ගොඩක් හිත රිදෙනවා තමයි.. පිළිගන්න අකමැති තමයි.. 

නමුත් මේ අමුවෙන් තියෙන්නෙ ඇත්ත - තිත්ත ඇත්ත..
අපිට හැදෙන්න පුළුවන් .. ඒ අපි ඉන්න තැන දැනගෙන වැඩ කළොත් ....

..............................................................

අපේ රටේ පොඩි උන්ට පොඩිකාලෙ ඉඳන් උගන්නන්නෙ බොරු. 

ලෝකෙන් උතුම් රට ය. මේකෙ ඉපදෙන්න පිං කරන්න ඕනෙ ය. මාර අම්මටහුඩු මෙව්වා එක ය. ලොව අන් සියළු දිවයින් මේකට යට ය. අපි ඔය එකෙක්ටවත් පදිරි නැති ය. ඔක්කොටම ගේම ඉල්ලුව ය. සුද්දත් අපිට දෙකට නැමුන ය. අපිව යටත් කරගන්න එක කරන්න බැරි වැඩක් ය. ඔක්කොම සම්පත් තියෙන්නෙත් මේකෙ ය. අවුරුදු හැටහුටාමාරක අච්චර ඉතිහාසයක් තියනව ය. ඇමරිකාවට, ඔය ලෝකෙ ලොකුයි ලොකුයි කියන උන්ට එහෙම එකක් නැතිය. ඉතින් අපිට ඕකුන් අදාල නැති ය.  අපි උන්ට වැඩිය මාරය. උන්ව ගණන් ගත යුතු නැතිය. උන් වැද්දො ය. අපි පොරවල් ය. හොඳම ජාතියත් අපිය, හොඳම ආගමත් අපේ ය. මල් පිපෙන පොකුණු ය. කඳු ගං කැලෑ කුඹුරු ය.. ඔක්කොම තියෙන්නෙ මේකෙ ය. ඔක්කොම කෙරුමො ඉන්නෙ මේකෙ ය. පිංකෙත හෙල රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වීවා.. බ්ලා බ්ලා.. 

දැන් ඔය හැම ලබ්බම තියනවනං. හැම මගුලටම වැඩිය මේක හොඳයි කියලත් කියනව නං ඕන එකෙක්ට හිතෙන්න ගන්නවා යකෝ දැන් මේ රටේ අපි ඉන්න තත්වෙ මේ කියනවා වගේ මාර මෙව්වා එකක්නං මොන මගුලටද අපි මීට වැඩිය උඩ යන්නෙ කියලා. පස්සෙ අර සිත නිවන කතා පම්පෝරියම ගහගෙන ඉන්නවා. මේකෙ ලෝකෙ උතුම්ම මෙව්වා එකනං මොන මගුලටද මීට වැඩිය දියුණු වෙන්නෙ බ්ලා බ්ලා.. කියලා..

ඕකුන් තමයි ඊට පස්සෙ.. රාවණා.. අංගං , රණවිරුවො හීන ලෝක වල පීන පීන ඇවිල්ලා අනේ අපිට ජාත්‍යන්තරේ වැඩක් නෑ යකෝව්.. අපි ඕකුන්ට ගහනවා යකෝ.. සුද්දොන්ටත් නෙලුවා යකෝව්.. අපි සුවාදීනයි ඩෝ.. ඔකුන් කියන විදිහට නටන්නෙ නෑ ඩෝව් ගගා මෙලෝ සංසාරයක් නැතුව වඩිගපටුන නටන්නෙ. උන්ට තමයි දවසෙම හිතෙන්නෙ ලෝකෙම මේක තම්බගෙන කන්න කුමණ්ත්‍රණේ කරනවා කියලා.  ඉතින් ඔය පම්පෝරියම ගහන ඕන ගොනෙක්ට රැවටිලා ඡන්දෙත් දීලා බෙල්ලත් දීලා මලත් කමක් නෑ අපෙ හාන්දුරුවනේ කියලා පස්සෙන් යනවා.. ඕකට තමයි ජාතිකවාදය දේසප්‍රේමය කියලා වෙන වෙන වචන දාගෙන කියන්නෙ. ඕවා දැම්මට පස්සෙ ඉතින් අර මෝඩයො ටිකව නවාගන්න එක සිම්පල්.  නැතුව වෙන අම්මටහුඩු මෙව්වා එකක් නෙමෙයි.

හැබැයි ඔය සමයං නැතුව..

පුතේ දුවේ..

මේක මහලොකු මෙව්වා එකක් නෙමේය. ලෝකෙ උන් මේක ගැන මෙලෝ සංසාරයක් දන්නේ නැතිය. අපිට වැඩිය ලෝකෙ ඕන තරන් පොරවල් ඉන්නවාය. මේකෙන් සීයෙන් එකක්වත් නැති සිංගප්පූරුවත් අපිට වැඩිය පොරවල් ය. සුද්දා දීපු තේ කොලයි යි, මිස්ටර් මිසිස් බණ්ඩාරනායකයි, ක්‍රිකට් ටීම් එකයි, සුසන්තිකයි, කොටියි වගේ තව අහඹු සිද්දි දෙක තුනක් නැත්තං මේක ලෝකෙ දැන් දන්න එවුන් ටිකවත් දැනගන්නේ නැති ය. ගොඩක් උන් හිතන් ඉන්නේ ඉන්දියාවෙ කෑල්ලක් කියාය. අපි ඉන්නේ ඔන්නොහොම තැනක ය. ඔය පම්පෝරි මොන ලබ්බක්වත් අදාල නැති ය. පරාක්‍රමබාහු ලෝකෙටම ගැහුවත් , රාවණා පිටසක්වල ජීවීන් එකක් හැලප තැම්බුවත් දැන් ඒ ලබ්බවල් කියෝලා තේරුමක් නැති ය. දැන් ලෝකෙ උන්ට තියන එකම එක නැවක මෙහෙ මුළු එයාපෝස් එකටම වැඩිය ප්ලේන් තියනවාය. අපිට ආර්තිකවත් දේසපාලනිකවත් යුදමය තාක්සනික හෝ ඔය මොන මගුලකින්වත් ලෝකෙ එක්ක කේවල් කිරීමේ බලයක් නැතිය. කොටින්ම ලෝකෙට අපිව අදාලම නැතිය.. එක තෙල් නැවක් ආවේ නැත්තං තොපිටයි අපිටයි ඔක්කොටම බජිරි තම්බන් කන්නවත් වෙන්නේ නැති ය. ආර්තිකයක් කියලා එකක් නැතිය. ඔක්කොම දුවන්නේ එක එකාගෙන් ගත්ත ණය කන්දරාවකින් ය. එක එකාට වැඳ වැඳ ගත් සහනාධාර නිසා ය. එතකොට හම්බෙන ආදායම් සොච්චමත් ගන්නේ එක එකාගෙ ගෙවල් වල වැඩට අසරණ ගෑනුන්ව යවා කටු කම්බි ගසාගෙන ය. රුපියල් පන්සීයෙ හයසීයෙ පඩියට උදේ රෑ වෙනකන් කඩාගෙන යවනා තේ කොල නිසා ය. ඒවත් සුද්දා දීපුවය. මැසින් පාගන කෙල්ලන් ටික නිසා ය. දෙයියනේ කියා මේක බලන්න එන සුද්දො ටික නිසා ය..
මිනීමැරුම් ය, ළමා අපචාර ස්ත්‍රී දූසන දාස් ගණන් ය. ඔක්කොම පැත්තකින් තබා ආගම ජාතියට අවුරුදු තිහ හතලිහ මරාගන්නා මෝඩ යක්කු ය.

අන්න ඒක හින්දා දුවේ පුතේ , උඹලා අපල වලට ග්‍රහ බෝල වලට කැරකි කැරකි පාං පත්තු කරන කොට ලෝකෙ වෙන උන්  ඒ ග්‍රහලෝක පවා ටෝක්ස් කරගෙන ගෙවල් හදන්නත් යනවා ය. අන්න ඒක හින්දා උඹලා දැන් ඉන්නේ අම්මටහුඩු උතුම් , සුපිරි, ඉපදෙන්න පිංකරන්න ඕනෙ ලබ්බක නෙමේය , උඹලා පිං කලානං ඉපදෙන්නේ නෝර්වේ ඕස්ට්‍රේලියාවේ මිස මේ ලබ්බේ නොවේ ය.
තොපේ රටට හරිහමන් ව්‍යවස්ථාවක් වත් නැත. තොපිව පාලනේ කරන්නේද තොපි අම්මටහුඩු ය කියා කඩේ යන්නේද මෝඩ මූසලයන්ටය.  
තොපි ඉන්නේ සුද්දා දීපු ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකමක්වත් රැකගන්න දන්නැති, ගෑනිව අන්තඃපුරේට උස්සන් ගියත් මහරජානෙනී කියලා එක එකාට දෙකට නැවෙන රාජාණ්ඩු මානසිකත්වෙක ය.

