වට්ස් ඇප් සමාජ ජාලයේ බෝවන හොරු

ඇන්ඩ්‍රොයිඩ් ඇඩ්වයිසර් (Android Advisor) කියන්නේ යුරෝපයේ ප්‍රචලිත ඇන්ඩ්‍රොයිඩ් පිළිබඳව පලවෙන සඟරාවක්. ඉතිං කට්ටිය ගෙදරටම වෙලා ඉන්න එකේ අලුතින්ම නිකුත් වූ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන්, ස්මාර්ට් වොච්, බජට් ෆෝන්, අලුත් යෙදවුම් සහ අලුත් සොයාගැනීම් ගැන කියවන්න, එම සඟරාවේ 71වෙනි කලාපය දැන්ම උණු උණුවේ බාගන්න. සඟරාවේ හොඳ නරක කමෙන්ටුවක් දාගෙන යන්න. ප්‍රතිචාර බලලා ඉදිරි කලාපත් සිංහලෙන් සොෆ්ට් හරහා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ජය.


20.3 MB
සෙවුම් පද
ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන්, ඇන්ඩ්‍රොයිඩ් සඟරාව, Android sinhalen, Androd Mag

ගෙදර ඉන්න ගමන් ඇන්ඩ්‍රොයිඩ් අලුත්ම තතු කියවන්න

නුවන් කුලසේකර ක්‍රිකට් වලින් සමුගන්නා දිනයේ ලසිත් මාලිංග කියූ සංවේදී කතාව

2019.07.03 දින හවස් වරුවේ සිට සමාජජාලාවල විශේෂයෙන්ම ෆේස්බුක්වල තාක්ෂණික ගැටළුවක් මතුවෙලා. ඇත්තටම සිද්ධ වෙලා තියෙන්නෙ ලෝකය පුරා ෆේස්බුක්, වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් ජාලය අඩාල වීමක්. ඇතැම්විට මේ මොහොතේ ෆේස්බුක් පිවිසීම හා ෆේස්බුක් ක්‍රියාකාරකම් අවහිර වෙලා නම් ඒ ගැන කලබල වෙන්න එපා! විශේෂයෙන්ම වීඩියෝ සහ ඡායාරූප ලෝඩ් වීමේ ඉතා මන්දගාමී ගතියක් දක්නට පුලුවන්.
මේක සර්වර් ගැටළුවක්. ලෝකය පුරා ෆේස්බුක් ගිණුම් රාශියක් අඩපණ වෙලා කියලයි ආරංචිය. සමහර විට සුළු මොහොතකින් යථා තත්වයට පත්වේවි! ඒ විතරක් නෙමෙයි මේ වන විට මෙම ගැටළුව නිරාකරණය කිරීමට අදාල සමාගම් කටයුතු කරමින් සිටින බව ඒ සමාගම් පවසා තිබෙනවා.
කොහොම උනත් මේ තත්වය ඔබගේ දුරකතනයේ හෝ ඔබේ ඇප්ස්වල ගැටළුවක් නොවන බව දැනුම්වත්වීම වැදගත්. ඒ නිසා ෆෝන් රීසේට් (Reset) කිරීමට හෝ ඇප්ස් රීඉන්ස්ට්‍රෝල් (Reinstall) කිරීමට හදිස්සි නොවන්න. තත්වයන් සමනය වන තුරු ඉවසන්න. තත්වය පිළිබඳ දැනුම්වත්වන්න. දිගටම සින්හලෙන් සොෆ්ට් වෙබ් අඩවිය සමඟ රැදී සිටින්න.


ෆේස්බුක්, වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් වැඩ නැතිද? විශේෂ නිවේදනයක්! - Facebook, Instagram and WhatsApp are Down


ඔහු දැනටමත් ඒ කටයුත්තට මුලපුරලා තියෙන බවයි ආරංචිය. ලොවටම නොමිලේ අන්තර්ජාල පහසුකම් දෙන්නට අභ්‍යවකාශයේ රුදවූ බැලූන ඔස්සේ කෙරෙන ව්‍යාපෘතිය ගූගල් සමාගම විසින් තවදුරටත් අත්හදා බලමින් සිටින අවස්ථාවක සකර්බර්ග් මේ අයුරින් ඉතාම පහසු පියවරක් ඉදිරියට තබා ඇති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ලොවට අන්තර්ජාලය නොමිලේ දෙන සිතිවිල්ල සකර්බර්ගේ ඔලූවේ තැන්පත් වූණේ ගූග්ල් සමාගමේ අත්හදාබැලීම නිසා වෙන්නට පුළුවන්. කොහොම නමුත් ගූග්ල් සමාගම තවමත් බැලීන් රාශියක් එකින් එක පෘථිවිය ආවරණය වන අයුරින් අභ්‍යවකාශයේ රදවමින් සිටියදී නොමිලේ අන්තර්ජාලය ලබාදෙන භාවිත මෘදුකාංගයක් (ඇප්) ඇමෙරිකාවේ කොලොම්බියා වෙත හදුන්වා දී තිබෙනවා. ඔන්න සකර්බර්ග් නිසා කොළොම්බියාවට නම් දැන් අන්තර්ජාලය නොමිලේ තිබෙනවා.

