ඉතිං මෙහිදී ඔබට තිබෙන්නේ එවැනි කැප්චා විසදා සහය වීමටයි. කැප්චා 1000 විසදීමට අදාලව ඔබට ඩොලර් 1.5ක මුදලක් ආසන්න වශයෙන් ලැබෙනවා. ශ්‍රී ලංකා රුපියල් වලින් ගත්තොත් රු.557/=ක් පමණ. ඔබේ පරිගණකයෙන් වගේම ටැබ් එකෙන්, ස්මාර්ට් දුරකථනයෙන් වුවද මේ වැඩේ කරන්න පුළුවන්. කරන්න තියෙන්නේ සරල දෙයක්. පහත ලින්ක් එකෙන් ගිහින් ටූකැප්චා වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න. ඒ සඳහා ඒම වෙබ් පිටුවේ ඉහළ දකුණුපස කෙලවර ඇති ලා කොල පැහැති Sign Up බට්න් එක ක්ලික් කරන්න.
මෙතනින් වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න - https://bit.ly/3g7I8UX
ඔබේ ඊමේල් ලිපිනය සහ කැපිටල්, සිම්පල් අකුරු හා අංක සමඟ සකස් කල මතක තබා ගත හැකි පාස්වර්ඩ් එකක් ලබා දී Continue කරන්න.
ඔබ ලබා දුන් ඊමේල් ලිපිනයට ටූකැප්චා වෙබ් අඩවි මඟින් ලැබෙන ඊලිපියේ ඇති රහස්‍ය අංකය ලබා දී හෝ සබැදිය ක්ලික් කර ගිණුම තහවුරු කරන්න. ඊට පසු ගැබෙන වෙබ් පිටුවෙන් I'm A Worker යන්න තෝරන්න.
දැන් ඔබට ලැබෙන පිටුවෙන් Start Work යන්න ක්ලික් කර විවිධ වර්ගයේ කැප්චා 16ක් සඳහා මුහුණ දීමට, උපදෙස් සමඟ විනාඩි 2ක පමණ පුහුණුවක් ලැබෙනු ඇත. එය සාර්ථකව අවසන් කල පසු වෙබ් අඩවියේ මෙනුවෙන් Dashboard තෝරා නැවත Start Work යන්න ක්ලික් කිරීමෙන්, ඔබ වැඩ කිරීම ආරම්භ කරන්න. ඔබ කැප්චා විසදන වාරයක් පාසා ඔබේ ගිණුමට මුදල් බැර වනු දැකගත හැකිය.
ඩොලර් 0.25 හෝ ඊට වැඩි මුදලක් එකතු වූ පසු බිට්කොයින්, පේයීර්, ෆර්ෆෙක්ට් මනී වැනි ක්‍රම හරහා මුදල් තම ගිණුම් වෙත ලබාගන්න. මම බිට්කොයින් මඟින් බයිනෑන්ස් ගිණුමට සහ පේයීර් ක්‍රම හරහා සාර්ථකව මුදල් ලබා ගත්තෙමි.
ඔබේ ආදායම වැඩි කර ගන්නා ආකාර
01. ඔබ වැඩ කිරීමට ගන්නා ඩිවයිස් එක අනුව අදාල වින්ඩෝස්/ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය, වෙබ් අඩවියේ Software මෙනුව තුළින් බාගෙන ඉන්ස්ට්‍රෝල් කර ගන්න. අනතුරුව ඔබේ ගිණුමෙහි Dashboard පිටුවෙහි පහල Client Key ලෙස දක්වා ඇති රතු පැහැති කේතය ඔබ ඉන්ස්ට්‍රෝල් කරගත් මෘදුකාංගය වෙත ඇතුලක් කර, ප්ලේ බටනය ක්ලික් කර වැඩ කරන්න.
02. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය මේ සඳහා සෘජුවම බලපානු ලබයි. එබැවින් වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවක් භාවිතා කරන්න. එමෙන්ම අන්තර්ජාල භාවිතය අඩු රාත්‍රී කාලයේ සහ පාන්දර කාලයේ වැඩ කිරීමට සෑම විටම උත්සාහ කරන්න. එමඟින් කැප්චා ඔබේ ගිණුම වෙත ලැබීමේ වේගය ඉහළ යයි.
03. ඔබේ කැප්චා විසදීමේ හැකියාව වැඩි වූ පසු ගිණුම් දෙකක් හෝ කිහිපයක් සකස් කර උපාංග කිහිපයක් මඟින් වැඩ කරන්න. මම ඩෙස්ක්ටොප්, ලැප්ටොප් හා ස්මාර්ට් ෆෝන් එක, එකවර භාවිත කර ගිණුම් 3ක් සමඟ කටයුතු කරන අතර එමඟින් කැප්චා ලෝඩ් වෙන තුරු බලා සීටීමට අවශ්‍ය නොවන අතර වැඩි ආදායමක්ද එකවර ලබා ගත හැකිය.
04. ඔබේ නිවද්‍යතාවය, කාර්යක්ෂතාවය සහ සේවා කාලය මත, ඔබට වැඩි ගෙවීම් සහිත කැප්චා ප්‍රෙහේලිකා ලැබෙනු ඇත.
අවවාදය - කිසිවිටෙකත් එක් උපාංගයක් ගිණුම් කිහිපයක් සඳහා භාවිතා කරන්න එපා. ඔබේ ගිණුම අහිමිවීමට හේතුවනු ඇත. එක් උපාංගයකට එක් ගිණුමක් ලෙස භාවිත කරන්න. සෑම විටම නිවද්‍යතාවය පවත්වා ගැනීමට උත්සාහ කරන්න.
මෙතනින් වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න - https://bit.ly/3g7I8UX
ටූකැප්චා ආදායම වැඩි කර ගන්නා තවත් ක්‍රම කිහිපයක් සිංහලෙන් සොෆ්ට් වෙතින් ලගදීම. ප්‍රශ්න කමෙන්ටුවකින් කියන්න. රැදී සිටින්න. ජය.
ටයිප් කිරීම සහ සරල ප්‍රෙහේලිකා විසදීම මඟින් මුදල් උපයමු

