විද්‍යා චරණ යනු බුදුන් වහන්සේට එදා ‍බෞද්ධ සමාජයෙන් පිදුණ දහසක් ගෞරව නාම අතරින් එක් ගෞරව නාමයකි. මිත්‍යාවෙන්, වංචාවෙන්, මුලාවෙන්, අවිද්‍යාවෙන් හා අසත්‍යයෙන්  ඈත් වී විශිෂ්ඨ වුත් පිරිසිදු වුත් සෞම්‍යවුත් සත්‍ය තුළ හෙවත් විද්‍යාව තුළ පමණක් හැසිරෙන වු සත්‍යයි.
නිසා චරණ - රාත්‍රියෙහි හැසිරෙන
ජල චරණ -  ජලයෙහි හැසිරෙන
වන චරණ - වනයෙහි හැසිරෙන
විද්‍යා චරණ - විද්‍යාවෙහි හැසිරෙන
 ගෞතම බුදුන් වහන්සේ මෙයට වසර සිය ගණනකට පෙර අවබෝධ කර ගත්තේ සියල්ල නිර්මාණය වී ඇත්තේ සිත මුල් කරගෙන බවයි.
"මනෝ පුබ්බංගමා ධම්මා -මනෝ සෙට්ඨා මනෝමයා‍" යන පාලි පාඨයෙන් මෙය ඉතාම සරලව පාසල් දරුවන්ට පවා අවබෝධ කර දී ඇත. එයින් බුදුන් වහන්සේ සිතම මූලික කරගෙන බුදුදහම ඉදිරිපත් කර ඇති බව ඉතාම පැහැදිළිය.
 "චේතනාහං භික්ඛවේ කම්මං වදාමි" යනුවෙන් ප්‍රකාශ කරන්නේ චේතනාව හෙවත් සිතිවිල්ල ක්‍රියාත්මක වන්නේය යන්නයි.මුළු බුදු දහමම පදනම් වී ඇත්තේ මේ චිත්ත බලය පදනම් කරගෙනයි.එහෙයින් උන් වහන්සේ ජීවත් වූයේ සිතු දහම හෙවත් චිත්ත (මනෝ) ධර්මය තුළය.උන් වහන්සේ ඉගැන්වූයේ එයයි.
 ජීවිතය එය ආරම්භ වීම හා පැවැත්ම පිළිබදව විවිධ මිත්‍යා විශ්වාසයන් ජන සිතට එක් කර තිබූ නිසා එකළ ඉන්දියානු ජනයාට සිතේ බලය පිළිබදව කිසිම හැගීමක් අවබෝධයක් නොවීය. 

ඔබේ සියළු දේ අත් හැරිය හැකිද?
 කැළෑ සතුන් පසු පස එළවමින්  රා අරක්කු බොමින් කල්ලි ගැහිලා ගම් නියම් ගම් අතර මරා ගනිමින් සිටි කාලකන්නි ජනයාටත් , වෙලාව නරක බව කියමින් රේඛා අශුභ බව කියමින්, දෛවය වෙනස් කරන්න බැහැයි කියමින්, මගේ කර්මය මැයි කියමින් ලැබූ ජීවිතය අතහැර ලබන ආත්මය සරු කර ගැනීමට පුද පූජා පවත්වමින්, බලි තොවිල් වලින් මුසාවට හා මුලාවට පත් වෙමින් සිටි අ‍බෞද්ධ අඥාන ජනයා දෙස මහා කරුණාවෙන් බලා, සිය සුරතල් කිරි කැටියා ගෙනුත් ප්‍රියාදර දේවියගෙනුත් වෙන් වී රජ මාළිගාවත්, රජ කිරුළත්, රාජධානියත් අතහැර දමා වැද්දන්ට රජ වෙනවාට වඩා මිනිසුන්ට සත්‍ය කුමක්දැයි සොයා පැහැදිළි කර දී රටට ජාතියට සාමය නිවන පෙන්වා දී බුද්ධිය ධනය උදා කර දී විනයේ පිහිටුවා ජනයාගේ බුද්ධිය පුළුල් කර දී බුද්ධියේ රජු වෙනවා යැයි සිතා සිදුහත් කුමරු සිය රාජ මාළිගාවෙන් එදා පිට වූයේ "බුද්ධිමයේ දහම උදා කර ගනිමි"යි යන අධිෂ්ඨානය පෙරුම් පුරාගෙන බව ඉතාම පැහැදිළිය.

