ආතතියෙන් තොරව පරිපුර්ණ හැගීමකින් යුතුව, වෙහෙස මහන්සි වී වැඩ කරන්න

"දේසේ හැටියට වාසේ" කියල එදා පැරැන්නන් කීවේ කටකහනවට නෙවේ. අපි ඉපදුනුදා සිට මැරෙනකම්ම අපිට විවිධ පුද්ගලයින් සමඟ කටයුතු කිරීමට සිදුවෙනවා. ඒ අතර අමාරුකාරයන්, නහර කාරයන්, ඇම්බැට්ටයින්, ගල් ආදන්, ඇම්ඩන්ල, මැරයින්, කපටින් ආදී විවිධ නම් වලින් සමාජය හඳුන්වනු ලබන පුද්ගලයින් සමඟ ගණුදෙනු කිරීමට සිදු වෙනවා. සමහරුන් අපේ ජීවිතයට ප්‍රශ්න ඇති කරවනවා පමණක් නොව ජීවිතය පිළිබඳ කලකිරීමට පත් කිරීමට තරම් ඔවුන් දරුණු වෙනවා. ඉතිං මෙවැනි පුද්ගලයින් සමඟ කටයුතු කරන්නේ කෙසේද? යන්න පැහැදිලි කරමින් ගිල් හැසන් (Gill Hasson) මහතා විසින් රචිත How to Deal With Difficult People - Smart Tactics for Overcoming the Problem People in Your Life ඊපොත පහතින් බාගන්න පුලුවන්. මෙම ඊපොත ඊපබ් (EPub) ෆොමැට්ටුවෙන් ඇති අතර ඊපබ් ගැන දන්නේ නැති අය මෙතනින් ගිහින් දැනගන්න. බාගන්න. ජය.


0.2 MB


දුෂ්කර පුද්ගලයින් සමඟ කටයුතු කරන්නේ කෙසේද? ඔබ මුහුණදෙන ගැටලු මඟහරවා ගැනීමට ස්මාර්ට් උපක්‍රම

මානව චින්තනයේ ඉහළම මට්ටම වන්නේ නිර්මාණශීලීත්වයයි. නිර්මාණශීලී කුසලතාව අප අතරින් කිහිප දෙනෙකුට පමණක් සහජයෙන්ම පිහිටයි. නමුත් ද ක්‍රියේටිව් තින්කර්ස් ටූල්කිට් ඊ-පොතෙහි ඇතුලත් උපදෙස් පිළිපදින ඔබටද නිර්මාණශීලී කුසලතාව අත් කරගත හැකිය. කෝවිඩ් 19 වයිරසයෙන් බැට කන අපිට ජීවිතය පවත්වාගෙන යාමට නිර්මාණශීලී චින්තනය කොතරම් උදව් වූවාදැයි අමුතුවෙන් පැහැදිලි කලයුතු නැත. පාර අයිනේ මරුටියේ තියාගෙන විකුණන ඌරුමස් කරිය සහ රොටියේ පටන් ෆයිසර් (Pfizer) එන්නත දක්වා ඉහත කී චින්තනය අප රැගෙනවිත් හමාරය. පිටු 205ක් පුරා පියවරෙන් පියවර නිර්මාණශීලී හැකියාව ප්‍රගුන කරන අකාරය ක්‍රියේටිව් තින්කර්ස් ටූල්කිට් මඟින් ඉදිරිපත් කරනු ලබයි. එහෙනම් බාගෙන කියවන්න. ජය. 

1.8 MB

නිර්මාණශීලීව සිතමු - The Creative Thinker’s Toolkit

ලිමිට්ලස් (Limitless) පොත මඟින් ඔබට වැඩි ඵලදායීතාවයක්, යහපත් පරිවර්තනයක්, පුද්ගලික සාර්ථකත්වයක් සහ ව්‍යාපාර ජයග්‍රහණ ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි. ලිමිට්ලස් පොතෙහි කතුවරයා වන ජිම් ක්වික් වසර 25 කට වැඩි කාලයක් තිස්සේ  නළු නිළියන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ප්‍රධාන විධායක නිලධාරීන් සහ සෑම තරාතිරමකම ව්‍යාපාරික නායකයින් ලෙස තම ක්ෂේත්‍රවල ඉහළින්ම සිටින සාර්ථක පිරිමින් හා කාන්තාවන් සමඟ ඔවුන්ගේ සැබෑ හැකියාවන් විවර කර ගැනීම සඳහා සමීපව කටයුතු කර ඇත. ස්වයං ඉගෙනීම, සන්නිවේදනය, මතකය, අවධානය යොමු කිරීම, නැවත මතක් කිරීම, කියවීම වේගවත් කිරීම සහ වේගවත් ප්‍රතිඵල ලබා ගැනීම සඳහා විද්‍යාව පදනම් කරගත් භාවිතයන් සහ අත්දැකීම් මෙම පොත මඟින් ඔහු ඉදිරිපත් කර ඇත. එහෙනම් බාගන්න. ජය.


276 MB


අසීමිත හැකියාවන් ඇති මොළය ගැන ....

සුවදායී නින්දකට අද්විතීය ඩෙල්ටා සංඛ්‍යාත සංගීතය

මිලියනපතියන්ගේ රහස් 21ක් - 21 Millionaire Secrets That Changed My Life

Learn This, and You'll Never Be The Same!