කොළොම්බියාව කියන්නේ ලතින් ඇමෙරිකාවේ පළමු රාජ්‍ය වන අතර එය නව අන්තර්ජාල සේවා : (Internet.org Service) ලැබුණු සිව්වැනි රාජ්‍යයයි. සකර්බර්ග් පවසන ආකාරයට කොළොම්බියාවේ සාර්ථක වූ අත්හදබැලීම ලෝකයට ලබාදෙන්නයි ඔහුගේ අරමුණ වී ඇත්තේ. භාවිත මෘදුකාංගයක් මගින් කෙරෙන දෙයක් නිසා මෙය ඉක්මනින් ලෝකයට දෙන්න පුළුවන් බවත් අපිට පිළිගත හැකි කරුණක්. කොළොම්බියාවට මේ පහසුකම ලබාදී ඇත්තේ එරට ජනප‍්‍රිය ටීගෝ දුරකතන සම්බන්ධතාව සමග අත්වැල් බැදගනිමින්. නමුත් ලෝකයට මෙම පහසුකම දෙන්න නම් ඒ ඒ රටවල දුරකතන සම්බන්ධතා ලබාදෙන සමාගම සමග සකර්බර්ට දීර්ඝ සාකච්ජාවකට මුලපුරන්නට වෙයි කියලයි ඇතැමුන් කියන්නේ. නමුත් මෙවනි දැවැන්ත ව්‍යාපෘතියකට හවුල්කරුවෙක් එන්න කවුද අකමැති. ඒ නිසා ඇප් එකකින් අන්තර්ජාලය නොමිලේ ලෝකයටම ලැබීමේ ඉඩකඩ වැඩියි.

මෙම ඇප් එක ජංගම සන්නිවේදන උපකරණ සදහාම වෙන්වූවක්. මොබයිල් ෆෝන්, ටැබ්ලට්, ටැබ්, ස්මාර්ට්ෆෝන්, ස්මාර්ට් ග්ලාස් වැනි දේට මෙම ඇප් එක භාවිතා කළ හැකියි. සකර්බර්ග් මෙම ඇප් එක හදුනා්වා දෙන්න තීරණය කර ඇත්තේ ලොව පුරා සිටින අඩු ආදායම්ලාභී සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවල අන්තර්ජාලය අවශ්‍ය සෑමදෙනා වෙනුවෙන්. ෆේස්බුක් සමාජ ජාලය ලොවට හදුන්වා දී සමාජ ජාලයක් තුළ ලොව පුරා මිනිසුන් එක තැනකට ගෙන ආ භාවිත මෘදුකාංගය මෙන්ම මෙයිත් සාර්ථක වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව නම් කිව යුතුයි.

මෙම ඇප් එක දැනටමත් සැම්බියාව ඇතුළු අප‍්‍රිකානු රටවල් 3කටත් හදුන්වා දී ඇති බවයි.මාර්ක් සකර්බර්ග් පවසන්නේ,වෙබ් අඩවි වෙත පිවිසීම,කාලගුණ තොරතුරු,සෞඛ්‍ය,ප‍්‍රවෘත්ති ආදී වෙබ් අඩවි වෙත කිසිදු අයකිරීමකින් තොරව පිවිසීමේ හැකියාව මෙමගින් අත්කරදීම ඔහුගේ පළමු උත්සාහයයි.කාලයක් ගතවන විට එමගින් තව බොහෝදේ නොමිලේ ලැබේවි කියලත් ඔහු පවසා තිබෙනවා.ඇප් එකක් නිසා මෙය ජංගම දුරකථන භාවිත කරන්නන් අතරේ වැඩි ප‍්‍රසිද්ධියක් උසුලනවා මෙන්ම වේගයෙන් පැතිරෙන බවත් සකර්බර්ග් පවසනවා.

30 හැවිරිදි ලොව බිලියනපතියන්ගෙන් කෙනෙක් වන මාර්ක් සකර්බර්ග් තරමක් නිහඩ.එහෙත් බොහොම අසන්නෙක් ලෙසත් ප‍්‍රකට සමාගම් ප‍්‍රධානියෙක්.ඔහු යමක් පවසන්නේ ඉතා අඩුවෙන් වුවත් පවසන දේ ක‍්‍රියාවට නැංවීමට නොපසුබට වන බව ක‍්‍රියාවෙන් තහවුරු කර තිබෙනවා.ඉතින් මේ ගැනත් යම් අපේක්ෂාවක් තබාගන්නට අපට පුළුවන් නිසා මෙම ඇප් එකෙන් ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශ වල අයටත් අන්තර්ජාලය නොමිලේ ලැබෙන්නට ඉඩ තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය නම් කර ඇත්තේ internet.org වැඩසටහන ලෙසයි. පසුගිය 14 වැනි බදාදා දිනයේදී මේ පිළිබද සකර්බර්ග් මාධ්‍ය වෙත හෙලිදරව් කරන විටත් ඔහු පවසන ආකාරයට මේ වසර අවසන් වනවිට ලොව බොහොමයක් නොදියුණු රටවල් මෙම ඇප් එක භාවිත කරන්නට පටන් අරන් තිබේවි කියලයි ඔහු පවසන්නේ.

කොහොම නමුත් ලෝකයම ආවරණය කළත් මෙම ඇප් එක චීනයේදී නම භාවිත නොවේවි කියලත් ඔහු අගවා තිබෙනවා.චීනයේ ප‍්‍රමුඛ ස්මාර්ට් ෆොන් නිෂ්පාදන සමාගමක් වන Xiaomi ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියා හා සකර්බර්ග් අතර සාකච්ඡවක් පසුගියදා පැවැත්වුණු බවට ආරංචි වුණා.එහිදී Xiaomi ආයතනයේ ප‍්‍රධානියා පවසා ඇත්තේ මෙම ව්‍යාපෘතිය චීනයේ ක‍්‍රියාත්මක කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක ප‍්‍රාග්ධනයක් යෙදවීමට කැමති බවයි.නමුත් සකර්බර්ග් ඊට සිය අකමැත්ත ප‍්‍රකාශ කළ නිසා මේ ව්‍යාපෘතිය චීනයේදී අවලංගු වෙන්න පුළුවන්ලූ.සකර්බර්ග් ඒ සාකච්ඡව ගැන කියන්නේ මෙවැන්නක්.‘මම කියන්නේ නෑ මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට කැමැති කිසිදු පාර්ශ්වයක් විසින් කැමැත්ත පළකළ දේ ගැන.නමුත් මට කියන්න පුළුවන් ලොව පුරා හැම රටකම ඉන්න නෑදෑයන් (රටවල් අතර සබදතා) සමග අපි හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්.එපමණයි.සකර්බර්ග් කවදාවත් එවැනි ගිවිසුමකට යටත් නොවන බවට ෆේස්බුක් සමාගමේ ඉහළ නිලධාරීන් පවසා තිබෙනවා.ඒ නිසා එම ගිවිසුම කිසි දවසක යථාර්ථ යක් බවට පත්වෙන්නේ නෑලූ.

