
ෆෝ කේ වීඩියෝ ඩවුන්ලෝඩර් කියන්නේ යූටියුබ්, ෆේස්බුක්, විමිඕ (Vimeo) ඇතුළු වීඩියෝ වෙබ් අඩවි ගණනාවකින් හයි කොලිටි (High Quality) වීඩියෝස් ඇති පදම් බාගත හැකි, නොමිලේ දෙන මෘදුකාංගයක්. වින්ඩෝස් වලට විතරක් නෙවේ, මෙය මැක් සහ උබුන්ටු මෙහෙයුම් පද්ධති සඳහාත් ගලප ගන්න පුලුවන්. 2018 නොමිලේ ලබා දෙන වීඩියෝ ඩවුන්ලෝඩ් මෘදුකාංග අතර ඉහලින්ම වැජබෙන මෘදුකාංගය කීවොත් නිවැරදියි. මෙහි විශේෂත්වය වන්නේ, ඔබට අවශය නම් සම්පූර්ණ චැනල් එකක්ම, ප්ලේ ලිස්ට් එකක්ම, සබ්ස්ටයිටල් සමඟ මවුස් ක්ලික් කිහිපයකින් බාගත හැකියි. පුංචි අවාසියකට තියෙන්නේ ෆ්රී වර්ෂන් එකේදී චැනල් එකක හෝ ප්ලේ ලිස්ට් එකක වීඩියෝ 25කට වඩා එකවර ගන්නේ නැහැ. එවිට ඉතුරු වීඩියෝස් එකින් එක ඩවුන්ලෝඩ් කර ගත යුතු වෙනවා. ඩවුන්ලෝඩ් ස්පීඩි ලිමිට් කරන් නැහැ. තමන්ට අවශ්ය වීඩියෝ ලින්ක් එක වෙබ් බ්රව්සරයෙන් කොපි කරලා, ෆෝ කේ වීඩියෝ ඩවුන්ලෝඩර්හි පේස්ට් බට්න් එක ක්ලික් කරපු ගමන්, ඉතුරු වැඩ ටික ඔටෝමැටිකලි ගොඩදාල දෙනවා. එහෙනම් බාගන්න. අවශ්ය අය පෝරටබල් වර්ෂන් බාගන්න. ඔබට ජය.
බාගැනීමේ පිටුවට
ගේමක් නැතුව වීඩියෝස් බාමු - 4K Video Downloader

කාලෙත් එක්ක වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය ස්ලෝ වෙනවා. දැන්නම් ආයෙත් ෆෝමැට් පාරක් දාලා වින්ඩෝස් ඉන්ස්ට්රෝල් කරන්න කාලේ හරි. ඒත් අලුතෙන් ආපු වින්ඩෝස් ඩී වී ඩී යක් නෑ. පෙන් එක ෆෝමැට් කරන්නත් බෑ. වටින කියන ෆයිල් තියෙනවා. දැන් මොකද කරන්නේ? ඕකට නියම විසදුම වින් යූ එස් බී. වද වෙන්න දෙයක් නෑ. අලුතින් ආපු වින්ඩෝස් වර්ෂන් එකක අයි එස් ඕ ඉමේජ් ෆයිල් එක ටොරන්ට් වලින් බාගත්තා. වින් යූ එස් බී හරහා පෙන් එක වින්ඩෝස් බූටබල් විදියට හදාගෙන වැඩේ එකෙන් ගොඩ දාගන්න පුලුවන්. එහෙනම් බාගන්න. ඔබට ජය.

