
මෛත්‍රී අභිනව ජනාධිපතිවරයා බවට පත්විය. එය ඉබේ වූ දෙයක් නොවන බව ජනාධිපති මෛත්‍රී පවා හොදින්ම දන්නා දෙයකි. වෙනසකින් යුතුව රටේ පාලන තන්ත්‍රය සුබවාදීව දකිනු රිසි ලක්ෂ 62 ක ජනතාවක් ඒ සදහා වලි කෑ බව ඔහු තේරුම් ගත යුතුය. එසේ නම් හිටපු ජනාධිපතිවරයා විනාශ මුඛයට ගෙන ගිය සදාකාලික කාලකන්නින් වතමන් නායකත්වය වටාද රොක් වනු දැකීම ඒ ලක්ෂ 62 ක ජනතාවගේ පැතුම නොවේ. අපරිමිත සතුටකින් කල් ගෙවන මේ කාලයේදී ඔහු තේරුමගත යුතු යතාර්ථය එයයි.
සටනකදී වඩාත් වැදගත් වන්නේ සටනේදී ඊට උරදුන් පිරිසය. මෛත්‍රී ජනපති බවට පත් වූ මේ මොහොතේදී ඔහුට සහය පළකරමින් බලයට කෑදරකමේ හේත්තුවන ඇතැම් පිරිස් දේශපාලන ගැන මෛත්‍රී අවධානයෙන් පසු විය යුතුය. අද ජනපතිට සහය දෙන්නට ඉදිරිපත් වූ බොහෝ දෙනාගේ උගුර බැරැන්ඩි වූයේ මහින්ද බලයට පත් කිරීම උදෙසා කෑමොර දීම නිසාය. ඒ නිසා එව්වන්ට අමු පොල් පුච්චා කැවීම අභිනව ජනාධීපතිතුමාට අයත් කාර්යක් නොවන්නේය. අද හෙට මේ ගමනේ පෙරමග ගන්නට ඔවුන් බලා සිටින බව පෙනෙන්නට තිබේ. අවදානම් කාලයකදී එළියට බට හිරුණිකා වැනි ගැහැණු දරුවන් මේ අද ඉදිරිපත්වන මහා ලොක්කන්ට වඩා පිරිමි ගුණයෙන් අනූනය. ඔවුන් සැබෑවටම දූෂණයෙන් තොර පිරිසකි. ඔවුන් ඒ මොහොතේ දොට්ට බහින්නේ ඒ නිසාය. අද හදිසි ආදරයකින් කල එළි බහින ඇතැමුන් ෆයිල් බුරුතු පිටින් ඇති එව්වන්ය. ඔවුන් එළියට බහින්නේ මේ ෆයිල් එළියට පැනීමෙන් වලක්වා ගැනීමට විය හැකිය. ඒ නිසා වත්මන් ජනාධිපතිවරයා එය තේරුම් ගෙන සුදුස්සාට සුදුසු තැන දිය යුතුය. සෝමරත්න දිසානායකලාට රූපවාහිනියේ සභාපතිකම් දී ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා පළවේ. ඒවා ගැන පසුවට කතා කරන්නට තබන්නේ සෝමරත්නලාට යම් අධ්‍යාපනයක් ඇතැයි විශ්වාස කරන නිසාය. එහෙත් ඔහු පවා ජාතික රූපවාහිනිය මෛත්‍රිගේ හොරනෑව බවට පත් කලහොත් ඒ සදහා කට අරින්නට අපි බය නැත.
- උපුටා ගැනීමකි -
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.