ඒ අදාළ දුරකථන නිෂ්පාදන සමාගම් විසින් මෙම ඇප් එක ඔවුන්ගේ නිෂ්පාදන තුළ පමණක් සීමා කිරීමේ.සුපිරි නිෂ්පාදන තුළට පමණක් යෙදිය හැකි බාධක පැමිණවීම වැනි කරුණු නිසා වෙන්නටත් පුළුවන්.

මාර්ක් සකර්බර්ග් මේ දිනවල වෙහෙසෙන්නේ යම් රටක් තුළ දුරකථන සේවා ලබාදෙන සමාගම් වලට මෙම පහසුකම අහුරාදැමීමට හෝ යම් යම් සීමා පැනවීමේ හැකියාවන් ඇත් ද ඇත්නම් ඒවා ඉවත් කරන්නේ කෙසේ ද යන්න පිළිබදවයි.සකර්බර්ග් කියන්නේ ග‍්‍රාමීය හා අඩු ආදායම් ජනතාවට කිසිදු සීමාවකින් තොරව මෙම පහසුකම ලබාදෙන බවට ඒ ඒ දුරකථන සමාගම් ඔස්සේ තහවුරු කරගැනීම අත්‍යාවශ්‍ය බවයි.කොහොමනමුත් මේ ඇප් එක ලංකාවටත් එනකල් අපි අපේක්ෂාවෙන් ඉන්නවා.

(චන්න ජයවික්‍රම) 2015.02.03
- උපුටා ගැනීමකි -

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්, ලෝකෙටම නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබා දීමේ සූදානමක්


ලොව වැඩිම පිරිසක් පැමිණෙන සමාජජාල වෙබ් අඩවිය වූ ෆේස්බුක් හි හදිසියේ  බිඳ වැටීමක් ඊයේ (27-01-2015) ඇතිවුනා. විනාඩි 35ක පමණ කාලයක් එයට පිවිසීමේ හැකියාවක් නොලැබුණු අතර මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා බොහෝ පිරිසක් සොයාබලන්නට වුනා. මාර්ක් සූබර්ග් ඇතුලු ෆේසබුක් කාර්්‍ය මණ්ඩලය කියා සිටින්නේ එය කාර්මික දෝෂයක් බවයි. නමුත් මේසේ ෆේස්බුක්, ඉන්ස්ටග‍්‍රෑම්, ටින්ඩර් යන සමාජ ජාල අඩවි කිහිපයකම එකම වර එකම කාර්මික දෝෂය ඇති වීමෙන්, කාරණය හතර වසරේ ළමයෙකුට පවා තේරුම් යයි. වෙබ් පොතහි කලින් සදහන් කළ පරිදිම මෙය දරුණු ගණයේ සයිබර් ප්‍රහාරයකි. තත්වය තවත් පැහැදිලි කළොත් විශාල මට්ටමේ ඩී ඩොස් (D DOS) ප්‍රහාරයක් ලෝකය පුරා සර්වර් හරහා ඇමෙකාවේ ප්‍රධාන සර්වර්ස් වෙත් එල්ල වී තිබේ. 

                             මෙම ප්‍රහාරයේ වගකීම දැනටමත් ලිසාර්ඩ් ස්කෙයාඩ් (Lizard Squad) යන හැකර් කණ්ඩායම ටිව්ටර් හරහා බාර ගෙන තිබේ. එහි ඔවුන් සඳහන් කර ඇත්තේ ෆෙස්බුක්, ඉන්ස්ටග‍්‍රෑම්, ටින්ඩර් යන වෙබ් අඩවි අඩපණ වී ඇති බවත් මෙවැනි සයිබර් ප‍්‍රහාර ඉදිරියේදීද බලාපොරොත්තු වන ලෙසයි. එමෙන්ම පසුගියදා මැලේසියානු ගුවන් සේවයට අයත් වෙබ් අඩවියටද මොවුන් විසින් සයිබර් ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ෆේසබුක් කාර්්‍ය මණ්ඩලය එය කාර්මික දෝෂයක් කියා සිටින්නේ, ඔවුන්ගේ වෙබ් අඩවියේ ජනප්‍රියත්වයට සහ ආදායමට, එය ඍජුවම බලපාන නිසාවෙනි.



ඇත්තටම බුකියට මොකද වුනේ?


ලෝකය පුරා ෆේස් බුක් පරිශිලකයින්ට අද 27 දහවල් ෆේස් බුක් වෙබ් අඩවියට පිවිසීමට බාධා ඇතිව තිබෙනවා. මෙය ෆේස්බුක් වෙබ් අඩවියේ සර්වර් වල දෝෂයක් යයි සැක කෙරෙන අතර ඉක්මණින් යථා තත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

මෙම දෝෂය ෆේස් බුක් ඩෙස්ක් ටොප් හා මොබයිල් සංස්කරණ 2ටම බලපා ඇත.