ඒක හින්දා දැන් කරුමෙට මේකෙ ඉපදුනානං ලෝකෙ ඉන්න අනිත් උන්ට පොර ටෝක් දිදී, උතුම් මගුලක ඉපදුනා කියා එක එක හිඟන්නන් කියනා ගොංපාට් ස්වයංවින්දන පැත්තකින් තබා  තොපියි අපියි ඉන්න තත්වේ අවබෝධ කරගෙන මහන්සි වෙලා අර වගේ රටක් හදන්න පුළුවන් විදිහට හැදියල්ලා..
ජපානෙ උන් පරමාණු බෝම්බ කාගෙන දියුණු උනානං, සිංගප්පූරුවෙ උන් ජර්මනියෙ උන් හැඳිගෑවිලාම ඉන්නකොට දියුණු උනානං , මුඩුක්කු කොරියාව ලොකුම ආර්ථිකයක් උනානං තොපිට අපිට බැරි නැත .

හැබැයි පම්පෝරි හීන ලෝක උතුම් බක්කවල්, බොරු දේසප්‍රේමී ජාත්‍යන්තරේට නෙලන සඳ ටෝක්ස් පැත්තකින් තබා හිඟනකම , ඉන්න තැන ගැන මුලින්ම අවබෝධ කරගත යුතුය. 

කියා උගන්නා..

පොඩි එකාගෙ ඉඳන් මහ එකා දක්වා රටේ තත්වෙ ගැන බොරු කියලා අන්දලා තාවකාලික ආතල් දී සදාකාලික විදෝනවා ද. රිදෙන්න ඇත්ත කියලා ඉන්න තැන ගැන අවබෝධ කරලා ගොඩ යනවද.

කියා තේරුම් ගැනීමට සැලැස්විය යුතු ය.

මේ පම්පෝරි ගහ ගහ ගන්නා ගොංපාට් ස්වයංවින්දනය ගැන හොඳින්ම විග්‍රහ කරන්න්නෙ තුසාර ජෝසප් ය.

දිවුරන්න බෑ නේද මං ඉදිරියේ..
බොරු කරලා ඉපදෙන්න බෑ සුගතියේ...

ඒක හින්දා මුලින් ඉන්න තැන අවබෝධ කරගන්න.
ඊට පස්සෙ එතන ඉඳන් අනිත්වා හිතන්න..
පොඩි උන්ට බොරු කියන එක දැන්වත් නවත්තන්න..

#අකලංකාරය 
- චමල් අකලංක පොල

ගත්තේ බුකියෙන්.

තිත්ත ඇත්ත..

දියුණුවේ හිනිපෙත්තට ගිය ජැක් මා (Jack Ma) ගේ කතාව

ලෝකයේ ලස්සනම කාන්තාවන් සිටින රටවල්


‍නිර්මාණ ගෞරවය - කඩේ යමු පේජ් ඇඩිමින් හට

වැදි භාෂාවෙන් ජාතික ගීය එළි දැක්වෙයි

අපිට වැරදුන තැන - සතියේ කල දසාව


එදා පිස්සන් කොටුවේ මහා කාලගෝට්ටියක්. ගහක අග්ගිස්සටම නැගි පිස්සෙක් බිමට බැසීම ප්‍රතික්ෂේප කරමින් ලොකු කලබලයක් ඇති කරමින් හිටියා. ඔහුව බිමට බස්සවාගැනීමට ගත් සියළු උත්සාහයන් අසාර්ථක වූ තැන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා පොරවක් ගෙන්වාගෙන ගසට කිහිපවරක් වැරෙන් කෙටුවේ පිස්සා විනාඩි පහක් ඇතුලත ගසින් නොබැස්සොත්, ඔහුත් සමගම ගස කපාදමන බවට තර්ජනය කරමිනි.

තප්පරයෙන් තප්පරය ගෙවෙමින් විනාඩිපහ අවසන් වූවා. නමුත් පිස්සා තවමත් ගසමුදුනේ.....,
මෙවේලේ ඉදිරියට පැමිණි වෙනත් පිස්සෙක් ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා අතවූ පොරව ගෙන ගසට කෙටීමට සැරසුනා පමණි, කලින් කී පිස්සා ඇසිල්ලකින් ගසින් බැස ඈතට දිවගියා. මහත් පරිශ්‍රමයකින් ඔහු අල්වාගත් වෛද්‍ය නිලධාරිවරයා මෙසේ ඇසුවා.

"මම ගහ කපනකොට හෙලවුනේවත් නැති තමුසේ..., ඇයි අර මනුස්සයා පොරව අතට ගන්නකොටම ගහෙන් බැහැල දිව්වේ...?"

අනේ එතකොට පිස්සා බොහොම අහින්සක විදිහට මෙහෙම උත්තර දුන්නා,
"කියන්න බැහැනේ සර්.....ඌ පිස්සානේ..."

උපුටා ගැනීමකි

ඇත්ත පිස්සෙක් - රස කතා


01) වාට්ටුවෙන් පිටත රෝගීන් තබන ස්ථාය - බාහිර රෝගී අංශය
02) ලංකාවේ වටිනාම චිත්‍රපට - හතරමහ නිධානය
03) කුඩා දරුවන් අකමැතිම එළවලු වර්ගය - පිපිංඤ්ඤා
04) ලංකාවේ දේශපාලකය් අකමැතිම චිත්‍රපටය - කඩවුනු පොරොන්දුව
05) වීරපුරන් අප්පු මිය ගිය සටන - අවසාන සටන
06) 1948දී නිදහස් ගිවිසුම අත්සන් කරනු obලැබූ ස්ථානය - පිටුවේ යට
07) දික්කසාද වීමට ප්‍රධාන හේතුව - කසාදය
08) උදෑසන ආහාරයට එක්කර ගත නොහැකි දේවල් - දිවා අහාරය සහ රාත්‍රී ආහාරය
09) වම් අතේ අගිල්ලක් නැමූ පසු එහි ප්‍රමාණයටම සමාන වන ශරීරයේ අනිත් අවයවය - දකුණු අතේ ඇගිල්ලක් නැමූ පසු ඇතිවන අවයවය
10) මිනිසුන් 8 දෙනෙක්ට තාප්පයක් සැදීමට විනාඩි 10ක් වැය වේ නම් මිනුසුන් 6 දෙනෙක් සදහා එම තාප්පය සෑදීමට ගතවන කාලය - කලින් මිනිසුන් 8 දෙනෙක් තාප්පය සාදා ඇති නිසා කිසිදු කාලක් ගතවන්නේ නැත
11) විභාග අසමත්වීමට ප්‍රධානම හේතුව - විභාග
12) තමන්ගේ ගෝලබාලයින්ට පමණක් විශේශ සැලකුම් සිදුකිරීම හදුන්වන නාමය - ගෝලීයකරණය
13) ලංකාවේ බාලම චිත්‍රපටය - සත 50
14) නිතරම රණ්ඩු ඇති කරගන්නා පණු විශේශය - කොකු පණුවන්
15) රෝහලකදී පලදෙන කර්මය - ශල්‍යකර්මය
16) පුරාණ වෙළදසැල්වල සේවය කෙරූ කානතාවන් හදුන්වන නාමය - කඩදාසි
17) නිරතරම පෑනක් අතැතිව සිටින සත්වයා - පෙන්ගුයින්
18) අලින්ගෙන් සාදන බීම වර්ගය - අලියා බීම
19) නරියන් යොදාගෙන පෙන්වන නාට්‍ය විශේශය - නරි නාටක
20‍) අලියන් අනාථ කරන ස්ථානය - පින්නවල අලිඅනාථාගාරය
21) කඩේ යනවිට රැගෙන යන මලු විශේශය - කඩමලු
22) අවිආයුධ එක්තැනක සිට තවත් තැනකට රැගෙන යන්නා - අවිවාහකයා
23) විශාල භූමිකම්පාවකට පසු ඇතිවන කුඩා භූමිකම්පා හදුන්වන නාමය - අනුකම්පා
24) යම්කිසි බරකින් හරි අඩක් හදුන්වන නාමය - බර භාගය


අසාමාන්‍ය විදියට - සාමාන්‍ය දැනුම 2

පුරස්නය
----------

ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආවා. එනකොට තාත්තා සාලෙ වාඩිවෙලා පත්තරයක් බල බල හිටියා. ඇම්ඩාගෙ මූණ ඒතරම් හොදනැති නිසා තාත්තා ඇම්ඩාගෙන් මෙහෙම ඇහුවා.

තාත්තා - මොකද උඹ අදත් ලෙඩක් දාගත්තද?

ඇම්ඩා - ටීචර් කිව්වා හෙට තාත්තව ඉස්කෝලෙට එක්කන් එන්න කියලා

තාත්තා - මම කිව්වේ.. මොකද්ද උඹ කරපු දහදුරා වැඩේ?

ඇම්ඩා - මගේ නෙමෙයි තාත්තේ වැරැද්ද... ටීචගෙ තමයි වැරැද්ද..