දියුණුවේ හිනිපෙත්තට ගිය ජැක් මා (Jack Ma) ගේ කතාව

ජීවිතය දිනන රහස් - වීඩියෝ සාකච්චා මාලාව

ලද දෙයින් සතුටට පත් වෙමු - ඔබ නැරඹිය යුතුම වීඩියෝවක්


‍නිර්මාණ ගෞරවය - කඩේ යමු පේජ් ඇඩිමින් හට

වැදි භාෂාවෙන් ජාතික ගීය එළි දැක්වෙයි


විද්‍යා චරණ යනු බුදුන් වහන්සේට එදා ‍බෞද්ධ සමාජයෙන් පිදුණ දහසක් ගෞරව නාම අතරින් එක් ගෞරව නාමයකි. මිත්‍යාවෙන්, වංචාවෙන්, මුලාවෙන්, අවිද්‍යාවෙන් හා අසත්‍යයෙන්  ඈත් වී විශිෂ්ඨ වුත් පිරිසිදු වුත් සෞම්‍යවුත් සත්‍ය තුළ හෙවත් විද්‍යාව තුළ පමණක් හැසිරෙන වු සත්‍යයි.
නිසා චරණ - රාත්‍රියෙහි හැසිරෙන
ජල චරණ -  ජලයෙහි හැසිරෙන
වන චරණ - වනයෙහි හැසිරෙන
විද්‍යා චරණ - විද්‍යාවෙහි හැසිරෙන
 ගෞතම බුදුන් වහන්සේ මෙයට වසර සිය ගණනකට පෙර අවබෝධ කර ගත්තේ සියල්ල නිර්මාණය වී ඇත්තේ සිත මුල් කරගෙන බවයි.
"මනෝ පුබ්බංගමා ධම්මා -මනෝ සෙට්ඨා මනෝමයා‍" යන පාලි පාඨයෙන් මෙය ඉතාම සරලව පාසල් දරුවන්ට පවා අවබෝධ කර දී ඇත. එයින් බුදුන් වහන්සේ සිතම මූලික කරගෙන බුදුදහම ඉදිරිපත් කර ඇති බව ඉතාම පැහැදිළිය.
 "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" යනුවෙන් ප්‍රකාශ කරන්නේ චේතනාව හෙවත් සිතිවිල්ල ක්‍රියාත්මක වන්නේය යන්නයි.මුළු බුදු දහමම පදනම් වී ඇත්තේ මේ චිත්ත බලය පදනම් කරගෙනයි.එහෙයින් උන් වහන්සේ ජීවත් වූයේ සිතු දහම හෙවත් චිත්ත (මනෝ) ධර්මය තුළය.උන් වහන්සේ ඉගැන්වූයේ එයයි.
 ජීවිතය එය ආරම්භ වීම හා පැවැත්ම පිළිබදව විවිධ මිත්‍යා විශ්වාසයන් ජන සිතට එක් කර තිබූ නිසා එකළ ඉන්දියානු ජනයාට සිතේ බලය පිළිබදව කිසිම හැගීමක් අවබෝධයක් නොවීය. 

ඔබේ සියළු දේ අත් හැරිය හැකිද?
 කැළෑ සතුන් පසු පස එළවමින්  රා අරක්කු බොමින් කල්ලි ගැහිලා ගම් නියම් ගම් අතර මරා ගනිමින් සිටි කාලකන්නි ජනයාටත් , වෙලාව නරක බව කියමින් රේඛා අශුභ බව කියමින්, දෛවය වෙනස් කරන්න බැහැයි කියමින්, මගේ කර්මය මැයි කියමින් ලැබූ ජීවිතය අතහැර ලබන ආත්මය සරු කර ගැනීමට පුද පූජා පවත්වමින්, බලි තොවිල් වලින් මුසාවට හා මුලාවට පත් වෙමින් සිටි අ‍බෞද්ධ අඥාන ජනයා දෙස මහා කරුණාවෙන් බලා, සිය සුරතල් කිරි කැටියා ගෙනුත් ප්‍රියාදර දේවියගෙනුත් වෙන් වී රජ මාළිගාවත්, රජ කිරුළත්, රාජධානියත් අතහැර දමා වැද්දන්ට රජ වෙනවාට වඩා මිනිසුන්ට සත්‍ය කුමක්දැයි සොයා පැහැදිළි කර දී රටට ජාතියට සාමය නිවන පෙන්වා දී බුද්ධිය ධනය උදා කර දී විනයේ පිහිටුවා ජනයාගේ බුද්ධිය පුළුල් කර දී බුද්ධියේ රජු වෙනවා යැයි සිතා සිදුහත් කුමරු සිය රාජ මාළිගාවෙන් එදා පිට වූයේ "බුද්ධිමයේ දහම උදා කර ගනිමි"යි යන අධිෂ්ඨානය පෙරුම් පුරාගෙන බව ඉතාම පැහැදිළිය.

අත් හැරීම ද දුකෙන් නොසෙල්වීමකි.
 සිද්ධාර්ථ කුමරු සිය පුද්ගලික ජීවිතය, පවුල් ජීවිතය හා රාජකීය ජීවිතය අතහැර වනාන්තරය තුළට වී කල්පනා කළේ, ධ්‍යාන අභ්‍යාස වැඩ වුයේ ජීවිතයේ සරල අර්ථය  පැහැදිළි සත්‍ය කුමක්දැයි පැහැදිළිව අවබෝධ කර ගැනීමටයි. එයට හේතුව සත්‍ය අවබෝධය තුළ සාමය උදා වන බව පැහැදිළිව අවබෝධ කර ගත් නිසාය.
 සිය චිත්ත ශක්තිය හා යහ කල්පනාව පියවරින් පියවර ඉදිරියට දියුණු කොට සත්‍ය අවබෝධ වීමෙන් පසුව සාර්ථකත්වයට අත්‍යවශ්‍යම සාධකය ලෙස ඉදිරිපත් කළේ නොසැලී සිටීමේ ගුණය  වර්ධනය කරන අටලෝ දහමයි.
 ජීවිතය සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍ය මුලික පරිසර සාධකය වන්නේ නොසැළී සිටීමේ හෙවත් ඉවසීමේ බලයයි. නොසැලී සිටීමේ බලය සරළව එදිනෙදා ජීවිතයට පාවිච්ච් කළ යුතු බව උන් වහන්සේ පෙන්වා දුන්නේ මේ බුද්ධියේ දහමේ සරල සමීකරණය ලෙසයි. 

 ධර්ම චක්‍රය ලෙසින් සංකේතවත් කරමින් බුදු දහමේ ලාංජනය නිර්මාණය කර ඇත්තේ නොසැලී සිටීමේ බලය හෙවත් ඉවසා සිටීමේ බලය තුළින් සැනසීම උදා කර ගත හැකි නිසාය. සැනසීම නැත්නම් සතුට ද සුවය ද නැත. සියලු දේ පදනම් වන්නේ ඉවසීම හෙවත් නොසැලී සිටීමේ මහා ගුණය මතයි. ඒ නිසා බුදු රජාණන් වහන්සේ මුලින්ම ධර්ම චක්‍රය තුළින් බුදු දහම තුළට ප්‍රවේශය ලබා දී ඇත.  

 මිනිසුන්ට එදිනෙදා ජීවිතයේදී ඇති වන යම් යම් යහපත් හෝ අයහපත් සිද්ධින් හා උද්වේගකාර තත්වයන් සිතේ මතු වීම නිසා ජන සිත ඉහළ යාමෙන් හෝ පහළ යාමෙන් සිතේ සමබරතාවය බිදීම වැළැක්වීමට මේ ධර්ම චක්‍ර සමීකරණය නිර්මාණය කර ඇති බව ඉතාම පැහැදිළිය. සාමය යනු සැනසීමයි. සාමය ඇති කර ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ නොසැලීමයි.

