
ලොව වැඩිම පිරිසක් පැමිණෙන සමාජජාල වෙබ් අඩවිය වූ ෆේස්බුක් හි හදිසියේ බිඳ වැටීමක් ඊයේ (27-01-2015) ඇතිවුනා. විනාඩි 35ක පමණ කාලයක් එයට පිවිසීමේ හැකියාවක් නොලැබුණු අතර මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරා බොහෝ පිරිසක් සොයාබලන්නට වුනා. මාර්ක් සූබර්ග් ඇතුලු ෆේසබුක් කාර්්‍ය මණ්ඩලය කියා සිටින්නේ එය කාර්මික දෝෂයක් බවයි. නමුත් මේසේ ෆේස්බුක්, ඉන්ස්ටග‍්‍රෑම්, ටින්ඩර් යන සමාජ ජාල අඩවි කිහිපයකම එකම වර එකම කාර්මික දෝෂය ඇති වීමෙන්, කාරණය හතර වසරේ ළමයෙකුට පවා තේරුම් යයි. වෙබ් පොතහි කලින් සදහන් කළ පරිදිම මෙය දරුණු ගණයේ සයිබර් ප්‍රහාරයකි. තත්වය තවත් පැහැදිලි කළොත් විශාල මට්ටමේ ඩී ඩොස් (D DOS) ප්‍රහාරයක් ලෝකය පුරා සර්වර් හරහා ඇමෙකාවේ ප්‍රධාන සර්වර්ස් වෙත් එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරයේ වගකීම දැනටමත් ලිසාර්ඩ් ස්කෙයාඩ් (Lizard Squad) යන හැකර් කණ්ඩායම ටිව්ටර් හරහා බාර ගෙන තිබේ. එහි ඔවුන් සඳහන් කර ඇත්තේ ෆෙස්බුක්, ඉන්ස්ටග‍්‍රෑම්, ටින්ඩර් යන වෙබ් අඩවි අඩපණ වී ඇති බවත් මෙවැනි සයිබර් ප‍්‍රහාර ඉදිරියේදීද බලාපොරොත්තු වන ලෙසයි. එමෙන්ම පසුගියදා මැලේසියානු ගුවන් සේවයට අයත් වෙබ් අඩවියටද මොවුන් විසින් සයිබර් ප‍්‍රහාරයක් එල්ල කරනු ලැබුවා. ෆේසබුක් කාර්්‍ය මණ්ඩලය එය කාර්මික දෝෂයක් කියා සිටින්නේ, ඔවුන්ගේ වෙබ් අඩවියේ ජනප්‍රියත්වයට සහ ආදායමට, එය ඍජුවම බලපාන නිසාවෙනි.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.