
එව්රිතින්ග් මෘදුකාංගය මගින් වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ ඇති ගොනු හා ෆෝල්ඩර ලේසියෙන් සොයාගත හැක. මෙය වින්ඩෝස් වල සාමාන්‍ය සර්ච් එකක් දානවට වඩා වේගවත්ව සහ විස්තරාක්මතව අපට අවශ්‍ය දෑ සොයා ගැනීමට උදව් වෙයි. විශේෂයෙන්ම එව්රිතින්ග් මෘදුකාංගය මගින් NTFS වෙළුම මත නාමයෙන් ගොනු හා ෆෝල්ඩර සදහා වැඩි කාර්යක්ෂමතාවක් පෙන්වයි.
විශාල මෘදුකාංගයක් නොවන නිසා ඔබගේ පරිගණකයේ අඩු රැම් ධාරිතාවත් භාවිතා කරයි. ඩුබ්ලිකේට් ෆයිල්ස්, සේව් කල තැන අමතක වු ෆයිල්ස්, වැරදි තැන් වලට කොපි කල ෆයිල්ස්, සොයා ගැනීමට බොහෝ වැදගත් වන අතර, එව්රිතින්ග් අතුරු මුහුණත පදනම්ව ඇත්තේ සම්මත ගවේෂක කවුළුවක් මත වන බැවින් ලොකු පොඩි සියලු දෙනාගේ අවශ්‍යතා සපුරා ගැනීමට හැකි වනු ඇත. ඔබට ජය.
1.26 MB

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.