මොබිටෙල් ගිගාබයිට් 10ක් නොමිලේ! නැවතත්..

සතියේ ජනප්‍රියම මීම්ස් වීඩියෝ එකතුව..

මෑන්ඊටර් ගේම්ප්ලේ එක මෙතනින් බලන්න


ඩොලර් 18.99ක් වටිනා මෑන්ඊටර් (Maneater)  ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. මෑන්ඊටර් ගේම් එක මඟින් මිනිසුන් හා මත්ස්‍යයින් ආහාරය‌ට ගැනීමමෙන් තම පැවැත්ම තහවුරු කරගන්නා මෝරෙකුගේ චරිතය මෙහෙයවීමට ක්‍රීඩකයාට හැකියාව ලැබේ. මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් ඇතුළත්  මෙම ක්‍රීඩාවේදී මෝරුන් දඩයමේ යන මිනිසුන්ගෙන් හා සතුරු ජීවීන්ගෙන් බේරී ක්‍රමයෙන් ඔවුන්ව ගොදුරු කරගත යුතු වේ. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන මෑන්ඊටර් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2022.06.16 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.

ඩොලර් 18.99ක් වටිනා මෑන්ඊටර් ගේම් එක නොමිලේ - Maneater Game For Free

ඩොලර් 8.99ක් වටිනා වර්ඩුන් (Verdun) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. පළමුවන ලෝක යුද්ධය පාදක කරගත් මෙම ක්‍රීඩාවෙහිදී ඔබට තනිව හො කණ්ඩායම්ගතව ක්‍රීඩා කළ හැකිය. ඉදිරියට යත්ම ඔබට විවිධ අවිආයුධ භාවිතා කිරීමට ඉඩහසර ලැබෙන අතර ඉහළ මට්මටම් ග්‍රැෆික් අත්දැකීමක් ලබා ගන්න පුලුවන්. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන වර්ඩුන් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.07.29 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.


ඩොලර් 8.99ක් වටිනා වර්ඩුන් (Verdun) ගේම් එක නොමිලේ

ඩොලර් 4.99 ක් වටිනා බ්‍රිජ් කන්ස්ට්‍රක්ටර් - ද වෝකින් ඩෙඩ් (Bridge Constructor: The Walking Dead) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. මෙය ලෝප්‍රකට ද වෝකින් ඩෙඩ් ටීවී සෙරීස් එක හා බැදුනු ප්‍රහේලිකා ගේම් එකක්. නොනැසී ඇවිදින මළවුන්ගේ සහ සතුරු මිනිස් ප්‍රජාවකට එරෙහිව සටන් කරන දිවි ගලවා ගත් පිරිසකට සම්බන්ධ වන්න. අඳුරු භූ දර්ශන හා නටබුන් සහිත ව්‍යුහයන් හරහා කල්පනාකාරීව පාලම් සහ වෙනත් ඉදිකිරීම් ඉදි කරන්න. ඩැරල්, මිකොන් සහ ඉයුජින් වැනි, ද වෝකින් ඩෙඩ් රසිකයින්ගේ ප්‍රියතම චරිත සමඟ එකතු වී ඔබේ වාහන සඳහා ආරක්ෂිත ගමන් මාර්ගයක් සාදන්න. විනෝදයෙන් ක්‍රීඩා කරන්න. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන බ්‍රිජ් කන්ස්ට්‍රක්ටර් - ද වෝකින් ඩෙඩ් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.07.15 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.


ඇවිදින මළවුන්ගෙන් දිවි බේරාගන්නා ප්‍රහේලිකා ක්‍රීඩාව

මගේ පවුලේ රුක් සටහන - My Family Tree

ඩොලර් 11.49ක් වටිනා ඕවර්කුක්ඩ් 2 (Overcooked! 2) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ඉතාමත් විනෝදජනක ක්‍රීඩාවක් වන මෙහිදී අවුල් සහගත ආහාර පිසීමේ ක්‍රියාවලියකට දායක වීමට ඔබට සිදු වෙනවා. එමෙන්ම රතු ලූනු රාජධානියේ සූපවේදීන් කණ්ඩායම සඳහා ඔබට ඔන්ලයින් ක්‍රීඩා කල හැකිය. මෙලෙස එක් කණ්ඩායමක් සඳහා ක්‍රීඩකයින් 4දෙනෙකු දායක වේ. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන ඕවර්කුක්ඩ් 2 ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.06.24 දක්වා පමණයි. ඒ් නිසා ඉක්මන් කරන්න. ජය.