අත් හැරීම ද දුකෙන් නොසෙල්වීමකි.
 සිද්ධාර්ථ කුමරු සිය පුද්ගලික ජීවිතය, පවුල් ජීවිතය හා රාජකීය ජීවිතය අතහැර වනාන්තරය තුළට වී කල්පනා කළේ, ධ්‍යාන අභ්‍යාස වැඩ වුයේ ජීවිතයේ සරල අර්ථය  පැහැදිළි සත්‍ය කුමක්දැයි පැහැදිළිව අවබෝධ කර ගැනීමටයි. එයට හේතුව සත්‍ය අවබෝධය තුළ සාමය උදා වන බව පැහැදිළිව අවබෝධ කර ගත් නිසාය.
 සිය චිත්ත ශක්තිය හා යහ කල්පනාව පියවරින් පියවර ඉදිරියට දියුණු කොට සත්‍ය අවබෝධ වීමෙන් පසුව සාර්ථකත්වයට අත්‍යවශ්‍යම සාධකය ලෙස ඉදිරිපත් කළේ නොසැලී සිටීමේ ගුණය  වර්ධනය කරන අටලෝ දහමයි.
 ජීවිතය සාර්ථක කර ගැනීමට අත්‍යවශ්‍ය මුලික පරිසර සාධකය වන්නේ නොසැළී සිටීමේ හෙවත් ඉවසීමේ බලයයි. නොසැලී සිටීමේ බලය සරළව එදිනෙදා ජීවිතයට පාවිච්ච් කළ යුතු බව උන් වහන්සේ පෙන්වා දුන්නේ මේ බුද්ධියේ දහමේ සරල සමීකරණය ලෙසයි. 

 ධර්ම චක්‍රය ලෙසින් සංකේතවත් කරමින් බුදු දහමේ ලාංජනය නිර්මාණය කර ඇත්තේ නොසැලී සිටීමේ බලය හෙවත් ඉවසා සිටීමේ බලය තුළින් සැනසීම උදා කර ගත හැකි නිසාය. සැනසීම නැත්නම් සතුට ද සුවය ද නැත. සියලු දේ පදනම් වන්නේ ඉවසීම හෙවත් නොසැලී සිටීමේ මහා ගුණය මතයි. ඒ නිසා බුදු රජාණන් වහන්සේ මුලින්ම ධර්ම චක්‍රය තුළින් බුදු දහම තුළට ප්‍රවේශය ලබා දී ඇත.  

 මිනිසුන්ට එදිනෙදා ජීවිතයේදී ඇති වන යම් යම් යහපත් හෝ අයහපත් සිද්ධින් හා උද්වේගකාර තත්වයන් සිතේ මතු වීම නිසා ජන සිත ඉහළ යාමෙන් හෝ පහළ යාමෙන් සිතේ සමබරතාවය බිදීම වැළැක්වීමට මේ ධර්ම චක්‍ර සමීකරණය නිර්මාණය කර ඇති බව ඉතාම පැහැදිළිය. සාමය යනු සැනසීමයි. සාමය ඇති කර ගැනීමට අත්‍යවශ්‍ය සාධකයක් වන්නේ නොසැලීමයි.

ගොවිපළක, ව්‍යාපාරයක, වෘත්තීයක, අධ්‍යාපනයක හෝ ධ්‍යානයක නියළි සිටින අයෙකුට සිතේ සමබර මානසිකත්වය අත්‍යවශ්‍ය දෙයකි.නොසැලෙන මනසක් ඇති අයකුගේ කටයුතු වලට මහා සරු ඵල ලැබෙනු නියතයි. එයට හේතුව සුළු දේකින් සැලෙන පුද්ගලයාට සිත ඒකග්‍ර කර ගැනීමට නොහැකි වීමයි.සිත එක අරමුණක ලබා ගැනීමට නොහැකි පුද්ගලයාට ඉලක්කයක් හෝ අරමුණක් කරා ගමන් කිරීම කළ නොහැකි වීමයි.