ගොවිපළක, ව්‍යාපාරයක, වෘත්තීයක, අධ්‍යාපනයක හෝ ධ්‍යානයක නියළි සිටින අයෙකුට සිතේ සමබර මානසිකත්වය අත්‍යවශ්‍ය දෙයකි.නොසැලෙන මනසක් ඇති අයකුගේ කටයුතු වලට මහා සරු ඵල ලැබෙනු නියතයි. එයට හේතුව සුළු දේකින් සැලෙන පුද්ගලයාට සිත ඒකග්‍ර කර ගැනීමට නොහැකි වීමයි.සිත එක අරමුණක ලබා ගැනීමට නොහැකි පුද්ගලයාට ඉලක්කයක් හෝ අරමුණක් කරා ගමන් කිරීම කළ නොහැකි වීමයි.

අවසන් ගමන
 ලෝකයේ ඕනෑම කෙනෙකුගේ සාර්ථකත්වයට හේතුව   ඒකග්‍ර කර ගත් නොසැලෙන සිතයි.  සිත ඒකග්‍ර කර ගන්නේ කිසියම් අරමුණකටය. අරමුණක් යනු ඉලක්කයකි. වසර 120ක් කෙනෙක් ජීවත් වුවහොත් එයාට ජීවත් වෙන්න ලැබෙන්නේ දින 43830කි. මේ දින ගණන නිමා වීමට පෙර තරුණ කාලය සමග අප සාර්ථක මිනිසුන් ලෙස ලස්සනට සැපට ජීවිතය ආරම්භ කරලා අපේ දරු පැටවුන්ට පවා සතුටින් ජීවත් වෙන්න අනාගතයට යමක් ඉතිරි කරලා තමා අපි මේ ග්‍රහ ලෝක පසට යලිත් එක් විය යුත්තේ හෙවත් අවසන් ගමන යා යුත්තේ.

 මැට්ටෙන් පසෙන් සැදුණු සිරුරට ලැබිල තියන මේ කෙළිලොල් සිතින් තමා ජීවිතය කියන සුන්දරම ආශ්වාදය ලබන්න 
 අපට ඉඩ ලැබිලා තියෙන්නෙ.

සතුටින් ජීවත් වෙන්න නම් සිතේ සාමය සතුට අව්‍ශ්‍යමයි.ඒ සාමය සතුට නැති නිවසේ දියුණුවක් ප්‍රගතියක් නැත.
ඇත්තේ පරාජයයි.ඇත්තේ විනාශයයි.ඇත්තේ පරිහානියයි.ඇත්තේ ‍ලෙඩ රෝග පමණයි.

ගෞතම බුදු රජාණන් වහන්සේ සිතේ ශක්තිය දුටු නිසයි.එය සමබරව තීර්යක්ව අරමුණක පිහිටුවා ගත හැකි නම් බොහෝ ප්‍රතිඵල ලැබිය හැකි නිසයි සිත පාලනය කර ගැනීමට ධර්ම චක්‍රය හෙවත් එදිනෙදා ජීවිතයට සාමය සැනසීම නිවන ගෙන දෙන අ‍ටලෝ දහම නමින් සරළ පහසු නිරමාණයක් කලේ,



නිතර සැලෙන ළාමක සිත
ළාමක මෝඩ මොළයක් ඇති තැනැත්තාට‍ හෙවත් නිතර සුලු දේකින් සැලෙන සිතක් ඇත්තාට කිසි විටෙක අරමුණකට ,ඉලක්කයකට යා නොහැකිය.නොහැකිමය.

සිත සැලෙන අවස්ථා මොනවද...........
නොසැලී ඉන්නේ කොහොමද.........
නොසැලී සිටිය හැකි නම් ඔබ රජකමටත් සුදුසු‍ය.සුදුසුමය.
විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝ දහම හුරු හෙලයා.....! ලංකාවේ ‍මනුස්සයෝ එදා කිසිවකින් සැලුනේ නැත.අපේ මුතුන් මිත්තන් උදාර මානසික තත්වයක් තිබූ වටිනා මානව බලකනුය. ඒ නිසයි මෙවැනි ගී පද මාලා වලින් හෙළ මානසිකත්වය සැමරුණේ.

ධර්ම චක්‍රය නමින් බුදු රජාණන් වහන්සේ පොදු ජන ජීවන මාර්ගය ලෙස පෙන්වා දුන් සරල හා සරු ජීවන මාර්ග උපදේශනය අටලෝ දහමයි.අපි එය සවිස්තරව බලමු.  

ලැබීම හෙවත් ලාභය
කීයක් හරි අතට ලැබුණු දාට ගෝත්‍රික වර්ගයක් මෙන් එදාට කාලා බීලා නටලා ඒ ඔක්කොම නැති නාස්ති කරන අමන ගති පැවතුම් තිබුන මිනිසුන්ට හෙට දවසක් නැත.තම දරු මුණුපුරන් ගැන කිසි කල්පනාවක් කැක්කුමක් නැත.

සමහරු ලාභ ලැබී පොහොසත් වූ පසු පොඩි මිනිසුන් හදුනන්නේ නැත.ඔහු හිස ඉදිමුන, ඇග පිම්බුණු පිම්බුන චරිතයක් රග දක්වයි.එයින් ඔබට ලාභයක් නෑ.ඒ නිසා ලාභයේ දී හෙවත් ලැබුනට උඩ යන්න එපා,නියත මානයේ රැදෙන්න,නොසැලී ඉන්න කියලයි බුදු රජාණන් වහන්සේ පැහැදිළි කලේ.

අතට යමක් ලැබුණ සැණින් ඒ මුදල අතින් හේදිලා යන තුරු යළි සේවයට ,ආයතනයට නොගිහින් පිස්සු චරිත රගන මිනිසුන්ටත් අටලෝ දහම පුදුම ඵල දෙන මහා ඖෂධයක්.

ලැබුණ සැනින් උඩ පනින අයෙකුගේ මානසික සමබරතාවයක් කො‍හෙද......? මානසික සමබරතාවය අවශ්‍ය වන්නේ සිතේ ප්‍රාර්ථනා, අරමුණු , ඉලක්ක ජය ගැනීම පිනිසමය.

