චොර වූ ඡායාරූපයක් ගොඩ දා ගැනීමේ කලාව

ඉම්බැජ් (ImBatch) මෘදුකාංගය මඟින් ඡායාරූප සමුහයක් සඳහා එකවර වෙනස්කම් ඇතුලත් කර ගැනීමට හැකිය. උදාහරණයක් ලෙස ඔබ සතු ඡායාරූප තොගයක් ෆේස්බුක් අප්ලෝඩ් කිරීම සඳහා එකම ප්‍රමාණයකට කපා ගැනීමට ඉම්බැජ් හරහා පුලුවන්. ඒ වගේම වර්ණ වෙනස් කිරීම, රොටේට් කිරීම, බ්ලර් වැනි ඉෆෙක්ට්ස් යෙදීම, ටැග් ඉවත් කිරීම හෝ එකතු කිරීම, පින්තූර දිනයන් වෙනස් කිරීම, පී ඩී එෆ් බවට පරිවර්තනය සහ තවත් බෙහෝ ප්‍රයෝජන මෙයින් ලබාගත හැකිය. ඉම්බැජ් මෘදුකාංගය ලබාදෙන එඩිටින් පියවරයන් කිහිපයක් වුවද එක ක්ලික් එකකින් එකවර ඡායාරූප සමුහයකට ඇතුලත් කරගැනීමට ඉඩ ලබා දේ. එමෙන්ම ඡායාරූප සඳහා එඩිටින් ප්‍රීවිව් එකක් පෙන්වන බැවින් ඔබට අවශ්‍ය කටයුත්ත සිදුකර ගැනීම පහසුය. එහෙනම් බාගන්න. ජය.


29.8 MB


ඡායාරූප තොගයක් එකවර එඩිට් කරමු - ImBatch

මොඩර්න් පෙන්සිල් ස්කෙට්ච් ෆොටෝෂොප් ඇක්ෂන් (Modern Pencil Sketch Photoshop Action) එක මඟින් ඔබ සතුව පවතින සැබෑ ඡායාරූපයක් පහත රූපයේ පරිදි පැන්සලෙන් ඇඳි චිත්‍රයකට පෙරලන්න පුලුවන්. මේ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.


1. ඩවුන්ලෝඩ් කරගත් ෆොල්ඩරයේ ඇති Brushes (1st load me), Patterns (1st load me), Modern Pencil Sketch Photoshop Action ෆයිල්ස් පිළිවෙලින් ඩබල් ක්ලික් කරමින් ෆොටෝෂොප් මෘදුකාංගය වෙත ඇතුලත් කර ගන්න. 


2. ඔබට අවශ්‍ය ඡායාරූපය ෆොටෝෂොප් මඟින් විවෘත කර ගන්න. මෙහිදී ඔබගේ ඡායාරූපය ආර්.ජී.බී (RGB) ෆෝමැට්ටුවෙන් තිබිය යුතුයි. එසේ නොවේනම් මෙනු බාර්හි Image > Mode > "RGB color" සහ "8 Bits/Channel" ලෙස සකසන්න. 


3. Leyar > New > Layer මඟින් නව ලේයරයක් ගෙන එය "brush"ලෙස නම් කරන්න. 


4. එම ලේයරයෙහි ඔබට සිතුවමක් බවට පත්කිරීමට අවශ්‍ය කොටස බ්‍රෂ් එක භාවිතයෙන් පාට කරන්න.


5. දැන් ඔබගේ ඇක්ෂන් පැනලයේ Modern Pencil Sketch Photoshop Action තුළ ඇති All in one play action තෝරා පහතින් ඇති ප්ලේ බට්න් එක ක්ලික් කරන්න.


6. මිනිත්තු කිහිපයකින් ඔබට, ඔබ තෝරාගත් ඡායාරූපය පැන්සලෙන් ඇඳි සිතුවමක් ලෙස ලබා ගත හැක.


