හැංගි හොරා සයිබරේ කරක් ගහමු - Duck Duck Go

මෑතකදී වට්ස්ඇප් සේවයේ සිදු වූ වෙනස්කම් කිහිපයක් නිසා ඉන්ටර්නෙට් ප්‍රයිවසි එක නැතිනම් අනතර්ජාල සේවා භාවිත කරන විට තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම ගැන සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක්වුනා. අන්තර්ජාලය භාවිතා කරන විට අපි ලඟ තියෙන්නේ ෆෝන් එකක්, කම්පියුටර් එකක් විතරක් වුනාට අපේ ක්‍රියාකාරකම් ගැන අපි නොදැන බොහෝ දෙනෙක් බලන් ඉන්නවා. ඒ අතර අන්තර්ජාල සේවා සපයන ආයතනය, අන්තජාලය භාවිතා කිරීමට යොදා ගන්නා සොෆ්ට්වෙයා එක/වෙබ් බ්‍රවුසරය, ඔබ භාවිත කරන වෙබ් අඩවිය, ඔබ දැන/නොදැන පිහිටුවාගෙන තිබෙන බ්‍රවුසර් එක්ස්ටෙන්ෂන් (Extensions), වෛරස් සමඟ පිහිටුවාගත් සොෆ්ට්වෙයා කෑලි ඇතුළු තව ගොඩක් කස්ටිය මේ අතර වෙනවා. ඒ අය අපේ හැසිරීම දිහා බලන් ඉදලා අවස්ථාව ආවම අපෙන් ප්‍රයෝජන ගන්නවා. උදාරණයක් ගත්තොත් අපි හිතමු ඔබ ගිටාර් වාදනය කරන්න ආසයි කියලා. ඔබේ පරිගණකයෙන් ඔබ ගිටාර් වාදනය සම්බන්ධ ටියුටෝරියල් සර්ච් කරනවා. පරිගණකයේ භාවිතා වන ගූගල් ගිණුම ඔබේ දුරකථනයේද භාවිතා කරන්නේනම් පසු දිනක එහි ගේම් එකක් සෙල්ලම් කරන විට අතරමැද පෙන්වන වෙළද දැන්වීම ගිටාර් වෙළද දැන්වීමක් වෙන්න පුලුවන්. 


මෙලෙස අන්තර්ජාලය තුළ ට්‍රැක් (Track) කිරීම වලක්වා ගත හැක්කේ කෙසේද?

ඩක් ඩක් ගෝ කියන්නේ ට්‍රැක් වීමකින් තොරව අන්තර්ජාලයේ සෙවුම් සිදු කළ හැකි සර්ච් එන්ජින් එකක්. මෙය වෙළද දැන්වීම් වලින් තොර නිසා ‌ඩේටා ඉතුරු කරගන්නත්, වේගවත් සෙවුම් ප්‍රථිඵල ලබාගන්නත් පුලුවන්. ඒ වගේම ඔබේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ගූගල් ක්රෝම් එක්ස්ටෙන්ෂන් එකක් සහ ඇපල්, ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ඩක් ඩක් ගෝ සර්විස් එකෙන් ඩිවලොප් කරලා තියෙනවා. පහත ලින්ක් එකෙන් ගිහින් ඔබේ ඩිවයිස් එකට ගැලපෙන සංස්කරණය බාගන්න. ජය.



No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.