
එලයිට් ඩේන්ජරස් (Elite Dangerous) කියන්නේ ෆ්‍රොන්ටියර් ඩිවලොප්මන්ට්ස් ආයතනය විසින් සංවර්ධනය කර ඉදිරිපත් කරන ලද බාධක ජයගෙන සටන් කරමින් අභ්‍යවකාශයේ පියාසර කිරීම පදනම් කරගත් ක්‍රීඩාවකි. එලයිට් වීඩියෝ ක්‍රීඩා මාලාවේ සිව්වන ක්‍රීඩාව එලයිට් ඩේන්ජරස් වේ. ආදායම් පිට ආදායම් වාර්තා ඇති මේ ගේම් එකෙහි පිටපත් මිලියන 4.3කට ආසන්නව මේ වන විට අලෙවි වී ඇත. ගේම් එකේ ගුණාත්මකභාව ගැන අලෙවියෙන් හිතාගන්නකෝ. ඩොලර් 29.99ක් වටිනා එලයිට් ඩේන්ජරස් ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බාගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන එලයිට් ඩේන්ජරස් ගේම් එක ඇඩ් කර ගන්න. ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2020.11.26 දක්වා පමණයි. ඒ නිසා ඉක්මන් කරන්න. පරිස්සමින් ඉන්න. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.