ලේසියෙන් හාර්ඩ් ඩිස්ක් එක පාර්ටිෂන් කරමු - AOMEI Partition Assistant

හාර්ඩ් ඩිස්ක් පාර්ටිෂන් කිරීමට අදාල සොෆ්ට්වෙයා කිහිපයක් ගැනම සිංහලෙන් සොෆ්ට්වෙයා හරහා කතා කලා ඔබට මතක ඇති. අද කතා කරන්න යන්නේ ඔමෙයි පාර්ටිෂන් ඇසිස්ටන්ට් (AOMEI Partition Assistant) නමින් හඳුන්වන ඉතාමත් සරල පාර්ටිෂන් මැනේජර් සොෆ්ට්වෙයා එකක් ගැන. වෙනත් පාර්ටිෂන් මැනේජර් සොෆ්ට්වෙයා එක්ක ගත්තාම මෙහි ප්‍රධාන වෙනස වන්නේ පරිගණකය රීස්ටාර්ට් නොකර අපිට අවශ්‍ය ආකාරයට පාර්ටිෂන් හැඩගස්වා ගත හැකිවීම. ඒ් වගේම සාමාන්‍ය පාර්ටිෂන් මැනේජර් මෘදුකාංගයක ඇති පහසුකම්වලට අමතරව බැඩ් සෙක්ටර් (Bad Sector) සොයන්න, රිකවරි සොෆ්ට්වෙයා එකකින්වත් ගන්න බැරි අයුරින් හාර්ඩ් එක ක්ලීන් කරන්න, ජී පී ටී (GPT) සහ එම් බී ආර් (MBR) ඩිස්ක් අතර පරිවර්තනය කරන්න, පාර්ටිෂන් ගෙඩි පිටින් හන්ගන්න මෙයාට පුලුවන්. එහෙනම් බාගන්න. ජය.


23.8 MB


No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.