බර්ඩ්ෆොන්ට් (BirdFont) මෘදුකාංගය මඟින් ඔබට ෆොන්ට් නිර්මාණය කළ හැකි අතර වැඩ අවසන් ෆොන්ට් එකක් TTF, EOT සහ SVG ෆෝමැට්ටු වලින් ලබා ගත හැකිය. මෙහිදී ඉතාමත් සරල මෙවලම් කට්ටලයක් භාවිතයෙන් ඔබේ නිර්මාණය සිදුකරන්න පුලුවන්. බර්ඩ්ෆොන්ට් ලබා දෙන මෙවලම් කට්ටලය ප්‍රමාණවත් නොවේනම් ෆොටෝෂොප් වැනි මෘදුකාංගයකින් සකස් කර ගන්නා SVG ෆයිල්ස් මෙයට ඇතුලත් කල හැකිය. එමෙන්ම ඔබ ලඟ දැනටම ඇති ෆොන්ට් එකක් වුවද මෙම මෘදුකංගය හරහා එඩිට් කරන්න පුලුවන්. බාගන්න. ජය.
42.6 MB

සරලව ෆොන්ට් නිර්මාණය කරගන්න

81.6 MB

යූ ටියුබ් වීඩියෝ බුරුතු පිටින් බාමු

ෆොටොර් (Fotor) නම් සරල මෘදුකාංගය හරහා ඔබේ අසාර්ථක වූ ඡායාරූපයක් සඳහා වුවද උසස් තත්වයේ වැඩිදියුණු කිරීම් එක් කල හැකිය. ප්‍රධාන වශයෙන් "Portrait", "Backlit", "Flash", "Cloudy", "Food", "Landscape" ආදී අවස්ථාවන් අතරින් ඔබට අවශ්‍ය පරිදි ගැලපීම් එක් කරන්න. එමෙන්ම exposure, brightness, contrast, detail සහ white balance සීරුමාරු කරන්න. ඔබේ ඡායාරූපයට කලාත්මක පෙනුමක් එක් කිරීමට ඔබට අවශ්‍ය නම්, ක්ලැසික්, ලොමෝ, බී ඇන්ඩ් ඩබ්ලිව්, ආර්ට් සහ විග්නෙට්ස් ඇතුළු විවිධ ප්‍රයෝග 60 කට වඩා තෝරා ගත හැකිය. ඊට අමතරව සාමාන්‍ය ෆොටෝ එඩිටින් මෘදුකාංගයක අඩංගු අංගෝපාංග ෆොටොර් සතුවේ. එහෙනම් බාගන්න. ජය.
455 MB