තාත්තා - ඔය ඔය.. ටීචලට පිස්සුද නිකං තාත්තලව ඉස්කොලෙට ගෙන්නන්න? මොකද්ද උඹ කලේ කියපන්..

ඇම්ඩා - ටීච මගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මම උත්තර දුන්නා.. එච්චරයි..

තාත්තා - උඹ දුන්න උත්තරේ වැරදියි?

ඇම්ඩා - නැහැ.. හරි..

තාත්තා - බොරු කියන්නෙපා, එහෙමත් ටීචලා හරි උත්තර කිව්වම දඩුවම් දෙනවද? හරි මොකද්ද අහපු ප්‍රශ්නෙ?

ඇම්ඩා - දෙකට තුනක් එකතු කලාම කීයද කියලා ඇහුවා

තාත්තා - හරි, උඹ මොකද්ද කිව්වේ?

ඇම්ඩා - පහයි කිව්වා.

තාත්තා - හරිනෙ, ඉතිං මොකද්ද ප්‍රශ්නෙ?

ඇම්ඩා - ටීච තව ප්‍රශ්නයක් ඇහුවා.

තාත්තා - ඒ මොකද්ද? උඹ ඒක වරද්දන්න ඇති.. කියපන් ඒක

ඇම්ඩා - තුනට දෙකක් එකතු කලාම කීයද ඇහුවා

තාත්තා - කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද බං? මොන හු#තේ ප්‍රශ්නයක්ද ඒක?

ඇම්ඩා - මමත් ටීචර්ගෙන් ඇහුවෙ ඕකම තමයි තාත්තේ, එතකොට තමයි තාත්තව එක්කගෙන එන්න කිව්වෙ.

මෙච්චරවෙලා කතාව අහගෙන හිටපු අම්මා දඩස් ගාලා බිම වැටුනා

තර්ක ශාස්ත්‍රය
----------------

දිනක් නීතිඥවරයෙකු සහ ඇම්ඩම් සතුටු සාමීචියේ යෙදී සිටින විට ඇම්ඩම් නීතිඥවරයාගෙන් තම දැනුම පිලිබඳ ඇසීය. තම තර්කශාස්ත්‍රය පිලිබඳ වූ දැනුම ඇම්ඩම් හට උදාහරණයකින් පැහැදිලි කිරීමට සිතු නීතිඥවරයා මෙසේ කීවේය.

නීතිඥවරයා: "දැන් බලපන් ඇම්ඩො උඹ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"

ඇම්ඩම්: "ඔව් තියෙනවා"

නීතිඥවරයා: "අන්න ඒකෙන් මට නිගමනයකට එන්න පුළුවන් තමුසේට ගෙවත්තක් තියෙනවා කියල, මම හරිද?"

ඇ: "හරි නේන්නම්, මට ගෙවත්තක් තියෙනවා"

නී: "හරි උඹට ගෙවත්තක් තියෙනවා කියන ඒකෙන් මට කියන්න පුළුවන් උඹට ගෙදරක් තියෙනවා කියල"

ඇ: "හරි හරි ඒකත් හරි"

නී: "උඹට ගෙදරක් තියෙනවා කියන්නේ උඹට පවුලකුත් ඉන්න ඕනේ"

ඇ: "හරිනේ මට පවුලකුත් ඉන්නවා"

නී: "උඹට පවුලක් ඉන්නවා කියන්නේ උඹ බැඳලා"

ඇ: "ඔව් ඔව් මම බැඳලා තමයි"

නී: "හරි එතකොට මට ඒකෙන් නිගමනයකට එන්න පුළුවන් උඹ සමලිංගියෙක් නෙමෙයි කියල"

ඇ: "ඒකත් හරි. උඹනම් මාර එකෙක් මගේ තණකොළ කපන මැෂිමෙන් උඹ ඔක්කොම කිව්වනේ!"

නී: "ඉතින් ඕකට තමා තර්කශාස්ත්‍රය කියන්නේ"

කතාව නිමවී ඇම්ඩා මේ ගැන සිතමින් පාරේ යන විට තම ළඟම මිතුරෙක් වූ පියල් හමුවිය.තම ඥානය ගැන කයිවාරු ගැසීමට සිතු ඇම්ඩා පියල්ට කතාකොට මෙසේ ඇසීය,

ඇ: "තමුසේ දන්නවද තර්කශාස්ත්‍රය කියන්නේ මොකක්ද කියල?"

පි: "අනේ නැනේ ඇම්ඩො මොකක්ද ඒ?"

ඇ: "හරි මම කියල දෙන්නම්, තමුසේ ගාව තණකොළ කපන මැෂිමක් තියෙනවද?"

පි: "නෑ"


ඇ: "එහෙනන් තමුසේ සමලිංගිකයෙක්"

---- උපුටා ගැනීමකි ----

ඇම්ඩන්ගේ කතා

තාක්ශන අමාත්යන්ශයෙන් නව නිශ්පාදන තරගයක් තිබ්බලු 2007 වසරෙ. මේක විවුර්ත තරගයක්ලු.. ප්‍රතම තෑග්ග පතායා ‍ටුවර් එකක්ලු...
ප්‍රදාන ආරාධිතයා අමාත්ය තිස්ස විතාරන මැතිතුමාලු. පලමු ස්ථානය දිනුවෙ නෙල්ලිකැලේ බුරිය කියල පොරක්ලු..
ඇමතිතුමා පොරගෙන් විස්තර අහනවලු....." සර් මේක අඩු මුදලකින් නිපදවා ගත හැකි නවීන පන්නයේ මී කතුරක් " කියල කිව්වලු.. 
"මේක හදා ගන්නෙ ලෑලි කෑල්ලකට දෙපැත්තෙන් ඇන දෙකක් ගහල ඒ ඇන දෙක කම්බියකින් යා කරනව සර්".
"පස්සෙ එක ඇනයක් උඩින් කරවල කෑල්ලක් තියනවා, අනිත් ඇනය උඩින් පොල් කෑල්ලක් තියනවා". 
ඕක කුස්සියෙ මුල්ලෙන් තිබ්බම මීයා එනවා.... මු ඇවිල්ල කම්බිය උඩින් බෙල්ල තියනව. තියල දෙපැත්ත බල බල කල්පනා කරනව....

පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද....?
පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද..... ?
පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද..... ?
පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද..... ?
පොල් කෑල්ලද.... ? කරවල කෑල්ලද.....? කියල. 

ඉතින් සර් මේකා ඔහොම කල්පනා කර කර දෙපැත්ත බලන්නෙ අර කම්බිය උඩ බෙල්ල තියලනෙ ...සර්... ඉතින් ඔටෝම මුගෙ බෙල්ල කැපිල මැරෙනවා ....
අමුත්තටත් හරිම සතු‍ටුයි.... ‍ටුවර් එකේ ටිකට් එක තෑගි විදියට දීල යන්න ගියා.

මේක 2010 වසරෙ තරගය. මේකත් විවුර්ත තරගයක්ලු.. ප්‍රතම තෑග්ග ඩුබායි ‍ටුවර් එකක්ලු...
ප්‍රදාන ආරාධිතයා අමාත්ය පවිත්‍රා මැතිනියලු. මේ පාරත් පලමු ස්ථානය දිනුවෙ නෙල්ලිකැලේ බුරියමලු..
ඇමතිතුමි පොරගෙන් විස්තර අහනවලු....." මැඩම් මේක අඩු මුදලකින් නිපදවා ගත හැකි වැඩිදියුනු කල නවීන පන්නයේ මී කතුරක් " කියල කිව්වලු..

"මේක හදා ගන්නෙ ලෑලි කෑල්ලකට දෙපැත්තෙන් ඇන දෙකක් ගහල ඒ ඇන දෙක කම්බියකින් යා කරනව මැඩම්".

ඕක කුස්සියෙ මුල්ලෙන් තිබ්බම මීය එනව.... මු ඇවිල්ල කම්බිය උඩින් බෙල්ල තියනව. තියල දෙපැත්ත බල බල කල්පනා කරනව....

පොලුත් නැහැ........ කරවලත් නැහැ........
පොලුත් නැහැ........ කරවලත් නැහැ.......
පොලුත් නැහැ........ කරවලත් නැහැ.......
පොලුත් නැහැ........ කරවලත් නැහැ.......
පොලුත් නැහැ........ කරවලත් නැහැ....... කියල. 

ඉතින් මැඩම් මේකා ඔහොම කල්පනා කර කර දෙපැත්ත බලන්නෙ අර කම්බිය උඩ බෙල්ල තියලනෙ .... ඉතින් ඔටෝම මුගෙ බෙල්ල කැපිල මැරෙනවා මැඩම්........