අලාභය- ‍නොලැබීම-පාඩුව
අලාභයක්,පාඩුවක්,අඩුවක්,නොලැබීමක් සිදු වූ විගසින් මහා විපතක් කරදරයක් වුණා වගේ අහස පොළොව ගැට ගහන්න කල්පනා කරනවා නොකා නොබී.හොස්ස අගින් මැස්සා යන්න බෑ තරහ එනවා.ගෙදර කව්රුත් එක්ක කතා බහක් නෑ.පාඩු වුණාම නොලැබුණාම වැටෙන මනුස්සයා ලැබුණම උඩ යනවා යනවමයි.ඒ දෙන්නම එක්කෙනයි.අටලෝ දහම හැදුවේ ඒ අයටයි.

ගානක් ලැබුණම ඒ මුදලට කාලා බීලා නාස්ති කර ගෙන අනිත් අයට ශෝබන පෙන්නන්න විතරයි කල්පනාව බොහෝ අයගේ.මේ අයට අලාභයක් වෙලා පාඩුවක් වෙලා වැටෙන වැටීම කවදා නැගිටියිද කියන්න බෑ.

එය කොතරම් පාඩුවක්ද...... අලාභයේ දී සැලීමත්,තැවීමත් ලැබුණම ඉගිලෙන්න හදන එකත්  උතුම් මනුෂ්‍යත්වයට ගලපන්නට බැරි අරුම පුදුම චරිත.

බුදු රජාණන් වහන්සේ එදා සමාජයට ඉදිරිපත් කලේ උතුම් මනුෂ්‍යයෙක්.සාර්ථක බුද්ධිමත් පිරිපුන් මනුෂ්‍යයෙක්ව නිර්මාණය කිරීමට බුදු රජාණන් වහන්සේ එදා ඉදිරිපත් කල මේ සරල බුද්ධි සංග්‍රහය තවත් වසර ලක්ෂ කීයකට ගැලපෙනවද කියලා කල්පනා කරලා බලන්න.

සත්‍ය වෙනස් වන්නේම නැත.වෙනස් වන්නේ අසත්‍යය පමණි.

ප්‍රශංසා
යම් දක්ෂ උතුම් තත්වයකදී කෙනෙකුට මහජන ප්‍රශංසාව හිමි වනු ඇත.මහජන ප්‍රශංසාව ලැබීම ඉතාම උතුම් දෙයකි.මහජන ප්‍රශංසාව ලැබීම එතරම්ම දුර්ලභ අවස්ථාවකි.ප්‍රශංසාව ලැබූ පුද්ගලයා ප්‍රශංසනීය කෙනෙකු වනවා මිස ඔහු එයින් හිස උදුමවා ගන්නේ නම්,ඔහු මානසික අධි පීඩනයට ලක් වුන ලෙඩෙකි.

ප්‍රශංසාව්දී උඩ යන්න හෙවත් සැලෙන්න හොද නෑ. සැලීම යනු වෙනස් වීමයි. ප්‍රහංසාවේ දී හිස උදුමවාගත් අයෙකුට දෙවැනි වරට මහජන ප්‍රශංසාවක්, ප්‍රසාදයක් ලැබෙන්න හේතුවක් නෑ.

නින්දා
සමාජයේ ඕනෑම පුද්ගලයෙක් යම් අවස්ථාවක නින්දාවට පත් විය හැකිය.නින්දාවද ප්‍රශංසාව මෙන් ම දරා සිටිය යුතු එකකි.නින්දාවේදී ද හිස පහත් කර ගත යුතු නැත.ප්‍රශංසාවද සදාකාලික නැත.නින්දාවද සදාකාලික නැත.නොසැලී සිටිමේ දරා සිටීමේ ඉවසා සිටීමේ මානසික සමබරතාව පාලනය කර ගැනීමේ රහසයි අටලෝ දහම.

ලක්ෂ සියයක් පමණ වටිනා මගේ ජිප් රථයේ මේ ළගදි කට ළගටම බඩ පිරෙන්න අරක්කු බීපු මනුස්සයෝ දෙන්නෙක් මෝට බයික් එකකින් හැප්පුණා.මේ මනුස්සයා මගේ ළගට ඇවිදින් කුණුහරප කියලා බැන්නා.මගේ අතේ කිසිම වරදක් නැ.හැප්පුණේ මගෙ රථයේ පිටුපස.

ඒත් මම කල්පනා කලේ මට කෑ ගහපු පිස්සු මිනිහා ගැන නොවේ. ඔහු මාව හදුනනවා නම් ඔහු කොච්චර බීලා හිටියත් මට එසේ කතා නොකරන බව මම දන්නා නිසා මම නිහඩ ව ඔහු දෙස බලා ගෙන සිටියා.පොලිසිය පැමිණ ඔහුව කුඩු කරන්න හදන විට මම එහුව නිදහස් කරලා ඇරියා.එහු නිදහස් කරනවට පොලිස් නිළධාරින් සහ මගේ හිතවතුන් විරුද්ධ වුණා.

මං ඒ අවස්ථාවේදි දැක්කෙත් නොසැලී සිටිමේ ගුණය මා සතුද යන්නයි.එය මම මගෙ මොළයේ මානසික තත්වය පරීක්ෂා කල හොද තැනක්.

නින්දා කරන විටත් ප්‍රශංසා කරන විටත් ඒ අන්ත දෙකෙහිම නොසැලී සිටීමට කෙනෙකුට හැකි නම් එය බෞද්ධ කමකි.සත්‍යයෙන් ඔහු හෝ ඇය සැබෑ බෞද්ධයකු වන්නේ බුදු හිමි කී දේ තුල ජීවත් වෙනවා නම් පමණි.


යස-අයස
මේ වගේමයි කීර්තිය.කීර්තිය කියන්නේ යස කියන අර්ථයටමනේ....කීර්තිමත් කෙනෙකු වුණාමත් උඩ යන්න ඉදිමෙන්න හොද නෑ.

පුලුවන් තරම් ආරක්ෂා කල යුත්තේ නියත මානයයි."නියත මානයට" අපේ රටේ බස් වහරේ තියෙන්නේ "නිහත මානය" කියලයි.නියත කියන්නේ වෙනස් නොවන කියන අර්ථයයි.මානය කියන්නේ මැනුම,මිනුම කියන එකනේ.

අධි මානය හෙවත් අහංකාරකමත්,හීනමානය හෙවත් තමුන් පුංචි කෙනෙක්ය යන සිහින් මැනුමත් නොවේ අවශ්‍ය නියතමානය යි.

