ඩුබ්ලිකේට් ෆයිල් කරදරයට විසදුම - AllDup

කියු-ඩිර් (Q-Dir) මෘදුකාංගය මඟින් ඔබට ෆෝල්ඩර් 4ක් එකවර පරිගණක තිරයේ දර්ශනය කර ගත හැකිය. ෆෝලඩර්, ෆෝලඩර් අතර අවශ්‍ය දෑ කොපි කරන්න, ෆෝල්ඩර්යෙන්, පෙන් ඩ්‍රයිව් එකකට වගේ කොපි කිරීමේදී සියළු කොටස් කොපි වූවාදැයි චෙක් කරන්න, පහසුවෙන් ෆයිල් කිහිපයක් සමඟ වැඩ කරන්න, ෆයිල් පිළිවෙලකට අසුරා ගන්න... වගේ වැඩ ගොඩකට කියු-ඩිර් උපයෝගී කරගත හැකියි. මෙහි විශේෂාංග ලෙස වර්ණ මඟින් ගොනු වෙන් කිරීම, සිතැඟි පරිදි වෙනස් කල හැකි ෆෝල්ඩර් ටෙම්ප්ලේට්ස් ලබාදීම, වැඩි වශයෙන් භාවිතා වන ෆෝල්ඩර වෙත ඉකමනින් පිවිසීමේ පහසුකම් සහ තවත් බොහෝ දේ ඇතුලත් වෙනවා. එමෙන්ම සාමාන්‍ය ෆයිල් එක්ස්ප්ලෝරර්හි ඇති සියළු පහසුකම් අත්විදීමට පුලුවන්. එහෙනම් බාගන්න. ජය.


1.1 MB


එකවර ෆෝල්ඩර් කිහිපයක් සමඟ ගණුදෙණු කරන්න

ෆෝල්ඩර් ගාඩ් (Folder Guard) මඟින් ඔබට, ඔබේ පරිගණකයේ වෙනත් පරිශීලකයින්ගෙන් ඔබේ පුද්ගලික ලිපිගොනු සහ ෆෝල්ඩර සැඟවීමට, මුරපද භාවිතා කරමින් ෆෝල්ඩර සහ ලිපිගොනු අගුළු දැමීමට, කොන්ට්‍රෝල් පැනලයට ප්‍රවේශ වීම සීමා කිරීමට, පද්ධති ගොනු හානිවලින් ආරක්ෂා කිරීමට සහ වෙනත් වින්ඩෝස් පහසුකම් වෙත ප්‍රවේශය පාලනය කිරීමට හැකිය.

ලිපිගොනු සහ ෆෝල්ඩර සඟවන්න
ෆෝල්ඩර් ගාඩ් සමඟ ඔබට ඕනෑම ෆෝල්ඩරයක් හෝ ගොනුවක් සැඟවිය හැකි අතර එලෙස වින්ඩෝස් යෙදුම්, කාර්යාල සහ MS-DOS වැඩසටහන් සඳහා පවා සැඟවිය හැක.

මුරපද භාවිතා කරමින් ෆෝල්ඩර අගුළු දමන්න
ෆෝල්ඩර් ගාඩ් මඟින් ඔබගේ පුද්ගලික ෆෝල්ඩරය මුරපදයකින් අගුළු දැමිය හැකි අතර එමඟින් එහි අඩංගු ලිපිගොනු සහ ලේඛන විවෘත කළ හැක්කේ ඔබට පමණි.

වර්ගය (Format) අනුව ලිපිගොනු වෙත ප්‍රවේශ වීම සීමා කරන්න
මුළු ලිපිගොනු කාණ්ඩයටම පිවිසීම සීමා කිරීම සඳහා ඔබට ෆෝල්ඩර ගාඩ් භාවිතා කළ හැකිය. නිදසුනක් ලෙස, අවසරලත් පරිශීලකයෙකුට හැර අනෙකුත් කිසිදු අයෙකුට ජේපීජී රූප ගොනුවක් විවෘත කළ නොහැකි බවට ඔබට නියම කළ හැකිය.