චොර වූ ඡායාරූපයක් ගොඩ දා ගැනීමේ කලාව

ෆයිල් ෆ්‍රෙන්ඩ් (File Friend) මෘදුකාංගය, ප්‍රයෝජනවත් ගොනු කළමනාකරණ විශේෂාංග 4ක් ඉදිරිපත් කරනු ලබයි. එය පොර්ටබල් වර්ගයේ කුඩා මෘදුකාංගයකි. එමඟින් ඔබට විශාල ගොනුවක් කුඩා කැබලිවලට බෙදිය හැකිය, පසුව මුල් ගොනුව නැවත සකස් කිරීම සඳහා කෑලි එකතු කල හැකිය. ඔබට විශාල ගොනුවක් ඩී වී ඩී තැටි හරහා ගෙන යාමට අවශ්‍ය නම් හෝ ගොනුව ඊමේල් මගින් යැවීමට නොහැකි තරම් විශාල නම් මෙම විශේෂාංගය ඉතා ප්‍රයෝජනවත් වේ. ලිපිගොනු බෙදීමට හා සම්බන්ධ කිරීමට අමතරව, තෝරාගත් ගොනුවක් හෝ ගොනු තොගයක් සංකේතනය (Encrypt) කිරීමට හෝ විකේතනය (Decrypt) කිරීමටද ෆයිල් ෆ්‍රෙන්ඩ් මෘදුකාංගය ඉඩ ලබා දේ. සම්මත සංකේතනයට වඩා රහසිගතව ෆයිල් ආරක්ෂා කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබට ජේ පී ඊ ජී (JPEG) රූපයක් තුළ ලිපිගොනු සැඟවීමට හැකිය. එමෙන්ම එය අවශ්‍ය විට ලබා ගැනීමද කළ හැකිය. බාගන්න. ජය.
0.25 MB
ලිපිගොනු කෑලි කරන්න, එකතු කරන්න, සංකේතනය කරන්න, සඟවන්න - File Friend

මයි ෆැමිලි ත්‍රී ලෙස හැඳින්වෙන්නේ, ඔබගෙන් පටන්ගෙන ඔබගේ දුර නෑදෑයින් පවා සන්බන්ධ කෙරෙන පරදි රුක් සටහනක් නිර්මාණය කිරීමට පහසුකම් සපයන මෘදුකාංගයකි. මෙමඟින් පවුලේ සාමාජිකයින්ට අදාලව ජීව දත්ත, ඡායාරූප, වීඩියෝ සහ වෙනත් ඇමුණුම් විස්තරාත්මකව ලේඛනගත කළ හැකිය. එමෙන්ම කාලරාමුව අනුව පවුලේ සිදුවීම් සමාලෝචනය, පවුල් සංඛ්‍යාලේඛන විශ්ලේෂණය, දින කැල්කියුලේටරය, ශබ්ද පටිගත කිරීම, ගූගල් අර්ත් සමඟ සමමුහුර්ත කිරීම සහ තවත් බොහෝ අංග මෙහි ඇතුළත් වේ. බාගන්න. ජය.
8.5 MB

මගේ පවුලේ රුක් සටහන - My Family Tree

පොර්ටර්බල් ඩොකියුමන්ට් ෆොර්මැට්/පී ඩී එෆ් (Portable Document Format/PDF) කියන්නේ ඔබේ එදිනදා කටයුතු සඳහා නැතුවම බැරි ෆයිල් ෆොර්මැට් එකක් ලෙස හඳුන්වන්න පුලුවන්. වර්තමාන කෝවිඩ් ව්‍යසන තත්වයත් සමඟ නිවසේ සිට රාජකාරි කිරීමේ සිට තම දරුවාගේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු දක්වා බොහෝ කාර්යයන් සඳහා පී ඩී එෆ් භාවිත වෙනවා. ෆොක්සිට් රීඩර් මෘදුකාංගය, පී ඩී එෆ් සමඟ වැඩ කිරීම සඳහා අංග සම්පූර්ණ මෙවලම් කට්ටලයක්. පී ඩී එෆ් කියවන්න, සකසන්න, වෙනස් කරන්න, ආරක්ෂා කරන්න, ඔන්ලයින් ෂෙයා කරන්න, ට්‍රැක් කරන්න සහ තවත් වැඩ කිඩ ගොඩක් මේ හරහා කරගත හැකියි. මෙම මෘදුකාංයේ ප්‍රධාන විශේෂාංගයක් වන්නේ පී ඩී එෆ් ලිපිගොනුවක් සමඟ වෛරස් ඈදා/බයින්ඩ් (Bind) කර ඇතිදැයි සොයා බැලීමේ හැකියාවයි. ෆොක්සිට් රීඩර් මෘදුකාංගයේ මෙවැනි විශේෂාංග ගණනාවක් ඇතුලත් වුවද ඔබේ පරිගණකයේ රැම් මතකයෙන් භාවිතා කරන්නේ මෙගා බයිට් 100කටත් අඩු ප්‍රමාණයක්. එහෙනම් බාගන්න. ජය.
82.1 MB