පෙන් ඩ්රයිව් එක ෆෝමැට් නොකර, වින්ඩෝස් බූටබල් යූ එස් බී ඩ්රයිව් එකක් කරමු - Win USB
ඔටෝ රන්ස් මුදුකාංගය ගැන සම්පූර්ණ විස්තරයක් මීට පෙර දුන්නානේ.තාමත් කියවපු නැති අය මෙතනින් ගිහින් කියවන්න.සරලවම කියනවනම් අපි පරිගණකය ඔන් කරන විට ඔටෝ රන් වන ලට්ට ලොට්ට වැඩසටහන් ගොඩෙන් අපට අවශ්ය ඒවා විතරක් රන් කරවන්න පුලුවන් මෘදුකාංගයක්.ඔටෝ රන්ස් මෘදුකාංගයේ අලුත්ම සංස්කරණය 11.7 තියෙනවා එහෙනම් දැන්ම බා ගන්න.
0.6 MB
කරදරකාර වැඩසටහන් ඔටෝ රන් වීම නවත්වමු- Autoruns 11.7
ගොඩක්ම මේ මෘදුකාංකය වැදගත් වෙන්නේ ගේම් ගහන අයටයි, ෆොටෝෂොප්,ඉලස්ට්රේටර් වගේ ග්රැෆික් වැඩ කරන අයටයි ඔන්න.ගේම්ස් වගේම ග්රැෆික් මෘදුකාංග වලට,පරිගණකයේ ග්රැෆික් කාඩ් එකෙහි ග්රැෆික් ධාරිතාවය වගේම එහි ගැලපීම බලා ගැනීමට තවත් විස්තර රාශියක් අවශ්ය වෙනවා.ඉතිං මේ ජී පී යූ ඉසෙඩ් හරහා ග්රැෆික් කාඩ් එක පිලිබද සර්ව සම්පූර්ණ විස්තරයක් ඔබට ලබා ගත හැකියි.ඉන්ස්ට්රෝල් කිරීම අවශ්ය නැහැ.බාගෙන එක්ස්ට්රැට් කරලා සාමාන්ය විදියට ඕපන් කර ගන්න.ගැෆික් කාඩ් එකෙහි අලගිය,මුලගිය හැම විස්තරයක්ම තියෙනවා.එහෙනම් බා ගන්න.
1.3 MB
ග්රැෆික් කාඩ් එක පිලිබද සියලු විස්තර- GPU-Z

ගොඩක් අය ආසයිනේ තමන්ගේ කොම්පීතරේ ලස්සනට තියා ගන්න.ඩෙස්ටොප් එකට ලස්සන වෝල් පේපර් එකක්,ස්ක්රීන් සේවරයක් එහෙම දාලා චීස් වගේ තියෙන සමහර අයගේ කොම්පීතර දැක්කාම ඉරිසියත් හිතෙනවා.ඔන්න ඉතිං මේ දෙන්න යන්නේ ඩෙස්ටොප් එකට වෝල් පේපර් දානවා වගේ ඩ්රයිවර්ස් වලට,ෆෝල්ඩර් වලට බැක්ග්රවුන්ඩ් වෝල් පේපර් දා ගන්න පුලුවන් සොෆ්ටුවක්.
ඔන්න එහෙනම් ඉස්සරෝම පහතින්ම බා ගන්නකෝ.ඊට පස්සේ එක්ස්ට්රැට් කරලා "IESHWIZ" නමින් තියෙන ෆයිලය පමණක් අදාල ඩ්රයිව් එකට හෝ ෆෝල්ඩරයට කොපි කර ගන්න.දැන් ඩබල් ක්ලික් කරලා ඕපන් කර ගෙන නෙක්ස්ට් කරන්න."මොඩ්ෆයි බැක්ග්රවුනඩ් පිකචර් ඇන්ඩ් ෆයිල් නෙම් ඇපියරන්ස්" තෝරලා නෙකස්ට් දෙන්න.අදාල පික්චර් එක,බැක්ග්රවුන්ඩ් කලර් ආදිය තෝරා නෙක්ස්ට් කර ෆිනිෂ් දෙන්න.දැන් ෆෝල්ඩරේ රීෆෙෂ් පාරක් දාලා බලන්නකෝ.සුපිරි නේද?තව ෆෝල්ඩරේකට "IESHWIZ" කොපි කරලා වෙනස් විදියට අත් හදා බලන්න.
0.1 MB
ඩ්රයිවර්ස් වලට,ෆෝල්ඩර් වලට බැක්ග්රවුන්ඩ් වෝල් පේපර් දා ගන්න- IE Customize Folder Wizard

