත්තේය;


"සොරකම් කිරීම සහ විශේෂයෙන් බඩගිනි පිරිමි ළමයෙකු විසින් පාන් සොරකම් කිරීම ඉතා නින්දිත අපරාධයක් වන අතර මෙම අපරාධයට අපි සියල්ලෝම වගකිව යුතුය."


මා ඇතුළු උසාවියේ සිටින සෑම පුද්ගලයෙක්ම වැරදිකරුවන් සහ අපරාධකරුවන් වන බැවින් මෙහි සිටින සෑම පුද්ගලයෙකුටම ඩොලර් දහය බැගින් දඩ නියම කෙරේ. ඩොලර් දහයක් නොදී කාටවත් මෙතැනින් යන්න බැහැ.”*


මෙසේ පවසමින් විනිසුරුවරයා තම සාක්කුවෙන් ඩොලර් දහයක් ගෙන පෑන අතට ගෙන ඒ අනුව නම ලියන්නට පටන් ගත්තේය.


- ‘ඊට අමතරව, බඩගිනි ළමයෙකු පොලිසියට භාර දීම නිසා මෙම පාන් කඩයට ඩොලර් දහසක් දඩ ගසමි.


‘පැය 24ක් ඇතුළත දඩ මුදල තැන්පත් නොකළහොත් ගබඩාවට මුද්‍රා තැබීමට උ*සාවිය නියෝග කරයි.’ එසේම බඩගින්නේ සිටින පිරිමි ළමයෙකු උසාවියට ​​ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිසියට ඩොලර් දහසක මුදලම දඩ ගසමි.


'මම මේ දරවාට සම්පූර්ණ දඩ මුදලම දීලා උසාවියෙන් ඒ ළමයාගෙන් සමාව ඉල්ලනවා.'


තීන්දුව ඇසීමෙන් පසු උසාවියට ​​පැමිණ සිටි පිරිසගේ දෙනෙතින් කඳුළු වැගිරෙන්නට විය, ඒ ළමයාගේ මාංචුද ගලවා දැමී ය. ළමයාද කඳුළු සඟවා ගත් විනිසුරු වරයා දිහා විටින් විට බැලුවේය..


පසු වදන : ~


බඩගින්නේ ඉන්න කෙනෙකු කෑම සොරකම් කළොත් ඒ රටේ මිනිස්සු ලැජ්ජ වෙන්න ඕනේ.


මෙය ඔබේ හදවත ස්පර්ශ කරන්නේ නම්:

උපකාර කිරීමට කෙනෙකු තෝරා ගන්න... ඔබ අවට සිටින අය ආහාර නොමැතිව නිදා නොගත යුතුයි.


කරුණාකර මම ඔබෙන් අයදිනවා ඔබ මෙම පණිවිඩයෙන් පෙලඹී ඇත්නම්, ඔබ වෙනත් කිසිවක් කිරීමට පෙර, ඔබ වටපිට බලා කෙනෙකු සතුටු කරන්න, කොතරම් කුඩා වුවත්, ඔබ වඩා හොඳ ය. ඔබට ඇති කුඩා දෙයින් දෙන්න. ඔබට ස්තූතියි


ඔබට මෙය ඔබ අයත් වෙනත් වේදිකාවක බෙදා ගත හැක. එය අද කුසගින්නෙන් පෙළෙන අයට ආහාර සැපයීමට බොහෝ දුරක් යාවි......

( උපුටා ගැනීමකි... )

📷 අන්තර්ජාලයෙනි


Nadee samarasinghe සහෝදරියගේ පිටුවෙනි

සොරකම සහ දඬුවම් මිනිසත්කම සමඟ..

ගොඩක් හිත රිදෙනවා තමයි.. පිළිගන්න අකමැති තමයි.. 

නමුත් මේ අමුවෙන් තියෙන්නෙ ඇත්ත - තිත්ත ඇත්ත..
අපිට හැදෙන්න පුළුවන් .. ඒ අපි ඉන්න තැන දැනගෙන වැඩ කළොත් ....

..............................................................

අපේ රටේ පොඩි උන්ට පොඩිකාලෙ ඉඳන් උගන්නන්නෙ බොරු. 