පී ඩී එෆ් කියවන්න, සකසන්න සහ වෙනස් කරන්න - Foxit Reader

දැනට තියෙන වෛරස්ගාඩ් අතරින් ඉහලම ශක්‍යතාවක් ඇති වෛරස්ගාඩ් එක ලෙස බිට්ඩිෆෙන්ඩර් (Bitdefender) හඳුන්වන්න පුලුවන්. ඉතිං බිට්ඩිෆෙන්ඩර් නිල වෙබ් අඩවිය හරහා මෙම වෛරස්ගාඩ් එක මාස තුනකට නොමිලේ දෙනවා. මාස 3න් පස්සේ ෆ්‍රී වර්ෂන් එකට මාරු වෙලා භාවිතා කල හැකියි. එහෙනම් මෙතනින් ගිහින් ඔබේ බිට්ඩිෆෙන්ඩර් පිටපත බාගන්න. ජය.

බිට්ඩිෆෙන්ඩර් වෛරස්ගාඩ් එක මාස තුනක් නොමිලේ

කාලයත් සමඟ ඔබේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය නිවැරදිව ක්‍රියා නොකිරීම, වේගය අඩුවීම, අපිලිවෙල වීම, හාඩ් ඩිස්කයේ ඉඩ මදිවීම වගේ ලෙඩ ගොඩකට මුහුණ දෙන්න වෙනවා. වයිස් කෙයා 365 ෆ්‍රී වර්ෂන් මෘදුකාංගය මඟින් මෙවැනි තත්වයන් 90%වඩා අඩු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඔබේ පරිගණකයේ කාර්යක්ෂමතාවයට බලපාන සියළු සාධක සලකා බලා එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ලකුණු ලබා දීමක් සිදු කරනවා. උදාහරණයක් විදියට හාර්ඩ් ඩිස්ක් එකේ ධාරිතාවය ඉක්මවා යාමට ආසන්න වී තිබේ නම් වයිස් කෙයා 365 මඟින් ස්කෑන් කර ජන්ක් ෆයිල්ස්, ටෙම්පරි ෆයිල්ස්, බ්‍රවුසර් හිස්ට්‍රි ආදිය ඉවත් කර නැවත ඉඩ ලබාගත හැකියි. ඔබ නොදන්නා විශේෂාංග භාවිතා කිරීමට පෙර ඒ පිළිබඳව ගූගල් සෙවුමක් කරන්න. බාගන්න. ජය.
22.4 MB

වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සත්කාරය - Wise Care 365

ඉම්බැජ් (ImBatch) මෘදුකාංගය මඟින් ඡායාරූප සමුහයක් සඳහා එකවර වෙනස්කම් ඇතුලත් කර ගැනීමට හැකිය. උදාහරණයක් ලෙස ඔබ සතු ඡායාරූප තොගයක් ෆේස්බුක් අප්ලෝඩ් කිරීම සඳහා එකම ප්‍රමාණයකට කපා ගැනීමට ඉම්බැජ් හරහා පුලුවන්. ඒ වගේම වර්ණ වෙනස් කිරීම, රොටේට් කිරීම, බ්ලර් වැනි ඉෆෙක්ට්ස් යෙදීම, ටැග් ඉවත් කිරීම හෝ එකතු කිරීම, පින්තූර දිනයන් වෙනස් කිරීම, පී ඩී එෆ් බවට පරිවර්තනය සහ තවත් බෙහෝ ප්‍රයෝජන මෙයින් ලබාගත හැකිය. ඉම්බැජ් මෘදුකාංගය ලබාදෙන එඩිටින් පියවරයන් කිහිපයක් වුවද එක ක්ලික් එකකින් එකවර ඡායාරූප සමුහයකට ඇතුලත් කරගැනීමට ඉඩ ලබා දේ. එමෙන්ම ඡායාරූප සඳහා එඩිටින් ප්‍රීවිව් එකක් පෙන්වන බැවින් ඔබට අවශ්‍ය කටයුත්ත සිදුකර ගැනීම පහසුය. එහෙනම් බාගන්න. ජය.
29.8 MB

