මොඩර්න් පෙන්සිල් ස්කෙට්ච් ෆොටෝෂොප් ඇක්ෂන් (Modern Pencil Sketch Photoshop Action) එක මඟින් ඔබ සතුව පවතින සැබෑ ඡායාරූපයක් පහත රූපයේ පරිදි පැන්සලෙන් ඇඳි චිත්‍රයකට පෙරලන්න පුලුවන්. මේ සඳහා පහත පියවරයන් අනුගමනය කරන්න.


1. ඩවුන්ලෝඩ් කරගත් ෆොල්ඩරයේ ඇති Brushes (1st load me), Patterns (1st load me), Modern Pencil Sketch Photoshop Action ෆයිල්ස් පිළිවෙලින් ඩබල් ක්ලික් කරමින් ෆොටෝෂොප් මෘදුකාංගය වෙත ඇතුලත් කර ගන්න. 


2. ඔබට අවශ්‍ය ඡායාරූපය ෆොටෝෂොප් මඟින් විවෘත කර ගන්න. මෙහිදී ඔබගේ ඡායාරූපය ආර්.ජී.බී (RGB) ෆෝමැට්ටුවෙන් තිබිය යුතුයි. එසේ නොවේනම් මෙනු බාර්හි Image > Mode > "RGB color" සහ "8 Bits/Channel" ලෙස සකසන්න. 


3. Leyar > New > Layer මඟින් නව ලේයරයක් ගෙන එය "brush"ලෙස නම් කරන්න. 


4. එම ලේයරයෙහි ඔබට සිතුවමක් බවට පත්කිරීමට අවශ්‍ය කොටස බ්‍රෂ් එක භාවිතයෙන් පාට කරන්න.


5. දැන් ඔබගේ ඇක්ෂන් පැනලයේ Modern Pencil Sketch Photoshop Action තුළ ඇති All in one play action තෝරා පහතින් ඇති ප්ලේ බට්න් එක ක්ලික් කරන්න.


6. මිනිත්තු කිහිපයකින් ඔබට, ඔබ තෝරාගත් ඡායාරූපය පැන්සලෙන් ඇඳි සිතුවමක් ලෙස ලබා ගත හැක.


ඔබට අපැහැදිලි තැනක් වේ නම් කොමෙන්ටුවක් දාගෙන යන්න. උත්සාහ කරලා බලන්න. ජය.


3.7 MB


ඡායාරූපයක් පැන්සලෙන් ඇඳි සිතුවමකට පෙරලමු

ෆොටෝෂොප් මුල සිට අගට සියල්ල ඉගෙන ගන්න

ෆොටෝෂොප් ලයිට්රූම් වල පරතෙරටම දැනගමු

පට්ටම වීඩියෝ ට්‍රාන්සිෂන්ස් 1600ක් සමඟ වැඩ පෙන්වන්න

තමන්ගෙ ලෝගෝ බයර්ව අන්ද මන්ද කරල දාන්න පුලුවන් සුපිරි ලොගෝ මොක්-අප් බන්ඩලයක් මෙන්න. මොක්-අප් කියන දේ හරියටම සිංහලෙන් විග්‍රහ කරන්න අමාරු නිසයි සිංලෙනුත් ඒ වචනයම භාවිතා කරේ. නමුත්, ස්වයං විග්‍රහයක් දුන්නොත් අපි හදපු ඩිසයින් එක, ටෙක්ස්ට් එක සෑබෑ මෙටිරියල් එක්කට, ඔබ්ජෙක්ට් එක්කට ඔබ්බපුවාම පෙනෙන්නේ කොහොමද කියලා, බලා ගත හැකි අයුරින්, සකස් කල ෆොටෝෂොප් ටෙම්ප්ලේට් එක්කට ෆොටෝෂොප් මොක්අප් එකක් කියලා කියන්න පුලුවන්. පහත ඇති ඉමේජස් බැලුවාම ඔබට සරලව තේරුම් ගන්න පුලුවන්. මේ වගේ එකක් බාගන්න දී ඇති ටෙම්ප්ලේට් මාර්ගයෙන් තත්පර කිහිපයක් තුළ සකස් කර ගත හැකියි. වැඩේ කරගන්නා ආකාරය පිළිබඳ ටියුටෝරියල් එකක් බාගන්න ෆයිල් එක ඇතුලෙම ඇති. දැන්ම බාගන්න. ඔබට ජය.