ගේම් ප්ලේ එක

ඩොලර් 11.49ක් වටිනා ඕවර්කුක්ඩ් 2 (Overcooked! 2) ගේම් එක නොමිලේ

එදිනදා ජීවිතයට ඉංග්‍රීසි භාෂාව නැතුවම බැරි අංගයක් වෙලා. ස්පෙලින් ප්‍රෝ ප්‍රිමියම් (Spelling Pro! Premium) කියන්නේ, ඉංග්‍රීසි වචන ඔබට, ඔබේ පොඩිත්තාට ලේසියෙන් ඉගෙන ගතහැකි ඇප් එකක්. ඔබේ ඉංග්‍රීසි භාෂා කුසලතා විනෝදජනක ලෙස පරීක්ෂා කර පුහුණු කරන්න සහ ලොව පුරා සිටින ස්පෙලින් ප්‍රෝ ප්‍රිමියම් සෙල්ලම් කරන අනෙක් පුද්ගලයින්ට අභියෝග කරන්න. සැබෑ ඉංග්‍රීසි භාෂා ශූරයකු වන්නේ කවුද? ක්‍රීඩා කර විනෝද වන අතරේම ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න. මෙහි ගේම් මොඩ් තුනක්, චැලේන්ජ් මොඩ් 2ක් සහ පැක්ට්‍රිස් මොඩ් එකක් ඇත. රු.350/=ක් වටිනා මෙම ඇප් එක ඉතාමත් කෙට් කාලයකට ගූගල් ප්ලේ ස්ටෝරුවේ නොමිලේ දෙනවා. එහෙනම් බාගන්න. ජය. 



ඉංග්‍රීසි වචන උගන්වන ඇන්ඩ්‍රොයිඩ් ගේම් එක

ගේම්ස් පිළිබඳ වාර්තා කරන ලෝප්‍රකට වෙබ් අඩවියක් වන අයි ජී එන් (IGN) වෙබ් අඩවියට අනුව "Game Of The Year" ඇතුළු සම්මාන ගණනාවක් දිනා ඇති කන්ට්‍රෝල් ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. 2019 වසරේ නිකුත් වූ ක්‍රියාදාම හා ත්‍රාසජනක ක්‍රීඩා ගණයට අයත් වන මෙම ගේම් එකෙහිදී ක්‍රීඩකයාට අධිමානසික බලයන් සමඟ ක්‍රීඩා කිරීමට සිදු වෙයි. Federal Bureau of Control (FBC) නමින් හැඳින්වෙන යථාර්ථයේ නීති උල්ලංගණය කරන සංසිද්ධි වාර්තා කිරීම සහ අධ්‍යයනය කිරීමට පිහටුවාගත් රජයේ ආයතනයේ නව අධ්‍යක්ෂ ජෙසී ෆැඩන් (කෝට්නි හෝප්) ගේ චරිතය ඉදිරියට මෙහෙයවීම ක්‍රීඩාවේ ප්‍රධාන තේමාවයි. ගේම් නිරමාණය සඳහා සුප්‍රසිද්ධ ආයතනයක් වන රිමේඩි එන්ටර්ටේයිට්මන්ට් (Remedy Entertainment) ආයතනයෙන් මෙය නිර්මාණය කර ඇත. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන කන්ට්‍රෝල් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.06.17 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.