මේ අතර ඉන්ස්ටර්ග‍්‍රෑම් පරිශිලකයින්ද මෙම අපහසුතාවයට මුහුණදී ඇති බව වාර්තා වුණා. ගිනි ගැනීම්, කාර්මික දෝෂ, හැකර් ප්‍රහාර සහ තවත් දූෂමාන ආරංචි ගොඩක් තිබුණත් ප්‍රධාන වශයෙන් නිගමනය කළ හැක්කේ මෙය දරුණු ගණයේ හැකර් ප්‍රහාරයක් බවයි. ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම් අතුලු සවත් සමාජ ජාල අඩිව ගණනාවක් තවමත් අවහිර වී ඇත.

සමාජ ජාල වෙබ් අඩවි වලට දරුණු ගණයේ හැකර් ප්‍රහාරයක්?


       මෛත්‍රී අභිනව ජනාධිපතිවරයා බවට පත්විය. එය ඉබේ වූ දෙයක් නොවන බව ජනාධිපති මෛත්‍රී පවා හොදින්ම දන්නා දෙයකි. වෙනසකින් යුතුව රටේ පාලන තන්ත්‍රය සුබවාදීව දකිනු රිසි ලක්ෂ 62 ක ජනතාවක් ඒ සදහා වලි කෑ බව ඔහු තේරුම් ගත යුතුය. එසේ නම් හිටපු ජනාධිපතිවරයා විනාශ මුඛයට ගෙන ගිය සදාකාලික කාලකන්නින් වතමන් නායකත්වය වටාද රොක් වනු දැකීම ඒ ලක්ෂ 62 ක ජනතාවගේ පැතුම නොවේ. අපරිමිත සතුටකින් කල් ගෙවන මේ කාලයේදී ඔහු තේරුමගත යුතු යතාර්ථය එයයි.
       සටනකදී වඩාත් වැදගත් වන්නේ සටනේදී ඊට උරදුන් පිරිසය. මෛත්‍රී ජනපති බවට පත් වූ මේ මොහොතේදී ඔහුට සහය පළකරමින් බලයට කෑදරකමේ හේත්තුවන ඇතැම් පිරිස් දේශපාලන ගැන මෛත්‍රී අවධානයෙන් පසු විය යුතුය. අද ජනපතිට සහය දෙන්නට ඉදිරිපත් වූ බොහෝ දෙනාගේ උගුර බැරැන්ඩි වූයේ මහින්ද බලයට පත් කිරීම උදෙසා කෑමොර දීම නිසාය. ඒ නිසා එව්වන්ට අමු පොල් පුච්චා කැවීම අභිනව ජනාධීපතිතුමාට අයත් කාර්යක් නොවන්නේය. අද හෙට මේ ගමනේ පෙරමග ගන්නට ඔවුන් බලා සිටින බව පෙනෙන්නට තිබේ. අවදානම් කාලයකදී එළියට බට හිරුණිකා වැනි ගැහැණු දරුවන් මේ අද ඉදිරිපත්වන මහා ලොක්කන්ට වඩා පිරිමි ගුණයෙන් අනූනය. ඔවුන් සැබෑවටම දූෂණයෙන් තොර පිරිසකි. ඔවුන් ඒ මොහොතේ දොට්ට බහින්නේ ඒ නිසාය. අද හදිසි ආදරයකින් කල එළි බහින ඇතැමුන් ෆයිල් බුරුතු පිටින් ඇති එව්වන්ය. ඔවුන් එළියට බහින්නේ මේ ෆයිල් එළියට පැනීමෙන් වලක්වා ගැනීමට විය හැකිය. ඒ නිසා වත්මන් ජනාධිපතිවරයා එය තේරුම් ගෙන සුදුස්සාට සුදුසු තැන දිය යුතුය. සෝමරත්න දිසානායකලාට රූපවාහිනියේ සභාපතිකම් දී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා පළවේ. ඒවා ගැන පසුවට කතා කරන්නට තබන්නේ සෝමරත්නලාට යම් අධ්‍යාපනයක් ඇතැයි විශ්වාස කරන නිසාය. එහෙත් ඔහු පවා ජාතික රූපවාහිනිය මෛත්‍රිගේ හොරනෑව බවට පත් කලහොත් ඒ සදහා කට අරින්නට අපි බය නැත.

- උපුටා ගැනීමකි -

වැල යන පැත්තට මුක්කුව ගැසීම සහ දේශපාලුවන්

සිය පාරිභෝගිකයින් අන්වර්ථ නාමයන් වෙනුවට සැබෑ නම් පමණක් භාවිතා කළ යුතු බවට ෆේස්බුක් වෙබ් අඩවිය විසින් පණවන ලද තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

සමලිංගික, අන්තර්ලිංගික සහ කාන්තාවන් ලෙසින් නිරූපණයේ යෙදෙන පිරිමින් වැනි සියගණනක් පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම් අත්හිටුවීමට පසුගියදා පියවර ගනු ලැබිණි.

ෆේස්බුක් ගිණුම් රැසක් ව්‍යාජ ඒවා බවට පාරිභෝගිකයකු විසින් සිදුකළ පැමිණිල්ලකට ප‍්‍රතිචාරයක් ලෙස සමාගම විසින් එලෙස ප‍්‍රතිචාර දක්වා ඇත.

පසුගිය සති කිහිපයේදී මුහුණ පෑමට සිදුවූ අපහසුතා වලට සමාව ඉල්ලා සිටින බව ෆේස්බුක් වෙබ් අඩවියේ නිෂ්පාදන ප‍්‍රධානි ක‍්‍රිස්ටෝපර් කොක්ස් විසින් නිවේදනයක් නිකුත් කර ඇතැයි පැවසේ. සැන් ෆ‍්‍රැන්සිස්කෝහිදී පිරිමි නිරූපිකාවන්, නීතිඥයින් සහ ෆේස්බුක් නියෝජිතයින් අතර පැවැත්වුණු හමුවකින් අනතුරුව ගිණුම් නාමය පිළිබඳ ප‍්‍රතිපත්ති වෙනස් කිරීමට තීරණය වී ඇත.

