
ෆයිල් ෆ්‍රෙන්ඩ් (File Friend) මෘදුකාංගය, ප්‍රයෝජනවත් ගොනු කළමනාකරණ විශේෂාංග 4ක් ඉදිරිපත් කරනු ලබයි. එය පොර්ටබල් වර්ගයේ කුඩා මෘදුකාංගයකි. එමඟින් ඔබට විශාල ගොනුවක් කුඩා කැබලිවලට බෙදිය හැකිය, පසුව මුල් ගොනුව නැවත සකස් කිරීම සඳහා කෑලි එකතු කල හැකිය. ඔබට විශාල ගොනුවක් ඩී වී ඩී තැටි හරහා ගෙන යාමට අවශ්‍ය නම් හෝ ගොනුව ඊමේල් මගින් යැවීමට නොහැකි තරම් විශාල නම් මෙම විශේෂාංගය ඉතා ප්‍රයෝජනවත් වේ. ලිපිගොනු බෙදීමට හා සම්බන්ධ කිරීමට අමතරව, තෝරාගත් ගොනුවක් හෝ ගොනු තොගයක් සංකේතනය (Encrypt) කිරීමට හෝ විකේතනය (Decrypt) කිරීමටද ෆයිල් ෆ්‍රෙන්ඩ් මෘදුකාංගය ඉඩ ලබා දේ. සම්මත සංකේතනයට වඩා රහසිගතව ෆයිල් ආරක්ෂා කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබට ජේ පී ඊ ජී (JPEG) රූපයක් තුළ ලිපිගොනු සැඟවීමට හැකිය. එමෙන්ම එය අවශ්‍ය විට ලබා ගැනීමද කළ හැකිය. බාගන්න. ජය.
0.25 MB
ලිපිගොනු කෑලි කරන්න, එකතු කරන්න, සංකේතනය කරන්න, සඟවන්න - File Friend

කාලයත් සමඟ ඔබේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිවැරදිව ක්‍රියා නොකිරීම, වේගය අඩුවීම, අපිලිවෙල වීම, හාඩ් ඩිස්කයේ ඉඩ මදිවීම වගේ ලෙඩ ගොඩකට මුහුණ දෙන්න වෙනවා. වයිස් කෙයා 365 ෆ්‍රී වර්ෂන් මෘදුකාංගය මඟින් මෙවැනි තත්වයන් 90%වඩා අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබේ පරිගණකයේ කාර්යක්ෂමතාවයට බලපාන සියළු සාධක සලකා බලා එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ලකුණු ලබා දීමක් සිදු කරනවා. උදාහරණයක් විදියට හාර්ඩ් ඩිස්ක් එකේ ධාරිතාවය ඉක්මවා යාමට ආසන්න වී තිබේ නම් වයිස් කෙයා 365 මඟින් ස්කෑන් කර ජන්ක් ෆයිල්ස්, ටෙම්පරි ෆයිල්ස්, බ්‍රවුසර් හිස්ට්‍රි ආදිය ඉවත් කර නැවත ඉඩ ලබාගත හැකියි. ඔබ නොදන්නා විශේෂාංග භාවිතා කිරීමට පෙර ඒ පිළිබඳව ගූගල් සෙවුමක් කරන්න. බාගන්න. ජය.
22.4 MB

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සත්කාරය - Wise Care 365

අදාල මිනුම් අංගයන්හි උපරිම සීමාවක් ඔබට තීරණය කළ හැකි අතර එම සීමාව ඉක්ම ගිය විට නොර්ටිෆිකේෂන් ශබ්දයක් වාදනය කිරීමට, ඊ-මේල් පනිවුඩයක් ලබා ගැනීමට හෝ වෙනත් විධානයක් ක්‍රියාත්මක කිරීමට සිස්ගේජ් පහසුකම් සපයයි. එමෙන්ම ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ සහ දෘඩාංගයන්හි පවතින තීරණාත්මක ගැටළු පරීක්ෂා කර සරල සාරාංශ වාර්තාවක් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබයි. HTML, PDF, Excel, Text, CSV සහ XML ඇතුළු සම්මත ආකෘති ගණනාවකට සිස්ගේජ් රිපෝර්ට්ස් ලබාගත හැක. එහෙනම් බාගන්න. ජය.
4.6 MB