කීර්තිමත් වුණා හෝ අපකීර්තිමත් වුණා යනු ධණ හෝ ඍණ දෙපැත්තයි. මේ දෙකේදිම අපට ඉවසා සාමාන්‍ය තත්වයේ සිටිය හැකි නම් එය බුදු රජාණන් වහන්සේ කියා දුන් බුද්ධ ලාංඡනය තුල අප ජීවත් වෙන බවත් බුදු හිමියන්ට සැබෑ ගෞරවය පුද කිරීමත්ය.

දුක-සැප
බෞද්ධයන් වශයෙන් නොසැලී සිටීමේ හැකියාව කොතරම් ප්‍රායෝගික විය යුතුද....බුදුරජාණන් වහන්සේ ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙන්නේ බුද්ධිමත් සරු රස ජීවන ක්‍රමයයි.

බුද්ධිමත් මිනිසෙකු කිසිදා නොසැලිය යුතුය.ඔහු නොසැලෙන සුලුය -නොහඩයි - ඍජුය - එඩිතරය - කරුණාවන්තය - නම්‍යශීලිය - සතුටුය - සතුටුදායකය - ප්‍රාණවත්ය - ඉවසිලිවන්තය - මිත්‍රශීලීය - ඉරිසියා ක්‍රෝධ ආදි අගුණ වලින් තොරය.සියලු දෙනාට කොන්දේසි විරහිතව ආදරය කරන්නේය.

සිදුහත් කුමරු වනගත විමට පෙර කොතරම් සැප වින්දාද?....විවිධ රස,විවිධ සුවද,විවිධ වර්ණ,විවිධ සැප,රන් මුතු ඇදුම්ද...පැළදුම්ද...අතට පයට සේවිකාවෝ,ආරක්ෂක මුරකාවල්,මහජන ප්‍රසාද ගෞරව,නම්බු නාම,සියලු රාජ්‍ය සැපද,සම්පත්ද,තම සුන්දර පවුල් ජිවිතය, ළදරු රාහුල ආදි සියල්ල අතහැරීම කොතරම් දුකක්ද........

සිදුහත් තාපසතුමා තම රට වැසියා,රාජ සම්පත්,රාජ දේපල හෝ තම මවගෙන් පියාගෙන් වෙන්වීම ගැනවත් සිතමින් දුක් වුණාද.........නෑ......පුදුමයිනේ

ඒ විතරක් නෙමේ. පිංචි මැණිකා තම කුසේ ඉන්න දරුවා සමග තමාව අතරමං කලේ යැයි කියා මහ සගරුවන ඉදිරිපිට දොස් කියද්දි උන් වහන්සේ සැලුණාද.....නෑ..මහ ගල් පෙරලලා විනාශ කරන්න ගත් උත්සහයේ දි සැලුණාද බියවුණාද නෑ.......

පස්වග තවුසන් තමාව හැරදා ගියදා සිය අරමුණු ඉලක්ක ප්‍රාර්ථනා අතහැර තනිකම ඉවසාගත නොහැකිව මිතුරන් පසුපස ගියාද නෑ........ 

බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ ගුණයෙන් යුක්තයි. තමා දේශනා කල අටලෝ දහම් විද්‍යාව තුළ උන්වහන්සේ ජීවිත කාලයේදිම සැරි සැරූ බව පැහැදිලියි. එහෙයින් ඔබත් විද්‍යාචරණ වන්න.කිසිවකින් නොසැලී දිරියෙන් අටලෝ දහම තුළ ජීවත් වෙමින් සැබෑ බෞද්ධයකු වන්න මම ඔබට ආරාධනා කරමි.

විශේෂයෙන්2015 වසරේ ඔබේ පවුලේ සියලු හැල හැප්පීම්,ගෙරවිලි,ඇඩිලි - දෙඩිලි,මැසිවිලි,තරහ,කේන්ති,පලිගැනීම් ආදි සියලු ඍණ වේග සිතින් පන්නා දමන්න. උදාර බෞද්ධයකු සේ සරු ජීවිතයක් උදා කර ගන්න මේ ලිපිය කිය වූ ඔබ තීරණය කරන්න.

නොසැලෙන සිතක් ඇත්තා අටලෝ දහම හෙවත් ධර්ම චක්‍රය තුළ ජීවත් වෙයි.හැබැයි  ධර්ම චක්‍රය තුළ ජීවත් වුණාට ඔබ හිතන්න එපා ඒ චක්‍රයේ තියෙන අලාභ-අපහාස-අයස හා දුක යන ඍණ වේග හතර ඔබට යලි එයි කියලා.ඒවා ආවොත් නොසැලී සිටීමටයි ධර්ම චක්‍රය දීලා තියෙන්නේ.

එහෙම නැතිව සැප සමග දුක එනවා,ලාභය සමග අලාභයද කීර්තිය සමග අපකීර්තියද නින්දාවද ස්ථිරයි කියලා නෙවේ ධර්ම චක්‍රයෙන් බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ.මං එහෙම කිව්වේ මනුස්සයෝ ලග එහෙම වැරදි වැටහීමක් තිබෙන නිසයි.





උපුටා ගැනීම - 2010 ජනවාරි මස මනස සගරාවෙන් (වර්ෂය යාවත්කාලීන කරන ලදි)

ස්තූතිය - සාන්ත ජයසුනුදර ගුරු පියාණන් හට

ඔබත් විද්‍යා චරණ වෙන්න


ඉලක්කය කියන්නෙ කිසියම් තැනක්, දෙයක් හෝ කළයුතු යමක් හෝ යම් තත්වයක් ලබා ගැනීම සදහා මවා ගන්නා චිත්‍රයක්. පැතුමක් කියන්නේ ද එයයි.

 යම් කාරණයක් මූලික කරගෙන එම කාරණය ඉලක්ක කරගෙන තීරණයක් ගෙන ඔබ සිටින්නෙමි. එය සුළු පටු දෙයක් නොවේ.  එය ඉලක්කයකි.
 හරිම ශක්තිමක් නොසැලෙන නොවැටෙන උදාර වචනයක් ඉලක්කය කියන්නෙ. ඉලක්කයක් වෙත ලගා වීමට තීරණය කරන කෙනෙකු වටපිට බලන්නෙවත් නෑ. ඔහු පුදුම විදිහට හිතට අරගෙන තියනවා තමන් කළ යුතු කාරියට. ඉලක්කයක් ඇති කෙනා පාලකයෙක්. කළමණාකාරුවෙක්. ඔහු සිය සරු ජීවිතයේ අධ්‍යක්ෂකවරයාය. 
 ඉලක්කයට පනින පුසා දෙස බලන්න.
 මිනිසෙකු දෙස නොව ඔබ පුසෙකු දෙස බලන්න. පූසෙක් ඉලක්කයට සූදානම් වීමේදී බලන්න එයාගෙ සූදානමේ තරම. පූසා මුළු ඇගේ හැම ශෛලයක්ම ඉලක්කයට සූදානම් කර ගන්නවා. මුළු ඇගම හැඩ කර ගන්නව ඉලක්ක කළ සතාගෙ ඇගට පනින්න. 