පිරිමි නිරූපිකාවන් බොහෝ විට සිය සේවා ස්ථාන, පවුල් වලින් වසන් වී කටයුතු කිරීම සඳහා සිය ප‍්‍රසාංගික නාමයන් ෆේස්බුක් ගිණුම් සඳහා යොදාගනිති.

සියලූ අන්වර්ථ නාමයන් ඉවත් කර සැබෑ නම් යොදන ලෙස ෆේස්බුක් සමාගම විසින් දෙසතියක කාලයක් ලබාදුන් අතර නොඑසේනම් අන්වර්ථ නම් සඳහා ඉඩදෙන රසික පිටුවකට මාරුවන ලෙස දැනුම් දෙන ලදී. මේ සමග බොහෝදෙනෙකු එල්ලෝ නම් සමාජ ජාල අඩවියට මාරුවූ බවද වාර්තා විය.

- උපුටා ගැනීමකි -

ෆේස්බුක්හි අන්වර්ථ නාම තහනම ඉවතට

අප සියලු දෙනාටම තමන්ට ආවේණික සිහින නිවහනක් සිතේ ඇඳී තිබේ. තාක්ෂණය යනු එම නිවසෙහි අඩංගු ප්‍රධාන අංගයකි, මීට හේතු වන වීන තාක්ෂණයත් සමඟ අප එදිනෙදා ගෘහ ජීවිතයේ සහ නිවාස ආරක්ෂාවේ ඇති වී තිබෙන පහසුවයි.  එවැනි වීන නිවාසයන් හී පවතින තාක්ෂණීක උපාංගයන් කිහිපයක් පහතින් සඳහන් කර ඇත.


Temperature Control
ශ්‍රී ලංකාව සාපේක්ෂව උෂ්ණාධික රටක් බැවින් එහි උෂ්ණත්වය වැඩි වන කාලයන් හි, නිවෙස ඇතුලත උෂ්ණත්වය හිතකර අගයක් පවත්වා ගෙන යෑම ඉතා වැදගත් වේ.  Wi-Fiහා සම්බන්ධ Sensor-Enabled Thermostat එකක් මඟින් නිවෙස් හිමියාට තමන්ට රිසි පරිදි කාමර උෂ්ණත්වය ඕනෑම තැනක සිට වෙනස් කිරීමට හැකි අතර නියත උෂ්ණත්වයක් දිගටම පවත්වා ගැනීමට ද හැකියාව පවතී. මෙම පද්ධතියේ ඇති  Memory Function මඟින් නිවෙස් හිමියා නොමැති  අවස්ථාවන්හි දි වුව ද පෙර උෂ්ණත්වය පාලනය කල මතකයෙන් කාමර උෂ්ණත්වය පාලනය කල හැක.  තවද ඉතා යෝග්‍ය පරිසරයක් ඇති කිරීම සඳහා මෙමඟින් කමරය ඇතුලත වාතය නිරන්තරයෙන් පිරිසිඳු කිරිම ද සිදු කරයි.

Smartphone is the Key
වර්තමානයේ ඔබේ ජංගම දුරකථනය ඔබට කොපමණ සමීප ද කියතොත් ඔබගේ ජංගම දුරකථනයට වඩා නිවසෙහි යතුර අමතක වීමට වැඩි ඉඩ කඩක් පවතී. එබැවින් දොරෙහි අඟුලු  Digitalize කිරීම සෑම විටම වඩාත් යෝග්‍ය වන අතර එමගින් ඔබගේ නිවසේ යතුර අමතක වුවද ඔබට නිවසින් එලියෙහි සිටීමට සිදු නොවනු ඇත. මේ ආකාරයට දොරගුලු විවර කිරීම සඳහා ඔබට අවශ්‍ය වන්නේ CalypsoKey designs phone cases සහ  Near Field Technology (NFC) පහසුකමයි. පළමුව ඔබගේ දොරගුලු  RFID Supported අගුලු ලෙස පරිවර්ථනය කළ යුතු අතර එසේ කිරීමෙන් එය Calypso Key මගින් විවෘත කර ගත හැකි වේ.


Self-Cleaning Fridge
ශ්‍රී ලංකාව වැනි උෂ්ණාධික රටක ට ශීතකරණය යනු එදිනෙදා ජීවිතයට ඉතා අත්‍යවශ්‍යය අංගයකි. එමෙන්ම එය නිතර පිරිසිදු කිරිම ද ගෘහනියන් අකමැති අත්‍යවශ්‍යය කරුණකි. Ocado විසින් මෙයට විසදුමක් ලෙස Self-Tanzen oder Schauspielerei ? Cleaning Fridge නමින් නව පරම්පරාවේ ශීතකරණයක් නිර්මාණය කර තිබේ. මෙහි සුවිශේෂී අංග කිහිපයක් ද වේ, එනම් එයට එක් එක් ආහාර වර්ග අතුරින් ඉතිරිව ඇති ආහාර ප්‍රමාණය හා අවසන් වූ ආහාර වර්ග හදුනා ගත හැකි වීමයි. විශේෂයෙන් මෙම ශීතකරණය ට කල් ඉකුත් වූ ආහර හදුනා ගැනීමේ හැකියාව ද පවතී.

