
අද දෙන්න යන්නෙ වන්නි මෙහෙයුම. මේකෙ පළවෙනි කොටස නිකුත් කලත් එහි අඩු පාඩු තිබුන නිසා වන්නි මෙහෙයුම 2 නමින් ගේම් එක අළුත් කොටස් එකතු කරමින් නැවත නිකුත් කළා. මේ ගේම් එක සම්මානනීය ගේම් එකක්.මෙහි අයිතිය සහ ගෞරවය දිල්ෂාන් අබේගුණවර්ධන සොයුරාට හිමිවිය යුතුයි. මෙහි ගොඩක් කැලෑ තුල සහ ගොඩනැගිලි තුල මිෂන් වගේම මාවිල්ආරු මුදා ගැනීමේ මෙහෙයුමත් ඇතුලත්. ඉතින් අනිවාර්යෙන්ම ඩවුන්ලෝඩ් කරලා ප්ලේ කරලා බලන්න.
ඔබේ පරිගණකයේ අවශ්‍ය පහසුකම්
Minimum
Pentium IV 1000 Mhz
1 GB RAM
500 MB Space
32 MB Graphic Card
Recommended
Pentium IV 1500 Mhz or higher
2 GB RAM
500 MB Space
Direct X 9.0 supported Graphic card or higher
වීඩියෝ
195 MB
අලුත් වන්නි මෙහෙයුමට ඔබත් එකතු වෙන්න

මෙන්න කස්ටියම සෙල්ලම් කරන්න සිංහල ගේමක්.ගේම් එකේ නම ජේමිස් බණ්ඩා.නිකන් ජේම්ස් බොන්ඩ් ලගින් යනව වගේ නේද?ඇත්තටම මේක ජේමිස් බොන්ඩර් කතාව වගේ තමා.මතක ඇතිනේ ජේමිස් බණ්ඩා කතා පොතකුත් ආවා.සමහරු නම් කියවලත් ඇති.ඒත් නම ඉංග්‍රීසියෙන් ගලව ගත්තට හැම දේම ඉංග්‍රීසි නෑ හොදේ.ග්‍රැෆික් වැඩ,සවුන්ඩ් වැඩ ඔක්කොම ජෙනුයින් සිරි ලංකා.
මේ සිංහල ගේම් එක රිලීස් වුනේ 2006 සැප්තැම්බර් 14 වෙනිදා.ශ්‍රී ලංකාවේ ප්‍රථම ත්‍රිමාන පරිගණක ක්‍රීඩාව වගේම ෆස්ට් පර්සන් ෂූටර් ගණයේ ප්‍රථම පරගණක ක්‍රීඩාව වන්නේත් ජේමිස් බණ්ඩා යි.එහෙනම් බා ගෙන සෙල්ලම් කරලම බලන්නකෝ.ඉන්ස්ට්‍රෝල් කරන්න අවශ්‍ය නෑ.බා ගත්තා,සෙල්ලම පට්ටාන් ගත්තා.ඔන්න අපි ගියා.
14 MB
ලංකාවේ ප්‍රථම ත්‍රිමාන පරිගණක ක්‍රීඩාව-James Banda Game(Sinhala)

සාමාන්‍යෙන් ගහන ඕම්බි අතම තමයි.ඒ නීති රීතිමයි.කේස් එකකට තියෙන්නේ හොර වැඩ බැරි එක විතරයි.ඉන්ස්ට්‍රෝල් කරන්න නෑ.බාගෙන සෙල්ලම් කරන්න.එහෙනම් තුරුම්පුවක් එහෙම ඇදලා වැඩ පට්ටාන් ගන්න.ඕම්බි ගැන දන් නැති අය උදව් >> උදව් ලිපිය, කියවන්න.මාත් තරගයක් දින්නා.ඔන්න ස්කිරීන් ෂොට්ටුව තියෙනවා යටින්.එහෙනම් බා ගන්න.