උපුටා ගැනීම :Thusitha Sampath Ranabahu Nanayakkara

නව සොයාගැනීම - රස කතා


ඉස්සර ඉතිං ඈත ගම් බිම් වලට ලයිට් එහෙම නෑනෙ .තුම්පනේටත් ඒ ටික තමා . දවසක් ටිකක් මෝඩ පහේ ඩයල් එකක් ගමනක් ගිහින් රෑ වෙලා ගෙදර එනවලු .කදු තැනිතලා ඒ ඳඩු එහෙම පහු කරගෙන මෑන් පාඩුවේ එනවලු .මගක් යද්දී හුලු අත්තත් නිමුනලු .ඉතිං මැන් පොර පට්ට කරුවලේ යනවලු .ටිකක් කකුලට මොනව හරි පෑගුනා වගේ දැනුනලු .මෑන් පොඩ්ඩක් නැවතිලා කකුල අතගාලා සුවද බැලුවලු .බැලින්නම් ගූ ගොඩක්ලු .ඊට පස්සේ මිනිහා " අයියෝ ගූ ගොඩක් " කියල ඔලුව අතගා ගත්තලු ...

          **************************************************

මචං ඉස්සර අපේ ගමේ මොනව උනත් හෙන ෆන් පොරවල් ඉදල තියෙන්නේ .ඒ අතර ආරච්චියා තමා සුපිරිම ඩයල් එක .මිනිහ එක දවසක් ගමේ පිරිමි ටික රැස් කරල කියනවලු "උඹලාට ආසාවක් නැත්ද හදට යන්ට .අපිට ඕක කරන්ට බැරි වෙන එකක් නෑ .පටන් ගනියව් හෙට ඉදල ඉනිමං බදින්ට " කියලා ...ඉතිං ඕක අහගෙන හිටපු අනිත් උන් ටික පහුවදා උදේ ඉදලම වැඩේ පටන් ගත්තලු . දැන් ඉතිං කට්ටිය හෝ ගලා ඉනිමං බඳිනවලු .කොහොම හරි බොහෝම අමාරැවෙන් ඉනිමං උස්සලා කට්ටියක් අල්ලගෙන ඉද්දී කට්ටියක් ඉනිමග දිගේ හදට නගිනවලු .ටිකක් දුර නගින කොට උඩ ඉනිමං ටික ඔක්කොම කඩා වැටුනේ හතර පස් දෙනෙක් පරලොවත් යවමින්ලු .ගමේ අය අදටත් තුම්පනේ අය හදට ඉනිමං බැදපු හැටි ගැන මතක් කරනවා..

          **************************************************

ඒ කාලේ අපේ ගමේ හිටියලු බණ්ඩාර කියල ටිකක් සල්ලි බාගෙ තියන ඒ උනාට හෙන මෝඩ ගමේ උන් ගරු කරන ඉස්කෝල මහත්තයෙක් පොර වැඩ කරේ නගරේ ඉස්කෝලෙකලු .දවසක් මිනිහගෙ අම්ම වලකජ්ජන් ගැහුවලු .මේක අාරංචි වෙලා මිනිහගෙ ඉස්කෝලෙ ගුරුවරුත් මළ ගෙදර අාවලු .ඒත් තාම මිනිස්සුන්ටවත් ඉන්ට භඩ් එකක්වත් හදල නෑලු .ඉතිං අර ආපු සර්ල ටික මහන්සිවත් නොබලා පොඩි හට් එකක ගහන්ට ගියාලු .ඉතිං වලවල් හාරන්ට අලවංගුවක් එපාය ...ගේ හැමතැනම හෙව්වලු අලවංගුවක් .අන්තිමට පිළිකන්නේ තිබිල බඩු හම්බුනාලු . ඒත් ඒකෙ උල පැත්තේ පොඩි කොපුවක් ගහලලු .ඒ අතර බණ්ඩාර මහත්තයත් එතෙන්ට ආවලු .. " ආ කුලතුන්ග මහත්තයා ඕක දෙන්ටකෝ මම ගලවලා දෙන්නම් . මම මේක ගහල තිබුනෙ උල ගෙවෙන හන්දා" .. කියලා කීවලු.. .එතන හිටපු හැමෝටම මළ ගෙදරත් අමතක වෙලා අම්බානක හිනාලු . ගමේ අය අදටත් බණ්ඩාර මහත්තයා ගැන ගොඩක් හිනා වෙවී කතා කරනවා .

උපුටා ගැනීම - http://tinyurl.com/lk2sde8

තුම්පනේ කතා

තරුණයා පත්තරේ බලන කාටත් සමන් එදිරිමුණි හෙවත් එදිරියා කියන්නේ අලුත් පොරක් නෙවේ. ලියන කතා නම් පට්ට පට පට. ප්‍රධාන වශයෙන් ඉලංදාරියා කතාවත්, එදිරිගෙ සාටරෙත් ලියනනේ. ඔන්න මෑන්ස් අලුත් වැඩක් පට්ටාං ගෙන. ඒක තමා මේ.



මේකේ තේමා ගීතය කියනනේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් කිරුල හිමි එම්.ජී.ධනුෂ්ක. ඒක ලිව්වෙත් එදිරියා. 

සදවත අහසින් වැටිලා උන්නද මන්දා මිදුලේ....
නොකියම ඔය හිත උදුරන් යන්නට හිතුනා කෙල්ලේ....



 
බා ගන්න මෙතනින් යන්න.

ඉතිං එදිරිගෙ සුපිරි කතාවක් සෙට් වුනා නංගි ගැන ලියපු. මේ ඒ කතාව....

---- නංගී ----

මගේ නංගී ගේ නම නංගීය. ඇය මට වඩා බාලය. නංගී ස්ත්‍රියකි. ඇය බැරිවෙලාවත් පුරුෂයෙක් වූවා නම් ඇගේ නම මල්ලී ලෙස වෙනස්වේ. නංගී මට වඩා බාල වුවද අම්මාට වඩා වැඩිමල්හුය. ඒ නිසා ආච්චි නංගීට කියන්නේ හැට අම්මා කියාය. නංගීගේ කාමරය මගේ කාමරයට වඩා බෙහෙවින් පිළිවෙළය. හැබැයි ගඳය. තාත්තා කියන පරිදි ඇය අපේ නිවසට පහනකි. අපේ නිවසේ පහන හැමදාම ගිනිගනී. ඒ නිසා තාත්තාගේ උපමාවද වරදක් නැත.

තාත්තාගේ පඩියෙන් භාගයක් වියදම් කරන්නේ නංගීටය. ඇගේ හිසට ෂැම්පුද හිස්කබලට තෙල්ද අතේ හා පයේ ඇඟිලි විස්සට පාට විස්සක කිවුටෙක්ස් ද ඇත. ඇයට ඇඟිලි විස්සක් තිබුනේ හොඳ වෙලාවටය. බැරිවෙලාවත් ඇයට හැක‍රැල්ලෙකුගේ මෙන් කකුල් තිබුණානම් තාත්තට යන්න වෙන්නේ හොම්බෙන්ය. නංගීගේ මූණට එක ක්‍රීම් වර්ගයකි. බෙල්ලට තව එකකි. අතට කකුලට බඩට පිටට ආදී සකලවිධ සර්වාංගයේ සියළු අවයව සඳහා ඇයට ක්‍රීම් වර්ග ඇත. දිනක් මුහුනේ උලනා ක්‍රීම් වර්ගයක් මට බැරිවී යෝගට් කියා කැවුනාය. මේ තවමත් දුවන්නේ ඒ බඩේ අමාරුවය. නංගීට එක එක තැනට එක එක ක්‍රීම් වර්ග තිබුනාට මට ඇත්තේ එක ක්‍රීම් වර්ගයකි. ඒ ශේවින් ක්‍රීම්ය. මම හිසේ සිට දෙපතුල දක්වා එය උලාගෙන අහවර වූ පසු නංගීගේ බේබි ක්‍රීම් ගා ‍රැවුල කපාගන්නෙමු.

නංගීගේ බේබි ක්‍රීම් එක පසුපසද මාර කතාවක් තිබේ. බේබි ක්‍රීම් ගාන්නේ බේබිලාය. පුත්තලම් බූරුවන් හත් අට දෙනෙකුගේ වයස ඇති නංගී බේබියෙකු වූයේ කෙසේදැයි මම දහ අතේ කල්පනා කලාහුය. අද කාලේ බේබිලා කොච්චර ලොකුදැයි මට අවසානයේ කල්පනාවී සිහිමුර්ජාවක්ද ඇතිවිය. 

අපි කැරට් කෑවාට නංගී කැරට් බොයි. මුං ඇට මුහුණේ ගායි. මී කිරි, දෙහි, අලිගැටපේර යනාදී ඕනෑම උලව්වක් ඇය මුහුණේ උලයි. කිටියා වඩාත්ම කැමති අගේ මුහුණේ යෝගට් හෝ මීකිරි ගානවාටය. එදාට ඇගේ මුහුණ සෝදන්නේ කිටියාය. එසේ වුවද තාත්තා ස්ටේශන් මාස්ටර් කෙනෙකු සේ හිඳ දුක් මහන්සියෙන් හරි හම්බකරගෙන එන හැම හත්තිලව්වම නංගී මුහුණේ ගායි.