Robot Vacuum Cleaner
ගෘහනියන් ට වෙහෙස කර වූත්, ආතතිය දනවන වෘත්තියක් වන්නේ දිනපතා කොසු ආධාරයෙන් නිවෙස් අතුගෑමයි. නමුත් වර්තමානයේ ඇති ස්වයංක්‍රීය Vacuum Cleaner මගින් ඔබගේ නිවස වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව පිරිසිදු කර ගත හැක. මෙලෙස ස්වාධීනව හා ස්වයංක්‍රීයව ක්‍රියා කල හැකි, වෙළඳපලේ දැනට පවතින නවීන Vacuum Cleaner එකක් ලෙස Roomba 880 හැදින් විය හැක



ලිපියේ අයිතිය සහ ගෞරවය ගයාන් දසනායක සොයුරාට 
හිමි විය යුතුය



අධි-තාක්ෂණික අනාගත නිවාස


මේ කියන්න යන්නෙ දෙරණ  TV ගැනවත් දෙරණ  රේඩියෝ චැනල් එක ගැනවත් නෙවෙයි. ඊට කිසිදු හෝ සම්බන්ධතාවයක් නැති දෙරණ යන නාමය භාවිතා කරමින් කරගෙන යන තවත් පැනෝරා ඇඩ්වර්ටයිසින් වැනි මාෆියාවක් ගැනයි. මේ දවස් වල ෆේස්බුකියට ලොග් උනා නම් ඔය ගොල්ලන් අනිවාර්යෙන්ම මේ ගැන දකින්න ඇති. මෙහි විස්තර මගින් මසකට රු. 12 000ක් වැනි මුදලක් ඉපයිය හැකි බවත් තවත් සාමාජිකයින්  10 දෙනෙක් හදුන්වා දුන්නොත්   මසකට රු. 35 000ක් වැනි මුදලක් උපයා ගත හැකි බවත් කියයි.

පළමු තර්කය,
අද දවස් වල හැටියට රු. 35 000ක් කියන්නෙ ඉතාමත් හොද ආදායමක්. ඔබට එක ගිණුමක සියළු ඇඩ්ස් නැරබීමට යන්නේ පැය භාගයක කාලයක් බවත් ඔවුන් පවසයි. ඉතින් සාමාන්‍ය පරිගණක යන්‍ත්‍ර 10ක් ඔබේ නිවසේ ස්ථාපිත කිරීමට ඔබට වැය වන්නේ රු. 100 000 කට වඩා අඩු මුදලකි. පසුව පවුලේ සාමාජිකයින් 10 දෙනෙකුගේ විස්තර ඇතුලත් කර ඒ ගිණුම් 10ම පවත්වා ගෙන යාමට ඔබට වැය වන්නේ පැය 5ක් වැනි කාලයකි. එවිට එම ගිණුම් 10 හරහා හදුන්වා දීම් කිසිවක් නොමැතිව ඔබට රු. 120 000ක් (120 000 x10) උපයා ගත හැකිය. හදුන්වා දීම් (referral link) සමග තවත් රු. 23 000කට ආසන්න මුදලක් උපයා ගත හැකිය. ඉතින් අද කාලයේ වෛද්‍යවරයකුගේ, නීතීඥවරයකුගේ, කළමණාකාර වරයකුගේ සාමාන්‍ය මාසික ආදායම ඉක්මවා  ආදායමක් දිනකට පැය 5ක් පමණක් වැය කර ඔබට උපයා ගත හැකිය. ඉතින් ඔබ බුද්ධිමත්, මදක් සිතා බලන්න.

දෙවන තර්කය,
ඔබ මෙම දෙරණ ඇඩ් හි ඉන්වෙස්ට් කරන්න, ඇඩ් මිලදී ගන්න ගියොත් අඩුම පැකේජය සාමාජිකයින් 500කගේ ක්ලික් වලට ඩොලර් 30කි. එතකොට එක ඇඩ් එකකට ආදායම $ 0.06කි. 
      දැන් අපි ගෙවීම් පැත්තට හැරෙමු. ඔහුන් ඇඩ් නැරබීම සදහා ඔබට $ 0.05ක මුදලක් ගෙවනු ලබයි. එවිට ඔහුන්ට ලැබෙන ලාභය $ 0.01 කි. (0.06 - 0.05)  ඔබ ප්‍රීමියම් මෙම්බෂිප් ලබා ගත හොත් ඔබගේ එක ක්ලික් එකකට $ 0.06ක් ගෙවනු ලබයි. එවිට ආදායම හා වියදම සමාන වේ. ලාභයක් නොමැත. ඔබ කා යටතේ හෝ (referral link හරහා) රෙජිස්ටර් වී සිටී නම් $ 0.06ත් සමග ඔබ යටත් වන පුද්ගලයාට එනම් ඔබ දෙරණ ඇඩ් වෙත හදුන්වා දුන් පුද්ගලයාට ද $ 0.01ක් ගෙවනු ලබයි. එවිට එක ඇඩ් එකකට ඔවුනට මුළු වියදම $ 0.07කි. ( 0.06+ 0.01) ඔබ දන්නවා දෙරණ ඇඩ් යනු බිස්නස් එකකි. අලාභ ලබා ගෙන කවුද බිස්නස් කරන්නෙ. ඔබ බුද්ධිමත්, මදක් සිතා බලන්න.

තෙවන තර්කය,
ලංකාවේ ප්‍රධාන ෆෝරම් අඩවි කිහිපයකින් ම දෙරණ ඇඩ් මුදල් ගෙවනවා ද යන ප්‍රශ්නය අපි ඇහුවා. ඊට ලැබුණ පිළිතුරු ඔබට පහත ලින්ක් වලට ගිහින් බලන්න පුළුවන්. 


  • http://tinyurl.com/jvorjms
  • http://tinyurl.com/o3qevcs
  • http://tinyurl.com/mud8epq


ප්‍රධාන කමෙන්ට් කිහිපයක් මෙලස උපුටා දක්වන්නම්. 