248.7 MB

ලස්සන ලොගෝ මොක්-අප් බන්ඩලයක් - Logo Mockup Bundle

ත්‍රිමාන (3D) පෙනුමක් සහිත ෆොටෝ ස්ලයිඩ් ෂෝ එකක් හදමු

නවීන පන්නයේ වෙඩින් ප්‍රිෂූට් (Wedding Preshoot) එකක් හදාගන්න

වර්තමානය වන විට භාණ්ඩ හා සේවා ලබා ගැනීම වගේම, සැපයීමේ කටයුතු වලදී මොබයිල් ඇප්ස් භාවිතා වෙනවා. ඉතිං මේ වගේ ඔබගේ ව්‍යාපාරයට, වෙබ් අඩවියට, ආයතනයට අදාලව සකස් කරන ලද මොබයිල් ඇප් එක සඳහා ප්‍රචාරණ වීඩියෝවක් සකස් කරගන්න වැදගත් වන, සුපිරි  ආෆ්ටර් ඉෆෙක්ට්ස් ටෙම්ප්ලේට් එකක් පහතින් බාගන්න දාලා තියෙන්නේ. ටෙම්ප්ලේට් එක අනුව කලු හෝ සුදු වර්ණ ජංගම දුරකථනයක් වීඩියෝව සඳහා යොදාගත හැකි අතර, ටෙක්ස්ට් අන්තර්ගත කොටස් 21ක් සහ ස්ක්‍රීන් ෂොට් ඉමේජස් හෝ වීඩියෝ අන්තර්ගත කොටස් 31ක් මෙහි ඇතුලත් කරන්න පුලුවන්. ඔබට අවශ්‍ය ආකාරයට වර්ණ ගලපා ගැනීම කල හැකියි. ඒ වගේම මේ සියලු දේ, බාගන්න ෆයිල් එකේම ඇති ටියුටෝරියල් වීඩියෝවේ පියවරෙන් පියවර කියලා දෙනවා. ආෆ්ටර් ඉෆෙක්ට්ස් 5.5 (After Effects CS 5.5) ඇතුලු ඉන් පසුව නිකුත් වූ සංස්කරණ සඳහා සහය දක්වන මේ ටෙම්ප්ලේට් එකෙන්, ෆුල් එච් ඩී (HD 1920x1080) අවුට්පුට් එකක් ගත හැකියි. දැන්ම බාගන්න. ඔබට ජය.

සාම්පල් වීඩියෝව

288 MB

මොබයිල් ඇප් ප්‍රෝමෝ වීඩියෝවක් හදමු

ලස්සන පේපර් වර්ක් ඇනිමේෂන් එකක් හදමු - Paper World

වැලන්ටයින් එකට තව දවස් 4යි. මේ පාර තම ආදරවන්තියට, ආදරවන්තයාට තිලිණ කරන්නේ මොනවද, කියල දෙගිඩියාවෙන්ද? 
මේක තමයි, මේ දවස්වල ජනප්‍රියම තෑගි දෙන සාස්තරේ. මේ පාර වැලන්ටයින් එකට, දෙන්නගෙ පරණ මතකයන්හි ෆොටෝ එකතු කරපු පට්ටම රොමෑන්ටික් වීඩියෝ එකක් තිලිණ කරමු. වැඩේ ගොඩ දාගන්න එක එච්චර අමාරු නෑ. පහලින් දාල තියෙන ආෆ්ටර් ඉෆෙක්ට්ස් වීඩයෝ ටෙම්ප්ලේට් එක බාගත්තා. තෝරාගත්ත ෆොටෝ ටික දාල එඩිට් කොරා. ඩී වී ඩී එක්කට රයිට් කරල දුනනා. එහෙම නැතිනම් ටැග් කරල ෆේස්බුක් අප්ලෝඩ් කරා. මේ ටෙම්ප්ලේට් එක වෙඩින් වලට, ෆ්‍රීෂූට් වලට එහෙමත් භාවිතා කරන්න පුලුවන්. ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී එස් 4 (CS4) සිට ඉහලට සපෝට් කරනවා වගේම ෆුල් එච් ඩී (HD 1920x1080) අවුට්පුට් එකක් ගත හැකියි. එහෙනම් දැන්ම බාගෙන වැඩ පට්ටාන් ගන්න. ඔබට ජය.

