
ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සඳහා කාලගුණය එහෙමත් නැතිනම් වෙදර් ඇප් (Weather App) තොගයක් තියෙනවනේ. ඒත් හරියට විස්තරයක් බලාගන්න ගියාම බොහොමයක් ඇප්ස් පිස්සු කෙලිනවා. වෙදර් රේඩාර් ප්‍රෝ (Weather Radar Pro) කියන්නේ තක්කෙටම කාලගුණ තොරතුරු බලාගන්න උදව් වෙන සුපිරි ඇප් එකක්. ඉතිං මේක ගූගල් ප්ලේ ස්ටෝරුවේ ඉතාමත් කෙටි කාලයකට නොමිලේ දෙනවා. ජී පී එස් (GPS) සහ සර්විස් ප්‍රවයිඩර් (Service Provider) හරහා නිවැරැදි කාලගුණ තොරතුරු, ක්ෂනිකව ඔබට ලබාදෙන්න මේ ඇප් එකට පුලුවන්. ඒ වගේම නිවැරදිව යාවත්කාලීන වන ඇප් එකේ විජට් (Widget) එකක් හෝම් ස්ක්‍රීන් එකටම දාගන්න පුලුවන්. එකවර ස්ථාන කිහිපයක කාලගුණික තොරතුරු කළමණාකරනය කල හැකි වීම, මෙහි ඇති තවත් විශේෂත්වයක්. එහෙනම් බාගන්න. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.