ඔබට අපැහැදිලි තැනක් වේ නම් කොමෙන්ටුවක් දාගෙන යන්න. උත්සාහ කරලා බලන්න. ජය.


3.7 MB


ඡායාරූපයක් පැන්සලෙන් ඇඳි සිතුවමකට පෙරලමු

තත්පර 5න් ඡායාරූපයක පසුබිම ඉවත් කරමු

ෆොටෝෂොප් මුල සිට අගට සියල්ල ඉගෙන ගන්න

ෆොටෝ වර්ක්ස් එක්ස් එල් (FotoWorks XL 2021 v21.0) මෘදුකාංගය  ෆොටෝ එඩිටිං සඳහා අත්පොත් තියන අයට, ඡායාරූප ශිල්පීන්ට සහ වෘත්තීය පරිශීලකයින් සඳහා භාවිතා කළ හැකි පහසු ඡායාරූප සංස්කරණ මෘදුකාංගයකි. සරල ඡායාරූප සංස්කරණ මෘදුකාංග කට්ටලයක් වන ෆොටෝ වර්ක්ස් එක්ස් එල් පෙර සංස්කරණ වලින් යාවත්කාලීන කර වැඩි දියුණු කර ඇත. ඡායාරූප, ග්‍රැෆික්ස්, ක්ලිප් ආර්ට් සහ අකුරු  සමඟ ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ ෆොටෝ එඩිටිං කටයුත්තක් කිරීමට එය ඔබට ඉඩ දෙයි. ෆයිල් එක බාගෙන සාමාන්‍ය අයුරින් ඉන්ස්ට්‍රෝල් කරගන්න. ලෝඩර් (Loader) ෆොල්ඩරය ඇතුලේ ඇති ඊ ඒක්ස් ඊ ෆයිල් එක ඉන්ස්ට්‍රෝල් කරපු පාත් එකට කොපි කරන්න. කැමති රෙජිස්ටර් කෝඩ් එකක් දීලා රෙජිස්ටර් වෙන්න. දැන් සොෆ්ට්වෙයා එකෙන් වැඩ ගන්න පුලුවන්. ජය.

64 MB

ෆොටෝ එඩිටිං වැඩ සරලව කරගමු - FotoWorks XL 2021

ෆොටෝෂොප් ලයිට්රූම් වල පරතෙරටම දැනගමු

ස්වභාව සෞන්දර්යය සහිත ලස්සන ෆෝ කේ වෝල්පේපර් සෙට් එකක් - Awesome Nature Ultra HD 4K Wallpapers

ෆොටෝග්‍රැෆි (Photography) කියන්නේ කලාවක්. හරියට කරනවනම් ඩී එස් එල් ආර් කැමරාවක්ම (DSLR Camera) අවශ්‍ය නෑ. අතේ තියෙන ස්මාර්ට් ෆෝන් (Smart Phone) එකත් ඇති. තක්කෙටම වැඩේ අල්ල ගත්තොත් සල්ලි උල්පතක්. වෙඩින් ෆොටෝ ෂූට් එකක් කරන තැන ඉදන්, හොටු කෙල්ලන්ව නිරූපන ශිල්පිනියන් කරන තැන දක්වා සහ දුර්ලභ ඡායාරූප ෂටර්ස්ටොක් (shutterstock), ඩිපොසිට් ෆොටෝස් (depositphotos) වගේ වෙබ් අඩවි වලට ඇතුලත් කරල අන්ලිමිටඩ් විකිණීම දක්වා විවෘත වූ සුපිරි ෆීල්ඩ් එකක්. 
ඩිජිටල් ෆොටෝග්‍රැෆි මාස්ටර් ක්ලාස් (Digital Photography Masterclass) කියන පහලින් බා ගන්න දීලා කියෙන ඊබුක් එක හරහා ඔබට ෆොටෝග්‍රැෆි ගැන පරතෙරටම ඉගෙන ගන්න පුලුවන්. හොම්බ දිඟ කැමරාවකින් (DSLR Camera) ගත්ත ගොම තලියක් වගේ ෆොටෝත් සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකථන කැමරාවකින් ලබාගත් නෙත් සිත් ඇදගන්නා ෆොටෝත් ඔබ දැක ඇති. ඉතිං තත්වයෙන් ඉහල ඡායාරූපයක් ලබා ගැනීම සඳහා ප්‍රධාන වෙන්නෙ, එම ඡායාරූපය ලබා ගන්නා පුද්ගලයාගේ හැකියාව සහ දැනුම බව පැහැදිලියි. පිටු 360කින් යුත් ඩිජිටල් ෆොටෝග්‍රැෆි මාස්ටර් ක්ලාස් ඊබුක් එක හරහා ඔබටත් පුලුවන් ඩිජිටල් ෆොටෝග්‍රැෆි මාස්ටර් කෙනෙක් වෙන්න. එහෙනම් බාගන්න. ඔබට ජය.