අවසන් ගමන
 ලෝකයේ ඕනෑම කෙනෙකුගේ සාර්ථකත්වයට හේතුව   ඒකග්‍ර කර ගත් නොසැලෙන සිතයි.  සිත ඒකග්‍ර කර ගන්නේ කිසියම් අරමුණකටය. අරමුණක් යනු ඉලක්කයකි. වසර 120ක් කෙනෙක් ජීවත් වුවහොත් එයාට ජීවත් වෙන්න ලැබෙන්නේ දින 43830කි. මේ දින ගණන නිමා වීමට පෙර තරුණ කාලය සමග අප සාර්ථක මිනිසුන් ලෙස ලස්සනට සැපට ජීවිතය ආරම්භ කරලා අපේ දරු පැටවුන්ට පවා සතුටින් ජීවත් වෙන්න අනාගතයට යමක් ඉතිරි කරලා තමා අපි මේ ග්‍රහ ලෝක පසට යලිත් එක් විය යුත්තේ හෙවත් අවසන් ගමන යා යුත්තේ.

 මැට්ටෙන් පසෙන් සැදුණු සිරුරට ලැබිල තියන මේ කෙළිලොල් සිතින් තමා ජීවිතය කියන සුන්දරම ආශ්වාදය ලබන්න 
 අපට ඉඩ ලැබිලා තියෙන්නෙ.

සතුටින් ජීවත් වෙන්න නම් සිතේ සාමය සතුට අව්‍ශ්‍යමයි.ඒ සාමය සතුට නැති නිවසේ දියුණුවක් ප්‍රගතියක් නැත.
ඇත්තේ පරාජයයි.ඇත්තේ විනාශයයි.ඇත්තේ පරිහානියයි.ඇත්තේ ‍ලෙඩ රෝග පමණයි.

ගෞතම බුදු රජාණන් වහන්සේ සිතේ ශක්තිය දුටු නිසයි.එය සමබරව තීර්යක්ව අරමුණක පිහිටුවා ගත හැකි නම් බොහෝ ප්‍රතිඵල ලැබිය හැකි නිසයි සිත පාලනය කර ගැනීමට ධර්ම චක්‍රය හෙවත් එදිනෙදා ජීවිතයට සාමය සැනසීම නිවන ගෙන දෙන අ‍ටලෝ දහම නමින් සරළ පහසු නිරමාණයක් කලේ,

නිතර සැලෙන ළාමක සිත
ළාමක මෝඩ මොළයක් ඇති තැනැත්තාට‍ හෙවත් නිතර සුලු දේකින් සැලෙන සිතක් ඇත්තාට කිසි විටෙක අරමුණකට ,ඉලක්කයකට යා නොහැකිය.නොහැකිමය.

සිත සැලෙන අවස්ථා මොනවද...........
නොසැලී ඉන්නේ කොහොමද.........
නොසැලී සිටිය හැකි නම් ඔබ රජකමටත් සුදුසු‍ය.සුදුසුමය.
විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝ දහම හුරු හෙලයා.....! ලංකාවේ ‍මනුස්සයෝ එදා කිසිවකින් සැලුනේ නැත.අපේ මුතුන් මිත්තන් උදාර මානසික තත්වයක් තිබූ වටිනා මානව බලකනුය. ඒ නිසයි මෙවැනි ගී පද මාලා වලින් හෙළ මානසිකත්වය සැමරුණේ.

ධර්ම චක්‍රය නමින් බුදු රජාණන් වහන්සේ පොදු ජන ජීවන මාර්ගය ලෙස පෙන්වා දුන් සරල හා සරු ජීවන මාර්ග උපදේශනය අටලෝ දහමයි.අපි එය සවිස්තරව බලමු.  

ලැබීම හෙවත් ලාභය
කීයක් හරි අතට ලැබුණු දාට ගෝත්‍රික වර්ගයක් මෙන් එදාට කාලා බීලා නටලා ඒ ඔක්කොම නැති නාස්ති කරන අමන ගති පැවතුම් තිබුන මිනිසුන්ට හෙට දවසක් නැත.තම දරු මුණුපුරන් ගැන කිසි කල්පනාවක් කැක්කුමක් නැත.

සමහරු ලාභ ලැබී පොහොසත් වූ පසු පොඩි මිනිසුන් හදුනන්නේ නැත.ඔහු හිස ඉදිමුන, ඇග පිම්බුණු පිම්බුන චරිතයක් රග දක්වයි.එයින් ඔබට ලාභයක් නෑ.ඒ නිසා ලාභයේ දී හෙවත් ලැබුනට උඩ යන්න එපා,නියත මානයේ රැදෙන්න,නොසැලී ඉන්න කියලයි බුදු රජාණන් වහන්සේ පැහැදිළි කලේ.