වින්ඩෝස් ටාස්ක් මැනේජර්ටත් වඩා වැඩකිඩ - SysGauge

හිට්බිට් අන්ස්ට්‍රෝලර් (HiBit Uninstaller) මඟින් වින්ඩෝස් ප්‍රෝග්‍රෑම්ස් සම්පූර්ණයෙන්ම අන්ස්ට්‍රෝල් කළ හැකි අතර ඩ්‍රයිව් ඇන්ඩ් රෙජිස්ට්‍රි ක්ලීන් කිරීම, ස්ටාර්ට්අප් ප්‍රෝග්‍රෑම්ස් කළමනාකරණය ඇතුළු තවත් වැඩකිඩ 10ක ප්‍රයෝජනය ලබාගත හැකියි.
- ඉතිරි නැතිව වැඩසටහන් සම්පූර්ණයෙන්ම අස්ථාපනය/ අන්ස්ට්‍රෝල් කරන්න.
- බලහත්කාරයෙන් ඔබේ පරිගණකයේ පැලපදියම් වූ මෘදුකාංග ඉවත් කරන්න.
- එකවර බහුවිධ වැඩසටහන් ඉවත් කරන්න.
- වැඩසටහන් ස්ථාපනය අධීක්ෂණය කරන්න.
- වැඩසටහන් ඉක්මන් සෙවුම් කාර්යය.
- වින්ඩෝස් ගබඩා යෙදුම් අස්ථාපනය කරන්න.
- බ්‍රව්සර් වල ඇඩෝන් ඉවත් කරන්න.
- රෙජිස්ට්‍රි ගැටළු විසඳා ඔබේ පරිගණක කාර්ය සාධනය වැඩි කරන්න.
- තාවකාලික ලිපිගොනු සහ අනවශ්‍ය වැඩසටහන් ගොනු ඉවත් කරන්න.
- ඔබගේ පද්ධතියේ වලංගු නොවන කෙටිමං/ ෂෝට්කට් මකන්න.
- වින්ඩෝස් සමඟ ආරම්භ වන වැඩසටහන් සහ සේවාවන් පහසුවෙන් කළමනාකරණය කරන්න.
- වින්ඩෝස් පද්ධති ප්‍රතිස්ථාපන ස්ථාන/ බැක්අප් පහසුවෙන් කළමනාකරණය කරන්න.
ඒමෙන්ම මිත්‍රශීලී භාවිතයට පහසු පරිශීලක අතුරුමුහුණතක් ඇත. එහෙනම් බාගන්න. ජය.
3.5 MB

අනවශ්‍ය සොෆ්ට්වෙයා පරිගණකයෙන් සහමුලින්ම ඉවත් කරමු


2030 වෙනකම් ඒ වී ජී ඉන්ටනෙට් සෙකියුරිටි වෛරස් ගාඩ් එක

ක්ෂණිකව ෆෝන් චාර්ජ් කරමු - Fast Charge Pro

රැම් මදිව හිර වෙන පරිගණකයට විසදුමක් - RAM Saver Professional

හාර්ඩ් ඩිස්ක් එක මැරෙන්න කලින් දැනගනිමු

ස්ලෝ වූ පරිගණකයට ජෙට් එන්ජිමක් සවි කරමු - Glary Utilities Pro


අනවශ්‍ය සොෆ්ට්වෙයා වලට සදහටම යන්න කියමු - IOBit Uninstaller

ඔටෝ රන්ස් මුදුකාංගය ගැන සම්පූර්ණ විස්තරයක් මීට පෙර දුන්නානේ.තාමත් කියවපු නැති අය මෙතනින් ගිහින් කියවන්න.සරලවම කියනවනම් අපි පරිගණකය ඔන් කරන විට ඔටෝ රන් වන ලට්ට ලොට්ට වැඩසටහන් ගොඩෙන් අපට අවශ්‍ය ඒවා විතරක් රන් කරවන්න පුලුවන් මෘදුකාංගයක්.ඔටෝ රන්ස් මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය 11.7 තියෙනවා එහෙනම් දැන්ම බා ගන්න.
කරදරකාර වැඩසටහන් ඔටෝ රන් වීම නවත්වමු- Autoruns 11.7