0.1 MB
ලේසියෙන්ම ෆයිල් මූට්ටු කර ගන්න-File Joiner Portable

පන්ඩිතකමට දැම්ම වගේ නෙවේනෙ.දැන් ඉල්ලපුවා දෙන්නත් එපැයි.සොෆ්ට්වෙයා ඉල්ලීම් තීරයෙන් මලිත්,මුණවීර යාලුවො දෙන්න ටෙක්ස් ටු ස්පීච් සොෆ්ටුවක් ඉල්ලපු නිසා අද ඩී ස්පීච් ගෙනාවා.සාමාන්ය වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමග එන ස්පීච් පහසුකමට වඩා මෙහි වැඩ ගොඩක් තියෙනවා.ඩී ජේ කරන යාලුවන්ට ගොඩක් වැදගත් වේවි මේක.ඒ වගේම තමන්ගේ අනන්යතාව සගවාගෙන අවශ්ය කෙනෙකුට පනිවුඩයක් යැවීමට මෙය පහසුවෙන් භාවිතා කල හැකියි.ඒ වගේම මේ සදහා අන්තර්ජාලය තුලින් තවත් කටහඩවල් රාශියක් ඩවුන්ලෝඩ් කර ගෙන භාවිතා කල හැකියි.ඉන්ට්රෝල් කිරීමක් අවශ්ය කරන්නෙත් නෑ.බා ගෙන එක්ස්ට්රැට් කොරලා වැඩ කරන්නයි තියෙන්නේ.එහෙනම් ඉක්මන් කොරලා බා ගන්න.
1.7 MB
කතා නොකර කතා කරන්න-D Speech

එදා මෙදා තුර සීඩී,ඩීවීඩී රයිටින් ඉතිහාසයේ ජන හද දිනු නීරෝ මෘදුකාංගය ක්රැක් කොර ගන්න එක,කොපියක් හොයා ගන්න එක ලේසි නෑ.හොයා ගත්තත් මාසයක් දෙකක් යනකොට වැඩ නෑ බඩු බනිස්.ඉතිං හැමදාම අපිට රැස්පොට් දාන නීරෝ ගොයියා මෙන්න තලලා,පොඩි කරලා,ගුටි දීලා,මඩවලා,චුප්පන් කොරලා හම්බුනා මට.ගින්දර වගේ වැඩ.පොර්ටබල් නිසා ආයෙ ඉතිං ජීවිතාන්තය දක්වා පාවිච්චි කරන්න පුලුවන් හිටු කියලා.වින්රාර් කාරයත් එක්ක සෙට් වෙලා පත අට එකට හින්දලා,අකුලලා තියෙන්නෙ ඈ.මෙන්න එහෙනම් බා ගන්න.
40 MB
නීරෝ ගොයියා වෙඩි තබා ඝාතනය කර ඇත-Nero Portable

ලේසියෙන්ම යූ ටියුබ් වීඩියෝ බා ගන්න අවශ්ය අයටයි,යූ ටියුබ් වලදි ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් කේස් වෙන අයටයි මෙන්න බාන්ඩේ බා ගන්න.සොෆ්ටුව නම් කිලෝ බයිට් සීයක්වත් නෑ.හැබැයි බඩුම තමා.ඉන්ට්රෝල් කරන්න අවශ්ය නෑ.ඕපන් කරගෙන ඩවුන්ලෝඩ් කිරීමට අවශ්ය වීඩියෝ එකේ ඇඩ්රස් එක කොපි කරල පේස්ට් කලාම ඔක්කොම හරි.එහෙනම් බා ගන්න.ගොහින් එඤ්ඤම් ඈ.ඔබට ජය.
0.1 MB
ගේමක් නැතුව යූ ටියුබ් වීඩියෝ බා ගන්න-Youtube File Hack

