චොර වූ ඡායාරූපයක් ගොඩ දා ගැනීමේ කලාව

ඉම්බැජ් (ImBatch) මෘදුකාංගය මඟින් ඡායාරූප සමුහයක් සඳහා එකවර වෙනස්කම් ඇතුලත් කර ගැනීමට හැකිය. උදාහරණයක් ලෙස ඔබ සතු ඡායාරූප තොගයක් ෆේස්බුක් අප්ලෝඩ් කිරීම සඳහා එකම ප්‍රමාණයකට කපා ගැනීමට ඉම්බැජ් හරහා පුලුවන්. ඒ වගේම වර්ණ වෙනස් කිරීම, රොටේට් කිරීම, බ්ලර් වැනි ඉෆෙක්ට්ස් යෙදීම, ටැග් ඉවත් කිරීම හෝ එකතු කිරීම, පින්තූර දිනයන් වෙනස් කිරීම, පී ඩී එෆ් බවට පරිවර්තනය සහ තවත් බෙහෝ ප්‍රයෝජන මෙයින් ලබාගත හැකිය. ඉම්බැජ් මෘදුකාංගය ලබාදෙන එඩිටින් පියවරයන් කිහිපයක් වුවද එක ක්ලික් එකකින් එකවර ඡායාරූප සමුහයකට ඇතුලත් කරගැනීමට ඉඩ ලබා දේ. එමෙන්ම ඡායාරූප සඳහා එඩිටින් ප්‍රීවිව් එකක් පෙන්වන බැවින් ඔබට අවශ්‍ය කටයුත්ත සිදුකර ගැනීම පහසුය. එහෙනම් බාගන්න. ජය.


29.8 MB


ඡායාරූප තොගයක් එකවර එඩිට් කරමු - ImBatch

රාස්ටර් රූප මෙන් නොව, වෙක්ටර් රූප නම්‍යශීලී වන අතර ඒවා විශාලනය කරන විට ගුණාත්මකභාවය එලෙසින්ම රැකගත හැකිය. එබැවින් වැඩි වැඩවලින් තොරව වෙබ් සහ මුද්‍රණ කටයුතු සඳහා යොදාගත හැකිය. ඔබට අවශ්‍ය වෙක්ටර් රූප, අයිකන සහ ලාංඡන බාගත කර ගැනීම සඳහා භවිතා කළ හැකි හොඳම වෙබ් අඩවි 10 පහත දක්වා ඇත. බාගත කළ වෙක්ටර් ග්‍රැෆික් භාවිතා කිරීමට පෙර එහි ලයිසන් කොටස කියවීමට වග බලා ගන්න.


1. Freepik

ෆ්‍රීපික් යනු දැනට ඇති විශාලතම වෙබ් අඩවි වලින් එකක් වන අතර පුද්ගලික හා වාණිජමය භාවිතය සඳහා වැදගත්වන නව වෙක්ටර් ග්‍රැෆික් සිය ගණනක් දිනපතා මෙම වෙබ් අඩවියට එකතු වෙයි.


2. Vecteezy

වෙක්ටීසි වෙබ් අඩවිය වෙක්ටර් රූප, චිත්‍ර සහ රටා වල නිවහනයි. පුද්ගලික හෝ වාණිජමය භාවිතය සඳහා ඔබට ඒවා භාවිතා කළ හැකිදැයි දැන ගැනීමට අදාල ලයිසන් කොටස පරීක්ෂා කරන්න.


3. All Free Download

මෙම වෙබ් අඩවියෙහි වාණිජ නොවන භාවිතය සඳහා වෙක්ටර් 190,000 ක් පමණ ඇත. ලේබල් 15ක් භාවිතා කර පහසුවෙන් ඔබට අවශ්‍ය දෑ සෙවිය හැකි අතර, Popular හෝ The Newest Additions සොයා බැලීමෙන් තවත් වෙක්ටර් ග්‍රැෆික් තොග පිටින් බාගන්න පුලුවන්.