ටච් සොෆ්ට් රෙජිස්ට්‍රි වර්ක් ෂොප් කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ රෙජිස්ට්‍රිය ලේසියෙන් එඩිට් කරන්න පුලුවන් මෘදුකාංගයක්.තරු පහේ හෝටල් වල රිසෙප්ෂන් එකේ සයිඩ් එකකින් හෝටලේ හැම කාමරයකටම,හැම තැනකටම යන්න යතුරු එල්ලලා තියෙනවා ඔබ දැකලා ඇති.අන්න ඒ වගේ තමා වින්ඩෝස් රෙජිස්ට්‍රියත්.අපි පරිගණකය ඔන් කරපු වෙලේ ඉදන් නැවත ෂට්ඩවුන් කරන තෙක් වන ක්‍රියාකාරකම් වල උපදෙස් ලියවෙලා තියෙන්නේ මේ රෙජිස්ට්‍රියේ.ඉතිං වින්ඩෝස් රෙජිස්ට්‍රිය නිවැරදිව වෙනස් කිරීමෙන් අපට අවශ්‍ය කටයුතු පහසු කරගන්න,වේගවත් කර ගන්න පුලුවන්.ඒත් මෙය සාමාන්‍ය පරිගණක දැනුමක් ඇති අයෙකුට කල නොහැකියි.හේතුව සමහර වෙනස් කම් සිදු කිරීමෙන් පරිගණකය ඔන් කිරීමට පවා නොහැකි වෙන්න පුලුවන්.ඉහත කී මෘදුකාංගය හරහා ඔබ රෙජිස්ට්‍රිය එඩිට් කරන විට එසේ වන ලොකු වැරදීම් පෙන්වා දෙනවා වගේම එය සිදුවීම වලක්වාලනවා.මේ නිසා මෙම ක්‍රමය ඉතාමත් ආරක්ෂිත ක්‍රමයක්.
බොහොමයක් වෛරස් වැඩසටහන්,ස්පයිවෙයා වැඩසටහන් පරිගණකයට ඇතුලු වූ පසුව රෙජිස්ට්‍රිය තම පද්ධතියට අවශ්‍ය ආකාරයට වෙනස් කර ගනු ලබනවා.ෆොපෙෂනල්ස්ලා එහෙම නැතිනම් පරිගණක වැඩ්ඩෝ කරන්නේ මෙහෙම වෛරසයන්,ස්පයිවෙයා වැඩසටහන් පරිගණකයට රිංගපුවාම එඩිට් කරලා නැවත රෙජිස්ට්‍රිය යථා තත්වයට පත් කර ගන්නවා.ඒ වගේම එයාලා, අපි වගේ වෛරස් ගාඩ් කෑලි පාවිච්චි කරන්නෙත් නැතිලු.මෙහෙම අය ලංකාවෙත් ඉන්නවා.ගොඩක් අයට ලංකාවේ තියෙන රැකියා අවස්ථාවන් අඩු නිසා යුරෝපීය රට වලට බුද්ධිගලනය වෙනවා.ඔන්න ඊයේ(2013-11-26) යාපනය නගර සභාවේ වෙබ් එක හැක් කරලා ප්‍රභාකරන්ගේ ජන්ම දිනය සමරන්න ඇඩ් එකකුත් රිංගවලාලු හැකර් සතෙක්.සොරි තමා,මැස්සෙක්වත් හොයා ගන්න නෑ.අපේ කොල්ලෙක් අත් හදාබැලීමකට හරි මොනවා හරි කලොත් අත් අඩංගුවට ගන්නවා.රජයෙන් එහෙම කොල්ලෙක්ට සප් එකක් දීලා වැඩක් අරගෙන තිබ්බනම් ඕව රැකගෙන අපි තව කිලෝ මීටර් ගණන් දුර ගිහින් හුගක් කල්.
ඇඩ් එක ඉවරයි.කතා කර කර හිටියේ රෙජිස්ට්‍රිය ගැන.ටච් සොෆ්ට් එක හරහා සාමාන්‍ය කෙනෙකුට උනත් රෙජිස්ට්‍රිය වෙනස් කරන්න පුලුවන්.මොනවා කරන්නත් කලින් මේ මෘදුකාංගය හරහාම රෙජිස්ට්‍රි බැකප් එකක් අරන් තියාගන්න.අවුලක් වුනොත් රිස්ටෝර් පාරක් දාන්න පුලුවන්නේ.ඊට පස්සේ ඩිෆැග්මන්ට් පාරක් එහෙම දා ගන්න.කොම්පීතරේට සැබෑම ස්පීඩ් අප් එකක් ගන්න පුලුවන්.ඒ වගේම සාමාන්‍ය විදියට රෙජිස්ට්‍රියේ එන්ට්‍රියකට යන එක වෙලා යන වැඩක්.මේ මෘදුකාගයෙන් ඉක්මනට යන්න පුලුවන්.සර්ච් පාරක් දැම්මොත් වේගවත්ව එන්ට්‍රි එක හොයලා දෙන ස්ර්ච් ඇල්ගොරිදම් එකක් මෙහි අඩඅංගුයි.ඒ වගේම ඇඩ්මිනිස්ට්‍රේටර් එකවුන්ටුවෙන් ගිහින් එඩිට්න් වැඩ ලේසියෙන් කරන්න පුලුවන්.සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් කරලා ක්‍රැක් ෆයිල් එක ඕපන් කරගෙන ඒ හරහා ඊ එක්ස් ඊ ෆයිලය තෝරා පැච් ක්ලික් කරන්න.එතකොට වැඩේ ගොඩ.ඔන්න එහෙනම් බා ගන්නකෝ.
ගේමක් නැතුව වින්ඩෝස් රෙජිස්ට්‍රියත් එක්ක හැප්පෙමු- TorchSoft Registry Workshop 4.6