ඩොලර් 34.99ක් වටිනා කන්ට්‍රෝල් (Control) ගේම් එක නොමිලේ

ඩොලර් 14ක් වටිනා ෆ්රෝස්ට් ෆන්ක් (Frostpunk) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ෆ්රෝස්ට් ෆන්ක් ගේම් එකේදී ඔබට අධික සීතලින් මිය යන ලෝකයේ ඉතිරිව ජීවත් වන මිනිසුන් සඳහා අවසන් නගරය නිර්මාණය කිරීමට සිදු වෙනවා. ස්ට්‍රැටජි ගේම් වලට ආස ඔබට, කළමනාකරණ සහ නායකත්ව ගුණාංග වර්ධනය කර ගනිමින්, තම ජනතාවගේ එදිනදා ජීවිතය පවත්වා ගැනීමට අවශ්‍ය දෑ සපයා දෙමින්, නගරය ගොඩ නැගීමේ අත්දැකීම ලබාගන්න පුලුවන්. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන ෆ්රෝස්ට් ෆන්ක් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.06.10 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.


අධික සීතලින් මිය යන ලෝකයේ අවසන් නගරය නිර්මාණය කරන්න

කොම්පියුටරේට, ෆෝන් එකට සුපිරි වෝල්පේපර්ස් බාගන්න

ඩොලර් 19.99ක් වටිනා ලිට්ල් නයිට්මෙයාර්ස් (Little Nightmares) ගේම් එක මේ දවස්වල ස්ටීම් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ඔබ කුඩාකල බියට පත් වූ අමුතු හැගීම් බොහෝමයක් ඔබට මතක ඇති. ලිට්ල් නයිට්මෙයාර්ස්හි අඳුරු අත්භූත කතාව සමඟ එම හැඟීම් නැවත පණලබනු ඇති. දූෂිත ආත්මයන් වාසය කරන අමුතු යාත්‍රාවක් තුළ ආහාරයක් බවට පත් නොවී පැන යාමට සිදු වන අතර ඉදිරියට යත්ම, කරදරකාරී බෝනික්කන්ගෙන් යුත් බන්ධනාගාරයක්, රහස්වලින් පිරුණු ක්‍රීඩා පිටියක් ගවේෂණය කිරීමට සිදු වේ. ඉතිං ස්ටීම් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන ලිට්ල් නයිට්මෙයාර්ස් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.05.30 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.


කුඩා බියකරු සිහින නොමිලේ - Little Nightmares

ඩොලර් 28ක් වටිනා එන් බී ඒ 2021 (NBA 2K21) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. බාස්කට්බෝල් ක්‍රීඩාව ප්‍රිය කරන ඔබ එන් බී ඒ සෙරීස් එක ගැන දන්නවා ඇතිනේ. මේ හරහා ඔබට ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව එක්ව පිහිටුවා ඇති ජාතික පැසිපන්දු සංගමය (The National Basketball Association - NBA) විසින් කණ්ඩායම් 30ක සහභාගිත්වයෙන් පවත්වනු ලබන පැසිපන්දු තරඟාවලියේ ගේමින් අත්දැකීම ලබාගන්න පුලුවන්. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන එන් බී ඒ 2021 ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.05.27 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.


ඩොලර් 28ක් වටිනා එන් බී ඒ 2021 (NBA 2K21) ගේම් එක නොමිලේ

සිස්ගේජ් (SysGauge) මෘදුකාංගය මඟින් ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ සහ දෘඩාංගයන්හි කාර්යක්ෂමතාව මැනිය හැකිවන අතර, එය සී පී යූ භාවිතය, රැම් භාවිතය, සම්බන්දිත නෙට්වර්ක් භාවිතය, මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරිත්වය, ගොනු පද්ධතියේ/ ෆයිල් එක්ස්ප්‍රෝලර්හි ක්‍රියාකාරිත්වය, යූ ඒස් බී කාර්ය සාධනය, හාර්ඩ් ඩිස්ක්වල භාවිතය සහ තවත් බොහෝ අංගයන්හි කාර්යක්ෂමතාව මැනීමට ඔබට හැකියාව ලබා දෙයි.