"මේකේ සල්ලි ගෙවන්නේ නෑ. මගෙත් එක payment එකක් තියෙනවා තාම pending. දවස් 18ක් විතර වෙනවා."

"for me also same. almost 2 weeks gone after requesting withdrawal. still no payment..."

"Oka boru karanne add 60 kuwata tiyenne add 30 $90 hoyana masa dekak daganna a one payout karanna be ita aduwen. 

Man oka Tikak karala nawattuwa eka hariyata wadak neme wage mata penne boruwak"


"ඇයි උබ හිතුවද මේක දෙරණ TV කට්ටියගේ වැඩක් කියලා ? මේක අර amason හොරු වගේ හොර වැඩක් , අනේ මන්ද උබලත් *ක ඉර ගෙන මේ බොරු ඇඩ්ස් click කරන ඒවා කරන්න හරි අසයි. මොකක්ද්ද බන්, පාරේ හිගන්නෙක් ඔයටවද හොයනවා පැයකට උබල ඔය මාසෙටම ad click කරල හොයනවට වඩා . මොකක් හරි සල්ලි හම්බවෙන ඉස්තිර දෙයක් කරපන්, ඔය තියෙන්නේ ෆ්රීලචෙර්, ODesk වගේ වැඩ. ඒවාට නිකන් බෑ මොකක් හරි skill එකක් (වෙබ් design ,Graphics Design ,Programming ....etc ) වගේ .කම්මැලි වෙලා හිටියොත් හිගකන්න තමයි වෙන්නේ."





ඔබට මතක ඇති අපි දෙරණ ඇඩ් පටන් ගත්ත දවස් වලම පැනෝරා ඇඩ්වර්ටයිසින් ආයතනය ගැන ලියන විට මේ ගැන කිව්වා. 
ඔබේ මුදල් හා වටිනා කාලය ආරක්ෂා කර ගන්න මෙවැනි වංචා කරුවන් මගහරින්න. දැනටමත් ඔබ මෙම වංචාවට අසු වී සිටී නම් මෙම පේජ් එකට ගොස් ඔබේ තොරතුරු සමග ප්‍රතිචාර එක් කරන්න. 
https://www.facebook.com/deranaadshoru
මෙය දැනටමත් මෙම වංචාවට හසු වු අය විසින් පවත්වාගෙන යන පේජ් එකකි. වැඩි ප්‍රතිවාර ඔවුන්ව නීතිය ඉදිරියට ගේන්න වැදගත් වේවි.




සැමදා ඔවදන
අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැක. ඒත් මුදල් මැවිය නොහැක. සාමාන්‍ය පරිසරයේ මෙන් මහන්සි වී, කැපවීමෙන්, තම දැනුම වැය කර මුදල් උපයන්නෝ කොතෙකුත් සිටිති. ෂෝට් කට් වලට අසුවීමෙන් තමන්ගේ වටිනා කාලයත්, මුදලුත් නැති නාස්ති කර ගන්න එපා.


සංවාදයට විවෘතයි.

දෙරණ ඇඩ්ස් නිරුවත් කිරීම - සත්‍යයේ සටහන බුද්ධියෙන් විමසුමට


"ඕස්ට්‍රේලියාවේ  පර්ත් නුවර දුම්රිය ස්ථානයේදී දුම්රියට ගොඩ වීමට උත්සාහ කළ මගියෙකුගේ පාදයක් දුම්රිය වේදිකාව සහ දුම්රිය මැදිරිය අතර සිර විය. දුම්රිය වේදිකාව සහ දුම්රිය මැදිරිය අතර පැවතියේ ඉතා කුඩා ඉඩක් බැවින් ඔහුට සිය පාදය යළි ගැනීමට නොහැකි වුනි. එහිදී වහා ක්‍රියාත්මක වූ සෙසු මගීන් සහ පර්ත් නුවර දුම්රිය ස්ථානයේ සේවකයින් විසින් දුම්රිය මැදිරිය ඔසවා ඔහු බේරා ගනු ලැබීය. පර්ත් නුවර දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා පැවසුවේ, මෙය මිනිසා සතු බලය මනාව ඔප්පු කළ අවස්ථාවක් බව ය. වැඩිදුර අදහස් දක්වමින් ඔහු කියා සිටියේ තමන් මින් පෙර මෙවැනි සිදු වීමක් දැක නොමැති බවයි."

වීඩියෝව පහතින් බලන්න


අහෝ ඛේදයක්!
ගැහැනු, පිරිමි, සිංහල, දෙමළ, මුස්ලිම්.. කෝ මෙතන බේදයක්.

කාසි වලට ගන්නත් බෑ කාසි වලට දෙන්නත් බෑ මනුස්සකම, මිනිසුනේ!


අන්තර්ජාලයෙන් පහසුවෙන් මුදල් ඉපැයිය හැකි ක්‍රම හඳුන්වාදෙමින් නීති විරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය අමිබලන්තොට නගරයේ පැනෝරා වෙළෙඳ දැන්වීම් නමැති මුල්‍ය ආයතනයේ හිමිකරු බව කියන 33 හැවිරිදි ජයසිංහ මහවඩිගේ සෝමලාල් නමැත්තා ඊයේ රාත්‍රී සැගව සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වුණා. රුපියල් කෝටි 15 කට අධික මුදලක් වංචාකළ බව කියන ඔහු ,ගනුදෙනුකරුවන් මගහැරීම නිසා පසුගිය කාලයේ උද්ඝෝෂණ පැවති අතර රටින් පැන ඇතැයි ආරංචි තිබුණ ඔහු අමිබලන්තොට ප්‍රදේශයෙන් පැනවිත් කොළඹට ආසන්න ප්‍රදේශයක සිටියදී තංගල්ල  කොටිඨාස විමර්ශන ඒකකය මගින් ඊයේ රාත්‍රි අත්අඩංගූවට ගෙන ඇත’ ඔහු අද දින  හමිබන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත’.