ඔබගේ දත්ත වෙනස් කිරීම් වලින් ආරක්ෂා කරන්න
වෙනත් පරිශීලකයින්ට මෙන්ම පරිගණක වෛරස් වලටද අහම්බෙන් හෝ හිතාමතාම ඔබේ ලේඛන වෙනස් කිරීමට හෝ විනාශ කිරීමට හැකිය. ෆෝල්ඩර් ගාඩ් ඔබට කැමති ෆෝල්ඩර “කියවීමට පමණි” (Read Only) ලෙස සැලසීමට ඉඩ සලසයි, එබැවින් ඔබ තීරණය කරන තෙක් ඒවා වෙනස් කිරීම වලක්වනු ඇත.

බාහිර ධාවක වෙත ප්‍රවේශය පාලනය කරන්න
අයෙකු වංචකාරී ලෙස ඔබගේ රහස්‍ය ලේඛන යූ එස් බී ධාවකයකට පිටපත් කරලැනීම, බාහිර ප්‍රභවයන්ලෙන් අනවසර මෘදුකාංග ස්ථාපනය කිරීම වැනි දෑ කල හැකිය. ෆෝල්ඩර් ගාඩ් සමඟ, ඔබට එය නැවැත්විය හැක. 

කොන්ට්‍රෝල් පැනලය අක්‍රීය කරන්න
වෙනත් පරිශීලකයින් විසින් ඔබේ පරිගණක මෙහෙයුම් පද්ධතියේ සෙටිංස් අවුල් කිරීම ඔබට අවශ්‍ය නැතිනම්, කොන්ට්‍රෝල් පැනලයට සහ වින්ඩෝස් හි විවිධ මෘදුකාංග ස සැකසුම් වලට ඔවුන්ගේ ප්‍රවේශය සීමා කිරීමට ඔබට ෆෝල්ඩර ගාඩ් භාවිතා කළ හැකිය.

ලොවෙත් හොයන්න බැරිවෙන්න, ලිපිගොනු සහ ෆෝල්ඩර හංගමු

හාර්ඩ් ඩිස්ක් එකේ විසිරුණු චිත්‍රපට පිලිවෙලක් කරමු - EMDB

ජීවිත කාලයටම තියා ගන්න ගිගා බයිට් 100ක ක්ලවුඩ් ස්ටෝරේජ් එකක් නොමිලේ

මෙමරි කාඩ් එකේ ඩිලීට් කරපු මෙමරිය ආයෙ අදිමු - EaseUS Memory Card Data Recovery

වර්තමානයේ බොහෝ ආයතන වල එම් එස් වර්ඩ් ෆයිල් වලට වඩා, පී ඩී එෆ් ෆයිල් භාවිතා වෙනවා. ලෝකයම පිලිගත් ලිපි ෆෝමැට්ටුවක් වීමත්, ලේසියෙන් ඕනෑම ඩිවයිස් එකක භාවිත කල හැකි වීමත් ඊට ප්‍රධාන හේතුවක්. ඉතිං භාවිතය වැඩි වීමත් සමඟම මේ පී ඩී එෆ් ෆයිල්ස් වල අඩංගු දත්ත හොරා ගැනීමත් යහමින් ප්‍රචලිත වුනා. මේ දීල තියෙන පී ඩී එෆ් ඇන්ටි කොපි(PDF Anti-Copy) මෘදුකාංගය හරහා ඔබට, තත්පර කීපයකින් කොපි කරන්න බැරි  පී ඩී එෆ් ෆයිල් එකක් නිර්මාණය කරගන්න පුලුවන්. ආයතනයේ රහසිගත දත්ත රැකගන්න, බුද්ධිමය දේපල ආරක්ෂා කරගන්න, වංචා දුෂන අවම කරගන්න, මෙම ක්‍රමය බොහොම ප්‍රයෝජනවත් වනවා. මෙම මෘදුකාංගය හරහා පී ඩී එෆ් ෆයිල් කොපි කරන්න බැරි විදියට කන්වර්ට් කිරීමට වෙනම පාස්වර්ඩ් අවශ්‍ය වන්නේ නෑ. ඒවගේම පී ඩී එෆ් ෆයිල් එම් එස් වර්ඩ්, එක්සෙල්, ටෙක්ස්ට් ෆෝමැට්ටු වලට කන්වර්ට් කරගැනීමට භාවිතා කරන්නත් පුලුවන්. තව ප්‍රින්ට් අවුට් ගන්න බැරි වෙන්න ලොක් කරන්නත් පුලුවන්. එහෙනම් බාගන්න. ඔබට ජය. 

