
ඩොලර් 8.99ක් වටිනා මෙට්‍රෝ (Metro) ගේම් සෙරීස් එකෙහි තුන්වන කොටස වන, මෙට්‍රෝ රිඩක්ස් (Redux) ගේම් එක මේ දවස්වල එපික් ස්ටෝරුවේ නොමිලේ දෙනවා. ඒ වගේම මෙහි සිව්වන කොටස වන මෙට්‍රෝ එක්ස්සෝඩස් (Exodus) 2019 වසරේ නිකුත් වූ අතර එය අතිශය ජනප්‍රිය වුනා ඔබට මතක ඇති. ඉතිං එපික් ස්ටෝරුව තාම කොම්පියුටරේට ඉන්ස්ට්‍රෝල් කර ගෙන නැති අය මෙතනින් ගිහින් බා ගන්න. ඊට පස්සේ ඉන්ස්ට්‍රෝල් කරලා රෙජිස්ටර් වෙලා ස්ටොර් (Store) ටැබ් එකෙන් නොමිලේ දෙන මෙට්‍රෝ රිඩක්ස් ගේම් එක ඇඩ් කර ගන්න. ඊට පස්සේ ඩේටා තියෙන වෙලාවක ඩවුන්ලෝඩ් කරලා සෙල්ලම් කරන්න. මේ ගේම් එක නොමිලේ දෙන්නේ 2021.02.11 දක්වා පමණයි. ඒ් නිසා ඉක්මන් කරන්න. පරිස්සමින් ඉන්න. ජය.

No comments:
Post a Comment
ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.