
ක්ලික්බෑන්ක් ඩොට් කොම් (clickbank.com) කියන ඇෆිලියේට් මාර්කටින් (Affiliate Marketing) වෙබ් අඩවිය ගැන මීට පෙරත් අපි කතා කලා ඔබට මතක ඇති. අන්තර්ජාලයේ විකිණීමට ඇති යම් භාණ්ඩයක් හෝ සේවාවක් සඳහා අප විසින් ප්‍රචාරණයක් සිදු කර අලෙවි කර දීම මඟින් කොමිස් මුදලක් ලබා ගැනීම ඇෆිලියේට් මාර්කටින් ලෙස සරලව හඳුන්වන්න පුලුවන්. ඉතිං මේ ක්ලික්බෑන්ක් වෙබ් අඩවියෙන් සිදු කරන්නේ අලෙවිකරුවන් සහ ප්‍රචාරණ කටයුතු සිදු කරන අප වැනි අයවලුන් මුනගස්වන එක. අපට තියෙන්නේ ක්ලික්බෑන්ක් වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙලා අපට පහසුවෙන් ප්‍රචාරණය කල හැකි භාණ්ඩ හෝ සේවා තෝරාගෙන එහි අපට ලැබෙන ලින්ක් එක අන්තර්ජාලයේ බෙදා හැරීමයි. අදාල ලින්ක් ඒක හරහා සිදුවන හැම සේල් එකකටම ඔබට කොමිෂන් එකක් ලැබෙනවා. ක්ලික්බෑන්ක් ඩොට් කොම් වෙබ් අඩවියේ රෙජිස්ටර් වන තැන සිට විවිධ අයුරින් අනතර්ජාලයේ ප්‍රචාරණ කටයුතු සිදු කරන ක්‍රමවේද දක්වා සියල්ල ඉගෙනගන්න ක්ලික්බෑන්ක් ටෙස්ලා 2.0 (Clickbank Tesla 2.0) මඟින් පුලුවන්. එහෙහනම් දැන්ම බාගන්න. පරිස්සමින් ඉන්න. ජය.
2.8 MB

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.