4. Free Vector 

වෙළඳ නාම ලාංඡන, වෙක්ටර් සහ අයිකන සෙවීම සඳහා කාණ්ඩ 35 කට වඩා තිබේ. ඔබට ක්‍රියේටිව් කොමන්ස් බලපත්‍රය යටතේ පින්තූර භාවිතා කළ හැකි අතර එයින් අදහස් කරන්නේ ඔබට ඒවා වෙනස් කර ෂෙයා කල හැකි බවයි.


5. Freevectors.net

බොහෝ නිර්මාණකරුවන් මෙම වෙක්ටර් වෙබ් අඩවියේ ඔවුන්ගේ වෙක්ටර් නිරමාණ බෙදා ගනී. සියලුම වෙක්ටර් පුද්ගලික භාවිතය සඳහා නොමිලේ වන නමුත් වාණිජමය අරමුණු සඳහා වෙක්ටර් භාවිතා කිරීමට පෙර නිරමාණකරුගෙන් විමසා සිටිය යුතුය.


6. 1001 Free Downloads

ආහාර, ක්‍රීඩා, තාක්‍ෂණය, ව්‍යාපාර, විද්‍යාව සහ තවත් බොහෝ දේ ආවරණය වන පරිදි විවිධ කාණ්ඩ 35 කට අයත් මෙහි වෙක්ටර් ග්‍රැෆික් පුද්ගලික හෝ වාණිජමය භාවිතය සඳහා භාවිතා කළ හැකිය.


7. Free Design File

වෙක්ටර් වර්ග 30 කට අධික සංඛ්‍යාවක් මෙහි ඇත. සියලුම  වෙක්ටර් කිසිදු වියදමකින් තොරව වන නමුත් භාවිතයේදී නිර්මාණකරුගේ නම සඳහන් කරමින් භාවිතා කළ යුතුය.


8. Freevectors.com

මෙම වෙබ් අඩවියේ නොමිලේ වෙක්ටර් කාණ්ඩ 30 කට අධික සංඛ්‍යාවක් ඇත. යම් නිශ්චිත වෙක්ටර් රූපයක් වාණිජමය අරමුණු සඳහා භාවිතා කිරීම සඳහා, පළමුව නිර්මාණකරුගෙන් විමසා සිටීම වඩා හොඳය.


9. Vector 4 Free

Vector4Free.comහිදී  AI, EPS, PDF, SVG සහ Corel Draw CDR ආකෘති වලින් නොමිලේ වෙක්ටර් ග්‍රැෆික් ලබා දෙයි. ඔබගේ සෙවීම සරල කිරීම සඳහා ලේබල් හෝ සර්ච් බොක්ස් භාවිතා කරන්න.


10. Vectorportal

Vectorportal හි වෙක්ටර් කාණ්ඩ 25 කට වඩා ඇත. මෙහි වඩාත්ම සිත් ගන්නා සුළු කාණ්ඩය වන්නේ බොහෝ විට Coat of Arms කාණ්ඩයයි.

ඇති පදම් වෙක්ටර් ග්‍රැෆික් බාගත හැකි සුපිරි වෙබ් අඩවි 10ක්

මොඩර්න් පෙන්සිල් ස්කෙට්ච් ෆොටෝෂොප් ඇක්ෂන් (Modern Pencil Sketch Photoshop Action) එක මඟින් ඔබ සතුව පවතින සැබෑ ඡායාරූපයක් පහත රූපයේ පරිදි පැන්සලෙන් ඇඳි චිත්‍රයකට පෙරලන්න පුලුවන්. මේ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.


1. ඩවුන්ලෝඩ් කරගත් ෆොල්ඩරයේ ඇති Brushes (1st load me), Patterns (1st load me), Modern Pencil Sketch Photoshop Action ෆයිල්ස් පිළිවෙලින් ඩබල් ක්ලික් කරමින් ෆොටෝෂොප් මෘදුකාංගය වෙත ඇතුලත් කර ගන්න. 