ලෝකෙන් උතුම් රට ය. මේකෙ ඉපදෙන්න පිං කරන්න ඕනෙ ය. මාර අම්මටහුඩු මෙව්වා එක ය. ලොව අන් සියළු දිවයින් මේකට යට ය. අපි ඔය එකෙක්ටවත් පදිරි නැති ය. ඔක්කොටම ගේම ඉල්ලුව ය. සුද්දත් අපිට දෙකට නැමුන ය. අපිව යටත් කරගන්න එක කරන්න බැරි වැඩක් ය. ඔක්කොම සම්පත් තියෙන්නෙත් මේකෙ ය. අවුරුදු හැටහුටාමාරක අච්චර ඉතිහාසයක් තියනව ය. ඇමරිකාවට, ඔය ලෝකෙ ලොකුයි ලොකුයි කියන උන්ට එහෙම එකක් නැතිය. ඉතින් අපිට ඕකුන් අදාල නැති ය.  අපි උන්ට වැඩිය මාරය. උන්ව ගණන් ගත යුතු නැතිය. උන් වැද්දො ය. අපි පොරවල් ය. හොඳම ජාතියත් අපිය, හොඳම ආගමත් අපේ ය. මල් පිපෙන පොකුණු ය. කඳු ගං කැලෑ කුඹුරු ය.. ඔක්කොම තියෙන්නෙ මේකෙ ය. ඔක්කොම කෙරුමො ඉන්නෙ මේකෙ ය. පිංකෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වීවා.. බ්ලා බ්ලා.. 

දැන් ඔය හැම ලබ්බම තියනවනං. හැම මගුලටම වැඩිය මේක හොඳයි කියලත් කියනව නං ඕන එකෙක්ට හිතෙන්න ගන්නවා යකෝ දැන් මේ රටේ අපි ඉන්න තත්වෙ මේ කියනවා වගේ මාර මෙව්වා එකක්නං මොන මගුලටද අපි මීට වැඩිය උඩ යන්නෙ කියලා. පස්සෙ අර සිත නිවන කතා පම්පෝරියම ගහගෙන ඉන්නවා. මේකෙ ලෝකෙ උතුම්ම මෙව්වා එකනං මොන මගුලටද මීට වැඩිය දියුණු වෙන්නෙ බ්ලා බ්ලා.. කියලා..

ඕකුන් තමයි ඊට පස්සෙ.. රාවණා.. අංගං , රණවිරුවො හීන ලෝක වල පීන පීන ඇවිල්ලා අනේ අපිට ජාත්‍යන්තරේ වැඩක් නෑ යකෝව්.. අපි ඕකුන්ට ගහනවා යකෝ.. සුද්දොන්ටත් නෙලුවා යකෝව්.. අපි සුවාදීනයි ඩෝ.. ඔකුන් කියන විදිහට නටන්නෙ නෑ ඩෝව් ගගා මෙලෝ සංසාරයක් නැතුව වඩිගපටුන නටන්නෙ. උන්ට තමයි දවසෙම හිතෙන්නෙ ලෝකෙම මේක තම්බගෙන කන්න කුමණ්ත්‍රණේ කරනවා කියලා.  ඉතින් ඔය පම්පෝරියම ගහන ඕන ගොනෙක්ට රැවටිලා ඡන්දෙත් දීලා බෙල්ලත් දීලා මලත් කමක් නෑ අපෙ හාන්දුරුවනේ කියලා පස්සෙන් යනවා.. ඕකට තමයි ජාතිකවාදය දේසප්‍රේමය කියලා වෙන වෙන වචන දාගෙන කියන්නෙ. ඕවා දැම්මට පස්සෙ ඉතින් අර මෝඩයො ටිකව නවාගන්න එක සිම්පල්.  නැතුව වෙන අම්මටහුඩු මෙව්වා එකක් නෙමෙයි.

හැබැයි ඔය සමයං නැතුව..

පුතේ දුවේ..