18.4 MB


කොපි කරන්න බැරි පී ඩී එෆ් ෆයිල් එකක් හදමු - PDF Anti-Copy

එව්රිතින්ග් මෘදුකාංගය මගින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඇති ගොනු හා ෆෝල්ඩර ලේසියෙන් සොයාගත හැක. මෙය වින්ඩෝස් වල සාමාන්‍ය සර්ච් එකක් දානවට වඩා වේගවත්ව සහ විස්තරාක්මතව අපට අවශ්‍ය දෑ සොයා ගැනීමට උදව් වෙයි. විශේෂයෙන්ම එව්රිතින්ග් මෘදුකාංගය මගින්  NTFS වෙළුම මත නාමයෙන් ගොනු හා ෆෝල්ඩර සදහා වැඩි කාර්යක්ෂමතාවක් පෙන්වයි.
                                                          විශාල මෘදුකාංගයක් නොවන නිසා ඔබගේ පරිගණකයේ අඩු රැම් ධාරිතාවත් භාවිතා කරයි. ඩුබ්ලිකේට් ෆයිල්ස්, සේව් කල තැන අමතක වු ෆයිල්ස්, වැරදි තැන් වලට කොපි කල ෆයිල්ස්, සොයා ගැනීමට බොහෝ වැදගත් වන අතර, එව්රිතින්ග් අතුරු මුහුණත පදනම්ව ඇත්තේ සම්මත ගවේෂක කවුළුවක් මත වන බැවින් ලොකු පොඩි සියලු දෙනාගේ අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වනු ඇත. ඔබට ජය.


1.26 MB



ඕනෑම ෆයිල් එකක් ලේසියෙන් සොයා ගන්න - Everything 1.4


සිංහලෙන් සොෆ්ට් වෙබ් අඩවිය හරහාම ඔයාල ඊ බුක් තොගයක් ඩවුන්ලෝඩ් කරගෙන ඇතිනේ. තව ඕනිනම් මෙතනින් බා ගන්න. ඉතිං හාර්ඩ් ඩ්‍රයිව් එකේ හතර අතේ තියෙන ඊ බුක් සෙට් එක, එක තැනකට අරගෙන් ලස්සනට මැනේජ් කර ගන්න මේ අයිස්ක්‍රීම් ඊ බුක් රීඩර් එක බොහොම වැදගත් වෙයි. මෘතෘකා දාලා වෙන් වෙනම ලයිබ්‍රි හදන්න, ෆේවර්ට්ස් ඊ බුක් ඇඩ් කර ගන්න, රචකයා අනුව වෙන් කර ගන්න, සර්ච් එකක් දාන්න, තව ඔප්ෂන්ස් ගොඩායි ඈ. ඔන්න එහෙනම් බා ගන්න.

16.4 MB





කරදර නැතිව ඊ බුක් මැනේජ් කරමු - Ebook Reader 1.6


පරිගණකයේ හාර්ඩ් ඩිස්කය කියන්නෙ දත්ත ගබඩාව.මේක අවුල් ගියොත් එහෙම මුළු පරිගණකයම ස්ලෝ වෙනවා. මෙසේ ස්ලෝ වීමට ප්‍රධාන හේතුවක් තමයි ඩුබ්ලිකේට් ෆයිල්ස් කියන්නෙ. එකම ෆයිල් එක පරිගණකයේ විවිධ ඒකක වල ගබඩා වීම ප්‍රධාන වශයෙන් ඩුබ්ලිකේට් ෆයිල්ස් යනුවෙන් හදුන්වන්න පුළුවන්. ඉතින් හදිස්සියක් වුනාම අවශ්‍ය ෆයිල් එක හොයා ගන්න ගියාම තමයි හරියට සන්තෝෂ හිතෙන්නෙ. දැනුවත්ව වගේම නොදැනුවත්ව මේ ඩුබ්ලිකේට් ෆයිල් ඇති වෙන්න පුළුවන්. සමහර විට අපිට සාමාන්‍ය විදිහට හොයලා ඩිලීට් කරන්න බැරි විදිහට මේ ඩුබ්ලිකේට් ෆයිල් ගොඩ ගැහෙන්න පුළුවන්. ඒ වෙලාවට හාර්ඩ් ඩිස්කය සුද්ද බුද්ද කරලා ගන්න ඊසි ඩුබ්ලිකේට් ෆයින්ඩර් මෘදුකාංගය වැදගත් වෙනවා. අවශ්‍ය ෆෝල්ඩර් ටික සිලෙක්ට් කරලා , ස්කෑන් කරලා, ඩිලීට් කරන්න. වැඩි ගේමක් නෑ. එහෙනම් බා ගෙනම බලන්න.


