
මියුසික් බී (MusicBee) කියන්නේ, හාඩ්ඩිස්ක් එකේ හතර අතේ කොපි කරලා, විසිරිලා තියෙන ගීත සියල්ල එක තැනකට අරගෙන, කළමනාකරණය කර ගත හැකි සුපිරි මෘදුකාංගයක්. මීට ඉස්සර ෆිල්ම් මැනේජ් කරන්න දුන්න ඊ එම් ඩී බී (EMDB) සොෆ්ට්වෙයා එක වගේ, මියුසික් බී වලින් මියුසික් මැනේජ් කරන්න පුලුවන්. වෙනත් මියුසික් සොෆ්ට්වෙයා වලට සාපේක්ෂව ගත්තාම මෙය ඉතාමත් සරලයි වගේම වේගවත්. ගීතයේ නියම රසවින්දනයක් ලබා ගත හැකි අයුරින්, මෙය ගුණාත්මක සවුන්ඩ්ස් අවුට්පුට් එකක් ලබා දෙනවා. භාවිත කරන්නගේ පහසුව තකා මෙය වින්ඩෝස් සහ ඇන්ඩ්රොයිඩ් මෙහෙයුම් පද්ධති සහිත ස්මාර්ට් ජංගම දුරකථන සමඟ සින්ක් (Sync) කල හැකියි. ලස්සන ස්කින් (Skin) එකක් ඇඩි කරගන්න යන්නේ තත්පර කිහිපයයි. තව ඔය කොපි කරන්න බැරි ඕඩියෝ සී ඩී, ඩී වී ඩී රිප් (RIP) කරන එකත් මියුසික් බී එකත් එක්ක, එච්චර දෙයක් නෙවෙයි. එහෙනම් දැන්ම බාගන්න. මේ ඔක්කොම පහසුකම් අපට ලබා දීලත්, මෙයා ක්‍රියාත්මක වෙන්න ගන්නෙ මෙගා බයිට් 60ත් 70ත් අතර රැම් මතකයක්. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.