ගීත රසවිදින්නට ලෝකයේ ජනප්‍රියම මෘදුකාංගය ලෙස කීරිතිනාමය අත්කරගත් ස්පොටිෆයි (Spotify) මෑතක් වන තුරුම ලංකාවට සිය සේවා සැපයූවේ නැහැ. ඉතිං මේ ස්පොටිෆයි සමඟින්, ඔබට සංගීතයට සවන් දිය හැකි අතර මිලියන ගණනක් ගීත සහ පොඩ්කාස්ට් නොමිලේ ලබාගත හැකියි. මෙම මෘදුකාංගය ඔබේ වින්ඩෝස්, ඇන්ඩ්‍රොයිඩ් හෝ ඇපල් උපාංගයේ පිහිටුවාගෙන සාමාන්‍ය පරිදි රෙජිස්ටර් වීමෙන් පසුව ඔබ ආදරය කරන ගීත සහ ගායකයන් තෝරාගන්න පුලුවන්. පසුව ඔබටම විශේෂී වූ දිනපතා වෙනස්වන ගීත ලැයිස්තුවක්  ස්පොටිෆයි මඟින් ලබා දෙනවා. ඒ වගේම ඔබට අනවශ්‍ය ගීත ඉවත් කර සිතැඟි පරිදි ගීත ලැයිස්තු සකස් කර ගන්නත් පුලුවන්. 


හැමදාම එකම ගීත ලැයිස්තුවකට සවන්දෙන ඔබට, ඔබේ ප්‍රියතම ගායක/ගායිකාවන්ගේ දිනපතා වෙනස්වන ගීත ලැයිස්තුවක් මඟින් අලුත් අත්දැකීමක් ලබාගත හැකියි. මෙම මෘදුකාංගය මඟින් ලබා දෙන සංගීතයේ ගුණාත්මකභාවය (Sound Quality) එක මෙහි ජනප්‍රියතාවයට තවත් එක හේතුවක්. තවත් වැඩකිඩ ගොඩක් තියෙනවා. එහෙනම් බාගෙන බලන්න. ජය.



ගීත රසවිදින්නට ලෝකයේ ජනප්‍රියම මෘදුකාංගය ලංකාවට - Spotify

සංගීත රසාස්වාදයේ අනන්තයට - AIMP

රුපියල් 2525/=ක් වටිනා එම් පී ත්‍රී මියුසික් ප්ලේයර් එකක් නොමිලේ

ලිමිට්ලස් (Limitless) පොත මඟින් ඔබට වැඩි ඵලදායීතාවයක්, යහපත් පරිවර්තනයක්, පුද්ගලික සාර්ථකත්වයක් සහ ව්‍යාපාර ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි. ලිමිට්ලස් පොතෙහි කතුවරයා වන ජිම් ක්වික් වසර 25 කට වැඩි කාලයක් තිස්සේ  නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ සෑම තරාතිරමකම ව්‍යාපාරික නායකයින් ලෙස තම ක්ෂේත්‍රවල ඉහළින්ම සිටින සාර්ථක පිරිමින් හා කාන්තාවන් සමඟ ඔවුන්ගේ සැබෑ හැකියාවන් විවර කර ගැනීම සඳහා සමීපව කටයුතු කර ඇත. ස්වයං ඉගෙනීම, සන්නිවේදනය, මතකය, අවධානය යොමු කිරීම, නැවත මතක් කිරීම, කියවීම වේගවත් කිරීම සහ වේගවත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා විද්‍යාව පදනම් කරගත් භාවිතයන් සහ අත්දැකීම් මෙම පොත මඟින් ඔහු ඉදිරිපත් කර ඇත. එහෙනම් බාගන්න. ජය.


276 MB


අසීමිත හැකියාවන් ඇති මොළය ගැන ....

