වින්ඩෝස් 7 හෝ 8 න් 10ට මාරු වෙන අයට තියෙන ලොකු ප්‍රශ්නයක් තමා, ඔටෝ අප්ඩේට්ස්. පෙර වර්ෂන් වල වගේ වින්ඩෝස් 10හි ලේසියෙන්ම අප්ඩේට්ස් ඩිසේබල් කරන්න බැරි නිසා, පරිගණකයෙහි වේගය අතවශ්‍ය වේලාවන්හිදී පවා, ඔටෝ අප්ඩේට්ස් ප්‍රොසෙස් කරන්න වැඩි මෙමරියක් වැය වීමෙන් පරිගණකය මන්දගාමීවීම සහ ඩේටා වැඩි ප්‍රමාණයක් වැය කරමින් වින්ඩෝස් ඔටෝ අප්ඩේට්ස් ඩවුන්ලෝඩ් වීමෙන්, අපේ එදිනදා කටයුතු වලට බාධා එල්ල වෙන්න පුලුවන්. මෙම වින්ඩෝස් 10හි අප්ඩේට් බ්ලොක් කිරීම සාමාන්‍ය පරිදි කළහොත් ඉතා සංකීර්ණ කටයුත්තක් බැවින්, ඒ සඳහා ලේසි ක්‍රමයක් සිංහලෙන් සොෆ්ට් හරහා කියන්නම්.
වින්ඩෝස් අප්ඩේට් බ්ලොකර් (Windows Update Blocker) නමින් අප පරිගණකයට කොපි කර ගන්න ඉතා කුඩා මෘදුකාංගයක් මඟින් එක ක්ලික් එකකින් මේ වැඩේ ගොඩ දාගන්න ඔබට පුලුවන්. ඒ විතරක් නෙවේ ඔබේ පරිගණකය නිදහස් වේලාවක, ඩේටා ඇති වේලාවක නැවත වරක් ඔටෝ අප්ඩේට්ස් එනේබල් කරලා අප්ඩේට්ස් ස්ථාපිත කර ගන්න පුලුවන්. එහෙනම් දැන්ම බාගන්න. ඔබට ජය.
0.4 MB
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.