මේක මහලොකු මෙව්වා එකක් නෙමේය. ලෝකෙ උන් මේක ගැන මෙලෝ සංසාරයක් දන්නේ නැතිය. අපිට වැඩිය ලෝකෙ ඕන තරන් පොරවල් ඉන්නවාය. මේකෙන් සීයෙන් එකක්වත් නැති සිංගප්පූරුවත් අපිට වැඩිය පොරවල් ය. සුද්දා දීපු තේ කොලයි යි, මිස්ටර් මිසිස් බණ්ඩාරනායකයි, ක්‍රිකට් ටීම් එකයි, සුසන්තිකයි, කොටියි වගේ තව අහඹු සිද්දි දෙක තුනක් නැත්තං මේක ලෝකෙ දැන් දන්න එවුන් ටිකවත් දැනගන්නේ නැති ය. ගොඩක් උන් හිතන් ඉන්නේ ඉන්දියාවෙ කෑල්ලක් කියාය. අපි ඉන්නේ ඔන්නොහොම තැනක ය. ඔය පම්පෝරි මොන ලබ්බක්වත් අදාල නැති ය. පරාක්‍රමබාහු ලෝකෙටම ගැහුවත් , රාවණා පිටසක්වල ජීවීන් එකක් හැලප තැම්බුවත් දැන් ඒ ලබ්බවල් කියෝලා තේරුමක් නැති ය. දැන් ලෝකෙ උන්ට තියන එකම එක නැවක මෙහෙ මුළු එයාපෝස් එකටම වැඩිය ප්ලේන් තියනවාය. අපිට ආර්තිකවත් දේසපාලනිකවත් යුදමය තාක්සනික හෝ ඔය මොන මගුලකින්වත් ලෝකෙ එක්ක කේවල් කිරීමේ බලයක් නැතිය. කොටින්ම ලෝකෙට අපිව අදාලම නැතිය.. එක තෙල් නැවක් ආවේ නැත්තං තොපිටයි අපිටයි ඔක්කොටම බජිරි තම්බන් කන්නවත් වෙන්නේ නැති ය. ආර්තිකයක් කියලා එකක් නැතිය. ඔක්කොම දුවන්නේ එක එකාගෙන් ගත්ත ණය කන්දරාවකින් ය. එක එකාට වැඳ වැඳ ගත් සහනාධාර නිසා ය. එතකොට හම්බෙන ආදායම් සොච්චමත් ගන්නේ එක එකාගෙ ගෙවල් වල වැඩට අසරණ ගෑනුන්ව යවා කටු කම්බි ගසාගෙන ය. රුපියල් පන්සීයෙ හයසීයෙ පඩියට උදේ රෑ වෙනකන් කඩාගෙන යවනා තේ කොල නිසා ය. ඒවත් සුද්දා දීපුවය. මැසින් පාගන කෙල්ලන් ටික නිසා ය. දෙයියනේ කියා මේක බලන්න එන සුද්දො ටික නිසා ය..
මිනීමැරුම් ය, ළමා අපචාර ස්ත්‍රී දූසන දාස් ගණන් ය. ඔක්කොම පැත්තකින් තබා ආගම ජාතියට අවුරුදු තිහ හතලිහ මරාගන්නා මෝඩ යක්කු ය.

අන්න ඒක හින්දා දුවේ පුතේ , උඹලා අපල වලට ග්‍රහ බෝල වලට කැරකි කැරකි පාං පත්තු කරන කොට ලෝකෙ වෙන උන්  ඒ ග්‍රහලෝක පවා ටෝක්ස් කරගෙන ගෙවල් හදන්නත් යනවා ය. අන්න ඒක හින්දා උඹලා දැන් ඉන්නේ අම්මටහුඩු උතුම් , සුපිරි, ඉපදෙන්න පිංකරන්න ඕනෙ ලබ්බක නෙමේය , උඹලා පිං කලානං ඉපදෙන්නේ නෝර්වේ ඕස්ට්‍රේලියාවේ මිස මේ ලබ්බේ නොවේ ය.
තොපේ රටට හරිහමන් ව්‍යවස්ථාවක් වත් නැත. තොපිව පාලනේ කරන්නේද තොපි අම්මටහුඩු ය කියා කඩේ යන්නේද මෝඩ මූසලයන්ටය.  
තොපි ඉන්නේ සුද්දා දීපු ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකමක්වත් රැකගන්න දන්නැති, ගෑනිව අන්තඃපුරේට උස්සන් ගියත් මහරජානෙනී කියලා එක එකාට දෙකට නැවෙන රාජාණ්ඩු මානසිකත්වෙක ය.