21.7 MB



ඩුබ්ලිකේට් ෆයිල් අයින් කරලා හාර්ඩ් එක සුද්ද කර ගන්න - Easy Duplicate Finder


ඔයාලගේ ෆයිල් එකක් ඩිලීට් කරලා රීසයිකල් බින් එකෙනුත් අයින් කළාම ආයිත් ඒ ෆයිල් එක ඕනි වුනොත් ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් තමයි රෙකුවා මෘදුකාංගය. ඔබේ පරිගණකයේ හාඩ් ඩිස්කයේ පමණක් නොව පෙන් ඩ්‍රයිව්, මෙමරි කාඩ්, අයි පොඩ්, එක්ස්ටර්නල් හාඩ්.. ඕනි එකක ඩිලීට් වෙච්ච ෆයිල් එකක් මෙම මෘදුකාංගය හරහා ආපසු ගෙන්න ගන්න පුළුවන්. අපි නොදනුවත්ව ඩිලීට් වෙච්චා වගේම සමහර මෘදුකාංග වල බග්ස්, ක්‍රෑෂස් හෝ පරිගණකයට වෛරස් ඇතුළු වීමෙන් ඩිලීට් වෙන ෆයිල් වලට පවා ඔට්ටුයි.

මෘදුකාංගයේ පහසුකම්

  • Simple to use interface - just click 'Scan' and choose the files you want to recover
  • Easy to use filter for results based on file name/type
  • Simple Windows like interface with List and Tree view
  • Can be run from a USB thumb drive
  • Restores all types of files, office documents, images, video, music, email, anything.
  • Supports FAT12, FAT16, FAT32, exFAT, NTFS, NTFS5 , NTFS + EFS file systems
  • Restores files from removable media (SmartMedia, Secure Digital, MemoryStick, Digital cameras, Floppy disks, Jaz Disks, Sony Memory Sticks, Compact Flash cards, Smart Media Cards, Secure Digital Cards, etc.)
  • Restores files from external ZIP drives , Firewire and USB Hard drives
  • It's fast, tiny and takes seconds to run!
4 MB




ඩිලීට් වෙච්ච ෆයිල් වලට ආපසු එන්න කියමු- Recuva 1.5


ඔන්න කොහොමහරි අලුත් සොෆ්ටුවක් දෙන්න යාන්තම් කාල වෙලාවක් හම්බුනා. මේ දවස්වල ෆයිවරේ බරටම වැඩ. දවසකට ඕඩර් හත අටක් අනිවා කැරකෙනවා. ඒ වගේම කියන්න සතුටුයි ගිය මාසේ ආදායම ලක්ෂේ පැන්නා. මේ මාසේ නම් අවුරුදු නිසා ටිකක් අල වුනා. ඉතිං යාලුවනේ ඔයාලටත් පුලුවන්. අවශ්‍ය කැපවීම. කැපවීම නැත්නම් ජයග්‍රහණයක් නෑ. ඒ වගේමයි කියන්න ඕන මම ඊයේ ගිහින් ඔන්ලයන් මනි ටියුෂන් කඩේකින් කෝස් කරලා, අද ලක්ෂයක් හෙව්වේ නෑ කියන එක. ඔය පත්තර වල පිටු පුරවලා දාලා තියෙන්නේ ඇත්තක්ද කියලා ඔයාලත් තාත්විකව කල්පනා කරලා බලන්න. මම ඔය තැනකට වැස්සකටවත් ගොඩ වෙලා නෑ. ඔක්කොම ඉගෙන ගත්තේ මේ අන්තර්ජාලයෙන්. මේ තත්වෙට එන්න මට අවරුදු දෙකකට ආසන්න කාලයක් ගියා. කම්පැනි එකක ප්‍රමෝෂන් පිට ප්‍රමෝෂන් හම්බවුනත් අවුරුදු දෙකකින් ලක්ෂයක් පඩි ගන්න බෑනේ. දවසකට එන ඊ මේල් තොගෙන් තේරෙනවා ගොඩක් අය ඊ මනි ගැන උන්නදුයි. හැමෝටම වෙන වෙනම පිලිතුරු එවන්න බැරි වුනත් ප්‍රධාන වෂයෙන් කියන්න තියෙන්නේ කැපවීම තමා රහස..