අදාල මිනුම් අංගයන්හි උපරිම සීමාවක් ඔබට තීරණය කළ හැකි අතර එම සීමාව ඉක්ම ගිය විට නොර්ටිෆිකේෂන් ශබ්දයක් වාදනය කිරීමට, ඊ-මේල් පනිවුඩයක් ලබා ගැනීමට හෝ වෙනත් විධානයක් ක්‍රියාත්මක කිරීමට සිස්ගේජ් පහසුකම් සපයයි. එමෙන්ම ඔබේ පරිගණකයේ මෙහෙයුම් පද්ධතියේ සහ දෘඩාංගයන්හි පවතින තීරණාත්මක ගැටළු පරීක්ෂා කර සරල සාරාංශ වාර්තාවක් ඔබ වෙත ඉදිරිපත් කරනු ලබයි. HTML, PDF, Excel, Text, CSV සහ XML ඇතුළු සම්මත ආකෘති ගණනාවකට සිස්ගේජ් රිපෝර්ට්ස්  ලබාගත හැක. එහෙනම් බාගන්න. ජය.


4.6 MB


වින්ඩෝස් ටාස්ක් මැනේජර්ටත් වඩා වැඩකිඩ - SysGauge

ඩොලර් 11.99ක් වටිනා පයින් (Pine) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ක්‍රියාදාම හා ත්‍රාසජනක ගණයට අයත්වන මෙම ගේම් එකෙහි ඇල්බමාරේ නම්  සුන්දර ලෝකයේ, හියු නම් බුද්ධිමත් තරුණ වැඩිහිටියෙකුගේ භූමිකාව ඉදිරියට ගෙන යාමට ඔබට සිදුවනු ඇත. මෙහිදී මිනිසුන්ට වඩා දක්ෂ ජීවීන්ගෙන් පිරුණු විචිත්‍රවත් ලෝකයක් හරහා ගවේෂණය කිරීමට, වෙළඳාම් කිරීමට හා සටන් කිරීමට හැකියාව ලබාදෙයි. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන පයින් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.05.14 දක්වා පමණයි. ඒ් නිසා ඉක්මන් කරන්න. ජය.


ඩොලර් 11.99ක් වටිනා පයින් (Pine) ගේම් එක නොමිලේ

බ්‍රික් බ්‍රේකර් ප්‍රෝ කියන්නේ, ඇන්ඩ්‍රොයිඩ් ඇප් ස්ටෝරුවේ සාමාන්‍යයෙන් රු.750ක් වන මේ දවස්වල නොමිලේ බාගත හැකි අලුත්ම මාදිලියේ ගඩොල්/බ්‍රික් ගේම් එකක්. ගඩොල් වලට හානි කිරීමට හා ගඩොල් විනාශ කිරීමට සුදුසුම ස්ථානය සොයා ගනිමින් සෙල්ලම් කරන්න. පන්දුව ගඩොල්වලට වැදුණු විට එහි කල්පැවැත්ම අඩු වේ. කල්පැවැත්ම 0 දක්වා අඩු වූ විට ගඩොල් බිදී යයි. ටිකක් කල්පනා කරලා සෙල්ලම් කල යුතු ගේම් එකක්. උත්සාහ කරලා බලන්න. ජය.


රු.750ක් වටිනා බ්‍රික් බ්‍රේකර් ප්‍රෝ ගේම් එක නොමිලේ - Bricks Breaker Pro

ඔබ කැමතිම ෆිල්ම් හෝ ටීවී සෙරීස් එකක් නිකුත් වෙනවායැයි ඔබට අසන්න ලැබුණොත් ඔබ මුලින්ම කරන්නේ යූටියුබ් එකේ, එහි ට්‍රේලර් එක/පූර්ව ප්‍රචාරක පටය නරඹන එක. නමුත් අපිට යූටියුබ් එකේ ඔර්ජිනල් ට්‍රේලර් එකක් සොයාගන්න ගියාම කන්න වෙන කට්ට ගැන අලුතෙන් කියන්න ඕන නැහැ. ෆෑන් මේඩ් ට්‍රේලර්, එඩිටඩ් ට්‍රේලර්, ලෝ කොලිටි ට්‍රේලර් සහ තව ලට්ට පට්ට යූටියුබ් එකේ පිරිලා. ඉතිං මූවි ට්‍රේලර්ස් ප්‍රෝ (Movie Trailers Pro) කියන්නේ, ඉහත කී කරදරවලින් ගැලවෙන්න පුලුවන් සුපිරි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක්. මෙමඟින්,


1. ඕනෑම චිත්‍රපටයක හෝ රූපවාහිනී වැඩසටහනක ට්‍රේලර් සොයන්න සහ නරඹන්න.

