ලිපියක් ටයිප් කරන්නේ නැතුව, ටයිප් කරමු - Free OCR


ඒ කිව්වේ?
මේ කියන්න යන්නේ ෆ්‍රී ඕ සී ආර් කියන සොෆ්ට්වෙයා එක ගැන. සරලවම කිව්වොත් ඔබ පැහැදිලි අත් අකුරෙන් ලියා ඇති ලිපියක් පරිගණකයේ යතුරු ලියනය කර ෆින්ට් අවුට් එකක් ගන්න ඕනි කියල හිතන්නකෝ. මෙම ලිපියේ වචන 2000ක් පමණ අන්තර්ගත වන නිසා එය සම්පුර්ණයෙන් වර්ඩ් වැනි මෘදුකාංගයක් තුළ ටයිප් කිරීමට අඩුම පැයක්වත් ගත වෙනවා. ඒත් මේ ෆ්‍රී ඕ සී ආර් කියන සොෆ්ට්වෙයා එක හරහා මෙ වැඩේ කර ගන්න යන්නේ විනාඩි කිහිපයක් පමණයි. ඔබට පරිගණක ගත කිරීමට අවශ්‍යය ලිපියේ පැහැදිලි ඡායාරූපයක් හෝ ස්කෑන් කොපියක් ලබාගෙන මේ මෘදුකාංගය හරහා ටෙක්ස්ට් එඩිටර් මෘදුකාංගයකට අදාල ලිපිය එඩිටබල් තත්වයෙන් ලබා ගත හැකියි. අවශ්‍ය නිවැරදි කර ගැනීම් සහ ටයිප් සෙටිංන්ස් සකස් කර ගැනීම ඉන්පසු කළ හැකියි. 

එච්චරද?
මෙලෙසම අතින් ලියූ ලිපියක් පමණක් නොව ඔබට ලැබනු ලිපියක් පවා මේ අයුරින්ම පරිගණකය වෙත ලබා ගෙන ගූගල් ට්‍රාන්ස්ලේටර් වැනි සේවයක් හරහා පහුසවෙන් තේරුම් ගත හැකියි. එමෙන්ම ඔබ මදක් කල්පනා කළහොත් මෙහි තවත් ප්‍රයෝජන බොහොමයක් අඩංගුයි. ඔන්ලයින් ආර්ටිකල් රයිටිං, කොපි රයිටිං කරන අයටත් වැඩක් ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්.

10.8 MB


ඇන්ඩ්‍රොයිඩ් අයට?
ඇන්ඩ්‍රොයිඩ් ඩිවයිසස් වලට ගූගල් ට්‍රාන්ස්ලේට් ඇප් එක ගූගල් ප්ලේ ස්ටෝරුවෙන් බාගන්න. එහි කැමරාව ස්කෑනරයක් ලෙස භාවිත කරමින් ඉහත කී සියල්ල පහසුවෙන් කරගත හැකියි. බා ගන්න මෙතනින් යන්න. ඔබට ජය.  



2 comments:

  1. ගූග්ල් ට්‍රාන්ස්ලේට් එකේ ඔය වැඩේ සිංහල ඒවට කරන්න පුලුවන් කියලා දැනුයි දන්නෙ... මීට කලියෙන් ඉංග්‍රීසි ඒවනන් ඔහොම කරා... ස්තූතියි ... ඔබට ජය...

    ReplyDelete
    Replies
    1. කමෙන්ටුවට ස්තූතියි සහෝදරයා.

      Delete

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.