0.3 MB
ශ්‍රී ලාංකීය කැසිනෝ කලාව-Oombi Sinhala
පොර සෙට් එකත් එක්ක බොරැල්ල පැත්තේ තියෙන බ්ලා බ්ලා කියන බැංකුවට ඊයේ හවස් යාමයේ පැනලා රුපියල් බර ගානක් අරගෙන පනින්න ලෑස්ති වෙලා තියෙනවා.ඒත් මෑන්ස් එක්ක එකට වැඩ කරපු මායමී කියල කෙල්ලක් පොරව එතනම බාවලා සල්ලිත් අරගෙන අනිත් එවුනුත් එක්ක පැනල කියලයි මාධ්‍ය වල ප්‍රචාරය වුනේ.මෑන්ස්ගේ ජීවිතය බේරුණ බවත් ඔහු ඇතුලුව අමාරුකාර මරුමුස් ජිල්බිට් කාරයෝ ටිකක් වැලිකඩ බන්ධනාගාරයේ සිට කටුනායක අධිවේගී මාර්ගය පිලිකන්නේ අලුතින් සකස් කරන ලද මහල් 64කින් යුතු අධි සුඛෝපබෝගී බන්ධනාගාරය වෙත මාරු කර යවන අතරතුර කැලණි පාලම අසලදි පාලම පුපුරවා කස්ටිය මාරු වී ඇති බවත් අපට පසුව දැන ගන්න ලැබුණා.මේ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට සුලුවට බරපතල තුවාල සිදු වී ඇති අතර දෙදෙනෙකු තවමත් හදිසි අනතුරු අංශය තුල දත් ගනන් කරමින් සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාගේ දුරින් නෑයෙකු අපට සදහන් කලා.
මෙතන ඉදන් ඉදිරිය තීරණය කිරීම ඔබට බාරයි.ඉහත සදහන් කලේ අපි කවදත් ආසාවෙන් සෙල්ලම් කරපු ග්‍රෑන්ඩ් තෙෆ්ට් ඔටෝ කතා මාලාවේ තෙවන කොටස වන ලිබර්ටි සිටි හි ආරම්භය සරල සිංහලෙන්.සමහර වෙලාවට දැනටමත් ඔබ මේ ගේම් එක දෙතුන් පාරක්ම සෙල්ලම් කරලා අහවර කරලත් ඇතිනේ.මේ තියෙන්නේ එහි සිංහල වර්ෂන් එක.ආයෙ පාරක් සෙල්ලම් කරලම බලන්න වටිනවා.
කරන්න තියෙන්නේ මෙච්චරයි.
1.මෙතන රාර් ෆයිල් දෙකක් තියෙනවා දැන්ම බා ගන්න.
2.දැන් එක්ස්ට්‍රැට් කර ගන්නකෝ.
3.තියෙන ඕඩියෝ ෆයිල්ස් ප්‍රධාන ෆෝල්ඩරය වන "Grand Theft Auto 3 ( GTA )sinhala" තුලට කොපි කර ගන්න.
4."setup" ඩොස් ෆයිලය රන් කරලා සෙල්ලම් කරන්න පටාන් ගන්න.
එතකොට චීට් බුක් එකත් ඔයාලට වැදගත් වෙයි.මොකද චීට් නැතුව GTA ගේම් ගහන එක ලේසි නෑ.ඒක තාම බා ගත්තෙ නැතිනම් මෙතනින් යන්න.තව Mp3 ෆෝල්ඩරේට කැමති සිංදු එහෙම කොපි කරලා බලන්නකෝ.ප්‍රශ්නයක් තිබ්නොත් කමෙන්ටුවක් දාන්න.එහෙනම් අපි ගියා.ඔබට ජය.
ප්‍රධාන ෆයිලය-118 MB
සවුන්ඩ් ෆයිල්ස්-172 MB
සෙවුම් පද
Grand Theft Auto 3 Sinhala
GTA 3 Sinhala
Sinhala Grand Theft Auto
Sinhala Games
Sinhala Software
Sinhalen Software
Software Sinhalen
පට්ට ආතල් ගේම්ස්
ජී ටී ඒ 3
සොෆ්ට්වෙයා සිංහලෙන්
ගේම්ස් සිංහලෙන්
ලෝකයේ භයානකම අපරාධකරුවා ශ්‍රී ලංකාවට එයි- Grand Theft Auto 3( GTA )Sinhala
Subscribe to:
Posts (Atom)