ඒක හින්දා දැන් කරුමෙට මේකෙ ඉපදුනානං ලෝකෙ ඉන්න අනිත් උන්ට පොර ටෝක් දිදී, උතුම් මගුලක ඉපදුනා කියා එක එක හිඟන්නන් කියනා ගොංපාට් ස්වයංවින්දන පැත්තකින් තබා  තොපියි අපියි ඉන්න තත්වේ අවබෝධ කරගෙන මහන්සි වෙලා අර වගේ රටක් හදන්න පුළුවන් විදිහට හැදියල්ලා..
ජපානෙ උන් පරමාණු බෝම්බ කාගෙන දියුණු උනානං, සිංගප්පූරුවෙ උන් ජර්මනියෙ උන් හැඳිගෑවිලාම ඉන්නකොට දියුණු උනානං , මුඩුක්කු කොරියාව ලොකුම ආර්ථිකයක් උනානං තොපිට අපිට බැරි නැත .

හැබැයි පම්පෝරි හීන ලෝක උතුම් බක්කවල්, බොරු දේසප්‍රේමී ජාත්‍යන්තරේට නෙලන සඳ ටෝක්ස් පැත්තකින් තබා හිඟනකම , ඉන්න තැන ගැන මුලින්ම අවබෝධ කරගත යුතුය. 

කියා උගන්නා..

පොඩි එකාගෙ ඉඳන් මහ එකා දක්වා රටේ තත්වෙ ගැන බොරු කියලා අන්දලා තාවකාලික ආතල් දී සදාකාලික විදෝනවා ද. රිදෙන්න ඇත්ත කියලා ඉන්න තැන ගැන අවබෝධ කරලා ගොඩ යනවද.

කියා තේරුම් ගැනීමට සැලැස්විය යුතු ය.

මේ පම්පෝරි ගහ ගහ ගන්නා ගොංපාට් ස්වයංවින්දනය ගැන හොඳින්ම විග්‍රහ කරන්න්නෙ තුසාර ජෝසප් ය.

දිවුරන්න බෑ නේද මං ඉදිරියේ..
බොරු කරලා ඉපදෙන්න බෑ සුගතියේ...

ඒක හින්දා මුලින් ඉන්න තැන අවබෝධ කරගන්න.
ඊට පස්සෙ එතන ඉඳන් අනිත්වා හිතන්න..
පොඩි උන්ට බොරු කියන එක දැන්වත් නවත්තන්න..

#අකලංකාරය 
- චමල් අකලංක පොල

ගත්තේ බුකියෙන්.

තිත්ත ඇත්ත..

මේ දවස්වල තියෙන ආර්ථික තත්වයක් එක්ක අපි හැමෝටම, අපේ ප්‍රධාන ජීවනෝපායට අමතරව, වෙනත් ආදායම් මාර්ගයක් හෝ කිහිපයක් අවශ්‍ය වෙනවා. ඉතිං අපේ මේ දෛනික වැඩකටයුතු සමඟ වෙනත් පාර්ට් ටයිම් වැඩක් පට්ටාන් ගන්නේ කොහොමද? තමාට ගැලපෙන පාර්ට් ටයිම් වැඩක් තෝරා ගන්නේ කොහොමද? ඒ සඳහා කාලය කළමණාකරනය කර ගන්නේ කොහොමද? තවත් එකී මෙකී නොකී කරුණු රාශියක් සයිඩ් හස්ටල් සීක්‍රට්ස් (Side Hustle Secrets) කියන ඊබුක් එකේ පිටු 54ක් පුරා කියල දීල තියෙනවා. එහෙනම් බාගන්න. ඔබට ජය. 

