
අපි සාමාන්‍යයෙන් ටොරන්ට් බාන්න භාවිතා කරන්නෙ බිට්ටොරන්ට් (BitTorrent) සහ යූටොරන්ට් (uTorrent) මෘදුකාංග. ඒත් එහි නොමිලේ ලබා දෙන සංස්කරණයන්හි ඇඩ් ප්ලේ වන නිසා භාවිතා කරන්නන් ඉතාමත් අපහසුතාවට පත් වෙනවා. සමහර විට වැඩිහිටියන්ට පමණක් සුදුසු වූ ඇඩ් ඔබට යූසර් ඉන්ටෆේස් (User Interface) එකේ දර්ශනය වෙනවා. සමහර වෙලාවට ඔබේ පරිගණකයේ නිදහස් රැම් සහ ප්‍රොසෙසර් ධාරිතාව තිබියදීත් සම්පූර්ණ ඇප් එකම ස්ටක් වෙනවා ඔබ දැකලා ඇති. ඉතිං මේ කියන කියු බිට්ටොරන්ට් (qBittorrent) මෘදුකාංගයේ ඉහත කී කරදර කිසිවක් නෑ. ඒ වගේම බිට්ටොරන්ට් සහ යූටොරන්ට් වල ඇති පහසුකම් වලට අමතරව ටොරන්ට් සර්ච් එන්ජින් එකක් මෙහි අන්තර් ගත වෙනවා. එය ඔබට අවශ්‍යනම් ඉන්ට්‍රෝල් කරගත හැකියි. ටොරන්ට් ක්‍රියේට් කරන්න, ඩවුන්ලෝඩ් වෙන අනුපිලිවෙල සකසන්න, බ්‍රෑන්ඩ්විත් එක කන්ට්‍රෝල් කරන්න, තව වැඩ කිඩ ගොඩක් තියෙනවා. එහෙනම් බාගන්න. ජය.
25 MB

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.