ගේමක් නැතුව සීඩී/ඩීවීඩී රයිට් කරන්න- Deep Burner 1.9


සාමාන්‍යයෙන් සීඩී හෝ ඩීවීඩීයක් කොපි,පේස්ට් කිරීම මගින් එහි ඇති දත්ත පරිගණකය වෙත ලබා ගන්න පුලුවන්.එසේ කොපි කර ගැනීමට නොහැකි සමහර සීඩී/ඩීවීඩී තැටි ඔබට අනන්තවත් ලැබිලා ඇති.මේ කියන්න යන්නේ එසේ කොපි කර ගත නොහැකි සීඩී/ඩීවීඩී තැටි කොපි කරන ආකාරය පිලිබදවයි.
#ඩීමොන් ටූල්ස් මෘදුකාංගයෙන් අපට ලබා ගත හැකි ප්‍රධාන භාවිතාවන් දෙකකි.

1.සීඩී/ඩීවීඩී/බ්ලූ රේ තැටි ධාවනය සදහා වර්චුවල් තැටි ධාවකයක් සකස් කර ගත හැකි වීම.
සාමාන්‍යයෙන් ඔබේ පරිගණකයට ඩීමොන් ටූල්ස් ඉන්ට්‍රෝල් කර ගත් විට ඔබේ පරිගණකයෙහි ඇති තැටි ධාවකයට අමතරව තවත් තැටි ධාවකයක් මයි කොම්පියුටර් හි පෙන්වාවි.එය ඩීමොන් ටූල්ස් මෘදුකාංගය විසින් සකස් කරන ලද වර්චුවල් තැටි ධාවකයයි.ඔබ සකස් කර ගන්නා ‍සීඩී/ඩීවීඩී ඉමේජ් ෆයිලය(කොපිය) ධාවනය වන්නේ මෙම වර්චුවල් ධාවකය හරහායි.පහත වීඩියෝව තුලින් මෙය හරියාකාරව තේරුම් ගැනීමට පුලුවන්.



2.සීඩී/ඩීවීඩී/බ්ලූ රේ තැටි ඉමේජයක් හෙවත් කොපියක් සකස් කර ගත හැකි වීම.
ඔයාලට මතක ඇති සීඩී සපෝට් ගේම්.සමහරවිට තාමත් සෙල්ලම් කරනවත් ඇති.ඉතිං මෙවැනි ගේම් සෙල්ලම් කිරීම සදහා ඔබට අදාල ගේම් එකෙහි සිඩී එක් අවශ්‍ය වෙනවා.එවිට මෙම මෘදුකාංගය හරහා මෙහි ඉමේජයක් සකස් කර ගන්න පුලුවන්.මේ ඉමේජය නැවත දිග හැර ගැනීම ඉහත 1හි කී ආකාරයට කරන්න පුලුවන්.තව බූටබල් සීඩී,ඔටෝ රන් වන සීඩී ඒ ආකාරයෙන්ම කොපි කර ගැනීමටත් මේ හරහා පුලුවන් iso සහ mds යන ඉමේජ් ෆෝමැට්ටු දෙකෙන් කැමති ෆෝමැට්ටුකින්ඉමේජ් ෆයිලය සක්ස් කර ගත හැකියි.ඒ වගේම b5t,b6t,bwt,ccd,cdi,cue,nrg,pdi,isz වැනි ඉමේජ් ෆයිල් ෆෝමැට්ටු රාශියකට මෙම මෘදුකාංගය සහය දක්වනවා.ඉමේජ් ෆයිලයක් සකස් කර ගන්නා ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.



ඔන්න එහෙනම් බා ගන්න.ගිහින් එන්නම්.ඔබට ජය.


12.8 MB



කොපි කරන්න බැරි සීඩී/ඩීවීඩී මට්ටු කරමු-DAEMON Tools Lite 4.4


ඩීමොන් ටූල්ස්,ඇල්කොහොල් වගේ ලේසියෙන්  අයි එස් ඕ ඉමේජ් ෆයිල් ලේසියෙන් හදාගන්න,‍ඕපන් කර ගන්න මැජික් අයි එස් ඕ නියම සොෆ්ටුව.බූටබල්,නන් බූටබල්,ගේම්ස්,සොෆ්ට්වෙයා.. මේ වගේ විවිධාකාර සීඩී,ඩීවීඩී භාවිතා කරල ඉමේජ් ෆයිල් සකසා ගන්න පුලුවන්.වින්ඩෝස් සවන් වල භාවිතා කරන්න පෙර සිස්ටම් රිස්ටෝර් පොයින්ටුවක් හදාන ඉන්න.කෝකටත් වැදගත් වෙයි.