අතට යමක් ලැබුණ සැණින් ඒ මුදල අතින් හේදිලා යන තුරු යළි සේවයට ,ආයතනයට නොගිහින් පිස්සු චරිත රගන මිනිසුන්ටත් අටලෝ දහම පුදුම ඵල දෙන මහා ඖෂධයක්.

ලැබුණ සැනින් උඩ පනින අයෙකුගේ මානසික සමබරතාවයක් කො‍හෙද......? මානසික සමබරතාවය අවශ්‍ය වන්නේ සිතේ ප්‍රාර්ථනා, අරමුණු , ඉලක්ක ජය ගැනීම පිනිසමය.

අලාභය- ‍නොලැබීම-පාඩුව
අලාභයක්,පාඩුවක්,අඩුවක්,නොලැබීමක් සිදු වූ විගසින් මහා විපතක් කරදරයක් වුණා වගේ අහස පොළොව ගැට ගහන්න කල්පනා කරනවා නොකා නොබී.හොස්ස අගින් මැස්සා යන්න බෑ තරහ එනවා.ගෙදර කව්රුත් එක්ක කතා බහක් නෑ.පාඩු වුණාම නොලැබුණාම වැටෙන මනුස්සයා ලැබුණම උඩ යනවා යනවමයි.ඒ දෙන්නම එක්කෙනයි.අටලෝ දහම හැදුවේ ඒ අයටයි.

ගානක් ලැබුණම ඒ මුදලට කාලා බීලා නාස්ති කර ගෙන අනිත් අයට ශෝබන පෙන්නන්න විතරයි කල්පනාව බොහෝ අයගේ.මේ අයට අලාභයක් වෙලා පාඩුවක් වෙලා වැටෙන වැටීම කවදා නැගිටියිද කියන්න බෑ.

එය කොතරම් පාඩුවක්ද...... අලාභයේ දී සැලීමත්,තැවීමත් ලැබුණම ඉගිලෙන්න හදන එකත්  උතුම් මනුෂ්‍යත්වයට ගලපන්නට බැරි අරුම පුදුම චරිත.

බුදු රජාණන් වහන්සේ එදා සමාජයට ඉදිරිපත් කලේ උතුම් මනුෂ්‍යයෙක්.සාර්ථක බුද්ධිමත් පිරිපුන් මනුෂ්‍යයෙක්ව නිර්මාණය කිරීමට බුදු රජාණන් වහන්සේ එදා ඉදිරිපත් කල මේ සරල බුද්ධි සංග්‍රහය තවත් වසර ලක්ෂ කීයකට ගැලපෙනවද කියලා කල්පනා කරලා බලන්න.

සත්‍ය වෙනස් වන්නේම නැත.වෙනස් වන්නේ අසත්‍යය පමණි.

ප්‍රශංසා
යම් දක්ෂ උතුම් තත්වයකදී කෙනෙකුට මහජන ප්‍රශංසාව හිමි වනු ඇත.මහජන ප්‍රශංසාව ලැබීම ඉතාම උතුම් දෙයකි.මහජන ප්‍රශංසාව ලැබීම එතරම්ම දුර්ලභ අවස්ථාවකි.ප්‍රශංසාව ලැබූ පුද්ගලයා ප්‍රශංසනීය කෙනෙකු වනවා මිස ඔහු එයින් හිස උදුමවා ගන්නේ නම්,ඔහු මානසික අධි පීඩනයට ලක් වුන ලෙඩෙකි.

ප්‍රශංසාව්දී උඩ යන්න හෙවත් සැලෙන්න හොද නෑ. සැලීම යනු වෙනස් වීමයි. ප්‍රහංසාවේ දී හිස උදුමවාගත් අයෙකුට දෙවැනි වරට මහජන ප්‍රශංසාවක්, ප්‍රසාදයක් ලැබෙන්න හේතුවක් නෑ.