2. 1080p අධි විභේදන පහසුකමෙන් යුතුව ට්‍රේලර් නරඹන්න.

3. චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් සඳහා වර්තමාන ශ්‍රේණිගත කිරීම් ලබා ගන්න.

4. ඔබ කැමති වර්ගීකරණයකින් චිත්‍රපට ලැයිස්තු ලබා ගන්න.

5. ඩාර්ක් මොඩ් සහය ඇත.

6. ඉදිරියට එන චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් වල කාල වකවානු ලබා ගන්න.

7. කිසිදු ආකාරයක ඇඩ්ස් අඩංගු නොවේ.


ගූගල් ප්ලේ ස්ටෝරුවේ රු.375/= අලෙවි වූ මෙම ඇප් එක ඉතාමත් කෙටි කාලයකට නොමිලේ දෙනවා. එහෙනම් ඉක්මන් කරලා බාගන්න. ජය.



නිකුත් වුනු ගමන් ෆිල්ම්ස් සහ ටීවී සෙරීස් ට්‍රේලර් නරඹන්න - Movie Trailers Pro

මොඩර්න් පෙන්සිල් ස්කෙට්ච් ෆොටෝෂොප් ඇක්ෂන් (Modern Pencil Sketch Photoshop Action) එක මඟින් ඔබ සතුව පවතින සැබෑ ඡායාරූපයක් පහත රූපයේ පරිදි පැන්සලෙන් ඇඳි චිත්‍රයකට පෙරලන්න පුලුවන්. මේ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.


1. ඩවුන්ලෝඩ් කරගත් ෆොල්ඩරයේ ඇති Brushes (1st load me), Patterns (1st load me), Modern Pencil Sketch Photoshop Action ෆයිල්ස් පිළිවෙලින් ඩබල් ක්ලික් කරමින් ෆොටෝෂොප් මෘදුකාංගය වෙත ඇතුලත් කර ගන්න. 


2. ඔබට අවශ්‍ය ඡායාරූපය ෆොටෝෂොප් මඟින් විවෘත කර ගන්න. මෙහිදී ඔබගේ ඡායාරූපය ආර්.ජී.බී (RGB) ෆෝමැට්ටුවෙන් තිබිය යුතුයි. එසේ නොවේනම් මෙනු බාර්හි Image > Mode > "RGB color" සහ "8 Bits/Channel" ලෙස සකසන්න. 


3. Leyar > New > Layer මඟින් නව ලේයරයක් ගෙන එය "brush"ලෙස නම් කරන්න. 


4. එම ලේයරයෙහි ඔබට සිතුවමක් බවට පත්කිරීමට අවශ්‍ය කොටස බ්‍රෂ් එක භාවිතයෙන් පාට කරන්න.


5. දැන් ඔබගේ ඇක්ෂන් පැනලයේ Modern Pencil Sketch Photoshop Action තුළ ඇති All in one play action තෝරා පහතින් ඇති ප්ලේ බට්න් එක ක්ලික් කරන්න.


6. මිනිත්තු කිහිපයකින් ඔබට, ඔබ තෝරාගත් ඡායාරූපය පැන්සලෙන් ඇඳි සිතුවමක් ලෙස ලබා ගත හැක.


ඔබට අපැහැදිලි තැනක් වේ නම් කොමෙන්ටුවක් දාගෙන යන්න. උත්සාහ කරලා බලන්න. ජය.


3.7 MB


ඡායාරූපයක් පැන්සලෙන් ඇඳි සිතුවමකට පෙරලමු


ඇසසින් ක්‍රීඩ් ගේම් සෙරීස් එකට අදාලව නිර්මාණය කරපු වින්ඩෝස් 7, 10 වලට ගැලපෙන සුපිරි ස්කින් පැක් එකක් ගැන පහත වීඩියෝවේ පැහැදිලි කරලා තියෙනවා. පහතින් බාගෙන ඔයාලත් උත්සාහ කරලා බලන්න. ජය.


බාගන්න - 20.4 MB

වින්ඩෝස් 7, 10 වලට ඇම්බැක්කෙත් නැති කැටයම් දාමු