“අම්මෝ මේ බඩුවල ගණන්වල හැටියට කොයි තරම් හම්බ කළත් ඔළුව උස්සන්න නම් ලැබෙන්නේ නැහැ”
අපි බොහෝ දෙනෙක් නිතර කියන දෙයක්. බොහෝ දෙනෙක් කොයි තරම් සල්ලි හම්බ කළත් කාලා බිලා ගෙදර වියදම් ටික කළාට පස්සේ කීයක්වත් ඉතිරි කරගන්න ලැබෙන්නේ නැහැ. ඔබ කළ යුත්තේ ලැබෙන ආදායමට සරිලන පරිදි ආදායම් වියදම් සැලැස්මක් සකස් කරගැනීමයි. මේක පහසුවෙන් කරගන්නේ කොහොමද කියන එක අපි ටිකක් සොයා බලමු. 

1. ඔබේ ආදායම ගණන් බැලීම
බොහෝ දෙනෙකු රැකියාවක නිරතවන නිසා ඔවුන්ගේ ආදායම වන්නේ මාසික වැටුප සහ වැටුපට අදාළව ගෙවනු ලබන වෙනත් දීමනා ආදියයි. ඇතැම් අය අර්ධකාලීන රැකියා හෝ වෙනත් ව්‍යාපාරවල යෙදී සිටිනවා. එවිට ඒවා ද අතිරේක ආදායම් මාර්ග ලෙස ගණන් ගැනෙනවා. ඔබට මේවා පිළිවෙළකට
සටහන් කරගැනීමට ‍පොතක් යොදාගන්න පුළුවන්. මුලින්ම මාසය සඳහන් කරලා එයට යටින් ඔබට ලැබෙන ආදායම් ලියන්න. එවිට මේ තරම් කාලයක් හිතේ විතරක් සටහන් වුණු ආදායම් දැන් ‍පොතක සටහන් කරන්න පුළුවන්. ඔබේ වියදම් සියල්ල අනිවාර්යයෙන්ම මෙම ආදායමට වඩා අඩු කරගන්නයි උත්සාහ කළ යුත්තේ.

2. වියදම සැලසුම් කිරීම 
බොහෝ දෙනෙකුට වියදම සීමාවක් නැත්තේ එය හරිහැටි සැලසුම් නොකිරීමයි. ‍පොතේ තවත් පිටුවක් තෝරාගෙන උඩින්ම ‘වියදම’ කියලා ලියා, ඊට යටින් මාසය ලියන්න. දැන් මේ යටතේ ඉදිරි මාසයේ කරන්න වේ යැයි තමන් කලින්ම දන්නා අනිවාර්ය වියදම් ටික ලියන්න. විදුලි බිල, ජල බිල්, පාසල් වෑන් ගාස්තු, දුරකථන බිල්, දරුවන්ගේ අතිරේක පන්ති ගාස්තු වැනි දේ මෙයට ඇතුළත් විය හැකියි. ඔබ ගෑස් සිලින්ඩරයක් ගෙනා විගස කුඩා කොළ කැබැල්ලක එය පාවිච්චියට ගත් දිනය හා එහි මිල සඳහන් කර එහි අලවන්න. එවිට යම් කිසි විටෙක ගෑස් සිලින්ඩරය අවසන් වූ විට, ඔබ කෙතරම් කාලයක් එය පාවිච්චි කළේදැයි සොයාගන්නට පුළුවන්. මාස දෙක තුනක් මෙය පුරුද්දක් ලෙස කළ විට එක් ගෑස් සිලින්ඩරයක් කොතරම් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්දැයි ඔබට වැටහීමක් ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස එක් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මාස දෙකක් පාවිච්චි කළ හැකි යැයි සිතුවොත්, ඔබේ අත්‍යවශ්‍ය වියදම් ලැයිස්තුවට ගෑස් ඇතුළත් කළ යුත්තේ මාස දෙකකට වරක් පමණයි.
අනිවාර්ය වියදම්වලින් පසු ඔබ සටහන් කළ යුත්තේ එදිනෙදා කරන්නට සිදුවන වියදම්. බොහෝ දෙනෙක් සතියකට වරක් ගෙදරට අවශ්‍ය බඩු මිලට ගන්නවා. මෙහිදී ඔබ අනිවාර්යයෙන්ම මිලට ගත යුතු භාණ්ඩවල ලැයිස්තුවක් සකස් කරගත යුතුයි. එසේ සකස් කරගන්නා අතරේ ඇතැම් භාණ්ඩ ඉදිරි සතියට ප්‍රමාණවත් තරමින් නිවසේ තිබේ නම් ඒවා මේ ලැයිස්තුවෙන් ඉවත් කළ යුතුයි. ඇතැම් විට පසුගිය සතියේ කිරිපිටි වැඩිපුර රැගෙන ආවා නම්, සතියකට අවශ්‍ය වන්නේ එක් කිරිපිටි පැකැට්-ටුවක් පමණයි නම්, මේ සතිය සඳහා ඔබට එය මිලට ගැනීමෙන් වැළකී සිටිය හැකියි. ඒ වගේම මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඔබ සතියකට වියදම් කරන්නට අපේක්ෂා කරන මුදල නිශ්චිත මට්ටමක් තබාගන්න උත්සාහ කරන්න. එම ප්‍රමාණය නොඉක්මවන්නට හැකි තරම් උත්සාහ කරන්න. ඔබ පුරුදුව සිටින්නේ භාණ්ඩ මිලට ගැනීම සඳහා සුපිරි වෙළෙඳ සලකට යන්නට නම් හදිසි අවස්ථාවකදී හැර මේ ලැයිස්තුවේ නොමැති කිසිදු දෙයක් මිලට ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. ඇතැම් අවස්ථාවලදී ලැයිස්තුවට දමන්නට අමතක වුණු යම් යම් භාණ්ඩ වෙළෙඳපළේදී දකින විට එය මිලට ගත යුතුම වෙනවා. එයට අමතරව ලැයිස්තුවෙන් බාහිරව කිසිවක් මිලට ගන්නට එපා.
ඔබ දවස ඇතුළත කරන වියදම් සියල්ල ඔබේ අය වැය ‍පොතේ අදාළ මාසයේ වියදම් යටතේ ලියා තබන්නටත් අමතක කරන්න එපා.

