ඩොලර් 11.99ක් වටිනා පයින් (Pine) ගේම් එක නොමිලේ

ඩොලර් 11.99ක් වටිනා පයින් (Pine) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ක්‍රියාදාම හා ත්‍රාසජනක ගණයට අයත්වන මෙම ගේම් එකෙහි ඇල්බමාරේ නම්  සුන්දර ලෝකයේ, හියු නම් බුද්ධිමත් තරුණ වැඩිහිටියෙකුගේ භූමිකාව ඉදිරියට ගෙන යාමට ඔබට සිදුවනු ඇත. මෙහිදී මිනිසුන්ට වඩා දක්ෂ ජීවීන්ගෙන් පිරුණු විචිත්‍රවත් ලෝකයක් හරහා ගවේෂණය කිරීමට, වෙළඳාම් කිරීමට හා සටන් කිරීමට හැකියාව ලබාදෙයි. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන පයින් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.05.14 දක්වා පමණයි. ඒ් නිසා ඉක්මන් කරන්න. ජය.


No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.