සුවදායී නින්දකට අද්විතීය ඩෙල්ටා සංඛ්‍යාත සංගීතය

මියුසික් බී (MusicBee) කියන්නේ, හාඩ්ඩිස්ක් එකේ හතර අතේ කොපි කරලා, විසිරිලා තියෙන ගීත සියල්ල එක තැනකට අරගෙන, කළමනාකරණය කර ගත හැකි සුපිරි මෘදුකාංගයක්. මීට ඉස්සර ෆිල්ම් මැනේජ් කරන්න දුන්න ඊ එම් ඩී බී (EMDB) සොෆ්ට්වෙයා එක වගේ, මියුසික් බී වලින් මියුසික් මැනේජ් කරන්න පුලුවන්. වෙනත් මියුසික් සොෆ්ට්වෙයා වලට සාපේක්ෂව ගත්තාම මෙය ඉතාමත් සරලයි වගේම වේගවත්. ගීතයේ නියම රසවින්දනයක් ලබා ගත හැකි අයුරින්, මෙය ගුණාත්මක සවුන්ඩ්ස් අවුට්පුට් එකක් ලබා දෙනවා. භාවිත කරන්නගේ පහසුව තකා මෙය වින්ඩෝස් සහ ඇන්⁣ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති සහිත ස්මාර්ට් ජංගම දුරකථන සමඟ සින්ක් (Sync) කල හැකියි. ලස්සන ස්කින් (Skin) එකක් ඇඩි කරගන්න යන්නේ තත්පර කිහිපයයි. තව ඔය කොපි කරන්න බැරි ඕඩියෝ  සී ඩී, ඩී වී ඩී රිප් (RIP) කරන එකත් මියුසික් බී එකත් එක්ක, එච්චර දෙයක් නෙවෙයි. එහෙනම් දැන්ම බාගන්න. මේ ඔක්කොම පහසුකම් අපට ලබා දීලත්, මෙයා ක්‍රියාත්මක වෙන්න ගන්නෙ මෙගා බයිට් 60ත් 70ත් අතර රැම් මතකයක්. ඔබට ජය.


හාඩ්ඩිස්ක් එකේ විසිරුණු ගීත පිලිවෙලක් කරමු - MusicBee


කස්ටිය ෆෝන් එකෙන්,එම් පී ෆෝ ප්ලේයරෙන්,එම් පී ත්‍රී ප්ලේයරෙන්,කොම්පීතරෙන් තව අනේක විධ ගැජට් කෑලි පාවිච්චි කොරලා සිංදු අහනවනේ.ඉතිං ඔහොම සිංදුව අදාල ප්ලේයරයෙන් ප්ලේ කොරනකොට වැටෙනවා පුංචි ෆොටෝ එකක්.තව ආර්ටිස්ට් ගේ නම,බා ගත්ත වෙබ් අඩවියේ නම ඇතුලු වල් පල් හෑලි ටිකක්.අන්න ඒකට කියන්නේ එම් පී ත්‍රී ටැග් කියලා.ඔන්න සාම්පල් ටිකකුත් තියෙනවා,බලලා ඉන්නකෝ.





ඉතිං මේ එම් පී ත්‍රී ටැග් එක අපිට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගන්න පුලුවන් මෘදුකාංගයක් තමා එම් පී ත්‍රී ටැග් මෘදුකාංගය.දැනට තියෙන කෑලි බෑලි අයින් කරන්න වගේම තමන්ගේ කෑලි බෑලි දාලා වැඩ්ඩෙක් වෙන්න,වැඩ පෙන්නන්න පුලුවන් මෘදුකාංගයක්.යාලුවෙක්(කෙල්ලෙක් වගේ) සිංදු වගයක් ඉල්ලපුවම තමන්ගේ ෆොටෝ එකයි,ඊ මේල් එකයි,තව ඕන්නම් ෆෝන් නම්බරෙයි දාලා ගාණට සෙට් කරල දුනනම කාටද ලකුණු.වැඩි ගේමක් නෑ.ස්වයං අධ්‍යනයෙන් ඉගෙන ගන්න පුලුවන් මෘදුකාංගයක්.එහෙනම් බා ගෙන ටැස් කරලම බලන්නකෝ.


2.5 MB



එම් පී ත්‍රී තමන්ට අවශ්‍ය ආකාරයට සීල් කර ගන්න-Mp3 Tag


පන්ඩිතකමට දැම්ම වගේ නෙවේනෙ.දැන් ඉල්ලපුවා දෙන්නත් එපැයි.සොෆ්ට්වෙයා ඉල්ලීම් තීරයෙන් මලිත්,මුණවීර යාලුවො දෙන්න ටෙක්ස් ටු ස්පීච් සොෆ්ටුවක් ඉල්ලපු නිසා අද ඩී ස්පීච් ගෙනාවා.සාමාන්‍ය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමග එන ස්පීච් පහසුකමට වඩා මෙහි වැඩ ගොඩක් තියෙනවා.ඩී ජේ කරන යාලුවන්ට ගොඩක් වැදගත් වේවි මේක.ඒ වගේම තමන්ගේ අනන්‍යතාව සගවාගෙන අවශ්‍ය කෙනෙකුට පනිවුඩයක් යැවීමට මෙය පහසුවෙන් භාවිතා කල හැකියි.ඒ වගේම මේ සදහා අන්තර්ජාලය තුලින් තවත් කටහඩවල් රාශියක් ඩවුන්ලෝඩ් කර ගෙන භාවිතා කල හැකියි.ඉන්ට්‍රෝල් කිරීමක් අවශ්‍ය කරන්නෙත් නෑ.බා ගෙන එක්ස්ට්‍රැට් කොරලා වැඩ කරන්නයි තියෙන්නේ.එහෙනම් ඉක්මන් කොරලා බා ගන්න. 