ඡායාරූප තොගයක් එකවර එඩිට් කරමු - ImBatch

අදාල මිනුම් අංගයන්හි උපරිම සීමාවක් ඔබට තීරණය කළ හැකි අතර එම සීමාව ඉක්ම ගිය විට නොර්ටිෆිකේෂන් ශබ්දයක් වාදනය කිරීමට, ඊ-මේල් පනිවුඩයක් ලබා ගැනීමට හෝ වෙනත් විධානයක් ක්‍රියාත්මක කිරීමට සිස්ගේජ් පහසුකම් සපයයි. එමෙන්ම ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ සහ දෘඩාංගයන්හි පවතින තීරණාත්මක ගැටළු පරීක්ෂා කර සරල සාරාංශ වාර්තාවක් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබයි. HTML, PDF, Excel, Text, CSV සහ XML ඇතුළු සම්මත ආකෘති ගණනාවකට සිස්ගේජ් රිපෝර්ට්ස් ලබාගත හැක. එහෙනම් බාගන්න. ජය.
4.6 MB

වින්ඩෝස් ටාස්ක් මැනේජර්ටත් වඩා වැඩකිඩ - SysGauge

මයි ෆෝන් එක්ස්ප්‍රෝලර් (My Phone Explorer) මෘදුකාංගය මඟින් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය වයිෆයි, කේබල් හෝ බ්ලූටූත් භාවිතා කරමින් ඔබේ පරිගණකයට සම්බන්ධ කිරීමට සහ ඔබගේ සියලුම දුරකථන අන්තර්ගතයන් කළමනාකරණය කිරීමට ඉඩ සලසයි. ඔබට ඔබගේ සියලුම දුරකථන සම්බන්ධතා බැලීමට, කෙටි පණිවිඩ කියවීමට, ඇමතුම් ලොග් බැලීමට, දුරකථනයේ ඇති ලිපිගොනු පිරික්සීමට, දින දර්ශනය බැලීමට සහ කළමනාකරණය කිරීමට, දුරකථන මතකය සහ බැටරි තත්ත්වය බැලීමට සහ තවත් බොහෝ දේ කළ හැකිය.
එමෙන්ම මයි ෆෝන් එක්ස්ප්‍රෝලර් හට ඔබගේ සම්බන්ධතා සහ දින දර්ශනය, අවුට්ලුක් වැනි මෘදුකාංග සහ වෙනත් යෙදුම් සමඟ සම්බන්ධ කිරීමට, ඔබගේ දුරකථන අන්තර්ගතය බැක්අප් කිරීමට, ඔබේ පරිගණකයට ෆයිල් කොපි කිරීමට, කෙටි පණිවුඩ වල ගොනුවක් නිර්මාණය කිරීමට, ඡායාරූප ගොනු සම්බන්ධ කිරීමට සහ තවත් වැඩකිඩ ගොඩක් දාන්න පුලුවන්. බාගෙන උක්සාහ කරලා බලන්න. ජය.
16.4 MB

ඔබේ වින්ඩෝස් පරිගණකය සහ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනය සම්බන්ධ කරන අළුත්ම ක්‍රමය