පී ඩී එෆ් කියන්නේ ලෝකයේ වැඩි වශයෙන් භාවිතා වන පිලිගත් ෆයිල් ෆෝමැට්ටුවක්.ඇඩෝබි සමාගමෙන් හදුන්වා දෙන ලද ඇඩෝබි රීඩර් මුදුකාංගය සාමාන්යයෙන් පී ඩී එෆ් ෆයිල් කියවීම සදහා යොදා ගන්නවා.අද දෙන්න යන්නේ පී ඩී එෆ් ලේසියෙන් කියවන්න පුලුවන් පෝර්ටබල් වර්ගයේ සොෆ්ටුවක්.ගේමක්ම නැතුව පී ඩී එෆ් බලන්න,කියවන්න ඕන නම් Sumatra PDF බාගන්න ඈ.
2 MB
ලේසියෙන්ම පී ඩී එෆ් කියවන්න-Sumatra PDF

ගොඩක් අය සොයන සොෆ්ටුවක් අද අරගෙන ආවා.වෙබ් බ්රව්සර් වලින් තාමත් වැඩිම කොටහ අල්ලගෙන ඉන්නේ ෆයර්ෆොක්ස් ලොක්කනේ.ඉතිං මේ ඒකෙ පොර්ටබල් වර්ෂන් එක.පෙන් එකක දාගෙන ගොහින් ඕන කොම්පීතරේකට ජැක් කරල වැඩ ගන්න පුලුවන්.ඉතිං මේකේ තියෙන වැඩ කෑලි වෙනම කියන්න ඕන නෑනේ.අර ටූල් බාර්,මේ ටූල් බාර් හැම මගුලක්ම අපෙන් අහන්නෙත් නැතුව පැල පදියම් වෙනවාට නියම උත්තරේ.ඔය අන්තර්ජාලයෙන් ජල්තර දාලා සල්ලි හොයන කොල්ලොන්ට එකවුන්ට් බැන්නඩ් කරගන් නැතුව ලේසියන් වැඩටික කොර ගන්න පුලුවන් ඈ.එහෙනම් ඉක්මන් කොරල බා ගන්න.
24 MB
ගිනි නරියා සාක්කුවට දා ගන්න-Firefox Portable

අපි කොම්පීතරේ ෆෝමැටි කරලා කාලයක් යනකොට එහි ඇති ෆයිල්ස් අපිලිවෙල වෙනවා.සමහර සොෆ්ටු අන්ස්ට්රෝල් කරාම තවත් කෑලි ඉතිරි වෙනවා.තවත් සමහර සෙටප් ෆයිල්,වෛරස් එහෙමත් කොම්පීතරේ එක එක තැන් වල ලැග ගන්නවා.ඉතිං මේව අපි ඩිලීටි කලාම කෑලි,කෑලි ඉතිරි වෙනවා.ඒ ඉතිරි වෙන කෑලි කොච්චර තැටමුවත් ඩිලීට් කොරන්න තියා,අඩුම තරමේ මූව් කොරන්න,රීනේම් කොරගන්නවත් බෑ.ඇක්සෙස් ඩිනයිඩඩ් කියලා වැටෙනවා.ඔයාලටත් අනිවා මේ වගේ ෆයිල්ස් මුන ගැහිලා ඇති.
ඒ වගේ ෆයිල්ස් මට්ටු කරන්න Unlocker කිරි ගහට ඇගිල්ලෙන් ඇන්න වගේ තමා.;-) ඉන්ස්ට්රෝල් අවශ්ය නෑ.32 බිට් සිස්ටම් අය x86 ෆෝල්ඩරයත්,62 බිට් සිස්ටම් අය x64 ෆෝල්ඩරයත් පාවිච්චි කොරන්ට ඈ.මේකෙන් හොල්ලන්නවත් බැරි ෆයිල්ස් රීනේම් කොරන්න,මූව් කොරන්න,ඩිලීට් කොරන්න පුලුවන්.ඔය ඔපරේටින් සිස්ටොම් එකේ ෆයිල්ස් එහෙම ඩිලීට් කොරගෙන අපිට එහෙම සෝලි තියනව එහෙම නෙවේ.එහෙකම් බා ගමු.ගොහින් එඤ්ඤම්.
0.1MB
![]() |
| LINK 1 |
![]() |
| LINK 2 |
ඩිලීට් කරන්න බැරි ෆයිල් ඉවරක් කරගන්න-Unlocker

