සාර්ථක යූ ටියුබ් චැනලයක හිමිකරුවකු වන්න

ආතතියෙන් තොරව පරිපුර්ණ හැගීමකින් යුතුව, වෙහෙස මහන්සි වී වැඩ කරන්න

ගූගල් සමාගම මඟින් අපේ එදිනදා වැඩකටයුතු පහසු කර ගැනීමට ලබා දෙන මෙවලම් ගැන සඳහන්, ද කම්ප්ලීට් ගූගල් මැනුවල් (The Complete Google Manual) ඊබුක් එක ඔබ මීට පෙර සිංහලෙන් සොෆ්ට්වෙයා වෙබ් අඩවියෙන් බාගත්තාද? මඟහැරුනානම් දැන්ම මෙතනින් ගිහින් බාගන්න. ගූගල් ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් (Google Tricks And Tips) ඊබුක් එක මඟින් තවදුරටත් ගූගල් මෙවලම් වලින් වැඩගන්න ආකාරය ඉගෙනගන්න පුලුවන්. ප්‍රධාන වශයෙන් ගූගල් මැප්ස්, ගූගල් අර්ත්, ගූගල් ට්‍රාන්ස්ලේට්, ගූගල් ෆ්ලයිට්ස්, ෆොටෝ එඩිටින්, යූටියුබ්, ගූගල් ඩ්‍රයිව්, ගූගල් ඩොක්ස්, ගූගල් ෂීට්ස්, ගූගල් ඩ්‍රෝවින්, ගූගල් ස්ලයිඩ්ස්, ගූගල් ෆෝම්ස්, ගූගල් ක්ලවුඩ් ප්‍රින්ට්, ගූගල් කීප්, ගූගල් ප්ලේ සහ බ්ලොගර් පිළිබඳව මෙහි ඇතුලත් වෙනවා. එහෙනම් බාගෙන කියවන්න. ජය. 


36.8 MB


ගූගල් මෙවලම් සහ රහස් තවදුරටත්

ක්‍රිප්ටෝ මුදල් ඉපයීම වීඩියෝ මඟින් උගනිමු

"දේසේ හැටියට වාසේ" කියල එදා පැරැන්නන් කීවේ කටකහනවට නෙවේ. අපි ඉපදුනුදා සිට මැරෙනකම්ම අපිට විවිධ පුද්ගලයින් සමඟ කටයුතු කිරීමට සිදුවෙනවා. ඒ අතර අමාරුකාරයන්, නහර කාරයන්, ඇම්බැට්ටයින්, ගල් ආදන්, ඇම්ඩන්ල, මැරයින්, කපටින් ආදී විවිධ නම් වලින් සමාජය හඳුන්වනු ලබන පුද්ගලයින් සමඟ ගණුදෙනු කිරීමට සිදු වෙනවා. සමහරුන් අපේ ජීවිතයට ප්‍රශ්න ඇති කරවනවා පමණක් නොව ජීවිතය පිළිබඳ කලකිරීමට පත් කිරීමට තරම් ඔවුන් දරුණු වෙනවා. ඉතිං මෙවැනි පුද්ගලයින් සමඟ කටයුතු කරන්නේ කෙසේද? යන්න පැහැදිලි කරමින් ගිල් හැසන් (Gill Hasson) මහතා විසින් රචිත How to Deal With Difficult People - Smart Tactics for Overcoming the Problem People in Your Life ඊපොත පහතින් බාගන්න පුලුවන්. මෙම ඊපොත ඊපබ් (EPub) ෆොමැට්ටුවෙන් ඇති අතර ඊපබ් ගැන දන්නේ නැති අය මෙතනින් ගිහින් දැනගන්න. බාගන්න. ජය.


0.2 MB


දුෂ්කර පුද්ගලයින් සමඟ කටයුතු කරන්නේ කෙසේද? ඔබ මුහුණදෙන ගැටලු මඟහරවා ගැනීමට ස්මාර්ට් උපක්‍රම

