
ඩෙස්ක්ටොප් ගූස් (Desktop Goose) යනු ඔබේ ඩෙස්ක්ටොප් එක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම පිස්සන් මඩුවක් කරන විහිළු සොෆ්ට්වෙයා එකකි. එය ආරම්භ වන්නේ හුරුබුහුටි කුඩා ලස්සන පාත්තයෙකුගෙනි. පසුව මෙම පාත්තයා ඔබේ ඩෙස්ක්ටොප් එක තුළ ශබ්ද නගමින් ඉබාගාතේ ඇවිද යයි. වැඩි කල් යන්නට මත්තෙන් පාත්තයා ඔබේ මවුස් පොයින්ටරය සොරකම් කිරීමට පටන් ගන්නා අතර කුඩා නෝට්පෑඩ් කවුළු ඔබේ තිරය මතට ඇදගෙනවිත් ඩෙස්ක්ටොප් එක විහිලු පණිවිඩ දුසිම් ගණනක් පුරවනු ඇත. ඕනෑවට වඩා පාත්තයා මත ක්ලික් කිරීමට උත්සාහ කළහොත්, ඌ පිස්සු වැටී ඔබේ මූසික කර්සරය පසුපස හඹා එනු ඇත.
ඩවුන්ලෝඩ් කර එක්ස්ට්‍රැට් කරගත් ෆෝල්ඩරයේ ඇසෙට්ස් (Assets) ෆෝල්ඩරය සංස්කරණය කිරීමෙන් ඔබගේ ඩෙස්ක්ටොප් එකේ පෙන්වන පණිවිඩ, පින්තූර සහ පාත්තයාගේ ශබ්දය වෙනස් කරයගත හැකිය. ඩෙස්ක්ටොප් ගූස් විනෝදජනක වන නමුත් ඔබේ පරිගණකයේ ඇති තොරතුරු හා වැඩසටහන් සඳහා කිසිදු හානියක් සිදු නොවේ. ඩෙස්ක්ටොප් ගූස් නැවැත්වීම සදහා වින්ඩෝස් ටාස්ක් මැනේජර් (Task Manager) භාවිතා කරන්න. තවද වින්ඩෝස් ටාස්ක් ෂෙඩියුලර් (Task Scheduler) භාවිතා කර ඔබට අවශ්‍ය වේලාවට ඩෙස්ක්ටොප් ගූස් රන් කරවිය හැකිය. ජය.
4.2 MB

ඒ්ක සුපිරි!
ReplyDelete