නින්දා
සමාජයේ ඕනෑම පුද්ගලයෙක් යම් අවස්ථාවක නින්දාවට පත් විය හැකිය.නින්දාවද ප්‍රශංසාව මෙන් ම දරා සිටිය යුතු එකකි.නින්දාවේදී ද හිස පහත් කර ගත යුතු නැත.ප්‍රශංසාවද සදාකාලික නැත.නින්දාවද සදාකාලික නැත.නොසැලී සිටිමේ දරා සිටීමේ ඉවසා සිටීමේ මානසික සමබරතාව පාලනය කර ගැනීමේ රහසයි අටලෝ දහම.

ලක්ෂ සියයක් පමණ වටිනා මගේ ජිප් රථයේ මේ ළගදි කට ළගටම බඩ පිරෙන්න අරක්කු බීපු මනුස්සයෝ දෙන්නෙක් මෝට බයික් එකකින් හැප්පුණා.මේ මනුස්සයා මගේ ළගට ඇවිදින් කුණුහරප කියලා බැන්නා.මගේ අතේ කිසිම වරදක් නැ.හැප්පුණේ මගෙ රථයේ පිටුපස.

ඒත් මම කල්පනා කලේ මට කෑ ගහපු පිස්සු මිනිහා ගැන නොවේ. ඔහු මාව හදුනනවා නම් ඔහු කොච්චර බීලා හිටියත් මට එසේ කතා නොකරන බව මම දන්නා නිසා මම නිහඩ ව ඔහු දෙස බලා ගෙන සිටියා.පොලිසිය පැමිණ ඔහුව කුඩු කරන්න හදන විට මම එහුව නිදහස් කරලා ඇරියා.එහු නිදහස් කරනවට පොලිස් නිළධාරින් සහ මගේ හිතවතුන් විරුද්ධ වුණා.

මං ඒ අවස්ථාවේදි දැක්කෙත් නොසැලී සිටිමේ ගුණය මා සතුද යන්නයි.එය මම මගෙ මොළයේ මානසික තත්වය පරීක්ෂා කල හොද තැනක්.

නින්දා කරන විටත් ප්‍රශංසා කරන විටත් ඒ අන්ත දෙකෙහිම නොසැලී සිටීමට කෙනෙකුට හැකි නම් එය බෞද්ධ කමකි.සත්‍යයෙන් ඔහු හෝ ඇය සැබෑ බෞද්ධයකු වන්නේ බුදු හිමි කී දේ තුල ජීවත් වෙනවා නම් පමණි.

යස-අයස
මේ වගේමයි කීර්තිය.කීර්තිය කියන්නේ යස කියන අර්ථයටමනේ....කීර්තිමත් කෙනෙකු වුණාමත් උඩ යන්න ඉදිමෙන්න හොද නෑ.

පුලුවන් තරම් ආරක්ෂා කල යුත්තේ නියත මානයයි."නියත මානයට" අපේ රටේ බස් වහරේ තියෙන්නේ "නිහත මානය" කියලයි.නියත කියන්නේ වෙනස් නොවන කියන අර්ථයයි.මානය කියන්නේ මැනුම,මිනුම කියන එකනේ.

අධි මානය හෙවත් අහංකාරකමත්,හීනමානය හෙවත් තමුන් පුංචි කෙනෙක්ය යන සිහින් මැනුමත් නොවේ අවශ්‍ය නියතමානය යි.

කීර්තිමත් වුණා හෝ අපකීර්තිමත් වුණා යනු ධණ හෝ ඍණ දෙපැත්තයි. මේ දෙකේදිම අපට ඉවසා සාමාන්‍ය තත්වයේ සිටිය හැකි නම් එය බුදු රජාණන් වහන්සේ කියා දුන් බුද්ධ ලාංඡනය තුල අප ජීවත් වෙන බවත් බුදු හිමියන්ට සැබෑ ගෞරවය පුද කිරීමත්ය.

දුක-සැප
බෞද්ධයන් වශයෙන් නොසැලී සිටීමේ හැකියාව කොතරම් ප්‍රායෝගික විය යුතුද....බුදුරජාණන් වහන්සේ ලස්සනට පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙන්නේ බුද්ධිමත් සරු රස ජීවන ක්‍රමයයි.

බුද්ධිමත් මිනිසෙකු කිසිදා නොසැලිය යුතුය.ඔහු නොසැලෙන සුලුය -නොහඩයි - ඍජුය - එඩිතරය - කරුණාවන්තය - නම්‍යශීලිය - සතුටුය - සතුටුදායකය - ප්‍රාණවත්ය - ඉවසිලිවන්තය - මිත්‍රශීලීය - ඉරිසියා ක්‍රෝධ ආදි අගුණ වලින් තොරය.සියලු දෙනාට කොන්දේසි විරහිතව ආදරය කරන්නේය.

