තමන්ගේ ෆොටෝ එකක් ස්කෙට්ච් කරලා එහෙම නැතිනම් අතින් ඇන්දා වගේ සකස් කරලා, යාලුවෝෆේස් බුකියට දාලා තියෙනවා ඔයාලා දැකල ඇති. සාමාන්‍යයෙන් මේ වැඩේ කරන්නේ ෆොටෝෂොප් වලින්. ඒත් අපි ෆොටෝෂොප් එක්ස්පර්ට්ලා නෙවෙයි කියමුකෝ. එහෙම අයට මේ වැඩේ ලේසියෙන්ම කර ගන්න පුලුවන් වෙබ් අඩවියක් ගැනයි මේ විස්තරේ.
ස්නැප්ස් ටච් වෙබ් අඩවියට මෙතනින් යන්න. චූස් ෆයිල් බට්න් එක ක්ලික් කරලා ෆොටෝ එක තෝරන්න. ඊළගට අප්ලෝඩ්. දැන් ස්කෙච් ඉට්. කොහොමද වැඩේ. ඩවුන්ලෝඩ් කරගෙන බුකියට දාලාම බලන්නකෝ. තව පේයින්ටින්, ඩ්‍රොවින්ග්, අවුට්ලයින්, සිංගල්ෂේඩ් වගේ ඔප්ෂන් ටිකක් තියෙනවා. අර වගේමයි. කොරලාම බලන්න. ඔබට ජය.
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.