මෙහෙම කියාන ගියාට මෙලෝ අප්‍රබ්‍රන්සයක් තේරෙන්නේ නැති අයත් ඉන්නවනේ.
‍+ඉමේජ් ෆයිලයක් කියන්නේ මොකක්ද?
ඉමේජ් ෆයිලයක් කියන්නේ සීඩී,ඩීවීඩී තැටියක් ඒ ආකාරයෙන්ම පිටපත් කර ගත්තාම ලැබෙන ෆයිලයට

+ඉමේජ් ෆයිල් අපිට වැදගත් වෙන්නේ ඇයි?
ඔබ දන්නවා සමහර සීඩී,ඩීවීඩී තැටි තියෙනවා කොපි කරන්න බැරි.ඒවා මේ මගින් කොපි කරන්න පුලුවන්.තව සමහර ගේම්ස් එහෙම තියෙනවා ප්ලේ කරන්න එහි ඔර්ජිනල් සීඩී එකත් අවශ්‍ය වෙනවා.සීඩී සපොට් කියලා අපි කවුරුත් කියන්නේ.ඉතිං ඒවාට මේ සොෆ්ටුව භාවිතා කරන්න පුලුවන්.තව වැඩ නම් ගොඩයි.මම කිව්වේ ප්‍රධාන ඒවා.

+ඉමේජ් ෆයිල් ඕපන් කරන්නේ කොහොමද?
මෙහිදී ඔබ භාවිතා කරන සොෆ්ටුව(මැජික් අයි එස් ඕ,ඩීමොන් ටූල්ස්,ඇල්කොහොල්) මගින් ඔබේ පරිගණකයට වර්චුවල් ධාවකයක් එක් කරනවා.හරියට සීඩී රොම් එකක් වගේ.එය මගින් ඕපන් කර ගන්න පුලුවන්.

තව මොනව හරි ප්‍රශ්න වුනොත් ඊ මේල් එකක් එවන්න.එහෙනම් බා ගන්න.ඔබට ජය


1.3 MB




අයි එස් ඕ ඉමේජ් ෆයිල් ලේසියෙන් මැනේජ් කරන්න-Magic ISO

නීරෝ ගොයියා වෙඩි තබා ඝාතනය කර ඇත-Nero Portable


අපිට වැදගත් වන ඕඩියෝ,වීඩියෝ,ගේම්ස්,සොෆ්ට්වෙයා ආරක්ෂා කර ගැනීමට වඩාත් සුදුසුම ක්‍රමය වන්නේ සීඩී,ඩීවීඩී වල රයිට් කර අරන් තැබීම.එහෙත් අපේ පොඩි පොඩි වැඩ වලට නීරෝ වැනි සොෆ්ටුවක් බාවිතා කිරීම ගොඩක් වෙලා යන වැඩක්.ඒ වගේම නිරෝ වගේ ලොකු සොෆ්ටුවක් ක්‍රියාත්මක වෙද්දී වෙනත් වැඩක නිරත වීමත් අපහසුයි.BurnAware Free පොඩි පොඩි වැඩ කොර ගන්න කියාපු භාණ්ඩේ.
රැම් භාවිතාවත් අඩු නිසා ඉක්මනින් වැඩේ ගොඩ දා ගන්න පුලුවන්.ඒ වගේම නීරෝ සො‍ෆ්ටුවේ අඩංගු මුලිකාංග සියල්ලම පාහේ මේකෙ තිබෙනවා.රයිට් කරන සීඩී එකේ වර්ගය තේරීම,නම ලබා දීම,ස්පීඩ් එක සැකසීම.. වගේම ISO ඉමේජ් ෆයිල් හදන්න,නැවත රයිට් කරන්න,බූටබල් ඩිස්ක් හදන්න,රිරයිටබල් ඩිස්ක් ඉරේස් කිරීමට පවා පුලුවන්.මුලු සොෆ්ටුවම තියෙන්නෙ 4.5MB.ෆී දෙන නිසා ක්‍රැක් කොරගෙන කටු කන්න වෙන්නෙත් නෑ.එහෙනම් බා ගන්න හොදේ.ගිහින් එන්නා..ම්.ඔබට ජය.
LINK 1
LINK 2


ලේසියෙන්ම සීඩී,ඩීවීඩී රයිට් කරන්න-BurnAware Free