
ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතනයේ සී පී යූ (CPU), රැම් මතකය(RAM), මවු පුවරුවේ චිප්සෙට් සහ අනෙකුත් දෘඩාංග විශේෂාංග හඳුනාගෙන තොරතුරු සරල සාරාංශ දර්ශනයක් සී පී යූ ඉසෙඩ් ප්‍රෝ (CPUz Pro) හරහා ලබාගත හැකිය.
සී පී යූ ඉසෙඩ් ප්‍රෝ ඇප් එකෙහි විශේෂාංග
- ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය, කර්නලය සහ එස් ඩී කේ පිළිබඳ සවිස්තර තොරතුරු
- සී පී යූ භාවිතය පිළිබඳ තොරතුරු
- තිර විභේදනය සහ එහි වේගය පිළිබඳ තොරතුරු
- ග්‍රැෆික් තොරතුරු
- රැම් මතක භාවිතය, සහ කෑෂ් මෙමරිය පිළිබඳ සවිස්තරාත්මක විශ්ලේෂණය
- ප්‍රධාන මතක ගබඩාව (Storage) හා එස් ඩී කාර්ඩ් මෙමරි සම්බන්ධ තොරතුරු
- බැටරියේ ආරෝපණ ධාරිතාව, ප්‍රතිදාන වෝල්ටීයතාවය සහ බැටරි උෂ්ණත්වය ඇතුළු තොරතුරු
- සංවේදක (Sensors) තොරතුරු
- ඉදිරිපස සහ පසුපස කැමරාව පිළිබඳ සවිස්තර තොරතුරු
- ඔබගේ උපාංගයේ ස්ථාපනය කර ඇති සියලුම ඇප් ලැයිස්තුගත තොරතුරු
මෙම තොරතුරු ලබා ගැනීමෙන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ඇති දෝෂ හඳුනාගෙන නිවැරදි කරගත හැකිය. බාගන්න. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.