දිනක් අම්මා පිපිඤ්ඤා සලාද හැදුවාය. නමුත් එහි පිපිඤ්ඤා තිබුනේ නැත. " කෝ අම්මෙ පිපිඤ්ඤා?" "නංගිගෙන් ඉල්ලගන්න" කාරණාව තේරුනේ එවිටය. බත් එක බෙදාගෙන දෙහි, රතුළූනු, අමුමිරිස්, උම්බලකඩ ඇති මිශ්‍රණයෙන් ටිකක් දමාගෙන නංගීගේ මුහුණේ සහ ඇස් උඩ ඇති පිපිඤ්ඤා පෙති දෙකක් පිඟානට දමාගත යුතුය. අපි එදා කබ සහ කුරුලෑ සාරු සමග පිපිඤ්ඤා කෑවෝය.

නංගී දිනපතා සැලුනයට යයි. කලාතුරකින් පාසල් යයි. සැලුනයට ගොස් මුහුණ ස්ට්‍රේට් කරයි. අතේ පයේ මයිල් ස්මයිල් වනතුරු ෆර්ම් කරයි. කොණ්ඩය බ්ලීච් කරයි. තොල් රිකන්ඩිශන් කරයි. නංගිගේ මුහුණේ වලවල් නැත. ඇත්තේ ගොඩැලිය. සැලුනයේ අක්කා නංගිගේ මුහුණට පොටි දමයි. අනතුරුව හැටේ වැලි කඩදාසියෙන් කපා එකසිය විස්සේ වැලි කඩදාසියෙන් ඔප දමයි.

නංගීව කසාද බැන්දවීමට අවශ්‍ය දිනෙක පුවත්පත් වල පලකිරීමට අවශ්‍ය මංගල දැන්වීම මම දැන්මම ලියා ලැමිනේට් කරගෙන සිටිමි.

"රූමත් ගුණවත් නූගත් දියණියට සුකුරුත්තන් ඉවසිය හැකි ගොබ්බ, මෝඩ, බයාදු, විලිබියකින් තොර කෝටිපති ව්‍යාපාරික පුතෙකු අසරණවූ මව්පියන් සොයයි. වැන්දඹු වූවාට කම්නැත. විහිළුවට නොලියන්න. මෙය ජීවිතය සම්බන්ධ බරපතල ගැටළුවකි, මීට අයියා...."


සමන් එදිරිමුණී


සමන් එදිරිමුණි හෙවත් එදිරියා


සිරිසේනයි, යාළුවෝ තුන් දෙනයි හැම අවුරුද්දෙම යන වාර්ෂික කෑම්ප් එකට මේ පාරත් සෙට් උණා. සයිට් එකත් බුක් කරලා යන්න ඔන්න මෙන්න තියෙද්දි මෙන්න එනවා කෝල් එකක් ගුණසේනට එන්න වෙන්නේ නෑ කියලා... අළුත බැඳපු නිසා ගුණසේනගේ වයිපරේ බර බරේ දාලා... මොනවා කරන්නද? සිරිසේනයි, අනිත් දෙන්නයි ගුණයා නැතිව යන්න සෙට් උණා... 

කෑම්ප් ගිහින් දවස් දෙකකට පස්සේ කස්ටිය කෑම්පින් සයිට් එකට එනකොට මෙන්න ඉන්නවා ගුණයා දර කෝටු වලින් ගිනිමැලයක් ගහලා රෑ කෑම හද හද..අනිත් උන් ෆුල් හොල්මන් වැඩේට!!!! 

“අඩේ, උඹ කොහොමද බන් ආවේ? ගෑණි උඹට පර්මිෂන් දුන්නද?” 

“මම ආවේ ඊයේ හවස බන්” ගුණදාස සන්සුන් විදිහට උත්තර දුන්නා, “ඊයේ හවස මම ගෙදර පුටුවකට වෙලා පත්තරේ බල බල ඉන්නකොට එක පාරටම අපේ ගෑණි පිටිපස්සෙන් ඇවිත් මගේ ඇස් දෙක අතින් වැහුවා.. . මම අත් දෙක ඈත් කරලා බැලින්නම් මෙන්න ගෑණි ඉන්නවා දුහුල්ම දුහුල් නයිටි කෑල්ලක් ගහගෙන!!! ඊට පස්සේ ගෑණි මගේ අතින් ඇදගෙන කාමරේට එක්කන් ගියා. ආසාවේ බෑ ඕයි!!!! ඇඳ පුරාම රෝස මල් පෙති, ඒ මදිවට කාමරේ ඇතුලේ ඉටිපන්දම් පත්තුකරලා. පට්ට රොමෑන්ටික්!” ගුණදාස කතාවේ ඉතිරි ටික කියන්න වතුර ටිකකින් තොල තෙමාගද්දි අනිත් උන් කෙළ වලින් තොල කට දෙකම පිහගත්තා කතාවේ ආතල්ම හරිය අහගන්න... 

“ඒ මදිවට ඇඳ උඩ පොඩි මාංචු ජෝඩුවකුයි, කඹ කෑල්ලකුයි, කසයකුත් තියලා. ඇඳට නැගපු ගෑණි ඇඳේ දිගාවෙලා මට කියපි ඒකිව ඇඳ විට්ටමට තියලා මාංචු දාන්න කියලා. මමත් ඉතින් කළා. ඊළඟට ගෑණි කියපි, දැන් ඉතින් ඔයා කැමති ඕනෙම දෙයක් කරන්න කියලා…” 

“ඉතින්..ඉතින්..” නොඉවසිලිමත් ශ්‍රාවක පිරිස කෙළභරිත මුවින් ප්‍රශ්න කරන්න ගත්තා, “උඹ ඉතින් මොකද කළේ?????????” 

“මොනවා කරන්නද?” ගුණේ දර මැලේට දර කෑල්ලක් දාන ගමන් සන්සුන්ව උත්තර දුන්නා, “මං කෙලින්ම මෙහේ ආවා!“


Source by: https://www.facebook.com/funzone77

"ඇඳට නැගපු ගෑණි ඇඳේ දිගාවෙලා මට කියපි ඒකිව ඇඳ විට්ටමට තියලා මාංචු දාන්න කියලා" බය හිතෙන කතාවක් :P


මෙන්න කියවීම රුචි කරන ඔබට අපේ කාලයේ ආතර් සී ක්ලාක්ලා ලියපු රසවත් විද්‍යා ප්‍රබන්ධ තොගයක් දැන්ම බා ගන්න. අදාල ලිංකුව ක්ලික් කළාම ෆී ඩී එෆ් ෆයිල් එක ඕපන් වෙයි. රයිට් ක්ලික් කරලා සේව් ඈස් තෝරලා කැමති තැනක සේව් කර ගන්න හොදේ. ෆයිල් ඕපන් වෙන් නැතිනම් රීඩර් එක මෙතැනින් බාගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න.

adbutha parinamikaya.pdf
adisi balawegaya.pdf
ahimiu raja iththa.pdf
akramanaya new.pdf
akramanaya.pdf
akramanayata erehiwa.pdf
alamakandawa.pdf
amaraniya sirakaru.pdf
anagatha maname.pdf
anagathaye dawasak.pdf
anagathayen lada lipiya.pdf
antrawayi.pdf
apuru mithudama.pdf
ath adanguwata gath pitasakwalaya.pdf
athurudan u premaya.pdf
awakasha ramuwa thulin.pdf
awasanayaka erabuma.pdf
bonda u janapathi sihinaya.pdf
china aids.pdf
chiththa wiparyasaya.pdf
dadu monaraya.pdf
dawin nodath kruthima waranaya.pdf
dewani athmaya.pdf
dewiyan samaga.pdf
eka siduwimak.pdf
gandabbaya.pdf
gathakaya.pdf
geburu muhuda.pdf
huwa maruwa.pdf
isiwarayano.pdf
janapathi klonaya.pdf
kethumatiye giligiya gunana sailaya.pdf
kruthima minissu.pdf
kwantam weda mahaththaya.pdf
laga now wassanaya.pdf
le pipasitha agantukayo.pdf
loha minisa.pdf
mathakaye awinischitha lokaya.pdf
milaga awiya.pdf
minis baddaya.pdf
mrudukangaya.pdf
nawayugayaka erabuma.pdf
nesuda akramanaya.pdf
nethi u puruka.pdf
niruththara.pdf
niyama behetha.pdf
nonimi gawesanaya.pdf
nowetahuna maranaya.pdf
ohu hewath eya.pdf
paketiya.pdf
palagiya sirakaru.pdf
pasaledi dabara kala sisuwa.pdf
pilika siylaya.pdf
piramida athrudan u wagayi.pdf
praharaya.pdf
prathi thapaka karakaya.pdf

දැනගන්න, කියවන්න විද්‍යා ප්‍රබන්ධ තොගයක්


ඒත් කෙස් නෑනෙ
"ඔයාගෙ ඔය පෙන්ඩන්ට් එක ඇතුළේ කාව හරි මතක් වෙන්න මොනවා හරි දාලා තියෙනවද?" එක් සාදයකදී සරණපාලගේ බිරිඳ ගෙන් රම්‍යා විමසුවේ ඇය පැලඳ සිටි ලස්සන මාලය දෙස ආශාවෙන් දෑස් රඳවමිනි.
"ඔව් අනේ හස්බන්ඩ් මතක් වෙන්න මං එයාගෙ කෙස් රොදක් මේකෙ දැම්මා." සරණපාලගේ බිරිඳ පිළිතුරු දුන්නාය.
"ඒත් ඔයාගෙ හස්බන්ඩ් නැතිවෙලා නැහැනෙ." රම්‍යා සෝපහාසයෙන් මෙන් කීවාය.
"එයා ජීවත් වෙන එක ඇත්ත. ඒ වුණාට එයාගෙ කෙස් ටික නැති වෙලානෙ." තම සැමියාගේ තට්ට හිස සිහි කරමින් සරණපාලගේ බිරිඳ කීවාය.