2. ඔබට අවශ්‍ය ඡායාරූපය ෆොටෝෂොප් මඟින් විවෘත කර ගන්න. මෙහිදී ඔබගේ ඡායාරූපය ආර්.ජී.බී (RGB) ෆෝමැට්ටුවෙන් තිබිය යුතුයි. එසේ නොවේනම් මෙනු බාර්හි Image > Mode > "RGB color" සහ "8 Bits/Channel" ලෙස සකසන්න. 


3. Leyar > New > Layer මඟින් නව ලේයරයක් ගෙන එය "brush"ලෙස නම් කරන්න. 


4. එම ලේයරයෙහි ඔබට සිතුවමක් බවට පත්කිරීමට අවශ්‍ය කොටස බ්‍රෂ් එක භාවිතයෙන් පාට කරන්න.


5. දැන් ඔබගේ ඇක්ෂන් පැනලයේ Modern Pencil Sketch Photoshop Action තුළ ඇති All in one play action තෝරා පහතින් ඇති ප්ලේ බට්න් එක ක්ලික් කරන්න.


6. මිනිත්තු කිහිපයකින් ඔබට, ඔබ තෝරාගත් ඡායාරූපය පැන්සලෙන් ඇඳි සිතුවමක් ලෙස ලබා ගත හැක.


ඔබට අපැහැදිලි තැනක් වේ නම් කොමෙන්ටුවක් දාගෙන යන්න. උත්සාහ කරලා බලන්න. ජය.


3.7 MB


ඡායාරූපයක් පැන්සලෙන් ඇඳි සිතුවමකට පෙරලමු

තත්පර 5න් ඡායාරූපයක පසුබිම ඉවත් කරමු

ෆොටෝ වර්ක්ස් එක්ස් එල් (FotoWorks XL 2021 v21.0) මෘදුකාංගය  ෆොටෝ එඩිටිං සඳහා අත්පොත් තියන අයට, ඡායාරූප ශිල්පීන්ට සහ වෘත්තීය පරිශීලකයින් සඳහා භාවිතා කළ හැකි පහසු ඡායාරූප සංස්කරණ මෘදුකාංගයකි. සරල ඡායාරූප සංස්කරණ මෘදුකාංග කට්ටලයක් වන ෆොටෝ වර්ක්ස් එක්ස් එල් පෙර සංස්කරණ වලින් යාවත්කාලීන කර වැඩි දියුණු කර ඇත. ඡායාරූප, ග්‍රැෆික්ස්, ක්ලිප් ආර්ට් සහ අකුරු  සමඟ ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ ෆොටෝ එඩිටිං කටයුත්තක් කිරීමට එය ඔබට ඉඩ දෙයි. ෆයිල් එක බාගෙන සාමාන්‍ය අයුරින් ඉන්ස්ට්‍රෝල් කරගන්න. ලෝඩර් (Loader) ෆොල්ඩරය ඇතුලේ ඇති ඊ ඒක්ස් ඊ ෆයිල් එක ඉන්ස්ට්‍රෝල් කරපු පාත් එකට කොපි කරන්න. කැමති රෙජිස්ටර් කෝඩ් එකක් දීලා රෙජිස්ටර් වෙන්න. දැන් සොෆ්ට්වෙයා එකෙන් වැඩ ගන්න පුලුවන්. ජය.