 අප අතර ඉන්න මේ සතුන්ගෙන් අපට ඉගන ගන්න බොහෝ දේ තියනවා. ඔබ අහල ඇති කොටියගේ වල්ගය අග කවදාවත් සුව නොවන තුවාලයක් තියනවලු. ගොදුරු සතෙක් අල්ල ගන්න කුරු මානම් අල්ලන කොට වල්ගෙ අග පවා ඉලක්කයට පනින්න සූදානම් කර ගනන්වලු. ඉලක්කයට පනින්න තම වල්ගය සුදානම් කරන අවස්ථාවේ වල්ගය අවට කොළ අතු වල වැදීම නිසා ඉලක්ක කල සතා කලබල වෙලා පැනලා දුවනවලු. ඒ වෙලාවට කොටිය තම වල්ගය හපා ගන්නවා කියලා , ඉලක්කය වරද්ද ගත්ත කොටිය ගැන රස කථාවකුත් තියනවා.

 ඉලක්කයට වෙඩි තියන කෙනෙකු එක ඇසක් පිය වන්නේ ඇයි... ඇස් දෙකෙන් බලනවට වඩා එක ඇසක් පියවුනාම ඉලක්කය හොදින් කේන්ද්‍රගත වන නිසායි.

 ඉලක්කය ඉලක්කයමයි,
 ඉලක්කය කියන්නෙ හරිම සුන්දර සම්පත් දෙන වටිනා වචනයක් සිංහල භාෂාවේ. ඉලක්කම හා ඉලක්කය කියන වචන දෙක එක ළගින් සිංහල භාෂාවෙ තියලා තියෙන්නෙ ඉලක්කය ඉලක්කමක් වෙතට යොමු කරවන්න බව හොදට පැහැදිලියි. 

 පාසලේ පංතියේ එක, දෙක, තුන, හතර, පහ මේවා පාසල් දරුවන්ගෙ ඉලක්කම් ඉලක්ක. තරගයේ එක, දෙක, තුන මේවා තරග කරුවන්ගේ ඉලක්ක. රුපියල් ලක්ෂය, ලක්ෂ දෙක, ලක්ෂ තුන, ලක්ෂ පහ, ලක්ෂ පනහ, ලක්ෂ සියය, ලක්ෂ දෙසීය, ලක්ෂ දාහ, ලක්ෂ පනස්දාහ යන මේවා ව්‍යාපාරිකයන්ගෙ මුදල් සම්පත් ඉලක්කම් ඉලක්ක. ඉලක්කය ඉලක්කම කියන වචනයත් එක්ක තියන ඥාති කමයි ඒ.

 ඉස්සර අපේ රටේ උදවිම උදේට  සරම පොරව ගෙන සීත තපිනවා ගිනි ගොඩක් හදා ගෙන, ඒ සීත තැපීම සාමාන්‍ය යෙන් පැය තුනක් විතර උදේ දහය පමණ වන තුරු කරනවා. ඉලක්කයක් නොවේ ජීවිතේ ගැනත් හරි අවබෝධයක් ඒ කාලේ අපට තිබුනෙ නෑ. ඔහේ දවස ගෙවලා දාන එක තමයි රටේ වැඩි ජනයා ගෙන් සිදු වුනේ. ඒත් දැන් එහෙම නොවේ. හැම කෙනෙකුටම දැන් අවශ්‍යතා තියනවා. 

 හැම කෙනෙකුටම දැන් ලස්සන ගෙයක් අවශ්‍යයි. හැම කෙනෙකුටම දැන් විදුලි බලය අවශ්‍යයි. හැම කෙනෙකුටම දැන් දුරකථනයක් අවශ්‍යයි. හැම කෙනෙකුටම දැන් හොද ආදායම් මාර්ගයක් අවශ්‍යයි. ඉස්සර අපේ උදවිය ළග හොද සුවදක් තිබුනෙ නෑ. හොදට ඇන්දෙ නෑ. දැන් සෙරෙප්පු දෙක පවා හෝදනවා. පොලිෂ් කරනවා. දැන් සමාජය එදා සමාජය නොවේ. ඉස්සර මනුස්සයෝ උඩු කය වැහෙන්න ඇන්දෙ නෑ. මට මතකයි නගර වල උන්නු උදවියත් උඩු කය වැහෙන්න ඇන්දෙ නෑ. අරක්කු විකුනන තැන් වල වැඩ කරන අයත්, බොන අයත් දෙපිරිසම කමිස නැතිව ඉන්නෙ. ටිකක් බීවම රණ්ඩු වෙනවා. හරි කැතයි ඒ නිස්කාර ඉලක්ක නැති සමාජය. සත්‍යයෙන් ම පැතුමක් නැති ජීවිතය උමතුවක් මිස මිනිස්කමක් වෙන්නෙ කොහොමද....!

 බුදු හිමියන්ට තිබුන පැතුම බලන්නකො.... කොච්චර ලොකු ද.... බය වුනාද පැතුමට, ඉලක්කයට ගියානේ. පුදුම ආදර්ශයක්නෙ බුදු හිමි  අපේ නායක අපට. කොහොමත් ඉස්සර වගේ නොවේ. දැන්.... හැම කෙනෙක්ම පිළිවලයි. ගොඩක් ලස්සනයි. හරිම සුවදයි. මිත්‍රශීලියි. කරුණාවන්තයි.  රණ්ඩු වෙන්නෙ නෑ. ඉස්සර වගේ කොච්චර හරි කපුටො වගේ කෑ කෝ ගහන්නෙ නෑ. හරිම ලස්සනයි. 

 දිනපොතේ හරි වෙනත් පැහැදිලි තැනක හරි හොද කඩදාසියක ලියමු අපට අවශ්‍ය දේ ගැන. අවශ්‍ය දෙයක් කියන්නෙ ඕනෑ කරන දෙයක් නොව්. අවශ්‍යයි කියන වචනයයි ඕනෑ කියන වචනයයි අර්ථ දෙකක් දෙන්නෙ. ඕනෑ කියන්නෙ තිබුනොත් හොදයි කියන එකයි. අවශ්‍යයි කියන්නෙ නැතිවම බෑ කියන එකයි. 

