
ගේම් එකේ සිද්ධිය සරලව කීවොත් යම් කිසි සෙට් එකක් යම් කිසි ස්ථානයකට එකම වෙලාවක යොමු වෙනවා. මේ සෙට් එකේ ප්‍රමාණය අනුව එතන කඩාපල්කාරීන් එක් අයෙකු හෝ කිහිපදෙනෙක් අහඹු ලෙස ගේම් එක මඟින්ම පත් කරනවා. මේ කඩාකප්පල්කාරී අය ඉම්පෝස්ටර් (Impostor) නමින් හඳුන්වනවා. සාමාන්‍ය ප්ලේයර්සලාට මේ ඉම්පොස්ටර්ව කවුද කියලා සිස්ටම් එකෙන් පෙන්වනනේ නෑ. ඉතිං මේ ඉම්පෝස්ටර්ලා රහසිගතව අදාල ස්ථානය සහ සාමාන්‍ය ප්ලේයර්ස්ලා විනාශ කිරීමට කිරීමට කටයුතු කරන අතර අනෙත් අය එම ස්ථානය ආරක්ෂා කර පවත්වාගෙන යෑමට කටයුතු කරමින් අදාල ඉම්පෝස්ටර්ලාව හැසිරීමෙන්, සාකච්චා මණ්ඩප මඟින් හඳුනා ගෙන ඔවුන්ව ඉවත් කිරීමට කටයුතු කරනවා. ප්ලේයර්ස්ලා අතර ඉන්න ඉම්පෝස්ටර්ලා සියල්ල හඳුනාගැනීමෙන් පසුව හෝ ඉම්පෝස්ටර්ලා විසින් සියල්ල කඩාකප්පල් කිරීමෙන් ගේම් ඒකේ ජය පරාජය තීරණය වෙනවා.
මේ ගේම් එක ගූගල් ප්ලේ ස්ටොරුවෙන් නොමිලේ බාගත හැකි නමුත් අද බාගන්න දීලා තියෙන පෝර්ටබල් පී සී වර්ෂන් එකේ ඊට වඩා පහසුකම් අන්තර්ගත වෙනවා. ප්ලේ ස්ටොරුවෙන් බාගන්න ගේම් එකේ මිලදී ගත යුතු ස්කින් (Skin) සහ පෙට්ලා (Pets) මෙහිදී නොමිලේ ඇඩ් කරගන්න පුලුවන්. පෝර්ටබල් වර්ෂන් එකක් නිසා ඉන්ස්ට්‍රෝල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නෑ. සරල ගේම් එකක් නිසා විශාල පහසුකම් වලින යුත් පරිගණක අවශ්‍ය වෙන්නෙත් නැහැ. එහෙනම් බාගෙන ගෙදරටම වෙලා සෙල්ලම් කරන්න. පරිස්සමින් ඉන්න. ජය.
පී සී වර්ෂන් එක මෙතනින් බාගන්න - 58.2 MB
ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක මෙතනින් බාගන්න

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.