3. වියදම සැසඳීම 
ඔබ මේ ආකාරයෙන් ආදායම් හා වියදම් ‍පොතක සටහන් කළ යුතු අතර මාසයක් අවසානයේ ඒවා සියල්ල එකතු කර සම්පූර්ණ ආදායමත්, සම්පූර්ණ වියදමත් ගණන් බැලිය යුතුයි. මේ ආකාරයෙන් මාස කිහිපයක් ආදායම් වියදම් සටහන් කළ විට එක් එක් මාසවල මුළු වියදම වෙනම ගෙන සසඳා බලන්න පුළුවන්. එවිට යම්කිසි මාසයක අසාමාන්‍ය ලෙස වියදම් වැඩි වී ඇත්නම් ඒ කුමක් සඳහාදැයි පහසුවෙන් සොයාගන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවලදී සුළු පරිමාණයෙන් කරන බොහෝ වියදම් අපේ මතකයේ රැඳෙන්නේ නැහැ. “උදේ රුපියල් 2000ක් අරන් ආවා. කරපු වියදමකුත් නැහැ. ඒත් අතේ සල්ලිත් ඉවරයි.” මේ බොහෝ දෙනෙක් කියන කතාවක්. ඔබ ‍පොතේ හෝ ලොකු කුඩා සියලු වියදම් සටහන් කරන එක පුරුද්දක් කරගහොත් එදා දවස ඇතුළත කරන සියලු වියදම් ගැන අවබෝධයක් ලබාගන්නට පුළුවන්. එවිට පසුම්බියේ වූ මුදල් සියල්ල කෙසේ වියදම් කළේද යන්න ගැන පහසුවෙන් අවබෝධයක් ලැබෙනවා.

4. අනවශ්‍ය වියදම් කපාහැරීම 
අනවශ්‍ය වියදම් කියා දෙයක් නැහැ කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. එයට හේතුව අඩු වැටුපකින් ජීවත්වන බොහෝ දෙනෙක් කිසිම අනවශ්‍ය දෙයක් ගෙදර හතර මායිමට ‘වැද්දගන්නේ’ නැති බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැහැ. නමුත් මෙයට කලින් අප කතා කළ ආකාරයට මාස දෙකක් හෝ ඊට වැඩි ගණනක ආදායම් වියදම් සැසඳීමේදී යම් අනවශ්‍ය වියදමක් ඇත්නම් එය අඩුකර ගත හැකියි.

5. අඩු වියදම් ක්‍රම සෙවීම
ඇතැම් සුපිරි වෙළෙඳසල්වල ඒ ඒ දවසේ මිල අඩුකරන යම් භාණ්ඩ තිබෙනවා. ඒවා වෙළෙඳසල ඉදිරිපිට ප්‍රදර්ශනය කරන අතර රූපවාහිනී දැන්වීම්වල ද ප්‍රචාරය කරනවා. මේ භාණ්ඩ අතර ඔබට අත්‍යවශ්‍ය භාණ්ඩ තිබේදැයි විපරම් කොට බැලිය හැකියි. යම් ආකාරයකින් මේවා අතර ඔබේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇත්නම් ඒ අවස්ථාවේදී යම්කිසි අඩු මිලකට ඒවා ලබාගන්නට එවිට අවස්ථාව උදාවෙනවා.

6. අරපිරිමැස්මට හුරුවන්න 
මෙය මුදල් සම්බන්ධයෙන් පමණක් ‍නෙවෙයි නිවසේ වැඩ කටයුතුවලදී ද වැදගත් දෙයක්. ඉහත ක්‍රම අනුගමනය කිරීමේදී ඔබට බොහෝ දුරට අරපිරිමැසුම් දායක අයුරින් විය හියදම් කරන්නට පුළුවන්. ඊට අමතරව නිවසේ අනවශ්‍ය පරිදි විදුලිය භාවිතය අඩුකරන්න. ඇතැම් අය රූපවාහිනිය නැරඹීමට සැරසෙන්නේ මුළුතැන්ගෙයි විදුලි පහන නිවා දමන්නේ නැතිවයි. එවිට ඒ සඳහා නිරපරාදේ විදුලිය වැය වෙනවා. ඇතැම් අය කාමරයෙන් පිටතට එන්නේ විදුලි පංකාව නිවාදමන්නට අමතක කරමින්. ඇතැම් විට ජලය අනවශ්‍ය විදියට පාවිච්චි කරනවා. මේ සියල්ල වියදම්. නිවසේ සාමාජිකයන් සමග මේ ගැන කතාකොට දැනුවත් කිරීමෙන් සියලු දෙයම අරපිරිමැසුම් දායක ලෙස පාවිච්චි කරන්නට පුළුවන් වේවි. එවිට වියහියදම් පාලනය කරගනිමින් ඔබේ ආදායමට සරිලන වියදම් රටාවක් ගොඩනගාගත හැකියි.

නිරංජන් චාමින්ද කරුණාතිලක 

අම්මෝ මේ බඩුවල ගණන්වල හැටියට කොයි තරම් හම්බ කළත් ඔළුව උස්සන්න නම් ලැබෙන්නේ නැහැ

No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.