යූ එස් බී ඩ්‍රයිව් එකේ වැදගත් ෆයිල් පාස්වර්ඩ් යොදා ආරක්ෂා කරන්න - Rohos Mini Drive

රොහෝස් මිනි ඩ්‍රයිව් සොෆ්ට්වෙයා එකෙන් ඕනෑම යූ එස් බී ඩ්‍රයිව් එකක ආරක්ෂිත පාර්ටිෂන් එකක් නිර්මාණය කර ගැනීමට පුලුවන්. එමෙන්ම ඒ සඳහා මුරපදයක් යොදා ආරක්ෂා කල හැකිය. මෙම ආරක්ෂිත පාර්ටිෂන් එක සඳහා ඔබට අවශ්‍ය අයුරින් ධාරිතාවය තීරණය කර වැදගත් තොරතුරු සුරක්ෂිතව ගබඩා කිරීමට එය භාවිතා කළ හැකි අතර ඉතිරි කොටස නිදහසේ භාවිතා කල හැකිය.


යොදන ලද පාස්වර්ඩ් මඟින් ආරක්ෂිත පාර්ටිෂන් එකට ප්‍රවේශ වී, සාමාන්‍ය අයුරින් වින්ඩෝස් එක්ස්ප්ලෝරර් සමඟ ඔබේ ගොනු කළමනාකරණය කළ හැකිය. එමෙන්ම යූ එස් බී ඩ්‍රයිව් එක පරිගණකයක් හා සම්බන්ධ කරන සෑම විටම ආරක්ෂිත පාර්ටිෂන් එකට ප්‍රවේශ වීම සඳහා පාස්වර්ඩ් අවශ්‍ය වේ. තවද එම ආරක්ෂිත පාර්ටිෂන් එක භාවිතා කිරීමට අදාල පරිගණකයේ රොහෝස් මිනි ඩ්‍රයිව් සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කර තිබීම අනිවාර්ය නොවේ. එහෙනම් දැන්ම බාගෙන ඔබේ වැදගත් තොරතුරු සුරක්ෂිතව ගබඩා කරන්න. ජය.



No comments:

Post a Comment

ඔබගේ අදහස්, යෝජනා, චෝදනා පහතින් කොටලා යන්න.