58.1 MB

ඩිජිටල් ෆොටෝග්‍රැෆි මාස්ටර් කෙනෙක් වෙන්න

තමන්ගෙ ලෝගෝ බයර්ව අන්ද මන්ද කරල දාන්න පුලුවන් සුපිරි ලොගෝ මොක්-අප් බන්ඩලයක් මෙන්න. මොක්-අප් කියන දේ හරියටම සිංහලෙන් විග්‍රහ කරන්න අමාරු නිසයි සිංලෙනුත් ඒ වචනයම භාවිතා කරේ. නමුත්, ස්වයං විග්‍රහයක් දුන්නොත් අපි හදපු ඩිසයින් එක, ටෙක්ස්ට් එක සෑබෑ මෙටිරියල් එක්කට, ඔබ්ජෙක්ට් එක්කට ඔබ්බපුවාම පෙනෙන්නේ කොහොමද කියලා, බලා ගත හැකි අයුරින්, සකස් කල ෆොටෝෂොප් ටෙම්ප්ලේට් එක්කට ෆොටෝෂොප් මොක්අප් එකක් කියලා කියන්න පුලුවන්. පහත ඇති ඉමේජස් බැලුවාම ඔබට සරලව තේරුම් ගන්න පුලුවන්. මේ වගේ එකක් බාගන්න දී ඇති ටෙම්ප්ලේට් මාර්ගයෙන් තත්පර කිහිපයක් තුළ සකස් කර ගත හැකියි. වැඩේ කරගන්නා ආකාරය පිළිබඳ ටියුටෝරියල් එකක් බාගන්න ෆයිල් එක ඇතුලෙම ඇති. දැන්ම බාගන්න. ඔබට ජය.

248.7 MB

ලස්සන ලොගෝ මොක්-අප් බන්ඩලයක් - Logo Mockup Bundle

වැලන්ටයින් එකට තම ආදරවන්තියගෙ, ආදරවන්තයගෙ රූපයක් තමන්ගෙ අතින්ම ඇදලා, වදන් වලින් කැටයම් පාරක් දාල යවන්න තියෙනවනම්. මෙන්න ඒකට කියාපු භාණ්ඩේ. චිත්‍ර බැරි අයට පවා ලේසියෙන් චිත්‍රයක් නිරිමාණය කල හැකි ක්‍රිටා සොෆ්ට්වෙයා එක පහලින් බාගන්න දීල තියෙනවා. ෆොටෝෂොප්, ඉලස්ට්‍රේටර් වගේ  මෘදුකාංගවලට සාපේකෂව මෙම මෘදුකාංගය සරලව තේරුම්ගත හැකිවාක් මෙන්ම මෙගාබයිට් 100ටත් වඩා අඩු ඩේටා ප්‍රමාණයක් වැය කරල බාගන්න පුලුවන්. 100%ක්ම ඕපන් සෝර්ස් (open source) මෘදුකාංගයක් නිසා ක්‍රැක් කරන්න, සීරියල් කී හොයන්න, අවශ්‍ය වෙන්නේ නෑ. ඡායාරූපයක් හරහා එහි කාටූන් පිටපතක් නිර්මාණය කරන්න වගේම තම සිතැඟි දෙයක් චිත්‍රයට නගන්නත්, ක්‍රිටා හරහා සිදු කල හැකියි. ෆොටෝෂොප් පී එස් ඩී (PSD) ෆෝමැට්ටුවට පවා මේ මෘදුකාංගය සඳහා සහයෝගය ලබා දෙනවා. එහෙනම් දැන්ම බාගන්න. ඔබට ජය.