ටියුන් අප් යූටිලිටිස් කියන්නේ එදා මෙදා තුර පරිගණක ඉතිහාසයේ හොදම යුටිලිටි එක කියල කවුරුත් දන්නවා.අනෙකුත් යූටිලිටි මෘදුකාංග හා සසදන විට ටියුන් අප් යූටිලිටිස් මගින් ඔබේ මන්දගාමී පරිගණකය ඉතාමත් හොදින් සුමටව වේගවත් කර ගත හැකියි. ඔයාලා මම මීට පෙර දුන්න 2013 වසරේ පිටපත 2014ට යාවත්කාලීන කරන්න ගියොත් $29.95කුත් අලුතෙන්ම 2014 පිටපත මිලිදී ගන්න ගියොත් $49.95කුත් ගෙවන්න වෙනවා.කොහොම වුනත් සිංහලෙන් සොෆ්ට්වෙයා වෙතින් ඔන්න නොමිලේම බා ගන්න පුලුවන්.
ඔබ සාමාන්‍ය පරිදි සෙටප් ෆයිලය ඉන්ට්‍රෝල් කර ගත් විට ලැබෙන්නේ දින 15 සීමිත භාවිතයක්.අනතුරුව ඔබගේ මෙහෙයුම් පද්ධතිය බිට් 32ද,බිට් 64ද සොයා බලා අදාල ගැලපෙන ක්‍රැක් ෆයිලය බා ගන්න.දැන් එම ෆයිලය ඕපන් කර ගෙන අදාල ටියුන් අප් යුටිලිටිස්හි ඊ එක්ස් ඊ(exe) ෆයිලය තෝරා ක්‍රැක් කර ගන්න.දැන් 2015 වෙන තුරුම ටියුන් අප් යූටිලිට්ස් ඔබේ.
ටියුන් අප් යූටිලිටිස් 2014න් පරිගණකය සුද්ධ කර ගන්න-Tune Up Utilities 2014

වැඩක් බොක්කෙන්ම බැහැල කොරගෙන කොරගෙන යනකොට කොම්පීතරේ ස්ටක් වුනොත් එතනින් ලැබෙන සන්තෝසේ කියල නිම කරන්න බැරුවා.විශේෂයෙන්ම ගැරැෆික් වැඩ වගේ දේවල් කරනකොට ස්ටක් වුනොත් කට කනේ තියාන කොන්ට්‍රෝල්,ඕල්ට්,ඩිලීට් ගහලා විදින්න වෙන වදේ.ඉතිං කස්ටියට සුපිරි වැඩක් ගන්න සොෆ්ටුවක් වයිස් මෙමරි ඔප්ටිමයිසර් කියන්නේ.මේකෙන් අනවශ්‍ය රැම් භාවිතය අවම කරන්න පුලුවන්.හැබැයි ගේම්ස් වලට මේක පාවිච්චි කරන්න අමාරැයි.අපි යම් දෙයක් කරගෙන යනකොට පරිගණකය ස්ලෝ වෙනවා නම් මෙම මෘදුකාංගය භාවිත කිරීමෙන් නැවත යථා තත්වයට පත් කර ගන්න පුලුවන්.එහෙන්ම් බාගෙනම බලන්න හොදේ.

රැම් එක වැඩි කර ගන්න-Wise Memory Optimizer

සී ක්ලීනර් කියපුවාම ගොඩක් අය දන්නවනේ.හරියට ටියුන් අප් යූටිලිටිස් වගේ.සිස්ටම් එක ඔප්ටිමයිස් කරන්න,රෙජිස්ට්‍රිය ෆික්ස් කරන්න,හිස්ට්‍රිය ක්ලීන් කරන්න තව තව වැඩ ගෙඩක් ගන්න පුලුවන් මෘදුකාංගයක්.විශේෂත්වය වෙන්නේ මේ මෘදුකාංගය ෆ්‍රී වෙයා එහෙම නැත්නම් නොමිලේ ලබා දෙන මෘදුකාංග ගණයට අයත් වෙන්නක්.ඉතිං ඒ නිසා ක්‍රැක් කරන්න,කාලෙන් කාලෙට කල් ඉකුත් වුනාම අලුත් වර්ෂන් හොයන්න දගලන්න වෙන්නේ නෑ.අසාමාන්‍ය ලෙස කොම්පීතරේ ස්ලෝ වෙලා නම්,අනවශ්‍ය ලෙස ටෙම්පරි ෆයිල් වලින් මෙමරි ෆුල් වෙලා නම් සී ක්ලීනර් දැන්ම බා ගෙන ඉන්ට්‍රෝල් කරලා ඒ දෝෂ සමනය කර ගන්න.ගිහින් එන්නම්.ඔබට ජය.