
ග්‍රැෆික් ඩිසයිනින් කරන ගොඩක් අයට රාස්ටර් ග්‍රැෆික් සහ වෙක්ටර් ග්‍රැෆික් දෙවර්ගයම භාවිතා කරන්න වෙනවා. රාස්ටර් ග්‍රැෆික් සහ වෙක්ටර් ග්‍රැෆික් ගැන දන්නේ නැති අය පොඩ්ඩක් විකිපීඩියා පැත්තේ රවුමක් දාලා ඉන්න. රාස්ටර් ග්‍රැෆික් එකක් වෙක්ටර් ග්‍රැෆික් එකක් බවට පත් කර ගන්න වෙන අවස්ථා බොහොමයි. මේ සදහා ෆොටෝ ෂොප්, කොරල් ඩ්‍රෝ, ඉලස්ට්‍රේටර් වගේ වෘත්තීමය මෘදුකාංග භාවිතා වෙනවා.
වෙක්ටර් කියන මේ සරල මෘදුකාංගය හරහා ලේසියෙන්ම රාස්ටර් ග්‍රැෆික් එකක් වෙක්ටර් ග්‍රැෆික් එකක් බවට පත් කර ගන්න පුලුවන්. මේ මෘදුකාංගයෙන් වැඩ ගන්න නම් අන්තර්ජාල සබදතාවක් අවශ්‍යයි. ඉහල ඩේටා භාවිතාවක් නැති වුවත් මෙය වැඩ කරන්නේ ඔන්ලයින් බේසඩ්. ඒ වගේම වෙක්ටර් ග්‍රැෆික් නිර්මාණයට සහ එඩිට් නර ගැනීමට පොඩි ටූල්ස් වගයකුත් තියෙනවා. ලේසියෙන්ම එස් වී ජී ෆොර්මැට් එකෙන් අවුට්පුට් එක ගන්නත් පුලුවන්. එහෙනම් වෙක්ටර් බාගෙන බලන්න. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.