1.2 MB

පාර්ට් ටයිම් ගේමක් ගහමු - Side Hustle Secrets

මිලියනපතියන්ගේ රහස් 21ක් - 21 Millionaire Secrets That Changed My Life

කාලය මිල කල නොහැකි සම්පතකි.එය පරිහරණය කිරීමට දක්වන දක්ෂතාවය මත පුද්ගලයෙකුගේ දියුණුව රදා පවතී.කාලය මනාව හසුරුවා ගැනීමට හිතා මතාම සැලසුම් කළ පුරුද්දක් ඇති කරගත යුතුයි.කාලය නිසි ලෙස හසුරුවා ගත් විට ඒක දිනයක් තුළ කෙතරම් වැඩ සම්භාරයක් පහසුවෙන් කරගත හැකි දැයි ඔබටම වැටහෙනු ඇත.කුමන ක්ෂේත්‍රයක වුවද ඉහළම සාර්ථකත්වයක් ලබා ගන්නේ කාලය ඉතාම අර්ථවත්ව හසුරුවා ගන්න අයයි.තත්පරයක් යනු නොමිනිය හැකි තරම් කුඩා කාල ඒකකයකි.තත්පර 86400 ක් එකතු වී දවස සෑදෙන බව කෙදිනක හෝ ඔබ සිතා බැලුවාද? මිනිත්තුවක් යනු කුඩා කාල ඒකකයකි.එවැනි කාල ඒකක 1440 එකතු වී දවස ගෙවී යන බව ඔබ දැන සිටියාද? වසර 50 ක් ජිවත් වන කෙනෙකුට ජිවත් වීමට ලැබෙන දින ගණන 18250 ක් බව ඔබ ගණනය කර බැලුවාද? කාලය රන්වලටත් වඩා වටිනා දෙයක් බව ඔබට දැන් හැගී යනු ඇත.

න්‍යාය පත්‍රයකට වැඩ කරන්න
ඔබ උදෑසන දවසේ කටයුතු ආරම්භ කරන විට ඒ සදහා න්‍යාය පත්‍රයක් එනම් පිරික්සුම් ලැයිස්තුවක් තිබිය යුතුයි.දවසේ ඉටුකළ යුතු වැඩ සමුහයක් ඒ සදහා යොදා ගන්නේ කුමන වේලාවන්ද, යන්නත් එහි පැහැදිලිව සටහන් කරන්න.දවස අවසානයේදී මෙම න්‍යාය පත්‍රය ගෙන ඉටුකළ වැඩ ඉදිරියේ √ ලකුණද ඉටු කර ගැනීමට නොහැකි වූ වැඩ ඉදිරියේ × ලකුණද යොදන්න.ඉටු කර ගැනීමට නොහැකි වූ කටයුතු සදහා හේතුව එයට ඉදිරියෙන් ලියන්න.

වැඩ කල් දැමීමේ පුරුද්දෙන් මිදෙන්න
මේ මොහෙතේ කළ යුතු වැඩ මේ මොහෙතේ ම කරන්න.අද දින කළ යුතු වැඩ කොටස් අදම කිරීමට උත්සහ කරන්න.කල් දැමු වැඩ හිතුවාට වඩා කල් යයි.කල් දමන ලද වැඩ කටයුතු ටිකෙන් ටික එකතු වී වැඩ ගොඩ ගැසෙයි.එවිට කල කිරීම්, සිත් තැවුල්, වැරදීම්, අසාර්ථක වීම එක දිගට පැමිණේ.වැඩ කල් දමන කෙනෙකුට ජිවන සටන් කිසිදා ජය ගත නොහැකිය.

නිශ්චිත කාර්යය තෝරා ගන්න
දවසේ එක් එක් කාල පරාසයන් තුළදී ඉටු කිරීමට ඔබ සැලසුම් කළ කාර්යයන් ඇත.සැලසුම් කළ කාර්යය පසෙක ලා වෙනත් කාර්යයකට සිත යොමු කළ විට රටාව අවුල් වී යයි.අතුරු කාර්යයන් ප්‍රධාන කාර්යය හා පටලවා නොගන්න.