ලයිට් බිල වැඩි වුනත් එක්කම ගොඩක් අය එල් සී ඩී,එල් ඊ ඩී මොනිටර් වලට මාරු වුනානේ.ඉතිං ඔය මොනිටර් කාලයත් එක්ක ලෙඩ වෙනවා.ඒවා පාවිච්චි කලාම අපෙ ඇස් වලටත් බඩු බනිස් තමා.Is My LCD OK සොෆ්ටුවෙන් මොනිටරේ ලෙඩද බලාගන්න පුලුවන්.
පොර්ටබල් නිසා ඉන්ට්රෝල් කරන්න අවශ්ය නෑ.ක්ලික් කොරලා F1,F2..බට්න් වලින් චෙක් කර ගන්න.චෙක් කරන ආකාරය විස්තර ඔක්කොම සොෆ්ටුවෙම දීල තියෙනවා.විවිධ වර්ණ පරාස,ක්ෂණික වෙනස්වීම් වලට ඔබේ මොනිටරය ඔරොත්තු දෙනවාද, යන්න බලාගන්න පුලුවන්.අලුතින්මොනිටරයක් ගන්නා විට මෙය මගින් චෙක් කරලා ගන්නව නම් ගොඩක් හොදයි.එහෙනම් බා ගෙනම බලන්නකෝ.ඔබට ජය.
0.03MB
![]() |
| LINK 1 |
![]() |
| LINK 2 |
ඔබේ එල් සී ඩී මොනිටරය ලෙඩද?ඔබම චෙක් කර ගන්න-Is My LCD OK
අද දෙන්න යන්නේ ඔයාල නෙට් එක පීරල බැලුවත් ලේසියෙන් හොයා ගන්න බැරි සොෆ්ටුවක්. පොටෝෂොප් පොර්ටබල් කිවුවාම කවුරැත් දන්නවනේ. අර ෆොටෝ මෙව්ව කරන්න පුලුවන් මෙවුව එකේ පොර්ටබල් සංස්කරණය. ඉතිං මේක ඉන්ස්ට්රැල් කොරන්න ඕනි නෑ, සීරියල් නෑ, කාලෙත් එක්ක අල වෙන් නෑ, සහසුද්දෙන්ම කිව්වොත් අමරණීයයි. සම්පුර්න සොෆ්ටුවම මෙගා බයිට් 48ක් වුනාට පොටෝෂොප් නෝර්මල් වගේම තමා හැම ඔප්ෂන් එකක්ම වගේ තියෙනවා. පුංචන් අවුලකට තියෙන්නේ රැම් එක නම් ගිගා බයිට් එකක් වත් ඕනි සාමාන්ය විදියට වැඩ ටික කොර ගන්න. තව එකක් තියෙනවා කියන්න. මේ සොෆ්ටුව ඩවුනලෝඩ් කල පසු, ඕපන් කර ගන්න කලින් ඔයාලගේ අන්තර්ජාල සම්බන්ධතාව විසන්ධි කර ගත්තොත් කෝකටත් ඇගට ගුනයි. මෙව්වා ඉතිං sinhalensoftfree.blogspot.com වලින් විතරයි හොදේ. කියන්න දෙයක් තියෙනවනම් කොමෙන්ටුවක් දාල යන්න. හැමදාම මේ පැත්තෙ එන්න. විශේෂ වැඩක් නොතිබුනොත් හැමදාම අලුත් සොෆ්ටුවකුත් අරගෙන මාත් එනවා. එහෙනම් බා ගන්න. ඔබට ජය.
