
ඩොලර් 28ක් වටිනා එන් බී ඒ 2021 (NBA 2K21) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. බාස්කට්බෝල් ක්‍රීඩාව ප්‍රිය කරන ඔබ එන් බී ඒ සෙරීස් එක ගැන දන්නවා ඇතිනේ. මේ හරහා ඔබට ඇමෙරිකා එක්සත් ජනපදය හා කැනඩාව එක්ව පිහිටුවා ඇති ජාතික පැසිපන්දු සංගමය (The National Basketball Association - NBA) විසින් කණ්ඩායම් 30ක සහභාගිත්වයෙන් පවත්වනු ලබන පැසිපන්දු තරඟාවලියේ ගේමින් අත්දැකීම ලබාගන්න පුලුවන්. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන එන් බී ඒ 2021 ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.05.27 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.