නිසි දේ නිසි තැන තබන්න
නිවසේ, කාර්යාලයේදී තිබිය යුතු භාණ්ඩ , ලිපි ලේඛන, පොත්පත් නිවැරදි ව ස්ථානගත කරන්න.සෑම භාණ්ඩයකටම නිශ්චිත තැනක් තිබිය යුතුයි.එය භාවිතා කරන්නන් සියලු දෙනාම භාණ්ඩය තිබෙන තැන දැන සිටිය යුතුයි.සෑම කෙනෙකුම භාණ්ඩය භාවිතා කළ පසු එම ස්ථානයේම තැබිය යුතුයි.මෙවැනි සරල ක්‍රමයක් අනුගමනය කිරීමෙන් යමක් සෙවීම සදහා ගතවන කාලය ඉතිරි කරගත හැකියි.විවිධ දේ සෙවීමට දවසේ කොපමණ කාලයක් ඔබ වැය කරනවා දැයි මොහොතක් සිතා බලන්න.

අනුපිළිවෙලක් සකසා ගන්න
වැඩ කටයුතු කිහිපයක් ඉටු කර ගැනීමට නගරයට යන විට තමා යා යුතු ස්ථාන අනුපිළිවෙලක් සකසා ගන්න.මේ අනුපිලිවෙල මෙනෙහි කරමින් එම ස්ථාන කරා ගමන් කරන්න.යා යුතු ස්ථාන පිළිබද වැඩ සටහන සිතට භාර දුන් විට ඔබේ සිත ඔබට අවශ්යම ස්ථාන වෙත අනුපිළිවෙලින් ඔබ රැගෙන යනු ඇත.

උදා:- තැපැල් කාර්යා්ලය > රක්ෂිණ සමාගම > බැංකුව > නගර සභාව > පොළ > ඉන්ධන පිරවුම් හල


ලැයිස්තුගත කරන්න
වෙළද පොලට යන විට මිළ දී ගැනීමට අවශය භාණ්ඩ ලැයිස්තුවක් ගෙන යන්න.ඒවා මිලදී ගන්නේ කුමන ස්ථානයෙන් ද යන්නත් කලින් තීරණය කර ගන්න.වෙළද පොළේදී ගෙදරට අවශය මොනවාදයි කල්පනා කරමින් මිල දී ගැනීම කරන විට වැඩි කාලයක් අපතේ යන අතර අනවශය බොහෝ දෑ ද ඔබ මිලදී ගනු ඇත.එමෙන්ම අත්‍යවශ්‍යම ද්‍රවයක් මිලදී ගැනීමට බැරි වීමටද ඉඩ ඇත.නිවසේදී ටික කාලයක් වැය කර බඩු ලැයිස්තුවක් සාදා ගැනීමෙන් වෙළද පොළේදී අපතේ යන වැඩි කාලයක් ඉතිරි කර ගත හැකිය.

බාධා මග හරවා ගන්න
තමා සිත එක අරමුණක තබා ගනිමින් යම් වැඩක යෙදෙන විට විටින් විට නාද වන දුරකථනය වෙත දිව යාමෙන් කාලය දෙයාකාරයකට අපතේ යයි.කරමින් සිටි කාර්යයට බාධා වීමෙන් අපතේ යන කාලය සහ ඒ සදහා යලි අවධානය යොමු කිරීමට ගතවන කාලය එම ආකාර දෙකයි.මෙය වලක්වා ගැනීමට උපක්‍රම දෙකකි.එක්කෝ දුරකථනය විසන්ධි කොට තැබිය හැකියි.එසේ නැතහොත් ඇමතුම් සදහා පිළිතුරු දීම එම කාල සීමාව තුළදී නිවසේ වෙනත් අයෙකුට භාර කළ හැකියි.