 මගේ හිත පිරී තිබෙන්නේ මගේ ඉලක්ක වලින්,
 ඉලක්කයක් ලෙස අපි ලියන්නෙ නැතිවම බැරි හෙවත් අතයවශ්‍ය කාරනයක් පිළිබදව. ඉතින් ඉලක්ක ලීවට විතරක් මදි. ඉලක්කයට ළගා වෙන්නත් අවශ්‍යයි. කොහොමද අපි මේ ඉලක්කයට ළගා වෙන්නෙ..... අයියෝ හරි සරලයි. හරි ලේසියි. මෙන්න රහස. ඉලක්කයට ඔබව ගිල ගන්න ඉඩ දෙන්න. ඉලක්කය ගැනම හිතන්න. ඉලක්කය නිසා ඉවසන්න.  ඉලක්කය ගැනම කතා කරන්න. ඉලක්කය ඉෂ්ඨ වෙලා තියනවා නිතර සිහිනෙන් දකින්න. ඉලක්කය නිසා නිරාහාරව බඩගින්නෙ ඉන්න. ඉලක්කය වෙනුවෙන් සිල් රකින්න. ඉලක්කය වෙනුවෙන් නැති අයට දෙන්න. ඉලක්කය වෙනුවෙන් දිනපතා භාවනා චිත්ත රූප දකින්න. කෙටියෙන්ම කියනවා නම් ඉලක්කයට ඔබව ගිල ගන්න ඉඩ දෙන්න. 
 ඉලක්කය ඉෂ්ඨ කර ගත හරකි වන්නේ ඉලක්කයට ඔබේ මතකයේ වැඩිම ලොකුම ඉඩක් දුන්නොත් පමණයි. ඔබේ මතකයේ ඉහළින්ම මුලින්ම පළමුවෙන්ම වැඩ සිටින්නේ ඔබේ ඉලක්කයම විය යුතුයි.  ඉලක්ක කළ පැතුම ඉටු වෙන බව දන්න නිසා සතුටින් සිටින්න. ඒ ගැනම සිතන්න. ඒ ගැනම කතා කරන්න. ඒ දෙසට ක්‍රියාත්මක වන්න. 

ආසිරි තුති - සාන්ත ජයසුන්දර ගුරු පියාණන්ට
උපුටා ගැනීම - මනස සගරාව 2012 පෙබරවාරි කළාපය


ඔබේ ඉලක්කයට ඔබව ගිල ගන්න ඉඩ දෙන්න

මාලිමාව කියන්නේ උතුරු කටුවට. උතුරු කටුව කියන්නේ චුම්භකයක් හෙවත් කාන්දම් කෑල්ලක් ආශ්‍රයෙන් නිර්මාණය කරපු ඹරලෝසුවක් වගේ පුංචි යන්ත්‍රයකට. උතුර, දකුණ, බස්නාහිර හා නැගෙනහිර යන සතර දිසාවන් අංශක 360ට බෙදා ඇති වෘත්තාකාර, අපේ වෙලාව පෙන්වන කටු ඹරලෝසුව වගේ උතුරු දිසාව පමනක් පෙන්වන උපකරණයයි. මේ මාලිමාව හෙවත් උතුරු කටුව කියන්නෙ ඔරලෝසුවෙන් කරන කාර්ය්‍යය දැන් වෙලාව කීයද කියන එකයි. ඒත් මාලිමාවෙන් පෙන්වන්නෙ මෙන්න උතුර කියන එකයි.
       ඉමක් කොනක් නොපෙනෙන මහ සාගරයෙදි නාවිකයෙකුටත්, ඉමක් කොනක් නොපෙනෙන උඩු ගුවන් තලාවෙදි ගුවන් නියමුවෙකුත්, ඉමක් කොනක් නොපෙනෙන මහා වනාන්තරයක අතරමන් වුන යුද භටයකුටත්  යා යුතු දිශාව සොයා ගැනීමට මහෝපකාරි වන  නැතිවම බැරි උපකරණය මාලිමාවයි.

ගුවන් යානා හා නාවික යානා තමන්ට අවශ්‍ය තැනට සේන්දු වීමට උපකාරී වන්නේ මේ මාලිමාවයි.
මාලිමාවක්, ඔරලෝසුවක් තරම් පුංචි වුනාට එයින් සිදු වන කාර්ය්‍ය අපිරිමිතයි.මාලිමාව නැත්නම් අවශ්‍ය තැනට කවදාවත් යා නොහැකියි.මේ සෑම යානයක්ම ගමනේ යෙදෙන්නේ උතුරු කටුව දෙස බලාගෙනයි.

මාලිමාව නැතිව ගියොත් ගුවන් යානය කොහේ යාවිද? නෞකාව කොහේ යාවිද කියලා කියන්න බෑ. මාලිමාව නැතිව නැවකට නියමිත වෙලාවට වරායට සේන්දු වෙන්න වත්, ගුවන් යානයකට  නියමිත වෙලාවට ගුවන් තොටු පළට ගොඩ බස්සන්න පාර ඉම හොයා ගන්නත් බැරි වෙනවා. ඉමක් කොනක් නොමැති මහා ගුවන් තලාවේ ගුවන් යානයක් යන්නේ ඉලක්කයටයි. ඉමක් කොනක් නොමැති මහා සාගරයේ නෞකාවක් යන්නේ ඉලක්කයටයි. එම යාත්‍රා වල ඉලක්කය වන්නේ තමා යා යුතු වරායයි.
මිනිසාද ජීවත් වන්නේ ඉමක් කොනක් නොපෙනෙන අන්ද මන්ද මහා ජීවන තලාවකයි. ඔහුගේ ජීවන ගමනේ ආරම්භය ඔහු දනයි. එහෙත් ඔහු ජීවත් වන ජීවන වරාය කොතනදැයි ඔහු නොදනියි.