64 MB

ෆොටෝ එඩිටිං වැඩ සරලව කරගමු - FotoWorks XL 2021

ෆොටෝෂොප් ලයිට්රූම් වල පරතෙරටම දැනගමු

ස්වභාව සෞන්දර්යය සහිත ලස්සන ෆෝ කේ වෝල්පේපර් සෙට් එකක් - Awesome Nature Ultra HD 4K Wallpapers

තමන්ගෙ ලෝගෝ බයර්ව අන්ද මන්ද කරල දාන්න පුලුවන් සුපිරි ලොගෝ මොක්-අප් බන්ඩලයක් මෙන්න. මොක්-අප් කියන දේ හරියටම සිංහලෙන් විග්‍රහ කරන්න අමාරු නිසයි සිංලෙනුත් ඒ වචනයම භාවිතා කරේ. නමුත්, ස්වයං විග්‍රහයක් දුන්නොත් අපි හදපු ඩිසයින් එක, ටෙක්ස්ට් එක සෑබෑ මෙටිරියල් එක්කට, ඔබ්ජෙක්ට් එක්කට ඔබ්බපුවාම පෙනෙන්නේ කොහොමද කියලා, බලා ගත හැකි අයුරින්, සකස් කල ෆොටෝෂොප් ටෙම්ප්ලේට් එක්කට ෆොටෝෂොප් මොක්අප් එකක් කියලා කියන්න පුලුවන්. පහත ඇති ඉමේජස් බැලුවාම ඔබට සරලව තේරුම් ගන්න පුලුවන්. මේ වගේ එකක් බාගන්න දී ඇති ටෙම්ප්ලේට් මාර්ගයෙන් තත්පර කිහිපයක් තුළ සකස් කර ගත හැකියි. වැඩේ කරගන්නා ආකාරය පිළිබඳ ටියුටෝරියල් එකක් බාගන්න ෆයිල් එක ඇතුලෙම ඇති. දැන්ම බාගන්න. ඔබට ජය.

248.7 MB

ලස්සන ලොගෝ මොක්-අප් බන්ඩලයක් - Logo Mockup Bundle

වැලන්ටයින් එකට තම ආදරවන්තියගෙ, ආදරවන්තයගෙ රූපයක් තමන්ගෙ අතින්ම ඇදලා, වදන් වලින් කැටයම් පාරක් දාල යවන්න තියෙනවනම්. මෙන්න ඒකට කියාපු භාණ්ඩේ. චිත්‍ර බැරි අයට පවා ලේසියෙන් චිත්‍රයක් නිරිමාණය කල හැකි ක්‍රිටා සොෆ්ට්වෙයා එක පහලින් බාගන්න දීල තියෙනවා. ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර් වගේ  මෘදුකාංගවලට සාපේකෂව මෙම මෘදුකාංගය සරලව තේරුම්ගත හැකිවාක් මෙන්ම මෙගාබයිට් 100ටත් වඩා අඩු ඩේටා ප්‍රමාණයක් වැය කරල බාගන්න පුලුවන්. 100%ක්ම ඕපන් සෝර්ස් (open source) මෘදුකාංගයක් නිසා ක්‍රැක් කරන්න, සීරියල් කී හොයන්න, අවශ්‍ය වෙන්නේ නෑ. ඡායාරූපයක් හරහා එහි කාටූන් පිටපතක් නිර්මාණය කරන්න වගේම තම සිතැඟි දෙයක් චිත්‍රයට නගන්නත්, ක්‍රිටා හරහා සිදු කල හැකියි. ෆොටෝෂොප් පී එස් ඩී (PSD) ෆෝමැට්ටුවට පවා මේ මෘදුකාංගය සඳහා සහයෝගය ලබා දෙනවා. එහෙනම් දැන්ම බාගන්න. ඔබට ජය.