දවසට ආදරය කරන්න
උදෑසන අවදි වූ සැනින් ඔබ හමුවේ උදා වී ඇති දවසට ආදරය කරන්න.”අද දිනය” ආදරයෙන් වැළදගන්න.අප ආදරය කරන දෙයට හෝ පුද්ගලයාට වැඩි සැලකිල්ලක් දැක්වීම ස්වාභාවිකයි.ආදරය , සෙනෙහස සිතේ ඇති වූ විට ඒ දෙය හෝ පුද්ගලයා ගැන සිත තදින් ඇදී යයි.එය සිතින් බැහැර කිරීමට පවා අපහසු වෙයි.ඔබ හමුවේ උදා වූ දවස ආදරයෙන් පිළිගත් විට කාලය අපතේ හරින්නට සිත ඉඩ නොදෙනු ඇත.දවසින් හැකිතාක් ප්‍රයෝජන ගත් විට සිතට ඉමහත් ආශ්වාදයක් ලැබෙයි.අවදි වූ මොහෙතේ පටන් ගෙවෙන එක් එක් පැය තුළදී තමා කරන්නේ කුමක් දැයි යන්න තීරණය කරගෙන එම වැඩ සැලැස්ම සටහන් කරගෙන එය තමා අසලම තබා ගෙන සිටින විට අලසකම , නිදිමත වැනි කාල භක්ෂකයන් ඔබ අසලට පැමිණෙන්නේ නැත.

පුරුද්ද ඇති කර ගන්න
උදෑසනින් අවදි වන්න.එවිට බොහෝ කටයුතු ඉටුකර ගැනීමට ඔබට කාලය ප්‍රමාණවත් ලෙස ලැබෙනු ඇත.උදැසන අවදි වීමට පුරුද්දක් නොමැති නම් පුරුද්ද ඇති කර ගන්න.ඒ සදහා ගත වන්නේ සති තුනක කාලයක් පමණි.ඕනෑම දෙයක් සති තුනක් කරන විට එය පුරුද්දක් බවට පත් වෙයි.එලාම් ඔරලෝසුවක ආධාරයෙන් එම කාල සීමාව තුළදී අවදි වීම පුරුදු වන්න.ඉන් පසු ඔරලෝසුවේ අධාරය නොමැති ව වුවද සුපුරුදු වෙලාවට ඔබේ සිත ඔබව අවදි කරවනු ඇත.

අවදි වූ සැනින් නැගිටින්න
අවදි වුනු මොහෙතේ ම ඇදෙන් නැගිටීමට පුරුදු වන්න.මේ සදහා ආධාරකයක් ලෙස ඉලෙක්ට්‍රෝනික් එලාම් ඔරලෝසුවක් යොදා ගත හැකිය.අවදිවන වෙලාව සටහන් කර ඔරලෝසුව ඇදේ සිට තරමක් දුර ස්ථානයකින් තබා නිදා ගන්න.මෙම උපක්‍රමය යෙදු විට එලාම් එක නැවැත්වීමට ඔබට ඇදෙන් බැස යාමට සිදු වේ.මේ නිසා අවදි වීමත් , ඇදෙන් නැගිටීමත් අතර කාලය අපතේ යාමක් සිදු නොවේ.මෙම ක්‍රමය අනුගමනය නොකරන විට නින්දෙන් අවදි වුවත් ඇදෙන නැගිටීමට ඇති කම්මැලිකම නිසා නිකරුනේ කාලය නාස්ති වෙයි.