එහෙනම් මාතෘකාවට බහිමු. බිල් ගේට්ස්ටත් කඩන්න බැරි ෆෝල්ඩර් ලොක්- මේකෙන් අදහස් කලේ මේ සොෆ්ටුව ගොඩක් ආරක්ෂිතයි කියන එක මිසක් බිල් ගේට්ස්ට අපහාස කිරීමක් නොවේ. කොම්පීතරේ ගත්තම හංගන්න දේවල් බොහොමයිනේ. මේ මෘදුකාංගයෙන් පුලුවන් ඔය හංගන්න තියෙන ලට්ට ලොට්ට ෆෝල්ඩර් වලට දාලා ලොක් කරන්න. වැඩිය කියන්න දෙයන් නෑ. එහෙනම් දැන්ම බා ගෙන ක්‍රැක් කර ගන්න.


8.8 MB

Zip Password:- ir-dl.com



බිල් ගේට්ස්ටත් කඩන්න බැරි ෆෝල්ඩර් ලොක්- Folder Lock 7.1


                 තමන්ගේ ‍පුද්ගලික දත්ත,ව්‍යාපාරික තොරතුරු එහාට මෙහාට උස්සන් යෑම සදහා එකදාස් නවසිය බර ගනන් වලදී ලොකු ලොකු ෆයිල්,ලිපි ලේඛණ උස්සන් ගිය අය දැන්  පෙන් ඩ්‍රයිව් එකක්,මෙමරි කාඩ් එකක් තුලට මේ ඔක්කොම දාගෙන ලැප් එකත් කිහිල්ලේ ගහගෙන වැඩ්ඩො වගේ යනවනේ.ඉතිං මෙහෙම අරං යනකොට මේ පෙන් ඩ්‍රයිව් එක අස්ථාන් ගත වෙලා නැති බංගස්ථාන් වුනොත් සොරි ඩොට් කොම්.තමන්ගේ දත්ත අනවශ්‍ය අයගේ අතට යන්න පුලුවන්.ඒ වගේම ගොඩක් අය තමන්ගේ ප්‍රයිවට් දේවල්(ප්‍රයිවට් දේවල් යනු-තමන්ගේ මැට්ටන් තම්මැට්ටන් ඈ :-) ගොඩක් වෙලාවට මේ පෙන් ඩ්‍රයිව් සහ මෙමරි කාඩ් තුලට ඇතුලත් කරන්න පුරුදු වෙලා තියෙනවා.ඉතිං මේ ‍වගේ දේවල් වෙනත් අයට ලබා ගැනීමට බැරි විදියට සෙන්ටි මීටර් කරන්න පුලුවන් නියම ක්‍රමේ තමා යූ එස් බී සෙකියු කියන්නේ.මෙය මගින් ආරකෂා කරන ලද පෙන් එකක් වෙනත් අයෙකුට ලැබුනොත් අයිතිකරුගේ දුරකථන අංකය,ඊ මේල් ලිපිනය දැන ගැනීම හැර වෙන කිසිම දත්තයක් ලබා ගැනීමට නොහැකියි.සමහරවිට අදාල දුරකථන අංකය හෝ ඊ මේල් ලිපිනය හරහා නැවතත් ඔබගේ අස්ථාන ගත් වූ පෙන් ඩ්‍රයිව් එක ලබා ගන්නත් පුලුවන් වේවි.
                                     සාමාන්‍ය විදියට ඉන්ස්ට්‍රෝල් ක්ලික් කරලා සොෆ්ටුව හරහා අදාල පෙන් ඩ්‍රයිව් එක හෝ මෙමරි කාඩ් එක තෝරන්න.පසුව යූ එස් බී සෙකියු මෘදුකාංගයට පමණක් කියවිය හැකි අයුරින් අදාල දත්ත විකේතනයක් හෙවත් එන්ක්‍රිප්ට් කිරීමක් සිදු වනවා.දැන්ක්‍රැක් ෆයිල් එකත් එතනටම කොපි කරන්න.ඉතිං ඊට පස්සේ පාස් වර්ඩ් දන්නේ නැතිනම් ආපසු දත්ත අදිනවා බොරු.ඔන්න වීඩියෝවක් තියෙනවා බලාලා ඉමුකෝ.