සාම්පල් වීඩියෝව

වැලන්ටයින් එකට තම ආදරවන්තියට, ආදරවන්තයාට ආදරණීය වීඩියෝ තිලිණයක්

මීට පෙරත් සුපිරිම එක්ස්ප්ලේනර් වීඩියෝ ටූල්කිට් එකක් ඔයාලට බාගන්න දුන්නා මතක ඇතිනේ. ඒක තාම බාගත්තෙ නැතිනම් දැන්ම මෙතනින් ගිහින් බාගන්න. අවුට්ලයින් කැරැක්ටර් එක්ස්ප්ලේනර් වීඩියෝ ටූල්කිට් (Outline Character Explainer Toolkit) එකත් ඒ වගේම පට්ටම ටූල්කිට් එකක්. මෙහි ඇති කැරැක්ටර් බිල්ඩර් භාවිතා කරල ඔබට අවශ්‍ය කැරැක්ටර් එක විනාඩියක් වගේ සුලු කාලයක් තුළ නිර්මාණය කරගන්න පුලුවන්. ෆුල් එච් ඩී (HD 1920x1080) අවුට්පුට් එකක් ගන්න පුලුවන් වගේම, ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී එස් 5 සිට ඉහලට සපෝට් කරනවා. එහෙනම් බාගෙන බලන්න. ඔබට ජය.

සාම්පල් වීඩියෝව


357.9 MB

අලුත්ම එක්ස්පලේනර් වීඩියෝ ක්‍රියේටර් ටූල්කිට් එකක් උණු උණුවේ

මොබයිල් ඇප් එකකට ප්‍රමෝෂන් වීඩියෝවක් හදමු - Modern App Promo

පට්ටම ලෝගෝ ඇනිමේෂන් එකක් හදමු

4 වසරේ ඉගෙනුම ලබන පොඩි දරුවා පවා දැන්, එම් එස් පවර් පොයින්ට් වලින් ප්‍රසන්ටේෂන් හදන්න දන්නවා. කාලයත් එක්ක අවුට් ඔෆ් ෆැෂන් වෙමින් පවතින එම් එස් පවර් පොයින්ට් වලින් මදකට ඈත් වෙලා, ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් වැනි ඇඩ්වාන්ස් සොෆ්ට්වෙයා එකකින් වැඩකරන්න කැමති ඔබට, ප්‍රේක්ෂකයන් කොර කරන්න පුලුවන්, සුපිරි ආෆ්ටර් ඉෆෙක්ට්ස් ප්‍රසන්ටේෂන් ටෙම්ප්ලේට් එකක් දැන්ම බාගන්න. පහතින් දීල තියෙන සාම්පල් වීඩියෝව බැලුවාම ඔබට අදහසක් ගන්න පුලුවන්. ෆුල් එච් ඩී 1920x1080 (HD 1920x1080) රෙසලූෂන් අවට්පුට් එකක් ගන්න පුලුවන් වගේම, ආෆ්ටර් ඉෆෙක්ට්ස් සී එස් 5 (After Effects CS 5) වලින් ඉහල වර්ෂන් වලට සපෝට් කරනවා. බාගෙන ට්‍රයි කරලා බලන්න. ඔබට ජය.

935.1 MB

සාම්පල් වීඩියෝව

කාලයේ තාලයට ප්‍රසන්ටේෂන් හදමු - Adventure Pop Up Book

අලුතින්ම ගත්ත ෆොටෝ එකකට වුනත් වින්ටේජ් ලුක් එකක් දෙන්න මේ ෆොටෝෂොප් ඇක්ෂන් එකෙන් පුලුවන්. ඒ වගේම වින්ටේඩ් ලෝගෝ ඩිසයිනර්ස්ලට ෆයිනල් ඩිලිවරිය පොඩි කැටයමක් දාලා කස්ටමර්ගෙන් ටිප් එකක් ගන්න එහෙම වටින ඇක්ෂන් එකක්. වැඩිය කියන්න දෙයක් නෑ. ෆොටෝ බලපුවාම තේරෙනවනේ. එහෙනම් දැන්ම බාගෙන, ට්‍රයි එකක් දීල බලන්න. ඔබට ජය.

105 MB

පින්තූරයකට අතින් ඇදපු පරණ චිත්‍රයක පෙනුම දෙමු