මිත්‍යා විශ්වාස වලින් මිදෙන්න
මිත්‍යා මත සහ විශ්වාස නිසාද බොහෝ දෙනා කාලය නිකරුනේ අපතේ යවති.වැඩක් කිරීම සදහා හොද වසරක්, හොද දවසක් , හොද වෙලාවක් උදාවෙන තුරු බලා සිටියි.රාහු කාලය, ග්‍රහ පිහිට්ම් ආදිය මග හැර වැඩක් ඇරඹිමට බලා සිටියි.තමාට ලැබීම නැහැ.වාසනාව නැහැ ආදී දේ සිතමින් නිකරුනේ කාලය ගෙවා දමයි.අපල කාලය දුරුවන තුරු සිටියි.මෙවැනි පුද්ගලයන්ට කෙදිනකවත් කිසිම දෙයකින් ජයග්‍රහණය ලබා ගත නොහැකිය.එයට හේතුව රාහුලා, කේතුලා, සෙනසුරුලා විසින් ඔහුව පාලනය කිරීමයි.බුද්ධිමත් ඔබ මේ ගැන සිතන්න.අපල ග්‍රහයෙකු වූ අගහරු වෙත දැනට යැවු සෑම යානයක්ම සාර්ථක ව ගමන අවසන් කර ඇත.අපල ගෙන දෙන භයානකම ග්‍රහයා වන සෙනසුරුගේ චන්ද්‍රයකු මත කැසිනි හයිජන්ස් යානය ගොඩබැස්සේය.අපල යැයි සළකන සම ග්‍රහයෙකු අසලම පණිවිඩ චන්ද්‍රකා ගමන් කොට එම ග්‍රහයන් පිළිබද තොරතුරු පෘතුවියට සපයයි.මේ සියල්ල සිදු කරන්නේ හොදින් සංවිධානය කළ මිනිසුන්ගේ චිත්ත ශක්තියේ මහිමෙයනි.ග්‍රහයන්ගෙන් මිනිසුන්ට අපල සිදු වූ කාලය දැන් අහවර වී ඇත.මේ උදා වී ඇත්තේ මිනිසාගෙන් ග්‍රහයන්ට අපල සිදු වන කාලයයි.එම නිසා කුමන කටයුත්තක් හෝ ඇරඹිමට කල් යල් බලමින් පසුවීම අනුවන ක්රිෙයාවකි.ඕනෑම කටයුත්තක් ඕනෑම වේලාවක අරඹන්න.ඔබ යම් වැඩක් පටන් ගත් වේලාව ඒ සදහා සුභම මොහොත වන්නේය.

තෝරාගත් වැඩ සටහන් පමණක් නරඹන්න
අප රටේ පුරවැසියන්ගෙන් 25% ක ටත් වැඩි පිරිසක් දිනපතා පැය 3 ක පමණ කාලයක් රූපවාහිනියේ හින්දි චිත්‍රපටි නරඹන, ක්‍රිකට් තරගයක් මුල සිට අග දක්වාම නරඹන, සෑම නාලිකාවකින්ම විකාශනය වන සෑම ටෙලි නාට්‍යයක්ම නරඹන අයයි.ඔබ ජීවිතය වෙනස් කරගෙන සාර්ථකත්වය කරා යන පුද්ගලයෙකු නම් තමාගේ වටිනා කාලය කා දමන මෙම අහිතකර පුරුද්දෙන් වහා මිදිය යුතුයි.තෝරාගත් වැඩසටහන් කිහිපයක් පමණක් නරඹන්න.රූපවාහිනීයට ඇබ්බැහි වීම ද පුරුද්දකි.රූපවාහිනිය අසල ඔබ ගත කරන සෑම මිනිත්තුවකදීම මනස එයට ඇබ්බැහි වෙයි.පුරුද්දෙන් මිදීමට නම් ඇබ්බැහි වූ වැඩසටහන විකාශනය වන වේලාවේදී ගමනක් හෝ වෙනත් කටයුත්තක් යොදා ගන්න.මෙය සති කිහිපයක් සිදු කළ විට එම වැඩ සටහන නැරඹිය යුතුමය යන සංකල්පය මනසින් ඉවත් වී යයි.

ඔබටත් මේවගෙන් කිහිපයක් හෝ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට පුළුවන් නම් ජිවිතයට පහසුවක් දැනේවි. 

Credit - http://www.elakiri.com/forum/showthread.php?t=1694186
Writer - http://www.elakiri.com/forum/member.php?u=384116


ජීවිතය ජය ගැනීමට කාලය නිසි ලෙස හසුරුවා ගනිමු

Learn This, and You'll Never Be The Same!

අවුරුදු 17ක් වන කොලු ගැටයෙක් අන්තර්ජාලය හරහා මසකට $30,000 ක් උපයන්නේ කොහොමද?

ජීවිතය දිනන රහස් - වීඩියෝ සාකච්චා මාලාව

හිතට දැනෙන සිංදුවක් - අම්මට ආ‍දරේ හැමෝම බලන්න

ලද දෙයින් සතුටට පත් වෙමු - ඔබ නැරඹිය යුතුම වීඩියෝවක්

ළමයා සහ ඇපල් ගස - රස කතා