1.7 MB




කතා නොකර කතා කරන්න-D Speech

සිංදුවක් අහමින් ෆන් එකේ වැඩ කරන්න අපි කවුරුත් කැමතියි.ඒත් සිංදුව ප්ලේ කරමින් වෙනත් වැඩක් කරන විට පරිගනකය ස්ටක් වීම ගොඩක් අයට ගැටලුවක් වෙනවා.විශේෂයෙන්ම ග්‍රැෆික් වැඩක්,ගේම් එකක් ප්ලේ කරනකොට වගේ රැම් මතකය වැඩියෙන් බාවිතා වන වැඩ වලදී ඔබත් මේ ගැටලුවට මුහුන දීල ඇති.ඊට පස්සෙ ටාස්ක් මැනේජරයා ඕපන් කරගෙන එන්ඩ් ටාස්ක් කරන්න තටමන්න වෙනවා.එතකොට නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ.
ඉතිං මේකට හොද විසදුමක් තමා වින්ඈම්ප් ලයිට් ප්ලේයර් එක.වින්ඩෝස් මීඩියා ප්ලේයර්,ජෙට් ඕඩියෝ වගේම  වින්ඈම්ප් සාමාන්‍ය ප්ලේයරයට වඩා අඩු රැම් ප්‍රමානයක් මේ සොෆ්ටුවෙන් බාවිතා කරනවා.ඒක නිසා ස්ටක් වීමක් නැතුව සිංදු අහන්න පුලුවන්.ඒ වගේම වින් ඈම්ප් සාමාන්‍ය ප්ලේයරහි වගේම ගොඩක් ඔප්ෂන් මෙහි අන්තර් ගත කරලා තිබෙනවා.තවත් කියනවනම් සංගීතයෙහි ගුණාත්මක භාවය ඒ අයුරින්ම ආරක්ෂා කර ගනිමින් සිංදුවක් අහන්නත් වින්ඈම්ප් ලයිට් ප්ලේයර් ගින්දර බාන්ඩේ.එහෙනම් බාගෙනම බලන්නකෝ.

3.8MB
LINK 1
LINK 2




හිර වෙන් නැතුව එම් පී ත්‍රී අහන්න-Winamp Light Player




කවුරුත් කැමතියිනේ සිංදු අහන්න.ක්ලැසිකල්,පොප්,හිපොප්,බයිලා ඔය වගේ නානාප්‍රකාර සිංදු තියෙනවනේ.ඉතිං තමන් කැමතිම සිංදු ටිකක් කලවම් කරලා තමනගෙම ක්‍රමේකට හිතේ හැටියට අහන්න Virtual DJ සුපිරි භාණ්ඩේ.ඩී ජේ මික්සර් එකක් මේ දවස්වල බර ගානක් වෙනවා.ඒත් ඩී ජේ මික්සර් එකක් sinhalensoftfree.blogspot.com වෙතින් නොමිලේම කොම්පීතරේටම බා ගන්න.කලවම් කරන්න අවශ්‍ය ‍සිංදු වර්චුවල් ඩී ජේ වින්ඩෝවට ඇදල දාන්න.සිංදුවක්,දෙකක් කාලම බලන්නකෝ වැඩ කෑලි ටික.පාර්ටියක් එහෙම දානකොට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.පුංචි ඉල්ලීමකුත් කරන්න තියෙනවා.මේක ෆන් කිරීම සදහා පමණක් භාව්තා කරන්න.ගායක,ගායිකාවන්ට අපහාස වෙන ලෙස කටයුතු කිරීමෙන් වලකින්න.ඔබට ජය.


32MB
LINK 1


LINK 2










කනට සැරට සිංදු කොත්තුවක් හදා ගන්න-Virtual DJ