100 MB


නවතම චිත්‍ර ඇදීමේ කලාව - Krita

වින්ඩෝස් 8,10න් එක්ක වැඩ කරනකොට ෆෝටෝ, ඉමේජස් ආදිය ඕපන් කිරීම සහ ස්ලයිඩ් ෂෝ කිරීම ලේසි පහසු කාර්යයක් නොවන බව ඔබ අත්දැකීමෙන් දන්නවා. හේතුව වින්ඩෝස් 8 හෝ 10න් සමඟ ලැබෙන් ඩිෆෝල්ට් ෆෝටෝ වීවර් ඇප්ලිකේෂන් එකට, විවිධ ඇඩ්වාන්ස් ටූල් ඇඩ් කිරීම තුළින් එහි කාර්යක්ෂමතාවය අඩුවීමයි. ෆාස්ට් ස්ටෝන් ඉමේජ් වීවර් මෘදුකාංගය මේ සඳහා හොද විකල්පයක්. ෆෝටෝස් බැලීම සහ එහි මූලික වෙනස් කිරීම්  වන රිසයිස්, ක්‍රෝප්, ඩ්‍රෝ, ලයිට්නින්, රොටේට්, ක්ලෝන් වගේම තවත් වැඩ ගොඩාක් මේ හරහා කර ගන්න පුලුවන්. ඒ වගේම මෙය BMP, JPEG, JPEG 2000, GIF, PNG, PCX, TIFF, WMF, ICO, TGA වැනි ඉමේජ් ෆෝමැට් රාශියකට සපෝට් කරනවා. බාගන්න දීල තියෙන පේජ් එකේ ටියුටෝරියල්, ටිප්ස් ගැනත් ඇති. මෙගා බයිට් 10ක්වත් නැති මේ ෆාස්ට් ස්ටෝන් ඉමේජ් වීවර් මෘදුකාංගය නම වගේම වැඩ පෙන්වන සුපිරි ඇප්ලිකේෂන් එකක්. එහෙනම් දැන්ම බාගන්න. ඔබට ජය.

6.6 MB

අසුරු සැනින් ෆොටෝස් ඕපන් කරමු - FastStone Image Viewer 6.5

අලුතින්ම ගත්ත ෆොටෝ එකකට වුනත් වින්ටේජ් ලුක් එකක් දෙන්න මේ ෆොටෝෂොප් ඇක්ෂන් එකෙන් පුලුවන්. ඒ වගේම වින්ටේඩ් ලෝගෝ ඩිසයිනර්ස්ලට ෆයිනල් ඩිලිවරිය පොඩි කැටයමක් දාලා කස්ටමර්ගෙන් ටිප් එකක් ගන්න එහෙම වටින ඇක්ෂන් එකක්. වැඩිය කියන්න දෙයක් නෑ. ෆොටෝ බලපුවාම තේරෙනවනේ. එහෙනම් දැන්ම බාගෙන, ට්‍රයි එකක් දීල බලන්න. ඔබට ජය.

105 MB

පින්තූරයකට අතින් ඇදපු පරණ චිත්‍රයක පෙනුම දෙමු