ඊ-පොත් එකතුව කළමනාකරණය කරමු - Calibre

කැලිබ්‍රේ මෘදුකාංගය මඟින් ඔබේ ඊ-පොත් එකතුව කළමනාකරණය කිරීම හා විවිධ ආකෘතීන් අතර ඊ-පොත් පරිවර්තනය කිරීම හැකි යෙදුමකි. ඔබට කතුවරයා, මාතෘකාව, දිනය සහ වෙනත් විස්තර අනුව පොත් වර්ග කළ හැකිය. එමෙන්ම මෙටා තොරතුරු සහ පොත් කවර බාගත කරන්න, පුද්ගලික ටැග් සහ අදහස් එකතු කරන්නත් පුළුවන්.

කැලිබ්‍රේ මඟින් සියළුම ජනප්‍රිය විද්‍යුත් පොත් ආකෘති සඳහා සහය දක්වන අතර කින්ඩල්, සෝනි රීඩර්, නූක් සහ තවත් බොහෝ ජනප්‍රිය උපාංග සමඟ ඊ-පොත් කියවීම සඳහා මෙම වැඩසටහන පුළුල් සහයෝගයක් ලබා දෙයි. ඔබේ මෙහෙයුම් පද්ධතිය අනුව බිට් 32, බිට් 64 සහ පෝර්ටබල් සංස්කරණ අතරින් අවශ්‍ය සංස්කරණය තෝරාගන්න පුලුවන්. එහෙනම් බාගන්න. ජය.



No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.