ෆෝල්ඩර හෝ ඩ්‍රයිව් එකක් හෝ වැඩි ගණනක් හරහා ඩුබ්ලිකේට් ගොනු සොයා ගැනීමට ඕල්ඩුප් (AllDup) මෘදුකාංගය ඔබට හැකියාව ලබා දෙයි. ප්‍රමාණය, නම, දිනය, ගුණාංග සහ බයිට් ලෙස ගොනුවේ අන්තර්ගතය අනුව ඩුබ්ලිකේට් ගොනු සෙවීමටට ඔබට තෝරා ගත හැකිය. පසුව තෝරාගත් ෆෝල්ඩරහි සෙවීමක් කර සියලුම ඩුබ්ලිකේට් ගොනු ලැයිස්තුවක් පෙන්වනු ඇත. එයින් ඔබට අනවශ්‍ය කොටස් ඩිලීට් කිරීම, වෙනස් කිරීම, වෙනත් ෆෝල්ඩරයකට කොපි කිරීම කල හැකිය. මෙමඟින් ඩුබ්ලිකේට් ගොනු සඳහා අනවශ්‍ය ලෙස වැය වී ඇති ඔබේ හාර්ඩ් එකේ ඉඩ ඉතුරු කර ගන්න පුලුවන්. එහෙනම් උත්සාහ කරලා බලන්න. ජය.
20 MB

ඩුබ්ලිකේට් ෆයිල් කරදරයට විසදුම - AllDup

ගෘප් මේල් (Group Mail) මෘදුකාංගය මඟින් ඔබ සතුව පවතින ඊ-මේල් ලැයිස්තු සඳහා එකවර ඊ-මේල් යැවිය හැකිය. ඔබට මාර්කටින් ඊ-මේල්, නිවුස් ලෙටර්, පොදු උපදෙස්, විශේෂ වැඩසටහන්, ආදී.. තොරතුරු ඊ-මේල් මඟින් බෙදා හැරීම සඳහා මෙම මෘදුකාංගය භාවිතා කල හැකිය. එමෙන්ම ඔබ සතුව විවධ ෆෝමැට්ටු මඟින් ඇති ඊ-මේල් ලැයිස්තු ගෘප් මේල් වැඩසටහනට වැඩි පරිශ්‍රමයක් නොදරා ඇතුලත් කල හැකිය. මෙම සොෆ්ට්වෙයා එක මඟින් සපයන ඊ-මේල් ටෙම්ප්ලේට්ටු 20කට වඩා වැඩි ප්‍රමාණයක් අඩංගු වන බැවින් ඔබට අවශ්‍ය කොටස් වෙනස් කර පහසුවෙන් ප්‍රයෝජනය සදහා යොදා ගන්න පුලුවන්. මෙහි නොමිලේ දෙන සංස්කරණය මඟින් එකවර ග්‍රාහකයන් 500කට ඊ-මේල් යැවිය හැකි අතර එම ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා මුදල් ගෙවා වානිජ සංස්කරණයට මාරු විය යුතුය. එහෙනම් බාගන්න. ජය.
17.9 MB

තොග පිටින් ඊ-මේල් යවමු - Group Mail

ඔබට වැදගත් සහ නැවත මතක් කර ගැනීමට අවශ්‍ය කරුණු ඔබේ ඩෙස්ක්ටොප් එකේ ඇලෙන සුළු සටහන් කැබලි (Sticky Notes) මඟින් රඳවා තබා ගැනීමට පහසුකම් සපයන මෘදුකාංගයක් ලෙස ස්ටිකීස් (Stickies) හදුන්වා දිය හැකිය. මෙම ඇලෙන සුළු සටහන් වල පෙනුම වර්ණය, අකුරු, විනිවිදභාවය ඔබට රිසි අයුරින් වෙනස් කල හැකිය. එමෙන්ම ඔබේ ස්ටිකී නෝට්ස් ජාලයක් හරහා මිතුරන් සමඟ ෂෙයා කර ගතහැකිය. අදාල ට්‍රේ එක ක්ලික් කිරීමකින් ඔබට සියලු සටහන් සැඟවීමට හෝ පෙන්වීමට තෝරා ගත හැකි අතර අතීතයේ මකාදැමූ සටහන් නැවත ලබා ගත හැකිය.
මතක් කිරීමක් (Reminder) ලෙස ක්‍රියා කිරීම සඳහා නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා හෝ නිශ්චිත දිනයක් හා වේලාවක් තෙක් ස්ටිකි සැඟවිය හැක. ස්ටිකීස්හි තවත් බොහෝ ප්‍රයෝජනවත් අංග ඇති අතර බාගෙන උත්සාහ කරලා බලන්න වටින සොෆ්ට්වෙයා ගැජට් එකකි. ජය.
1.6 MB
