අපිට අවශ්‍ය වීඩියෝ සාමාන්‍යයෙන් ඇතුලත් කරන්නේ ඩීවීඩී,වීසීඩී වලනේ.ඒත් කාලයක් යනකොට මේවායින් වීඩියෝ නැරබීමට නොහැකි තත්වයට පත් වෙනවා.සමහරවිට සීරීම්,පුස් බැදීම,හිරැ එලියට කාලයක් තිස්සේ නිරාවරණය වීම,දූවිලි වැනි දෑ ඊට හේතු වන්නට පුලුවන්.ඉතිං මෙවැනි ඩීවීඩී,වීසීඩී වල වීඩියෝ නැවත ගන්න Get My Video's Back සොෆ්ටුවෙන් පුලුවන්.සොෆ්ට්වෙයා එක ඉන්ට්‍රෝල් කරල ඩීවීඩී,සීඩී රොම් එකට අදාල පාත් එක සිලෙක්ට් කල පසු ඉන් ලබා ගත හැකි වීඩියෝ පෙන්වනවා.කැමති වීඩියෝ එක හෝ සියල්ලම සිලෙක්ට් කර ආපසු ලබා ගැනීමට පුලුවන්.ඩීවීඩී/වීසීඩී තැටිය ගොඩක් හානි වී ඇත්නම් ලබා ගැනීමට හැකි වීඩියෝවේ කොටසක් හෝ බේරා ගැනීමට පුලුවන්.
තව කරුණක් කියන්න තිබෙනවා.මෙම සොෆ්ටුවෙන් කරන්නේ හානි වූ ඩීවීඩී/වීසීඩී ඔබේ අදාල රොම් එක මගින් මගින් බලහත්කාරයෙන් රීඩ් කරවීමයි.එනිසා රොම් එකෙහි ආයු කාලය අඩු වේ.සරලව කියනවා නම් ඔබ සාමාන්‍ය ඩීවීඩී/වීසීඩී 2-3ක් පමණ බැලීම මේ සොෆ්ටුව හරහා එක ඩීවීඩී/වීසීඩීයක් බැලීමට සමාන වේ.ඒ නිසා ඔබට අතවශ්‍ය වීඩියෝ පමණක් නැවත ලබා ගන්න.ඔබට ජය.
0.3MB
![]() |
LINK 1 |
![]() |
LINK 2 |
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.