තරග ව්‍යාපාරය
"ඇයි තමුසෙට හිරේට එන්ඩ සිද්ධ වුණේ?"
පැරණි සිරකරු තමා සමීපයට පැමිණි අලුත් සිරකරුගෙන් විමසීය.
"ආණ්ඩුවත් එක්ක තරගයට බිස්නස් එකක් කළැයි කියල නෙ." අලුත් සිරකරු කීවේය.
"මොනවා... මොකද්ද බිස්නස් එක?" පැරණි සිරකරුවා විශ්මයෙන් ඇසීය.
"සල්ලි අච්චු ගැහිල්ල." අලුත් සිරකරු කීවේ තරමක උජාරුවකිනි.

දුකක් නැහැ
තමුසෙගෙ වයිෆ් තමුසෙව දාලා ගියානං, ඇවිල්ලා අපිත් එක්ක අඩියක් ගහලා ඒ දුක නැතිකර ගන්නවා. පඩි දවසේ කාර්යාලයෙන් එළියට යමින් සිටියදී පියල්, ජයරත්නට කීවේය.
"ඒක කරන්ඩ බෑ බං." ජයරත්න පිළිතුරු දුන්නේ බැරැරුම් පෙනුමක් මුහුණට නඟා ගනිමිනි.
"ඇයි සල්ලි නැද්ද?" පියල් වහා ඇසීය.
"නෑ, දුකක් නැහැ." ජයරත්න කීවේ සිනාවක් නඟමිනි.

අපිත් මුලින් කිව්වේ එහෙම තමයි!
එක්‌තරා රටක ආණ්‌ඩුකාරයෙක්‌ එරට පිස්‌සන්කොටුව නැරඹීමට ගියේය.
"ඔහේ කවුද?" එක්‌ පිස්‌සෙක්‌ ඔහු ඉදිරියට පැමිණ ඇසුවේය.
"මම තමයි මේ රටේ ආණ්‌ඩුකාරයා."
එවිට මඳ සිනහවක්‌ පෑ පිස්‌සා මෙසේ පැවසීය.
"අපිත් ආපු දවස්‌වල නම් කිව්වේ ඔහොම තමයි. නමුත් ඉන්ජෙක්‌ෂන් දෙකක්‌ තුනක්‌ වැදුනහම ඕක හරියයි."

ඒ එයා පොඩි කාලේ!
විදේශීය සංචාරකයෙක්‌ එක්‌තරා රටක කෞතුකාගාරයක්‌ නැරඹීමට ගියේය.
එහි ප්‍රදර්ශනයට තබා තිබුණු හිස්‌ කබලක්‌ දුටු සංචාරකයා එහි සිටි නිලධාරියෙකුගෙන් මෙසේ ඇසුවේය.
"මේ හිස්‌කබල කාගේද?"
"ඒක අපේ රටේ නිදහස වෙනුවෙන් සටන් කළ වීරයෙකුගේ."
එයට මඳක්‌ ඔබ්බෙන් තවත් කුඩා හිස්‌ කබලක්‌ තිබෙනු දුටු සංචාරකයා එය කාගේ හිස්‌ කබල දැයි නිලධාරියාගෙන් ඇසුවේය.
"ඒක එයා පොඩි කාලේ." නිලධාරියා පිළිතුරු දුන්නේය.