සිදුහත් කුමරු වනගත විමට පෙර කොතරම් සැප වින්දාද?....විවිධ රස,විවිධ සුවද,විවිධ වර්ණ,විවිධ සැප,රන් මුතු ඇදුම්ද...පැළදුම්ද...අතට පයට සේවිකාවෝ,ආරක්ෂක මුරකාවල්,මහජන ප්‍රසාද ගෞරව,නම්බු නාම,සියලු රාජ්‍ය සැපද,සම්පත්ද,තම සුන්දර පවුල් ජිවිතය, ළදරු රාහුල ආදි සියල්ල අතහැරීම කොතරම් දුකක්ද........

සිදුහත් තාපසතුමා තම රට වැසියා,රාජ සම්පත්,රාජ දේපල හෝ තම මවගෙන් පියාගෙන් වෙන්වීම ගැනවත් සිතමින් දුක් වුණාද.........නෑ......පුදුමයිනේ

ඒ විතරක් නෙමේ. පිංචි මැණිකා තම කුසේ ඉන්න දරුවා සමග තමාව අතරමං කලේ යැයි කියා මහ සගරුවන ඉදිරිපිට දොස් කියද්දි උන් වහන්සේ සැලුණාද.....නෑ..මහ ගල් පෙරලලා විනාශ කරන්න ගත් උත්සහයේ දි සැලුණාද බියවුණාද නෑ.......

පස්වග තවුසන් තමාව හැරදා ගියදා සිය අරමුණු ඉලක්ක ප්‍රාර්ථනා අතහැර තනිකම ඉවසාගත නොහැකිව මිතුරන් පසුපස ගියාද නෑ........ 

බුදුරජාණන් වහන්සේ විජ්ජාචරණ ගුණයෙන් යුක්තයි. තමා දේශනා කල අටලෝ දහම් විද්‍යාව තුළ උන්වහන්සේ ජීවිත කාලයේදිම සැරි සැරූ බව පැහැදිලියි. එහෙයින් ඔබත් විද්‍යාචරණ වන්න.කිසිවකින් නොසැලී දිරියෙන් අටලෝ දහම තුළ ජීවත් වෙමින් සැබෑ බෞද්ධයකු වන්න මම ඔබට ආරාධනා කරමි.

විශේෂයෙන්2015 වසරේ ඔබේ පවුලේ සියලු හැල හැප්පීම්,ගෙරවිලි,ඇඩිලි - දෙඩිලි,මැසිවිලි,තරහ,කේන්ති,පලිගැනීම් ආදි සියලු ඍණ වේග සිතින් පන්නා දමන්න. උදාර බෞද්ධයකු සේ සරු ජීවිතයක් උදා කර ගන්න මේ ලිපිය කිය වූ ඔබ තීරණය කරන්න.

නොසැලෙන සිතක් ඇත්තා අටලෝ දහම හෙවත් ධර්ම චක්‍රය තුළ ජීවත් වෙයි.හැබැයි  ධර්ම චක්‍රය තුළ ජීවත් වුණාට ඔබ හිතන්න එපා ඒ චක්‍රයේ තියෙන අලාභ-අපහාස-අයස හා දුක යන ඍණ වේග හතර ඔබට යලි එයි කියලා.ඒවා ආවොත් නොසැලී සිටීමටයි ධර්ම චක්‍රය දීලා තියෙන්නේ.

එහෙම නැතිව සැප සමග දුක එනවා,ලාභය සමග අලාභයද කීර්තිය සමග අපකීර්තියද නින්දාවද ස්ථිරයි කියලා නෙවේ ධර්ම චක්‍රයෙන් බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ.මං එහෙම කිව්වේ මනුස්සයෝ ලග එහෙම වැරදි වැටහීමක් තිබෙන නිසයි.

උපුටා ගැනීම - 2010 ජනවාරි මස මනස සගරාවෙන් (වර්ෂය යාවත්කාලීන කරන ලදි)

ස්තූතිය - සාන්ත ජයසුනුදර ගුරු පියාණන් හට

ඔබත් විද්‍යා චරණ වෙන්න

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.