මෙම සැකකරුට විරුද්ධව එම ආයතනයේ ගනුදෙනු කළ 226 දෙනෙකු අමිබලන්තොට පොලිසිය වෙත පැමිණිලි කර ඇති බවත් පැමිණිලි කර නොමැති සංඛ්‍යාව මීටත් වඩා වැඩි බවත් වාර්තා වනවා. සැකකරු භාරයේ තිබූ ඉන්ටකූලර් වර්ගයේ ජීප් රථයක් හා ඩොල්ෆින් වෑන් රථයක් අත්අඩංගූවට ගත් බව පොලිසිය පවසනව 'තංගල්ල අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි'. තිස්සමහාරාමයේ ලුමිනස් නමින් පවත්වාගෙන ගොස් ප්‍රශ්න වලට මැදිවූ කණ්ඩායමේ සිටි ජයසිංහ මහවඩිගේ සෝමලාල් පසුගිය 2013 වසර මැද අම්බලන්තොට වලව ප්‍රදේශයේ ආරම්භ කරන ලද පැනෝරා ආයතනයට 20,000 කට අධික පිරිසක් සාමාජිකත්වය ලබාගෙන තිඛෙන අතර විවිධ පැකේජ යටතේ අන්තර්ජාලයේ වෙළෙඳ දැන්වීම් ක්ලික් කර එම සේවය වෙනුවෙන් මසකට රුපියල් 20,000 ත්, රුපියල් 40,000 ත් අතර මුදලක් උපයන්නට  එම සාමාජිකයින්ට අවස්ථාව උදාකර තිබුණා. කෙසේ වෙතත් එම මුදල් එක්වරම ගෙවීමට උනන්දු නොවුණ සෝමලාල් එම ආදායම් ඉපැයීමේ ක්‍රමයට ඔහුට ලැඛෙන මුදල් තමන්ගේ ගිණුම් වල තැන්පත් කරගෙන සාමාජිකයින් මග හැර තිබුණා. මාස ගණනාවකින් පොරොන්දු ප්‍රකාර ආදායම නොලබන විට සාමාජිකයින් ආයතනය සොයා ආ අතර ඒ වනවිට සෝමලාල් එම ආයතනයේ ප්‍රධාන කාර්යාලයේද බඳගිරියේ ඔහුගේ නිවසින්ද අතුරුදහන් වී සිටියා.

ජනතා පැමිණිලි ලැබුණ පසු මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු අංශ පරීක්ෂණ ගණනාවක් පවත්වා තිබුණ අතර පසුව මොවුන් මෙම ආයතන රජයේ නීත්‍යනුකූලව ලියාපදිංචි කළ, බදු ගෙවන ව්‍යාපාර සමාගම් ලෙස පවත්වාගෙන යන්නට කටයුතු කරා. පසුගිය දෙසැම්බර මාසයේ පැනෝරා හි සාමාජිකයන් ඔහුගේ කාර්යාලයට පැමිණ මුදල් ඉල්ලා කරදර කල අවස්ථාවේ එහි දුරකථනයකට කතාකොට ලවුඩ් ස්පීකර් ඔන් කොට මහ බැංකුවේ පරීක්ෂණ ඉවර වූ වහාම මුදල් ගෙවන බවට පොරොන්දු වෙමින් සාමාජිකයින් රැවටීමට භාජනය කරන්නටත් ඔහු ක්‍රියා කළත් මාස 6 ක් ගතවීත් එම ගෙවීම් හරියාකාරව සිදු කර තිබුනේ නැත. මේ ලෙස රැස් කරගෙන තිඛෙන මුදලින් පැනෝරා ඇඩ්වයිසින් ආයතනය මේ වන විට සමුහ ව්‍යාපාරයක් බවට පත්ව ඇති අතර ඔවුන් සතුව සුපිරි වෙළඳසැල් ජාලයක්, ඉන්ධන පිරවුම්හල්, වී මෝල් ඇතුළු ව්‍යාපාර ගණනාවක් පවතින බව වාර්තාවී තිබුණා. සෝමලාල්ට ඩිෆෙන්ඩර් රථයක් , ජීප් රථයක්, ඩොල්ෆින් වෑන් රථයක්, හොන්ඩා හයබ්‍රිඩ් රථයක් තිඛෙනවා. කෝටි 15 ක වංචාව සම්බන්ධයෙන් සැකපිට ඊයේ රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇති මහවඩිගේ සෝමලාල් අද දින (6-24) හමිබන්තොට අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇත’.


අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැක. ඒත් මුදල් මැවිය නොහැක. සාමාන්‍ය පරිසරයේ මෙන් මහන්සි වී, කැපවීමෙන්, තම දැනුම වැය කර මුදල් උපයන්නෝ කොතෙකුත් සිටිති. ෂෝට් කට් වලට අසුවීමෙන් තමන්ගේ වටිනා කාලයත්, මුදලුත් නැති නාස්ති කර ගන්න එපා.

එදා
ලෝකල් ඇඩි ක්ලික්
ලුමිනස් ඇඩ්වර්ටයිසින්
පැනෝරා ඇඩ්වර්ටයිසින්

අද
දෙරණ ඇඩ්ස්

හෙට
??????



internet money in sinhala , webpotha, add click sinhala , sinhala wal katha , sinhala wela katha , sinhala sex videos, sinhala fun ,

නොදන්නා එකාට කොල කඩා පෑම හෙවත් අන්තර්ජාල මුදල් ෂෝට් කට්