
ගෝලීය නිරූපණ සහ අනෙකුත් භූගෝලීය තොරතුරු බැලීමට ගූගල් අර්ත් ප්‍රෝ (Google Earth Pro) මෘදුකාංගය ඔබට ඉඩ දෙයි. අදාල ලිපිනය හෝ ස්ථානය ටයිප් කර ත්‍රිමාණ අයුරින් එම ස්ථානය නැරඹීම සහ වීදි මට්ටමට විශාලනය කිරීම (ඔබට එම වීදියේ කාර් පවා දැකිය හැකි තරමට) සිදු කල හැකිය. එමෙන්ම සවිස්තරාත්මක චන්ද්‍රිකා පින්තූර සමඟ, ඔබට බැංකු, පාසල්, අවන්හල් සාප්පු සවාරි සහ තවත් බොහෝ කරුණු පෙන්වන ස්ථර සක්‍රිය කර විශාලනය කළ හැකිය. සම්මත චන්ද්‍රිකා දර්ශනයට අමතරව, නවතම ගූගල් අර්ත්හි ටිල්ට් (Tilt) පහසුකම ඇතුළත් වන අතර එමඟින් සිතියම ඉතාමත් යථාර්ථවාදී ත්‍රිමාණ දෘෂ්ටිකෝණයකින් බැලීමට ඉඩ සලසයි.
සිතියම හකුලුවා ඇති ප්‍රමාණය ගණනය, ඊ-මේල් මඟින් සිතියම් යැවීම, සිතියම් දර්ශන මුද්‍රණය කිරීම හා පුද්ගලික ස්ථාන හුවා දැක්වීම සහ තවත් බොහෝ විශේෂාංග මෙහි ඇතුළත් වේ. තවද අලුත්ම වර්ෂන් එක මඟින් ඔබට තරු, තාරකා මණ්ඩල, මන්දාකිණි සහ තවත් දේ ගවේෂණය කිරීමට ඉඩ දෙයි. මෙහි වෙබ් වර්ෂන් එකක් සහ මොබයිල් වර්ෂන් එකක්ද ඇති නමුත් ඉහත කී සියළු පහසුකම් ලබා ගත හැක්කේ ගූගල් අර්ත් ප්‍රෝ ඩෙස්ක්ටොප් මඟිනි. එහෙනම් ඔබට අවශ්‍ය වර්ෂන් එක මෙතනින් ගිහින් බාගන්න. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.