ඉලක්කය කියන්නෙ කිසියම් තැනක්, දෙයක් හෝ කළයුතු යමක් හෝ යම් තත්වයක් ලබා ගැනීම සදහා මවා ගන්නා චිත්‍රයක්. පැතුමක් කියන්නේ ද එයයි.
යම් කාරණයක් මූලික කරගෙන එම කාරණය ඉලක්ක කරගෙන තීරණයක් ගෙන ඔබ සිටින්නෙමි. එය සුළු පටු දෙයක් නොවේ. එය ඉලක්කයකි.
හරිම ශක්තිමක් නොසැලෙන නොවැටෙන උදාර වචනයක් ඉලක්කය කියන්නෙ. ඉලක්කයක් වෙත ලගා වීමට තීරණය කරන කෙනෙකු වටපිට බලන්නෙවත් නෑ. ඔහු පුදුම විදිහට හිතට අරගෙන තියනවා තමන් කළ යුතු කාරියට. ඉලක්කයක් ඇති කෙනා පාලකයෙක්. කළමණාකාරුවෙක්. ඔහු සිය සරු ජීවිතයේ අධ්‍යක්ෂකවරයාය.
ඉලක්කයට පනින පුසා දෙස බලන්න.
මිනිසෙකු දෙස නොව ඔබ පුසෙකු දෙස බලන්න. පූසෙක් ඉලක්කයට සූදානම් වීමේදී බලන්න එයාගෙ සූදානමේ තරම. පූසා මුළු ඇගේ හැම ශෛලයක්ම ඉලක්කයට සූදානම් කර ගන්නවා. මුළු ඇගම හැඩ කර ගන්නව ඉලක්ක කළ සතාගෙ ඇගට පනින්න.
අප අතර ඉන්න මේ සතුන්ගෙන් අපට ඉගන ගන්න බොහෝ දේ තියනවා. ඔබ අහල ඇති කොටියගේ වල්ගය අග කවදාවත් සුව නොවන තුවාලයක් තියනවලු. ගොදුරු සතෙක් අල්ල ගන්න කුරු මානම් අල්ලන කොට වල්ගෙ අග පවා ඉලක්කයට පනින්න සූදානම් කර ගනන්වලු. ඉලක්කයට පනින්න තම වල්ගය සුදානම් කරන අවස්ථාවේ වල්ගය අවට කොළ අතු වල වැදීම නිසා ඉලක්ක කල සතා කලබල වෙලා පැනලා දුවනවලු. ඒ වෙලාවට කොටිය තම වල්ගය හපා ගන්නවා කියලා , ඉලක්කය වරද්ද ගත්ත කොටිය ගැන රස කථාවකුත් තියනවා.
ඉලක්කයට වෙඩි තියන කෙනෙකු එක ඇසක් පිය වන්නේ ඇයි... ඇස් දෙකෙන් බලනවට වඩා එක ඇසක් පියවුනාම ඉලක්කය හොදින් කේන්ද්‍රගත වන නිසායි.
ඉලක්කය ඉලක්කයමයි,
ඉලක්කය කියන්නෙ හරිම සුන්දර සම්පත් දෙන වටිනා වචනයක් සිංහල භාෂාවේ. ඉලක්කම හා ඉලක්කය කියන වචන දෙක එක ළගින් සිංහල භාෂාවෙ තියලා තියෙන්නෙ ඉලක්කය ඉලක්කමක් වෙතට යොමු කරවන්න බව හොදට පැහැදිලියි.
පාසලේ පංතියේ එක, දෙක, තුන, හතර, පහ මේවා පාසල් දරුවන්ගෙ ඉලක්කම් ඉලක්ක. තරගයේ එක, දෙක, තුන මේවා තරග කරුවන්ගේ ඉලක්ක. රුපියල් ලක්ෂය, ලක්ෂ දෙක, ලක්ෂ තුන, ලක්ෂ පහ, ලක්ෂ පනහ, ලක්ෂ සියය, ලක්ෂ දෙසීය, ලක්ෂ දාහ, ලක්ෂ පනස්දාහ යන මේවා ව්‍යාපාරිකයන්ගෙ මුදල් සම්පත් ඉලක්කම් ඉලක්ක. ඉලක්කය ඉලක්කම කියන වචනයත් එක්ක තියන ඥාති කමයි ඒ.
ඉස්සර අපේ රටේ උදවිම උදේට සරම පොරව ගෙන සීත තපිනවා ගිනි ගොඩක් හදා ගෙන, ඒ සීත තැපීම සාමාන්‍ය යෙන් පැය තුනක් විතර උදේ දහය පමණ වන තුරු කරනවා. ඉලක්කයක් නොවේ ජීවිතේ ගැනත් හරි අවබෝධයක් ඒ කාලේ අපට තිබුනෙ නෑ. ඔහේ දවස ගෙවලා දාන එක තමයි රටේ වැඩි ජනයා ගෙන් සිදු වුනේ. ඒත් දැන් එහෙම නොවේ. හැම කෙනෙකුටම දැන් අවශ්‍යතා තියනවා.