රස කතා 5ක් දැන්ම කියවන්න


කට ඇති පුතුත්, රුව ඇති දුවත් සිටින අඹු සැමි යුවළ තරම් වාසනාවන්ත කිසිවෙක් මේ ලොව නැතැයි කියනු ලැබේ.. කට ඇති පුතෙක් සිටින නිසාම පහු ගිය ඉරිදා දිනයේදී අප කොතරම් වසනාවන්ත වූවාදැයි ඔබටම වටහා ගත හැකි වනු නොඅනුමානය.
අතුරු කතා කිහිපයක් මඟින් යා යුතු මග එළි පෙහෙළි කර ගත යුතුමය.. ඉන් පසු, පහු ගිය ඉරිදා වෙත මා ඔබව ගෙන යන්නෙමි. අවුරුදු 5 හමාරක් වන මගේ පුතු ඔහුගේ වයසේ සිටින අනිකුත් දරුවන් මෙන්ම ඉතා විමසිලිවන්තය. එසේම ඔහුට කුතුහලය දනවන ඕනිම දෙයක් එවේලේම සැක හැර දැන ගැනීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දයි. මගේ බිරිඳගේ මව සිටින්නේද අප සමඟම වන අතර වයස නිසාම ඇයගේ කන ඇසීමේ පොඩි ආබාධයක් තිබෙන අතර ඇය සමඟ අප කතා කරන විට තරමක් හඬ නගා කතා කළයුතු අතර ඇයද අප සමඟ හඬ නගා සංවාදයේ යෙදෙයි. මෙම අභාසය ලද මපුතුද අප හෝ අන් අය
සමඟ කතා කරන්නේ හඬ නගාය. මෙය අප විසින් කෙතරම් පැහැදිලි කර දුන්නද ඔහු එය විනෝදජනක ක්‍රියාවක් මෙන් කරයි. මෙම තත්වය නිසාම අසල්වැසියන් සමඟ සිටින විට හෝ ප්‍රිය සම්භාෂණ වලට ගිය විට ඔහු නිතැනින්ම අන් අයගේ අවධානය යොමු කර ගන්නා සුරතලා වන්නේය. මගේ බිරිඳ ළමා සංවර්ධන හා මනෝවිද්‍යා පශ්චාත් උපාධිධාරිනියක් නිසාම මෙම තත්වයන් බලෙන් මැඩලීමට හෝ තරවටු කර මෙම පුරුදු මඟ හැරවීමට කිසිදා ඉඩ නොලැබේ.
"Liyaa Darling, theses kind of negative reinforcement will never work nowadays ane... We got to wait and see. One day he will get them all by himself. You also do not know these things. So so let me handle it and do it like i say Darling.."
මේ කැටයම් දමා මොනවා කීවත් මා කුඩා කාලයේ තිබූ නරක පුරුදු සියල්ලම තාත්තාගෙ පේර කෝටුවෙන් අත හැර දැමූ මතකය මට අමතක නොවේ. නමුත් කාලය වෙනස්ය. තාලය වෙනස්ය..
"අම්මා අද කඩේ ගිහින් එද්දි බව්වො දෙන්නෙක් නැට්ට ළඟින් ඇලිලා හිටියා.. තාත්තා ඇහුවට කිව්වෙ නෑ "
"ලියා කියලා දෙන්න ඩාලිං.. තාත්ත ටයර්ඩ්නෙ පුතා ඒ නිසායි ඒ වෙලාවෙ කියලා දෙන්න නැත්තෙ..එන්න පුතූ ඒ බව්ව අම්මෙකුයි බව්ව තාත්තෙකුයි.. අපේ ටොමී ඉන්නෙ එයා බව්ව තාත්තෙක්නෙ.. එහා ගෙදර ලැසී බව්ව අම්මෙක්නෙ..ඒ වගේ දෙන්නෙක් එහෙම ඉඳලා තමයි ටික දවසකින් ෂෝක් බලු පැටව් ටිකක් ඉපදෙයි ඒ බව්වා අම්මට.. තේරුණාද පුතා ?"
"එතකොට තාත්තයි.."
"ආන්න අර පූසා ලේනෙක් අල්ලන්න හදන්නෙ අඹ ගහ ළඟ "
මම හඬ නගා කීවෙමි.පුතු ප්‍රශ්න කිරීම නවතා එළියට දුව ගිය අතර මා බිරිඳ නළල රැළි ගන්වමින් මා දෙස විමසුම් බැල්මක් හෙළුවාය. වචනයක් පිටකර පැය 2-3ක මනෝ විද්‍යා දේශනයකට ගොදුරු වෙනවාද නැත්නම් වත්තට ගොස් පැය 2-3ක් මහන්සි වී දන හිස තෙක් වැවී තිබුණු තණකොළ ටික උදලු ගා දමනවාද යන තේරීම් දෙක මා හමුවේ ඇත.
"මන් යනවා වත්ත ශුද්ධ කරලා දමන්න"
"හා හැබැයි පුතූ අහන ප්‍රශ්න වලට කිසිම දවසක උත්තර නොදී ඉන්න එපා.. දෙන උත්තර උණත් හරිම උත්තරය දෙන්න.. ආයි මන් කියන්නෙ නෑ"
මෙම උත්සාහය නිසා මපුතු තම වයසේ අන් ළමයින්ට වඩා කරුණු කාරණා දන්න අයෙක් වනවාට කිසිම සැකයක් නොමැත. නමුත් මේ ප්‍රශ්න ඇසීම..
"තාත්තෙ ඇයි අර බව්වො දෙන්නෙක් එකට ඇලිලා ඉන්නෙ?"
ඒ මොහොතේ කඩය අසල සිටි සියල්ලන්ම මා දෙස බැලූ ආකාරය සහ සිනහා වුණු ආකාරය තවමත් මා දෙසවන් තුළ දෝංකාර දෙයි.
ඉදිරි සතියක එන පුතුගේ උපන්දිනයට අවශ්‍ය වන බඩු බාහිරාදිය ගෙන ඒමටත් පුතුට අවශ්‍ය වන තෑගි ඔහුට උවමනා ආකාරයටම තෝරා ගැනීමටත් අප තිදෙනා පහු ගිය ඉරිදාවේ ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණයක් වෙත ගියෙමු. ඉරිදා නිසාම වෙනදාට වඩා සෙනඟක් රැඳුණු අතර.. එහි ගොස් සුළු කාලයකින්ම මපුතු හඬ නගා කතා කරමින් අන් අයගේ අවධානය යොමු කර ගැනීමට සමත් වීය. අපි අමාරුවේ දමන ප්‍රශ්න ඔහුගේ ඔළුවට නොපැමිනේවා යන්න දහස් වරක් මුමුණමින් මා සිටින විට.
"අම්මේ මට චූ බරයි"
මේ බර එම අංශයේ සිටින සියලු දෙනාම දැන් දනී..
"ලියා එක්ක යන්න පුතාව ටොයිලට් එකට මන් යනවා සෙල්ලම් බඩු සෙක්ෂන් එකට දෙන්නම එතනට එන්න"
ටොයිලට් එක තුළදී සියල්ලන්ම සිනහා ගන්වමින් ,
"ඇයි තාත්තේ චූ බර හැදුනහම චූවා ලොකු වෙන්නෙ?"
" පුතා චූ එකතු වෙලා තියෙන්නෙ ඔයාගෙ බඩ පහළ තියෙන බෑග් එකක.. ඒක පිරුණහම තමයි ඔයාට චූ බර හැදෙන්නෙ"
ටොයිලට් එකේ සිටි කොල්ලන් දෙදෙනකු හක හක ගා සිනාසෙන අතර අප දෙදෙනා සෙල්ලම් බඩු අංශය වෙත ආවෙමු.
"පුතා අම්මා එක්ක ඔයා ගෙ බර්ත්ඩේ එකට තෑගි තෝරන්න, මන් මේ ඩස්ටර්ස් ටිකක් බලන්නම්.."
මද විරාමයක් ගැනීමට මා අසල වූ මුළුතැන් ගෙයි උපකරණ අංශයේ නතර වීමි. සියල්ලෝම මා දෙසත් පුතු දෙසත් වරින් වර බලන්නට වූයේ..එකිනෙකාට මොන මොනවදෝ මුමුණමිනි.
"ඔව් ඕව් ඒ තාත්තා තමයි.. අර ඉන්නෙ අම්මා.."
"යන් යන් අපිත් ඒ හරියෙ ඉම්මු ටිකක්"
"පුතුට මොනවද තැගි ඕනි ඔයාම තෝරා ගන්නකෝ.. තෝරා ගෙන මේ ට්‍රොළියට දමන්න"
බිරිඳගේ කටහඬ මට ඇසෙයි.
"මේ සෙල්ලම් බඩු ගොඩාක් එව්වා මට තියෙනවා අම්මි"
සත්‍ය වශයෙන්ම ඔහු මේ වන තෙක් ඉල්ලන ලද සියලුම වර්ගයේ සෙල්ලම් බඩු අප විසින් මිලදී ගෙන ඔහුට ලබා දී තිබුණෙ.. මා බිරිඳගේ මනෝ විද්‍යාත්මක දැනුමට පිං සිද්ධ වෙන්නටය. අපි පොඩි ළමයි ඉල්ලන දේවල් සේරම අරන් දීලා ඒ ඒ වයසේ ඒ ගොල්ලන්ගෙ හිතේ ඇතිවන ආසාවල් ඉෂ්ඨ නොකලොත් පස්සට ප්‍රශ්ණ ඇති වෙනවලු ලියා.. මේ තෑගි අරන් දීම පිළිබඳ මගේ බිරිඳගේ මතයයි..
"හරි පුතා ඔයා මෙහෙම හිතන්නකො ඔයා මෙ වෙලාවෙදි වැඩියෙන්ම ඕනි කරන දේ හිතලා තෝරා ගන්න.."
බොහෝ දෙමව්පියන්, තරුණියන් ..ඇතුළු පිරිසක් මේ වනවිටත් සෙල්ලම් බඩු අංශය වෙත පැමිණෙමින් තිබිණි..
"මරු කතා කියනවා ඒ පොඩි එකා.. "
"මාර කියුට් අනේ.. කටර් එකක් වගේ කට. "
"ඒ අම්මලා තාත්තලාට නිවනක් නැතුව ඇති ප්‍රශ්න වලට උත්තර දීලා.. "
කීප දෙනකුම මා දැක එකිනෙකාට ඇඟිල්ලෙන් අනිමින් තම කතාවල් නවතා ගති.. මා මද සිනා මුසු මුහුණින් හෙමින් සෙල්ලම් බඩු අංශය වෙත පිය මැන්නෙමි. කටේ ඇඟිල්ලක් ගසා ගෙන කල්පනාවක නිමග්න වෙමින් සිටි ඔහු එක්වරම,
"අම්මේ මෙතන තියෙන සේරම ජාති මං ළඟ තියෙනවා..මට ඕනි ලොකු චූවෙක් "
මගේ දෙකංශයෙන් දුම් පිට වෙනවාක් මෙන් දැනිණි. අවට හැම අතින්ම ඇසෙන්නෙ සිනා හඬයි.
"ඇයි පුතේ ඔයාට ලොකු චූවෙක් ඕනි ඔයාට තියෙන්නෙ ඔය "
බිරිඳ අවට සියල්ලන්ම නොතකා පුතුගෙන් විමසයි.
"එතකොට් මට ගොඩාක් වෙලා යනකං චූ නොකර ඉන්න පුළුවන්.. මගේ චූවා පොඩි නිසා මට හැම වෙලාවෙම චූ බර හැදෙනවා"
අහල පහළ අංශ වල සිටින සියල්ලන්මද මෙම අංශයට රොක් වෙනවා සේ මට පෙනිණි.
"අම්මේ මට ඕනි තාත්තාට වගේ ලොකු චූවෙක්"
"ලියා පුතාට කොමඩ් එකේ ලිඩ් එක ඕපන් කරලා හරියටම බිම හලන්නෙ නැතුව චූ කරන හැටි උගන්නන්න.. ඔයා..කියලා දුන්නට එයාට තේරෙන්නෙ නෑ.. ඔයා කරල පෙන්නන්න.."දූ පැටියෙක් ඉන්න කොට මන් ඒ සේරම උගන්වන්නම්.. පුතාගෙ වගකීම තියෙන්නෙ ඔයාට. "
අතීතයේ දිනයක වූ මේ කතා බහ හා ප්‍රායෝගික පාඩම නිසා සැබවින්ම ඔහු තනිවම මෙය කර ගන්නේ කෙසේද යන්න හොඳින් දනී..
මට මේ වනවිට අවට සිදුවන කිසි දෙයක් නොඇසෙයි.. නොදැනෙයි.. තවත් ගැලවෙන්නට රෙදි කොහෙන්ද ?
"පුතා ඔයා ලොකු වෙනකොට ඔයාගෙ චූවත් ලොකු වෙයි. අපි දැන් ඉන්නෙ සෙල්ලම් බඩු සාප්පුවෙනෙ.. චූවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි. ඔයාගෙ ඇඟේ කොටසක්.. "
"එතකොට අම්මා කියන්නෙ තාත්තගේ චූවත් සෙල්ලම් බඩුවක් නෙවෙයිද?"
"පුතා මෙන්න මේ සෙල්ලම් කෝච්චිය ගන්න. ඔයා ළඟ තියෙන එක කැඩිලනෙ හරි යමු යමු අපි දැන් ගන්න තියෙන බඩු සේරම ගත්තනෙ"
මගේ වාසනාවකට බිරිඳ හෝ පුතු කිසිම විරෝධයක් දැක්වූයේ නැත්තේ අවට සිටින් සියල්ලන්ගේම.. සිනහවෙන් ඉපිලෙන මුහුණු නිසාදැයි මා දන්නේ නැත..
වෙළඳ සංකීර්ණයේම සිටින සියල්ලෝම පාහේ අප තිදෙන දෙස බලා සිටින්නෙ.. අප යුහුසුළුව මුදල් ගෙවන කවුන්ටරය වෙත ආවෙමු.
මුදල් ගෙවන කවුන්ටර් පේළියම සුන්දර යුවතියන් පිරිසක් සිනා මුසු මුහුණින් යුතුව සේවය කරයි. මා මුදල් ගෙවීම පිණිස සියලුම බඩු කවුන්ටර මේසය මත තබද්දී..
"පුතා මොනවද ගත්තෙ ?"
සුන්දර වෙළඳ සහායක යුවතිය මපුතුගේ නිකටින් අල්ලා සෙලවූවාය.
"මට ගන්න ඕනි උණේ නම් තාත්තගෙ වගේ ලොකු චූවෙක්.. ඒ උණාට අරන් දුන්නෙ මේ කෝච්චිය.. ඇන්ටි දන්නවද චූවා කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙවෙයි"
අහෝ අර යුවතියන් රොත්තම මුහුණු රතු කරගනිමින් සිනහව මැඩ පවත්වා ගැනීමට දැරූ වෑයම !
කට ඇති පුතෙක් සහ රුව ඇති දුවෙක් සිටින දෙමාපියන් හරිම වාසනාවන්තලු !