100 MB


නවතම චිත්‍ර ඇදීමේ කලාව - Krita

ෂටර් ස්ටොක් (shutter stock) කියන්නේ, මුලු ලොකයේම ජනප්‍රිය වුන රෝයල්ටි ෆ්‍රී ස්ටෝක් ඉමේජස් (Royalty free stock images) මිලදී ගන්න තියෙන වෙබ් අඩවියක්. සරලව කියනවනම් ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ ඉමේජ් එකක්, ෆොටෝ එකක්, වෙක්ටර් ග්‍රැෆික් එකක්, වීඩියෝ එකක් පවා මේ තුලින් මිලදී ගන්න හැකියාව තිබෙනවා. මේ කියන්න යන්නේ සල්ලි දීල ගන්න කියෙන ස්ටෝක් ඉමේජස් නොමිලේ බාගන්න ක්‍රමයක් ගැන. වෙබ් අඩවියෙ නම
ග්‍රැබර් ඩොට් මී (grabber.me). අවශ්‍ය ස්ටොක් ඉමේජ් එකෙහි ලින්ක් පේස්ට් කරලා ඩවුන්ලෝඩ් ලින්ක් එක ජෙනරේට් කර ගන්න පුලුවන්. මේ වගේ වෙබ් අඩවි වැඩි කාලයක් අන්තර්ජාලයේ තියෙන් නෑ. ඩවුන් වෙනවා. අවශ්‍ය අය ඉක්මනින් වැඩක් ගන්න. ඒ වගේම ඉමේජස් භාවිතා කරලා ආදායම් ඉපයුවොත්, අනිවාර්යෙන් ක්‍රිරියේටර්ට සපෝට් එකක් විදියට ඒ ඉමේජස් මිලදී ගන්න. ජය. ග්‍රැබර් ඩොට් මී (grabber.me) වෙබ් අඩවියට මෙතනින් යන්න. වැඩේ ගොඩ දාගන්න තේරෙන්නේ නැතිනම් කමෙන්ටුවක් කොටාගෙන යමු. වීඩියෝ එකක් දාන්නම්.

ෂටර් ස්ටොක් ඉමේජස් නොමිලේ බාමු

බැනර් සයිසස්, වර්ග 10කින් පී ඒස් ඩී ෆයිල් සමඟ, ගේමක් නැතුව තරඟකාරී ලස්සන බැනර් එකක් නිර්මාණය කර ගන්න වැදගත් වෙන ටෙම්ප්ලේට් 152ක් තියෙනවා. ටෙක්ස්ට් එක එඩිට් කරලා, ස්මාර්ට් ඔබ්ජෙක්ට් එක හරහා ඉමේජ් එක රීප්ලේස් කරාම වැඩේ ගොඩ. ඊට අමතරව ෆොපෙෂනල් මට්ටමේ ෆොන්ට් තොගයකුත් තියෙනවා. එහෙනම් බා ගන්න. ඔබට ජය.

250.7 MB

සුපිරිම බැනර් ටෙම්ප්ලේට් තොගයක් නොමිලේ

ෆොටෝ එකක් ග්‍රැෆිටි ආර්ට් එකක් කරමු



ගූගල් ඉමේජ් සර්ච් කරද්දී වෝටර් මාර්ක් ඉමේජස් වලට අහුවෙලා එපා වෙලාද? ෆෝටෝෂොප් වැඩ වලට සුපිරි එච් ඩී කොලිටි ෆොටෝස් සොයනවාද? හැමදාම එකම වෝල් පේපරේ දැකලා බෝරිංද? මේ එකී මෙකී නොකී ඉමේජස් පුරස්න සියල්ලට මෙන්න විසදුම් එකක් නෙවේ 8ක්ම. පහල දීලා තියෙන වෙබ් අඩවි වලින් ඔයාලගේ ස්ටොක් ඉමේජස් අවශ්‍යතාවන් නොමිලේ සපුරා ගන්න පුලුවන්. එහෙනම් වෙබ් සයිට් වලට විසිට් එකක් දාලා ටැස් කොරලාම බලන්න. ඔබට ජය.

http://freeimages.com/

http://pixabay.com/

http://compfight.com/

http://morguefile.com/

http://stockvault.net/

http://freeimages.co.uk/

http://freerangestock.com/

http://wallpaperstock.net/

පට්ට පදිරි ස්ටොක් ඉමේජස් නොමිලේ බාගන්න - Free Stock Images