හැම කෙනෙකුටම දැන් ලස්සන ගෙයක් අවශ්‍යයි. හැම කෙනෙකුටම දැන් විදුලි බලය අවශ්‍යයි. හැම කෙනෙකුටම දැන් දුරකථනයක් අවශ්‍යයි. හැම කෙනෙකුටම දැන් හොද ආදායම් මාර්ගයක් අවශ්‍යයි. ඉස්සර අපේ උදවිය ළග හොද සුවදක් තිබුනෙ නෑ. හොදට ඇන්දෙ නෑ. දැන් සෙරෙප්පු දෙක පවා හෝදනවා. පොලිෂ් කරනවා. දැන් සමාජය එදා සමාජය නොවේ. ඉස්සර මනුස්සයෝ උඩු කය වැහෙන්න ඇන්දෙ නෑ. මට මතකයි නගර වල උන්නු උදවියත් උඩු කය වැහෙන්න ඇන්දෙ නෑ. අරක්කු විකුනන තැන් වල වැඩ කරන අයත්, බොන අයත් දෙපිරිසම කමිස නැතිව ඉන්නෙ. ටිකක් බීවම රණ්ඩු වෙනවා. හරි කැතයි ඒ නිස්කාර ඉලක්ක නැති සමාජය. සත්‍යයෙන් ම පැතුමක් නැති ජීවිතය උමතුවක් මිස මිනිස්කමක් වෙන්නෙ කොහොමද....!
බුදු හිමියන්ට තිබුන පැතුම බලන්නකො.... කොච්චර ලොකු ද.... බය වුනාද පැතුමට, ඉලක්කයට ගියානේ. පුදුම ආදර්ශයක්නෙ බුදු හිමි අපේ නායක අපට. කොහොමත් ඉස්සර වගේ නොවේ. දැන්.... හැම කෙනෙක්ම පිළිවලයි. ගොඩක් ලස්සනයි. හරිම සුවදයි. මිත්රශීලියි. කරුණාවන්තයි. රණ්ඩු වෙන්නෙ නෑ. ඉස්සර වගේ කොච්චර හරි කපුටො වගේ කෑ කෝ ගහන්නෙ නෑ. හරිම ලස්සනයි.
දිනපොතේ හරි වෙනත් පැහැදිලි තැනක හරි හොද කඩදාසියක ලියමු අපට අවශ්‍ය දේ ගැන. අවශ්‍ය දෙයක් කියන්නෙ ඕනෑ කරන දෙයක් නොව්. අවශ්‍යයි කියන වචනයයි ඕනෑ කියන වචනයයි අර්ථ දෙකක් දෙන්නෙ. ඕනෑ කියන්නෙ තිබුනොත් හොදයි කියන එකයි. අවශ්‍යයි කියන්නෙ නැතිවම බෑ කියන එකයි.
මගේ හිත පිරී තිබෙන්නේ මගේ ඉලක්ක වලින්,
ඉලක්කයක් ලෙස අපි ලියන්නෙ නැතිවම බැරි හෙවත් අතයවශ්ය කාරනයක් පිළිබදව. ඉතින් ඉලක්ක ලීවට විතරක් මදි. ඉලක්කයට ළගා වෙන්නත් අවශ්‍යයි. කොහොමද අපි මේ ඉලක්කයට ළගා වෙන්නෙ..... අයියෝ හරි සරලයි. හරි ලේසියි. මෙන්න රහස. ඉලක්කයට ඔබව ගිල ගන්න ඉඩ දෙන්න. ඉලක්කය ගැනම හිතන්න. ඉලක්කය නිසා ඉවසන්න. ඉලක්කය ගැනම කතා කරන්න. ඉලක්කය ඉෂ්ඨ වෙලා තියනවා නිතර සිහිනෙන් දකින්න. ඉලක්කය නිසා නිරාහාරව බඩගින්නෙ ඉන්න. ඉලක්කය වෙනුවෙන් සිල් රකින්න. ඉලක්කය වෙනුවෙන් නැති අයට දෙන්න. ඉලක්කය වෙනුවෙන් දිනපතා භාවනා චිත්ත රූප දකින්න. කෙටියෙන්ම කියනවා නම් ඉලක්කයට ඔබව ගිල ගන්න ඉඩ දෙන්න.
ඉලක්කය ඉෂ්ඨ කර ගත හරකි වන්නේ ඉලක්කයට ඔබේ මතකයේ වැඩිම ලොකුම ඉඩක් දුන්නොත් පමණයි. ඔබේ මතකයේ ඉහළින්ම මුලින්ම පළමුවෙන්ම වැඩ සිටින්නේ ඔබේ ඉලක්කයම විය යුතුයි. ඉලක්ක කළ පැතුම ඉටු වෙන බව දන්න නිසා සතුටින් සිටින්න. ඒ ගැනම සිතන්න. ඒ ගැනම කතා කරන්න. ඒ දෙසට ක්‍රියාත්මක වන්න.
ආසිරි තුති - සාන්ත ජයසුන්දර ගුරු පියාණන්ට
උපුටා ගැනීම - මනස සගරාව 2012 පෙබරවාරි කළාපය
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.