Source by: http://tinyurl.com/m68zlgn

"කට ඇති පුතෙක් සහ රුව ඇති දුවෙක් සිටින දෙමාපියන් හරිම වාසනාවන්තලු!" මේ කතාව කියෙව්වාමත් එහෙම හිතෙනවද?


• අශ්වය නින්ඳට යනවිට පාවිච්චි කරන පොරෝනය කුමක්ද? අස්වැසුම

• පන්සල් භූමියට වැද්ද නොගන්නා පක්ෂියා කවුද? සිවුරු හොරා ... ... 

• තමා රැවටෙන බව දැන දැනත් පාරිභෝගිකයා මිළදී ගන්නා ආහාරය කුමක්ද? කට්ට සම්බෝලය

• ආයතනයක යතුරු භාරව සිටින තැනැත්තා කවුද? කැරලිකරු

• තමන්ගේගෝල බාලයන්ට පමණක් විශේෂ සැලකිලි දැක්වීම හඳුන්වන විශේෂ නාමය කුමක්ද? ගෝලීයකරණය

• ලංකාවේඅඩුම මුදලකින් නිපදවූ සිංහල චිත්රපටය කුමක්ද? සත පනහ

• ලංකාවේවැඩිම මුදලකින් නිපදවූ සිංහල චිත්රපටය කුමක්ද? හතර මහ නිධානය

• ලංකාවේදේශපාලනය සමබන්ධ කර ගනිමින් නිපදවූ චිත්රපටය කුමක්ද? කඩවුනු පොරොන්දුව

• රෝහලකදී පලදෙන කර්මය කුමක්ද? ශල්යකර්මය

• බැංකුවල සේවයේ නියුතු පුද්ගලයින් කෑමට කැමතිම ආහාරය කුමක්ද? මනිපිට්ටු

• ලියුම් කවර ඇලවීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සේවයට බඳවාගෙන ඇති සේවකයා කවුද? ගම් භාර නිළධාරියා

• ශාක කොටස් පමණක් ආහාරයට ගන්නා සර්පයා කවුද? පළා පොළඟා

• මැණික් ගැරීමට අධිපති යක්ෂයා කවුද? ගරා යකා


• ලෝකයේ පැරණිතම සත්ත්වය කවුද? සීබ්රා (Black & White)

• ආදරවන්තයින් සඳහාම වෙන්වූ බස් වර්ගය කුමක්ද? පෙම්බස්

• ඉතා කුඩා බර ප්රමාණ මැනීම සඳහා ශ්රී ලංකාවේ භාවිතා කරන ශාකමය මිණුම් දණ්ඩ කුමක්ද? අබ මල් රේණුව

• රබර් වත්තකදී දැනෙන පාලුව හඳුනවන්නේ? ඔට්ට පාලු

• ක්රිකට ක්රීඩකයින් වැඩි වශයෙන් නැරඹූ ටෙලි නාට්යය කුමකද? කඩුල්ල

• අවි ආයුධ එක් තැනකින් තවත් තැනකට රැගෙන යන පුද්ගලයා හඳුන්වනුයේ කුමන නමකින්ද? අවිවාහකයා

• මුහුදේ ජීවත්වන වේගවත්ම ජීවියා කවරෙක්ද? මුහුදු අශ්වයා

• මාළුවන්ට හැදෙන තුවාල විශේෂය කුමක්ද? මින්දද

• ලෝකයේ සර්ප ගහණය වැඩිම රට කුමක්ද? නයිජීරියාව

• මැර බලය උපයෝගී කරගෙන ජයග්රහණය කල හැකි ක්රීඩාව කුමක්ද? මැරතන්

• තොර තෝංචියක් නැතිව කාන්තාවන් අතරේ සිදුවන කතාබහ හඳුනවන නම කුමක්ද? ලියකියවිලි

• නිතරම කිරිල්ලියන්ට ඉඟි බිඟි පාන කුරුල්ලා කවුද? පැණි කුරුල්ලා

Source by: http://tinyurl.com/m68zlgn

අසාමාන්‍ය විදියට - සාමාන්‍ය දැනුම



ලෝකෙ සියලුම පොලිසි අතර තරඟයක්
තිබ්බා අපරාධ පරීක්ෂණයට දක්ෂම
කවුද කියලා හොයන්න.
කොහොමින් හරි මේ තරඟේ මේ විදියට
ගිහිල්ලා රටවල් තුනක පොලිසි අන්තිම
වටයට තේරුනා. ඒ තමයි ඇමරිකානු
පොලිසිය, එංගලන්ත පොලිසිය සහ අති
ජනප්රිය ශ්රී ලංකා පොලිසිය.
දැන් මේ තරඟේ අන්තිම වටය.... ඒක
කරන්නේ මෙහෙමයි;
කැළෑවකට හාවෙක් දානවා.
ඉක්මනින්ම ඒ හාවව හොයාගෙන එන
පොලිසිය තමයි තරඟය දිනන්නේ.....
දැන් පළවෙනි අවස්ථාව
ලැබුනා එංගලන්ත පොලිසියට
(අපේ එවුනුත් අදින්නෙම
සුද්දගෙ පැත්තට නිසා මේ තරඟයෙත්
පළවෙනි අවස්ථාව සුද්දටම ලැබුනු
එක ගැන දුක්වෙන්න එපා...)
කට්ටිය කැලේට ගිහින් සෑහෙන
වෙලාවක් ගත කරලා ගස් ගල් වලිනුත්
කටඋත්තර අරගෙන එහෙම හිස් අතින්ම
එලියට ආවලු..... ඇවිත් තඩි රිපෝට්
එකක් භාරදුන්නලු..... ඒ රිපෝට්
එකේ සාරාංශය ගත්තොත් මෙහෙමයි;
“හාවා සොයාගැනීමට නොහැකි ලෙස අතුරුදහන් වී ඇත”
දැන් ඔන්න දෙවනි අවස්ථාව
ලැබුනා කියමුකො ඇමරිකානු
පොලිසියට (ඔන්න ආයෙත් සුද්දට.....)
එයාලා දෙපාරක් තියා එක පාරක්වත්
හිතුවේ නෑ..... කෙලින්ම බෝම්බ
දාලා මුළු කැලේම ෆ්ලැට් කරා.
එහෙම කරලා එයාලත් තඩි රිපෝට්
එකක් භාරදුන්නා..... ඒ රිපෝට්
එකේ සාරාංශය ගත්තොත් මෙහෙමයි;
“දැන් හාවාගෙන් කිසිදු තර්ජනයක් නොමැත”
ඔන්න එහෙනම් අන්තිම අවස්ථාව
අපේ අහිංසක ශ්රී ලංකා පොලිසියට
ලැබුනා.....
මේ කථාවන් කියවෙන්නේ වෙනස්
කැළෑ තුනක් කියලා අපි හිතමු
නැත්නම් කට්ටිය ඊලඟට මගෙන් අහයි
බෝම්බ දාලා ෆ්ලැට් කරපු
කැලෑවේ ආය
හාවො හෙව්වේ කොහොමද කියලා......
දැන් අපේ පොලිස් අයියලා ටික
බැස්සා කැලේට..... ගිහින් හැරෙන
තැපෑලෙන් පොරවල් ටික ආපහු
එනවා. හැබැයි එන්නෙත් නිකන්
නෙමේ....
මුන් ටික තඩි වලහෙක් අල්ලගෙන ඌට
ගහගහ ඇදගෙන එනවා...... හොඳටම
ගුටිකාපු වලහ අඬඅඬ මෙහෙම
කියනවලු......
"අනේ සර්.... ගහන්න එපා සර්.... මම පිළිගන්නවා..... මම තමයි
හාවා.... මම තමයි හාවා...." 

හොඳම පොලිසිය