
ෆොටෝෂොප් වැනි මෘදුකාංගයක් භාවිතයෙන් ඡායාරූපයක පසුබිම ඉවත් කරන්න ගියොත් ඔබට සෑහෙන පරිශ්‍රමයක් සහ වැඩි කාලයක් ගත කරන්න වෙනවානේ. ඒ් සඳහා සුපිරි විසදුමක් ගැනයි මේ කියන්න යන්නේ. රිමුව් ඩොට් බී ජී (remove.bg) වෙබ් අඩිවිය හරහා ඡායාරූපයක පසුබිම ඉවත් කරන්න ගතවෙන්නේ ඉතාමත් කෙටි කාලයක්. මෙම වෙබ් අඩවියට පිවිස ඔබට බැක්ග්‍රවුන්ඩ් රිමුව් කල යුතු ෆොටෝ එක අප්ලෝඩ් කල යුතුයි. තත්පර කිහියක් තුළ පසුබිම ඉවත් කරන ලද ඡායාරූපය ඔබ අප්ලෝඩ් කල රෙසලූෂන් වලින්ම ඩවුන්ලෝඩ් කරගත හැකියි. එහෙනම් මෙතනින් වෙබ් අඩවියට පිවිස උත්සාහ කරලා බලන්න. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.