සුපිරි නේද?මෙන්න බා ගන්න.


සෙටෆ් ෆයිලය- 1.4 MB

 ක්‍රැක් ෆයිලය- 0.3 MB







පෙන් එකට,මෙමරි කාඩ් එකට පාස් වර්ඩ් දා ගන්න-USB Secure


සාමාන්‍යයෙන් සීඩී හෝ ඩීවීඩීයක් කොපි,පේස්ට් කිරීම මගින් එහි ඇති දත්ත පරිගණකය වෙත ලබා ගන්න පුලුවන්.එසේ කොපි කර ගැනීමට නොහැකි සමහර සීඩී/ඩීවීඩී තැටි ඔබට අනන්තවත් ලැබිලා ඇති.මේ කියන්න යන්නේ එසේ කොපි කර ගත නොහැකි සීඩී/ඩීවීඩී තැටි කොපි කරන ආකාරය පිලිබදවයි.
#ඩීමොන් ටූල්ස් මෘදුකාංගයෙන් අපට ලබා ගත හැකි ප්‍රධාන භාවිතාවන් දෙකකි.

1.සීඩී/ඩීවීඩී/බ්ලූ රේ තැටි ධාවනය සදහා වර්චුවල් තැටි ධාවකයක් සකස් කර ගත හැකි වීම.
සාමාන්‍යයෙන් ඔබේ පරිගණකයට ඩීමොන් ටූල්ස් ඉන්ට්‍රෝල් කර ගත් විට ඔබේ පරිගණකයෙහි ඇති තැටි ධාවකයට අමතරව තවත් තැටි ධාවකයක් මයි කොම්පියුටර් හි පෙන්වාවි.එය ඩීමොන් ටූල්ස් මෘදුකාංගය විසින් සකස් කරන ලද වර්චුවල් තැටි ධාවකයයි.ඔබ සකස් කර ගන්නා ‍සීඩී/ඩීවීඩී ඉමේජ් ෆයිලය(කොපිය) ධාවනය වන්නේ මෙම වර්චුවල් ධාවකය හරහායි.පහත වීඩියෝව තුලින් මෙය හරියාකාරව තේරුම් ගැනීමට පුලුවන්.



2.සීඩී/ඩීවීඩී/බ්ලූ රේ තැටි ඉමේජයක් හෙවත් කොපියක් සකස් කර ගත හැකි වීම.
ඔයාලට මතක ඇති සීඩී සපෝට් ගේම්.සමහරවිට තාමත් සෙල්ලම් කරනවත් ඇති.ඉතිං මෙවැනි ගේම් සෙල්ලම් කිරීම සදහා ඔබට අදාල ගේම් එකෙහි සිඩී එක් අවශ්‍ය වෙනවා.එවිට මෙම මෘදුකාංගය හරහා මෙහි ඉමේජයක් සකස් කර ගන්න පුලුවන්.මේ ඉමේජය නැවත දිග හැර ගැනීම ඉහත 1හි කී ආකාරයට කරන්න පුලුවන්.තව බූටබල් සීඩී,ඔටෝ රන් වන සීඩී ඒ ආකාරයෙන්ම කොපි කර ගැනීමටත් මේ හරහා පුලුවන් iso සහ mds යන ඉමේජ් ෆෝමැට්ටු දෙකෙන් කැමති ෆෝමැට්ටුකින්ඉමේජ් ෆයිලය සක්ස් කර ගත හැකියි.ඒ වගේම b5t,b6t,bwt,ccd,cdi,cue,nrg,pdi,isz වැනි ඉමේජ් ෆයිල් ෆෝමැට්ටු රාශියකට මෙම මෘදුකාංගය සහය දක්වනවා.ඉමේජ් ෆයිලයක් සකස් කර ගන්නා ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.



ඔන්න එහෙනම් බා ගන්න.ගිහින් එන්නම්.ඔබට ජය.


12.8 MB



කොපි කරන්න බැරි සීඩී/ඩීවීඩී මට්ටු කරමු-DAEMON Tools Lite 4.4