තමුන් නවතින්නේ කොතනකද තමුන්ට සිදු වන්නේ කුමක්ද ....තමන්ගේ අනාගතය කුමක්ද... කිසිවකුට නොපෙනෙන පැහැදිලි ඉලක්කයක් නැති. තාවකාලික ඉලක්ක පමනක් ඇති චාරිකාවකයි මේ අන්ද මන්ද ජීවන පොලෝ තලේ ඉදිරියට ගමන් කරන්නේ.
ගුවන් යානයටත්, සාගර නෞකාවටත් එකසේ නිවරදි දිශාව පෙන්වන මාලිමාවක් මිනිස් මොලයටත් ඇතුලත් කල හැකි බව ඔබ දන්නවා නම් මේ ජීවන කතරේ අතරමං නොවී ලස්සන සරු සුන්දර චාරිකාවක් යෑමට  පුළුවන් ඔබටත්  එකම දිසාවක් එකම ඉලක්කයක් සිතේ දරාගෙන. නෙවෙනස් වන දිශාව විය යුත්තේ සාර්ථකත්වයේ දිශාවයි. ඔබේ නොවෙනස් වන ඉලක්කය විය යුත්තේ සාර්ථකත්වයේ ඉලක්කයයි.

සියළු දේ යහපතට සිදු වන්නේ නෑ
යහපත පතමින්, යහපත කරමින්, යහපත කතා කරමින් සිටින කෙනෙකුට විපතක් වුවත් සිදු වන්නේ යහපත පිණිසමයි.
යහපත් චින්තනයක් ඇති, යහපත් සරු වචන කතා කරන, යහපත් ක්‍රියා වල පමණක් යෙදෙන කෙනෙකු තුල නිතර දැරිය යුතු ඉලක්කයක් දිශාවක් ඇත. ඒ සරු බවේ ඉලක්කයයි. ඒ සාර්ථකත්වයේ දිශාවයි. ඹබ අහල ඇති සියළු දේ “යහපතටම සිදු වේ“ කියලා කතාවක් නෑ. එය වැරදි කතාවක්. සියළු දේ යහපතට සිදු වන්නේ යහපත් චින්තනයක් ඇති මිනිසුන්ට පමණි යනුවෙන් එය වෙනස් විය යුතුයි.
යහපත් උතුම් සරු අදහස් පිරුන වචන කතා කරන ක්‍රියාත්මක කරන මිනිසුන්ට පමණයි සියළු දේ යහපතට සිදු වන්නේ. මේ ලිපිය ලිවීමෙන් මං ඔබට කරන සරල යෝජනාව මෙයයි.
මට සරු වන බව නිතර සිතන්න. මට හරියන බව  නිතර සිතන්න. මම මගේ ඉලක්කයටම යන බව නිතර සිතන්න. ඔබ කියන දේ ඔබ විශ්වාස කරන්න.  ඔබ කල යුතු දේ, ඔබ පත් විය යුතු තත්වය , ඔබ ලබා ගත යුතු දේ,  ඔබ  යා යුතු තැන ආදී මේ සතර ආකාර ඔබේ මොලය තුල ආශාවකින් යුතුව නිතර මෙනෙහි කරන්න.

කුනාටුවට ඔරොත්තු දෙන යාත්‍රාව
        සාර්ථකත්වය විශ්වාස කරමින් සාර්ථකත්වය ප්‍රාර්තනා කරමින්  තමා සාර්ථක වන බව පැහැදිලිව දැනගෙන ඉන්න ඔබට කුමක් හෝ දුකක්, විපතක්,  කරදරයක්, හිරිහැරයක්, අපහාසයක් සිදු වුව හොත් මතක තියා ගන්න.... ගුවන් යානයක් හෝ නෞකාවක්  කුමන සැඩ සුළගකට කුණාටුවකට කොහොම හැරුනත්   ඒ තුළ සවි කර ඇති මාලිමාවෙ උතුරු කටුව යලි වහාම උතුරු දිශාව පෙන්වනවා මෙන්ම, ඔබ තුළ ඔබ වර්ධනය කරගෙන ඇති ධනාත්මක චින්තනය නම් මාලිමාව ඔබා පෙන්විය යුත්තේ සාර්ථකත්වයේ මගයි.
නොසැලී, නොවැටී, නොහඩා, නොතැවී, දිරිමත්ව කෙලින් සිට ගන්නෙ. හිස ඔසවන්න. කොන්දට දෙපයට පන එන ශක්තියයි ඔබ සිතේ දැරිය යුත්තේ.

මාලිමාව ඔබ තුළමයි
        සාර්ථක ජීවන වරායකට පිවිසෙන ධනාත්මක සරු මග පෙන්වන උතුරු කටුව හෙවත් මාලිමාව ඔබ තුලමයි තිබිය යුත්තේ. කුමකින් කුමක් සිදු වුවත් කමක් නෑ.... මේ ජීවන කතරේ ඔබට සුන්දර සාර සම්පත් පිරි ක්ෂේම භූමිය හමු වන්නේ මට හරියනවා, මම ඉහළට යනවා, මම බැබලෙනවා කියන උදාර සරු ධනාත්මක මානසික පෝෂණය ඔබ තුළ නිරන්තරයෙන් සිතින්, වචනයෙන් හා ක්‍රියාවෙන් පන ලබා ක්‍රියාත්මක වුව හොත් පමණක් බව හොදින් සිහි තබා ගත යුතුයි.
  මතක තියා ගන්න , අමතක නොකරන්න  “සියළු දේ යහපතටම සිදු වේ“  කියන කතාව මුලාවක්. සියළු දේ යහපතට සිදු වන්නේ “යහපත් සිතුවිලි දරන පුද්ගලයන්ට පමණයි“ යන්නයි සත්‍ය.

ජීවන මාලිමාව
         ඔබේ ජීවන මාලිමාව ඔබට පෙන්විය යුත්තේ දකුණු දිශාව හෙවත් ධනාත්මක දිශාවයි. යහපත් ඔබට කුමක් සිදු වුවත් එය සිදු වන්නේ ඔබේ ඉලක්කයට ඔබ යා කරනු පිණිස බව අමතක කරන්නම එපා. ධනාත්මක දිශාව පෙන්වන ජීවන මාලිමාව  මෙලව ජීවත් වන සැමටම  තම ජීවන ඉලක්ක කරා යාමට මග සැලසීම සහතික බැවින්,අද සිට ඔබ යහපත් ඔබ කුමන අතකට වැටුනත් ඔබේ මාලිමාව පෙන්විය යුත්තේ  ධනාත්මක දිශාව බව තරයේ අධිෂ්ඨාන කර ගනු මැනවි. මෙම තීරණය අද ඹබේ ජීවිතයටත් මෙලවටත් එලවටත් මහා ඵල දෙනවා සත්තයි සත්තයි!

සාන්ත ජයසුන්දර

2011 මැයි මස මනස සගරාවෙන්

සාර දිවියට පාර පෙන්වන මාලිමාව

අනුවණයෙක් සේ සාගින්නෙන් සිටින්න