ඒපැක්ස් ලෙජන්ඩ්ස් කියන්නේ 2019 වසරේ නිකුත් වූ හොඳම පරිගණක ක්‍රීඩා ගොන්නෙහි ඉදිරියෙන්ම තියෙන ක්‍රීඩාවක්. අපි කවුරුත් දන්න නීඩ් ෆෝ ස්පීඩ් ගේම් සෙරීස් එකට හිමිකම් කියන ඉලෙක්ට්‍රොනික් ආර්ට්ස් ආයතනය මඟින් ඉදිරිපත් කල සුපිරි බැට්ල් රෝයල් ගේම් එකක් වන මෙම පරිගණක ක්‍රීඩාවට අවුරුදු දෙකක් පිරීම නිමිත්තෙන් ලොකඩ් ඇන්ඩ් ලෝඩඩ් (Locked and Loaded) නමින් ඉවෙන්ට් එකක් නොබෝදා හඳුන්වා දෙනු ලැබුවා. පබ් ජී (PUBG), ෆ්‍රී ෆයර් (Freefire), ෆොර්ට්නයිට් (Fortnite) සහ කෝල් ඔෆ් ඩියුටි වෝර් සෝන් (Call Of Duty War Zone) වගේ මෙම ක්‍රීඩාවෙහිත් ඔබට ඕපන් වර්ල්ඩ් හෙවත් නිදහස් පරිසරයක ක්‍රීඩා කල හැකියි. විවිධ හැකියාවන්ගෙන් යුත් චරිත අතරින් කැමති චරිතයක් තෝරාගෙන දෙදෙනෙකු හෝ තිදෙනෙකුගේ කණ්ඩායමක් ලෙස ඔබට මෙහි ක්‍රීඩා කල හැකියි. පහතින් දාල තියෙන්නේ ඒපැක්ස් ලෙජන්ඩ්ස් සීසන් 8 සමඟ හඳුන්වාදුන් අලුත්ම චරිතය වන ෆියුස් චරිතය මඟින් සෙල්ලම් කල ජයග්‍රාහී තරඟ වටයක්. එහෙනම් වීඩියෝව බලලා හොඳයිනම් මෙතනින් ගිහින් ඒපැක්ස් ලෙජන්ඩ්ස් ගේම් එක නොමිලේ බාගන්න පුලුවන්. පළමුව ඔරිජින් හෝ ස්ටීම් මෘදුකාංගය ඔබේ පරිගණකයේ පිහිටුවාගෙන ඒ හරහා ඔබ ඒපැක්ස් ලෙජන්ඩ්ස් ගේම් එක ඔබේ පරිගණකයට ඉන්ස්ට්‍රෝල් කර ගත හැකියි. මෙම පරිගණක ක්‍රීඩා සෙල්ලම් කිරීම සඳහා පහත පහසුකම් ඔබේ පරිගණකයේ අඩංගු වෙලා තිබිය යුතුයි. එහෙනම් බාගන්න. ජය.
Game Play
APEX LEGENDS MINIMUM SYSTEM REQUIREMENTS
OS: 64-bit Windows 7
CPU: Intel Core i3-6300 3.8GHz / AMD FX-4350 4.2 GHz Quad-Core Processor
RAM: 6GB
GPU: NVIDIA GeForce GT 640 / Radeon HD 7730
GPU RAM: 1 GB
HARD DRIVE: Minimum 22 GB of free space
APEX LEGENDS RECOMMENDED SYSTEM REQUIREMENTS
OS: 64-bit Windows 7
CPU: Intel i5 3570K or equivalent
RAM: 8GB
GPU: Nvidia GeForce GTX 970 / AMD Radeon R9 290
GPU RAM: 8GB
HARD DRIVE: Minimum 22 GB of free space
No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.