ඇෆිලියේට් මාර්කටින් ආදායම වැඩි කරගමු

බුකියෙන් බිස්නස් වලට අත ගහමු

හැකින් වලට අත්තිවාරම - Hacking For Beginners

ක්‍රිප්ටෝ මුදල් වැස්ස - Crypto Coin Drop

වෙනස්ම ක්‍රමයකට ඩ්‍රොප්ෂිපින් වලට අතගහමු

ව්‍යාපාරයක ප්‍රධානම කාර්යයක් වන අලෙවිකරණයේ මූලධර්ම ඉගෙන ගන්න. පිලිප් කෝට්ලර් විසින් පෙන්වා දුන් ප්‍රධාන අලෙවිකරණ මූලධර්ම පදනම්කර ගෙන, පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීමට සහ ලෝකයේ වෙනසක් ඇති කිරීමට අලෙවිකරුවන්ට තාක්ෂණය භාවිතා කළ හැකි ආකාරය මාර්කටින් (Marketing) 5.0හි පැහැදිලි කරනු ලබයි. නව යුගයක අලෙවිකරුවන් ලෙස ව්‍යාපාරයේ ඩිජිටල් පරිවර්තනය හා ගනුදෙනුකරුවන්ගේ වෙනස්වන හැසිරීම සමඟ පොරබදමින් සිටින ඔබට, මෙම ඊ පොත පසුගිය දශකය තුළ සිදු වී ඇති පාරිභෝගික හැසිරීම්වල නානාප්‍රකාර වෙනස්වීම් සමඟ තාක්‍ෂණික හා ව්‍යාපාරයනහි පරිණාමය ඒකාබද්ධ කිරීමට මාර්ගෝපදේශයක් සපයයි. අලෙවිකරණ ස්වයංක්‍රීයකරණය සඳහා කෘතිම බුද්ධිය, කඩිනම් අලෙවිකරණය, “ඒකක කොටස්” අලෙවිකරණය, අලෙවිකරණය සඳහා මුහුණු හඳුනාගැනීම සහ ශබ්ද තාක්‍ෂණය, ආයතනික ක්‍රියාකාරිත්වය සහ තවත් බොහෝ දේ මේ යටතේ ඔ‌බේ දැනුමට එක් කර ගත හැකිය. බාගන්න. ජය.


11.2 MB


නව තාක්ෂණය හා අලෙවිකරණය ගලපන්න

ඉට්සි වෙබ් අඩවිය (etsy.com) හරහා ඔබේ අත්කම් භාණ්ඩ  අන්තර්ජාතික වෙළදපල, විශේෂයෙන්ම යුරෝපීය වෙළදපල වෙත විකිණිය හැකිය. සාමාන්‍ය භාණ්ඩ විකිණීමේ කටයුතු වල නිරත ඊබේ, අලිඑක්ස්ප්‍රස් වැනි වෙබ් අඩවිවලට වඩා තරමක වෙනස් ආරක් ගන්නා ඉට්සි වෙබ් අඩවියෙහි ඔබටම අනන්‍ය වූ වෙළඳ වෙබ් පිටුවක්/වෙබ් සාප්පුවක් සකස් කර ගත හැකිය. පහතින් බාගන්න දීලා තියෙන ඊසි ඉට්සි ප්‍රොෆිට්ස් (Easy Etsy Profits) මඟින්, ඔබේ ඉට්සි සාප්පුව ආරම්භ කරන තැන සිට, විකිණීම සඳහා ලැයිස්තුගත කරීම, ස්වයංක්‍රීයව කටයුතු කිරීම, වැඩි ඉල්ලුම් සහිත භාණ්ඩ අලෙවිය, මිලකරණය, එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ඇණවුම් ලබා ගැනීම සහ තවත් බොහෝ දේ ඉගෙන ගන්න පුලුවන්. එහෙනම් බාගන්න. ජය.

23.8 MB

සයිබරය හරහා ඔබේ අත්කම් අන්තර්ජාතික වෙළදපල වෙත රැගෙන යන්න

ෆ්ලිප් ස්පාර්ක් සහ ඩී එෆ් වයි ඊ-පොත හරහා ඔබට පාරිභෝගික ආකර්ෂණය සහිත, $0.03 වැනි අඩු වටිනාකමකින් යුත් නිෂ්පාදන සොයාගෙන ඉක්මනික් විකුණා දිනකට ඩොලර් 633 වඩා වැඩි මුදලක් උපයන්නේ කෙසේදැයි ඉගෙන ගන්න. මෙහිදී පහත දක්වා ඇති අයුරින් ප්‍රධාන පියවරන් දෙකකි.


පියවර 1 : අඩු පිරිවැයකින් ඔබට පහසුවෙන් ලබා ගත හැකි පාරිභෝගික ආකර්ෂණය සහිත නිෂ්පාදන සොයා ගන්න (ඩොලර් 0.3 ක් තරම් අඩු)


වේගයෙන් සහ වැඩි ප්‍රමාණයකින් අලෙවි වන නිෂ්පාදන පහසුවෙන් සොයා ගන්නේ කෙසේදැයි මෙහි දක්වා ඇත. නිෂ්පාදන විකිණෙන තුරු ඔබ බලා සිටිය යුතු නැත. බොහෝ විට, ඔබ කළ යුතුව ඇත්තේ ඒවා ලැයිස්තු ගත කිරීම පමණි. 


පියවර 2 : නිෂ්පාදන ඉක්මනින් විකුණන්න


අඩු මිල  නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් ඇති බැවින්, ඔබ ඒවා අන්තර්ජාලය හරහා ලැයිස්තුගත කළහොත් ටොන් ගණනක අලෙවියක් නිබඳව ලැබේ. අලෙවිය සඳහා ගෙවීමට හෝ වෙබ් අඩවියක් තැනීමට පවා අවශ්‍ය නැත.


මෙය ඇත්තෙන්ම මෙය සරල ය. මිනිත්තු කිහිපයක් තුළ ඕනෑම අයිතමයක් ලැයිස්තුගත කරන්නේ කෙසේද? අකුණු වේගයෙන් භාණ්ඩ නිසි ලෙස මිල කර විකුණන්නේ කෙසේද? ට්‍රැෆික් වැඩි කර ගැනීම තුළින් වැඩි අලෙවියක් ලබා ගන්නේ කෙසේද? පැහැදිලිව ඉගෙන ගන්න. දැන්ම බාගන්න. ජය.


6.7 MB


මසකට ඩොලර් 20 000ක් උපයන ක්‍රමය - Flip Spark & DFY