48MB
![]() |
| LINK 1 |
![]() |
| LINK 2 |
අමරණීය පොටෝෂොප් පොර්ටබල්-Photoshop Portable
කාලයත් එක්ක අපි ඇතුලත් කරන වැඩසටහන් නිසා කොම්පීතරේ ස්ලෝ වෙනවා කියල දන්නවනේ ඔයාලා. කොම්පීතරේ ඔන් කලාම වෙනදාට වැඩිය වෙලා යනවාද, ලෝඩ් වෙන්න. ඒකට හේතුව ඔන් කලාම ඔටෝ රන් වන සොෆ්ට්වෙයා. උදාහරන ගත්තොත් වයිරස් ගාඩ්, මැසෙන්ජර් සර්විස්, ඩිමොන් ටූල්ස්, ඩවුන්ලෝඩ් මැනේජර් තව ඔය නෝටිෆිකේෂන් බාර් එකේ ලෝඩ් වෙලා තියෙන සොෆ්ට් කෑලි ඔක්කොම ඔයාලගෙ කොම්පීතරේ ඔටෝ රන් වෙන ඒවා. ඉතිං අපිට අනවශ්ය දේ රන් වෙන එක නවත්වන එකයි මේ Auto Runs සොෆ්ට්ටුවෙන් වෙන්නෙ. තියෙන්නෙ මේක ඩවුන්ලෝඩ් කරගෙන එක්ස්ට්රෑට් කරගන්න විතරයි. කිලෝ බයිට් හත්සිය ගානක ෆයිල් එකක්. ඊට පස්සෙ Auto Runs වින්ඩෝව ඕපන් කරගත්තාම ඔටෝ රන් වන සොෆ්ට්වෙයා ලිස්ට් එකම පෙන්නයි. එතනින් අනවශ්ය සොෆ්ට්වෙයා වල ටික් එක අයින් කලාම හරි. අපි හැමවෙලේම ෆයිල් ඩවුන්ලෝඩ් කරන් නැහැ කියමුකෝ. ඒත් කොම්පීතරේ ඔන් කරපු වෙලේ ඉදන් ඩවුන්ලෝඩ් මැනේජර් වැඩ. ඉතිං මේ ඩවුන්ලෝඩ් මැනේජර්හි ටික් එක අයින් කරන්න. අපිට ඕන වුනාම ඩවුන්ලෝඩ් මැනේජර් ක්ලික් කොරලා රන් කර ගන්නවා. මේ ලිස්ටුවේ ඔටෝ රන් වන වයිරස් වුනත් පෙන්වනවා. ඉතිං ඒවා වුනත් ඔටෝ රන් වන එක වලක්වා ගන්න පුලුවන්. මෙහෙම කලාම කොම්පීතරේ රැම් භාවිතව අඩු වෙලා, ස්පීඩ් එක වැඩි වෙනවා.
වැදගත්- ඔබ හරියටම නොදන්නා වැඩසටහන් මෙසේ බ්ලොක් කිරීමෙන් වලකින්න. එය කොම්පීතරේට අතවශ්ය වැඩසටහනක් විය හැක.
Auto Runs මෙතනින් බාගන්න
0.3MB
![]() |
| LINK 1 |
![]() |
| LINK 2 |
ඔටෝ රන් වන සොෆ්ට්වෙයා කළමණාකරනය කරන්න- Auto Runs
Subscribe to:
Posts (Atom)


















